පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුහු නව දෙනෙක් මුල් ස්ථාන තුනට පත්වී සිටිති.
1) සඳුරු තත්සර බාලහේවා (198) - ගාල්ල මහින්ද විද්‍යාලය
2) මලවිආරච්චිලාගේ කවින්ද්‍යා ගිම්හානි මලවිආරච්චි
(196) - හෝමාගම/ ගොඩගම සුභාරතී මහාමාත්‍ය මහ විද්‍යාලය., ගොඩගම.
2) ගනේවත්තගේ දොන් හෙෂාන් චානුක ධර්මරත්න (196) - රත්නපුර කරගස්තලාව විද්‍යාලය, බෙලිහුල්ඔය.
02) මුණසිංහ කුමාරගේ ජිනාලි විදුලංකා මුණසිංහ (196) - කෑගල්ල/ බණ්ඩාරනායක කණිෂ්ඨ විද්‍යාලය,හෙට්ටිමුල්ල
03) ගොඩිගොමුවගේ තමිඳු ස්වණා ද සිල්වා (195)- ගාල්ල/ ධර්මාශෝක මහා විද්‍යාලය, අම්බලන්ගොඩ.
03) පේදුරු හේවා කංකානම්ගේ ශෙනුක දුලාන්ජන ආරියප්‍රේම (195) - හම්බන්තොට/ ථේරපුත්ත ප්‍රාථමික පාසල, අම්බලන්තොට.
03) පිටිදූව ගමගේ නුරංසි රොනෙත් ගමගේ (195) රත්නපුර/ විද්‍යාකර ප්‍රාථමික පාසල, ඕපනායක.
03) මාරසිංහ ආරච්චිලාගේ ඉසුරු කැලුම් කුමාර (195) කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලය , කුලියාපිටිය.
03) විජේසිංහ ආරච්චිලාගේ සජනී සදිස්නා මැණිකේ විජේසිංහ (195) - කුලියාපිටිය/ විශාඛා බාලිකා විද්‍යාලය, කුලියාපිටිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයන්ත, දැන් රටේ අධ්‍යාපනයට දේශපාලනය ඇවිල්ලා. රටේ ඡන්ද වගේ විබාග ප්‍රතිපල විකෘති කරනවා. අන්තර්ජාලයේ සදහන් ආකාරයට ලංකාවේ ඡන්දය දිනන හැටි කියවද්දී මගේ අගේ මවිල් කෙලින් වුනා. (නි)
ලෝක ළමා දිනයේදී ප්‍රතිපල පිටකිරීම එතරම් සුදුසු නැහැ,අසමත් වුණ ප්‍රමානය සමත් අයට වැඩිය බොහෝ වැඩි නිසා. ළමා දිනයේදී හඬා වැටෙන බොහෝ ළමයි දකින්නට පුළුවන් වුණා (නි)
සමත් සියලුම දරුවන්ට සුබ පැතුම්! ලකුණු සිමාව ගන්න අසමත් දරුවන්ගේ දෙමාපියන් ඇතුළු පවුලේ අයගෙන් ඉල්ලා සිටින්නේ දරුවාට තරවටු කරන්න එපා, එය ඉදිරි ඉගෙනීමේ කටයුතු වලට බලපෑමක් (නි)
දකුණට, සබරගමුවට, පළාත් වලට බෙදෙන්නේ නැතුව සෑම දරුවෙකුටම එක විදිහට සුභ පතන්න. 196 ගත්තත් අද මෙහෙමයි 190 ගත්තත් අද මෙහෙමයි කියන්නේ තමන්ගේම වැරැද්දට මිසක් වෙන දෙයකින් නෙමෙයි. පොඩි කාලේ වගේම දෙමාපියන් ළමයින්ට හරි මග පෙන්නනවා නම් ළමයින් ඒ දේවල් ඇහුවා නම් ඔහොම වෙන්න තිබුණ ඉඩ අඩුයි. (නි)
අපි දකුණින් ඉස්සර කරමු (නි)
"රවිනාත්" මහතා කියන දේ මං අනුමත කරනවා, මගේ පොඩි දුවත් 183ක් මේ පාර ගත්තා. ලොකු දුවත් මේ වගේ ලකුණු ගත්තා, අවුරුදු 02 කට කලින්. අපි නම් පවුලක් විදියට දිනුම්. නමුත් මට හරිම දුකක් දැනෙනවා දෙමව්පියන් බහුතරයක් මේ පොඩි දරුවන්ට දෙන දුක් දැකලා. (නි)
"රවිනාත්" මහතා කියන දේ මන් අනුමත කරනවා , මගේ පොඩි දුවත් 183ක් මේ පාර ගත්තා , ලොකු දුවත් මේ වගේ ලකුණු ගත්තා අවුරුදු 02 කට කලින්. අපි නම් පවුලක් ව්දියට දිනුම්, නමුත් මට හරිම දුකක් දැනෙනවා දෙමව්පියන් බහු තරයක් මේ පොඩි දරුවන්ට දෙන දුක දැකලා. මන් අදහස් කරන්නේ විබාගය නවත්වන්න කියන එක තමයි. (නදී)
ලංකාවෙන්ම නීති විබාගය ඉහලින්ම සමත් වුනේ අහවල්ලු කියල කියපු රටේ 5 වසර,10 වසර,12 වසර විබාග වලටත් දෙවියන්ගේම පිහිටයි.(නදී)
ගාල්ලේ මහින්දයේ දරුවාටත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දරුවාටත් ගාල්ලට දුන් මේ කීර්තිය වෙනුවෙන් මගේ ප්‍රණාමය!දිල්ශානි.ඔයාට වඩා සතුටු වෙන කෙනෙක් ඉන්නවා. (නදී)
පියා මියගිය ඉතා අඩු ආදායම් පවුලක ඉපදුනු මම 1982 දී ලකුණු 136 අරෙගන සමත් උණා. මට යන්න හිතන්නවත් බැරි මධ්‍ය විද්‍යාලයකට ගියා. දිගටම ඉගෙන ගත්තා අද මම අධ්‍යාපන නිළධාරියෙක්. මම ඒ වාසනාව ලැබුනේ ශිෂ්‍යත්ව විභාගය නිසා. දරුවනේ අර 190 හා 196 ගත්ත මග යන්න ඒපා. හැබැයි මම කියන්නේ නැහැ රියදුරු කම හා වේලා සටහන් කම නරක රැකියාවක් කියලා. හැබයි ඒ දෙන්නා නිවැරදි ලෙස ඉගෙන ගත්තා නම් ඔය වගේ තමන් කරන රැකියාව අවතක්සේරු කරන්නේ නැහැ. එම රැකියාව අන් අයට වඩා හොදින් කරලා කරලා ජනතාවට සේවය කරනවා.(නදී)
රෙමා, දකුණෙන් 3 යි, ගාල්ලේ, අම්බලන්ගොඩ, අම්බලන්තොට...දකුණෙන්ම 10 යාම ආවත් අපි ඒ ගැන පුදුම වෙන්නේ නැහැ.(නදී)
1) (198) - ගාල්ල මහින්ද විද්‍යාලය..... මම හිතුවේ 2 වැනි තැන ඉදලා 10 වෙනකනුත් ඔය පාසල් වලින්ම ගනියි කියලා. (නි)
මේ ජයගත් දරුවෝ රටේ ඉන්න දක්ෂ දරුවෝ. මේ අයට උසස් අධ්‍යාපනයක් දෙන්න වියදම් කරන එක රටේ සංවර්ධනයට දමන අත්තිවාරමක්. වැඩි මුදලක් වියදම් කරලා ජාතික පාසල් පවත්වාගෙන යන්නේ මේ වගේ දරුවන්ට උගන්වන්න. වෙන රටවල නම් මෙයට යන්න මැග්නට් පාසල් තියෙනවා. නමුත් ලංකාවේ ජාතික අදායමෙන් වැඩි මුදලක් වෙන්කරලා පවත්වාගෙන යන ජාතික පාසල් වල ඉඩ ලැබෙන්නේ මේ දක්ෂ දරුවන්ගෙන් කීයෙන් කීදෙනාටද? ඒවට යන්නේ ගුරුවරුන්ගේ පුත්තු, ආදි ශිෂ්‍යයන්ගේ ළමයි, පන්දම්කාරයින්ගේ ළමයි, අසල්වාසීන්ගේ ළමයි, මුදලාලිලාගේ ළමයි...සියයට සියයක්ම ශිෂ්‍යත්වය සමත් අය ගන්නට බැරිනම් වෙනත් මාර්ග වලින් ඇතුල් කරගන්න අයටත් ඒ හා සමාන විභාගයක් තියා සමත් වුනු ළමයින්ගෙන්වත් ඇතුල් කරගන්නවා නම් ජාතියට මීට වැඩියෙන් උගතුන් පිරිසක් බිහිවෙයි. (නි)
මෝඩයන්ගේ කතා පිළිනොගෙන රටට ජාතියට ආගමට මිණි පහනක් වෙන්න. තෙරුවන් සරණයි! (නි)
මේකත් දැන් ඡන්දය ගණන් කරනවා වගේ වැඩක් වෙලා. (නි)
දැන් ළමයි හරි බුද්ධිමත්. 11% පාස්කරන මේ විභාගේ හොද ප්‍රෝඩාවක් වෙලා. මේ ප්‍රතිඵල පිළිගන්න අමාරුයි (නි)
මේ ප්‍රතිපල පිලිගන්න බැහැ මෙතන මොකක්හරි ප්‍රෝඩාවක් තියනවා දක්ෂ ළමයි අසමත් වෙලා ????????? මේකට හේතුව කප්පාදුව !!!!(නදී)
දැන් රටේ අධ්‍යාපනයට දේශපාලනය ඇවිල්ලා. රටේ ඡන්ද වගේ විබාග ප්‍රතිපල විකෘති කරනවා. (නි)
සෑම පාසැලකම අඩු වැඩි වශයෙන් උත්සවාකාරයෙන් සමරනු ලබන හෙයින් සෑම දරුවෙකුම පාහේ ලෝක ළමා දිනය පිළිබඳව දැනුවත්. එවැනි දිනයක දරුවෙකුට ලැබිය යුත්තේ සතුටු විය හැකි සැනසිය හැකි තෑග්ගක්.උපරිම තරඟකාරීත්වය නිසා ඉතා අඩු ප්‍රතිශතයක් බලාපොරොත්තු වෙන ජය තහවුරු කරගන්නා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය බහුතර දරුවන්ගේ බලාපොරොත්තු කඩ කරන්නක්. එම විභාගයට මුහුන දෙන බොහෝ දරුවන් දෙමවුපිය වැඩිහිටි පාර්ශවයන් විසින් ඇති කරනු ලබන පීඩනය නිසා ප්‍රථිඵල එනතෙක් සිටින්නේ බයෙන්. (නි)
වල්පිට, ඔබ හරි. අපේ රටේ උගත්තු කියලා බිහිවෙන්නේ නව නිර්මාණාත්මක චින්තනයක් නැති,විෂය බාහිර දැනුම නැති එකම දේ වන පොත් කරන පිරිසක් (නි)
මේ දරුවන් සහ සියලුම දරුවන් දිනේවා! නිදහස් අධ්‍යාපනය දිගුකල් දිනේවා !! (නි)
මම හැමදාම පන්තියේ 1 වැනියා වුණත් 5 හේ ශිෂ්‍යත්වය සමත් වෙන්න බැරි වුණා. ඔය කියන 10 දෙනාගෙන් 3 දෙනෙක්ම කාලයකට පස්සේ මෙදා පාර සබරගමුවෙන්.මහ ඇමතිතුමාට වගේම අපිටත් ලොකු ආඩම්බරයක්.ගම්බද පාසල් වලට යටිතල පහසුකම් සලසා දීම එතුමාගේ යුතුකමක්..... (නි)
පහෙන් දිනුම්! දහයත් දිනන්න සියලු දිරිය! ජය! දිනුවේ නැති අයත් දිනුම්! දහයේදී වැඩ පෙන්නන්න. දිරිය ගන්න. ඔබටත් පුළුවන්.සැමටම ජය. (නි)
මහින්දෙ ලොකු පාසලක්ද? (නි)
මන් ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් ලකුණු 103 ....ඕලෙවල් A -9 B -1 එලේවල් -A -3 පොඩි උන් අසමත් උනාට උන්ට බනින්න ගහන්න එපා ශිෂ්‍යත්ව විභාගයෙන් කෙනෙකුගේ බුද්දි මට්ටම මනින්න බෑ...සමත් අසමත් ඔක්කොම පුංචි උන්ට සුබ පැතුම් .(අ)
විභාගය සමත් අසමත් සියලුම පොඩි දරුවනේ නුබලට මගෙන් උණුසුම් සුබපැතුම්. .(නදී)
ඉහලින් සමත් කීප දෙනෙකුට දෙන ත්‍යාග හා දීමනා කඩයීම් ලකුණු ලැබූ සියලුම දෙනා අතරේ බෙදෙයි නම් කොතරම් අගේද? (නි)
මේ දරුවන්ට ආශිර්වාද කරමු .මෙහි කුහක අදහස් දාපු හැම දෙනාටම ශාප වේවා! (නි)
හැම දෙනාටම සුබ පැතුම්! ගමේ දරුවෝ මොන තරම් දක්ෂද? අපිට හරිම සතුටුයි (නි)
අමිල මොරටුව - කොළඹ ,කළුතර,ගම්පහ අධ්‍යාපන පහසුකම් වැඩි උනාට ඔය ශිෂත්වය පස් වුනු ළමුන්ගෙන් වැඩි දෙනෙක් කොළඹ ඉස්කෝල වලට දැම්මත් විශ්ව විද්‍යාල වලට සිසුන් ගැනීමේ ලකුණුත් ගාල්ල,මාතර වැඩි නේද??? (ස)
දක්ෂ ලමයි සියළු දෙනාටම මාගේ හදපිරි සුභ පැතුම්. දරුවනේ මේ රටට හොද මිනිසුන් බිහිවෙයල්ලා එදාට අපි සිංගප්පුරුවක් කරමු. පොලොන්නරුවට මෙ වාගේ ජාතික ජයග්‍රහනයක් කවදා එයිද. අධ්‍යපන අමැතිතුමාලා මේවා බලන්න.(නදී)
මම ඔය දෙවනියෙක් ඉන්න එක් දුෂ්කර පාසලක ඉගනගත්තේ. ඒත් මම ශිෂ්‍යත්ව විභාගේ අසමත් උනා. වාසනාවට හෝ අවාසනාවට. ඊළඟට මම ගියේ ලඟම තිබුන පිරිවනකට. අද මම මොරටුව විශ්ව විද්‍යාලයෙන් පිටවුන ඉංජිනේරුවෙක්. මගෙත් අම්ම විතරයි මට උගන්නන්න හිටියේ. ඉතින් අර නිමල් මහත්තයා කිව්වා වගේ ශිෂ්‍යත්වේ පාස් වෙන්නම ඕන නැහැ ඉහලට එන්න. මේ පණිවිඩේ මම දෙන්නේ අර ඉහලින්ම පාස් උන වාසනාවන්ත දරුවන්ට නෙමෙයි. ඉතුරු දරුවන්ට. ඔයාල අවාසනාවන්ත නැහැ. ඔයාලගේ අවස්තාව තාම මඟ එනවා. එතකන් ඉන්න.ලොකු පාසලක් ඕන නැහැ ඉහලට එන්න. කෙසේ වෙතත් විභායට පාස් වුණ සියලුම දරුවන්ට සුභ පැතුම්. (ස)
තරිඳුගේ අදහසට මගේ ආචාරය. නෙතට කඳුලුත් ආවා. හැබෑවටම අපි අගය කල යුතුයි. ගම්බද පාසල්වල ළමයින්ගේ දක්ෂතාවය ගැන. (ස)
සියලුම දුල පුතාලට සුභා පතමි. ලමා දිනයේ ප්‍රතිපල නිකුත් කිරීමෙන් අඩු ලකුණු ලත් දරුව සියලුම දෙනා මානසික අපයෝජනයට පත්වුන බවයි මගේ අදහස ඉදිරියේවත් මෙසේ නොවේවා! (නදී)
මෙි දරුවන්ගේ ප්‍රශ්න පත්තරත් බැලුවේ ලංකාවේ සී.අයි.ඩී. එකේ මහත්තුරුද දන්නේ නැහැ. (නි)
ජගත් සිරිවීර, ඔබගේ ගණිත දැනුම හොඳයි (නි)
තරිදු,හොංකොං බැංකු වල ගිණුමට දා ගන්න අයටවත් ඔයා ලිපියක් යවලා බලන්න. (නි)
මහින්දෙ තමයි පාසල..! (නි)
මහින්ද විද්‍යාලයේ සිසුවාට සහ මාගේ පාසල වන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුවා ඇතුලු සියලුම සිසුන්ට මාගේ උණුසුම් සුභ පැතුම්. එහෙත් කිව යුත්තක් ඇත. රත්නපුර කරගස්තලාව විද්‍යාලය ගැන සදහන් කිරීම වටී. මාගේ විශ්ව විද්‍යාලය ආසන්නයේ බෙලිහුල්ඔය පිහිටි අති දුප්පත් සිසුන් පැමිණෙන මෙකී පාසලට සිසුන් පැමිණෙනුයේ රබර් සෙරෙප්පු දමාගෙනය. පාසලේ සිසුන් අධ්‍යාපනය ලබනුයේ බොහෝ විට ගස් යටය. දුප්පත් දෙමාපියන්ගේ දරුවන් මෙම පාසලට පැමිණෙන අතර හරියට කෑම වේලක්වත් නොමැතිව බොහෝ දරුවන් තම අධ්‍යාපන කටයුතුවල යෙදෙනු මා පෞද්ගලිකව දැක ඇත. පාසල පවා ගොඩනැගිලි කිහිපයකින් පමණක් සමන්විත වන අතර මෙවැනි පාසලක සිසුවෙකු එලෙස විශිෂ්ඨ ලෙස සමත්වීම මාගේ සිත පිනා යන්නකි. මන්ද මෙම පාසල උදෙසා දියුණුව උදෙසා අපද දායක වූ බැවිනි. හරියට බඩට වේලක්වත් නොමැතිව ඉගෙන ගන්නා දරුවනි, ඔබට මා හිස නමා ආචාර කරමි (නි)
ඉස්සරහට අපි බලාපොරොත්තු වෙන්නේ වයඹ පාසල් අධ්‍යාපනය අතින් ලංකාවේ පළවැනි තැනට ගේන්නයි. වයඹ දූපුතුන්ගේ නැණපහන දල්වන්න අපේ ආශිර්වාදය ඔබටයි දයාසිරි මැතිදුනි (නි)
ගාල්ලට හැමදාම කෑගල්ලෙන් හොද ඇටෑන් එකක් තියෙනවා කියලා පේනවා නේද? මම ගත්තේ ලකුනු 48 යි ඒත් මට උසස් පෙළට ඒ තුනක් තියෙනවා.(නදී)
පාස් වුණත් නොවුනත් මෙතැන් ජීවිතේ අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ අධ්‍යාපන කටයුතු හරියට කරගන්න (නි)
ඉස්සරහට අපි බලාපොරොත්තු වෙන්නේ වයඹ පාසල් ළමයි සින්දු කියා ලංකාවේ පළවැනි තැනට ගේන්නයි. (නි)
වයඹ අධ්‍යාපනය හදන්න දෙයක් නැහැනේ. ඔය හොදට තියෙන්නේ. ගුරුවරු හරියට වැඩ කළා නම් මීට වඩා හොද වෙන්න තිබුනා. (නි)
අම්බලන්ගොඩ ධර්මාශෝකේ, ගාල්ලේ මහින්දෙ අද්‍යාපනය ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ,කොහේ ගියත් ඔය ඉස්කෝල දෙකේ හොඳ උගත්තු හැම තැන්වලම ඉහලින්ම වැජබෙනවා ප්‍රගීත් ,මීගමුව (නදී)
සුපර් ස්ටාර් රැල්ලට අසු නොවූ මේ දරුවන්ට ජය වේවා (නදී)
ගාල්ලේ දරුවන් දක්ෂ බව මෙවරත් මනාව පෙන්නුම් කළා. (ස)
මේ දරු දැරියන්ට මගෙත් උණුසුම් සුබ පැතුම් ! (නි)
ගාල්ලේ මහින්දයේ දරුවාටත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දරුවාටත් ගාල්ලට දුන් මේ කීර්තිය වෙනුවෙන් මගේ ප්‍රණාමය! (නි)
මමත් ලකුණු 190ක් ගත්තා 1995දි. දැන් රටෙත් නැහැ (නි)
සැබෑ දක්ෂයෝ. සමහර ප්‍රශ්න හරිම අමාරුයි. හොඳට මොලේ තියෙන්න ඕනෑ. 196 අරන් ජගත් ඔයා මොන පාසලටද ගියේ? (නි)
ජය ලැබූ සියලු දූ, පුතුන්ට බුදු සරණයි.....! (නි)
පොඩ්ඩන්ට ජයවේවා. මේ උනන්දුව ජීවිත කාලෙම තියාගන්න. (ස)
මගෙන් උණුසුම් සුබ පැතුම් ඔබ සැමට.... (ස)
සුබ පැතුම්. 9 න් 4 ක් සබරගමුවේ. ආඩම්බරයි. (ස)
දැයේ හපන්නු සියලු දෙනාටම මගේ සුභ පැතුම්. (ස)
ගාල්ල මහින්දයට , දකුණට , ගාල්ලට වගේම මුළු ලංකාවටම ආඩම්බරයක්.. ඉහළින්ම ලකුණු ගත් සියලුම දරුවන්ට යහපතක්ම වේවා..!! ඉදිරියටම යන්න දරුවනි, නිදහස් අධ්‍යාපනයේ වැදගත්කම දැනගෙන ඉදිරියේදී ලොකු මිනිසුන් වී රටටත්, ජනතාවටත් අවංකව සේවය කරන්න. දොඩන්දූව විජේසූරිය පවුලේ සුභ පැතුම් සියලුම සමත් දූ - දරුවන්ට පිරිනමමු. (ස)
අපේ දරුවන්ට ජාතියේ ආදරය ගෞරවය පිරිනමමු. (ස)
ශිෂ්‍යත්වයට වැඩියෙන් වටින්නේ උසස් පෙළයි. එනිසා දැන්මම ඒ ගැන හිත්නන (නි)
බන්දුල ඔයාට ලකුණු 190 තිබුනේ වැඩ අටටමද? හැහැහැ...... (ස)
මගේ උණුසුම් සුබ පැතුම් ඔයාල ඔක්කොටම. (ස)
මටත් ලකුණු 190 තිබුනා. නමුත් මම අද රියදුරෙක්.... (ස)
මගේ උණුසුම් සුබ පැතුම් !! ඔය පැංචන්ට (ස)
ජගත්, 196ක් ගත්ත කියලා ඔලුව උදුම්ම ගන්නේ නැතිව ඉගෙන ගත්තනම් ඔයා අද දොස්තර කෙනෙක්. රත්නපුර දිස්ත්‍රික්කයේ දෙන්නෙක්ම පලවෙනි තුන් දෙනා අතරේ ඉන්න එක ගැන ඉතාම ආඩම්බරයි. ඔබ සැමට සුභ අනාගතයක්. (ස)
දයා අලහකෝන් මහතාගේ සුබ පැතුමට ඒ අරුතෙන්ම මාත් එකතුවෙනවා. ඒත් එක්කම ඔය දුලා පුතාලා ලොකු මහත්වෙලා හොඳින් ඉගෙන ගෙන පිට රටවල්වල පදිංචි වෙලා ඒ රටවල් වලට අනාගත පරපුරක් බිහි කරන්න සිත් පහල නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (ස)
මේ දරුවන් වෙනුවෙන් කලයුතු එකම දෙය නිදහස් අධ්‍යාපනය රැක ගැනීමයි. (ස)
අති විශිෂ්ටයි දරුවනේ. ඔබලා සියලු දෙනාටම සුභ අනාගතයක් කියලා ප්‍රර්ථනා කරනවා, අද වැනි ලෝක ළමා දිනයක. (ස)
මමත් පහ වසර ශිෂ්‍යත්වෙන් 196 ගත්තා.ඒත් මම අද බස් වේලා සටහන් කරුවෙක්! (ස)
මගේ රටේ මේ සියලුම දූ පුතුන්ට සුභ පතන්නෙ, හෙට අපේ රටට වැඩදායක උගතුන් පිරිසක් බිහිවේවා යන උතුම් අරුතෙනි. (ස)
කුලියාපිටියට ආඩම්බර වෙන්න පුළුවන් ප්‍රතිපලයක්. සබරගමුවෙන් තුන් දෙනෙක් ඉන්න එක සතුටට කරුණක්. බෙන්තර ගඟෙන් මෙහා 3 දෙනෙක් ඉන්න එකත් දකුණ ඇලජික් අයට දරාගන්න බැරුව ඇති (නි)
දකුණෙන් 3 යි, ගාල්ලේ, අම්බලන්ගොඩ, අම්බලන්තොට... සියලු දූ දරුවන්ට සුබ පැතුම්! (නි)
ඔක්කොම සිංහල ළමයි උඩින්ම ඉන්නේ. (නි)
අමිල, පසුගිය 29 දා එකම පවුලේ වෛද්‍යවරු හයදෙනෙක් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ හතර දෙනෙකු එකතුව තම පියාණන්ගේ අභාවයට වසරක් පිරීම නිමිත්තෙන් දානයක් දුන්නා. නමුත් එයාලා ඔය කියාපු එකම පළාතකවත් අය නොවෙයි.කිරි බොන එකාට උඩින් කැකිරි කන එකා ගියාම හිතට අමාරුයි වගේ (නි)
මේ ප්‍රතිපල අනුව 2014 ශිෂ්‍යත්වය කරන දරුවන්ට ගොඩක් විභාගය අමාරු කරනවා. ඒක ඒ දරුවන්ට අනාගතයේ වෙන ලොකුම අසාධාරණයක් (නි)
ලකුණු ගැනීම බොහොම හොඳයි. නමුත් මේ ළමයින්ව කට පාඩම් කරවලා ගත්ත ලකුණුද මේ? අනාගතයට රටට මේ ළමයින්ගෙන් වැඩක් වේවි කියා හිතන්න බැහැ. මේ අධ්‍යාපන ක්‍රමයෙන් නිර්මාණශීලී අය බිහි වන්නේ නැහැ.අද ඉංජිනේරු දොස්තර උපාධි ගත්ත අයටත් පොතේ දැනුම විතරයි. අද ව්‍යාපාර වල හිමිකාරයන්ට ඕලෙවෙල්වත් පාස් නැහැ. ඒ වුනාට ඒ හිමිකාරයන් නියම නිර්මාණශීලී පුද්ගලයන් (නි)
දැය බබළවන දරු පිරිසක් බිහිවෙවා! බුදු සරණයි, ඔයාලා හැමෝටම.!!! (නි)
පුදුමාකාර නමක් තමයි ඒකත් (නි)
දකුණුලකේ අග නගරේ ගාලු පුරේ සිරි !! මහින්ද විද්‍යාලයේ දරුවාටත්,අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දරුවාටත් සුබ පැතුම් ගෙනෙන අතරම මගේ මව්බිමේ ඉපදී මෙවැනි දස්කම් පාන අනෙකුත් දරු දැරියන්ටත් වාසනාබර අනාගතයක් උදා වේවා කියා පතමි. (නි)
ජගත් සිරිවීර කොලොන්නාව, මමත් පහ වසර ශිෂ්‍යත්වයෙන් 196 ගත්තා.ඒත් මම අද බස් වේලා සටහන් කරුවෙක්! (නි)
බස්නාහිරින් කොළඹ යන්තම් ජාම බේරාගෙන. කළුතරට මොකද වුණේ? ගමට කිරි සමග පැණි. උණුසුම් සුභ පැතුම්. (නි)
රටටම දස්කම් පෙන්වූ දුවේ පුතේ, භාරයි ඔබට සිරිලක් බිම අනාගතේ.. (නි)
සියලු දෙනාටම උණුසුම් සුබ පැතුම්... (ස)
ඇයි ගාල්ල විතරක්? කුලියපිටියෙත් දෙන්නෙක්ම ඉන්නේ. කුලියාපිටිය කියන්නේ ගාල්ල වගේ දියුණු පළාතක් නෙමෙයි. මේ දරුවෝ ඔක්කොම අනාගතේ අපේ රටට මහා සම්පතක්. තෙරුවන් සරණයි (නි)
දැන් අධ්‍යාපනයත් විකෘති කරනවා. මේ ප්‍රතිපල පිළිගන්න බැහැ. කොළඹ, කළුතර, ගම්පහ දක්ෂ ළමයින්ව පාස්වෙලා නැහැ (නි)
මටත් මතකයි මම ඉස්කෝලේ යන කාලේ සෑහෙන උත්සාහ කරලත් ඔය විබාගේ සමත් වෙන්න බැරි වුණා.මේ ළමයි සමත් වෙන්න ඇත්තේ කොපි කරලා හරි ප්‍රශ්න පත්තරේ කලින් ලැබිලා හරි වෙන්නත් පුළුවන් (නි)
මේ ප්‍රතිපල හරියට අපේ රටේ ඡන්දෙ වගේ. ගොඩක් දක්ෂ ළමයි විබාගය අසමත් වෙලා. මම හිතන්නේ නැහැ මේක සැබෑ ප්‍රතිපල කියලා (නි)
මම නම් පස්වන ශ්‍රේණියේ දරුවකු තරම් හෝ උගතෙකු නොවේ (නි)
ජය ලැබූ සියලු දූ, පුතුන්ට බුදු සරණයි.....! ධර්මාශෝක විද්‍යාලයේ දුවක්, ඒ අතර සිටීම ගැන සතුටුයි. ඉදිරියටත් හොඳින් ඉගෙනගන්න. (නි)
හම්බන්තොට අරහේ කවුරුත් නැද්ද? (නි)
කොළඹට කැකිරි, ගාල්ලට හකුරු... (නි)
අපේ හපන්නුන්ට ජයවේවා! (නි)
දකුණුලක මහින්දය මෙවරත් තවත් දක්ෂයෙකු බිහිකළා. හරිම සන්තෝෂයක් දැනෙනවා. සඳුරු පුතා, ඔබට ජයෙන් ජයම වේවා ! (නි)