IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පොහොට්ටුවේ තීරණයේ කිසිදු වෙනසක් නෑ

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ ලකුණින් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් කර නොමැති බවත් එම තීරණය මේ දක්වා අභියෝගයට ලක් වී නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා අද (2) පැවසීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (2) පැවති මාධ්‍ය හමුවේදී මිලින්ද රාජපක්ෂ මහතා එසේ පැවසීය.

එම පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී  වාද විවාද කර බහුතර ඡන්දයෙන් සම්මත කරගත් බවත් එම තීරණය වෙනස් කිරීමට නම් නැවත දේශපාලන මණ්ඩලය රැස්වී වාද විවාද කර ඡන්ද විමසීමක් කළ යුතු බවත් රාජපක්ෂ මහතා කීය.

එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ඉඟියක් හෝ මේ දක්වා ලැබී නොමැති බව කී මිලින්ද රාජපක්ෂ මහතා මහ ලේකම් තනතුර වෙනස් කිරීමට දේශපාලන මණ්ඩලයට නොහැකි මෙන්ම ඒ සඳහා විධායක කමිටුව රැස් විය යුතු බව ද සඳහන් කළේය.

කිසියම් හේතුවක් මත පක්ෂයේ සාමාජිකයන් පක්ෂයෙන් ඈත් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් හෝ උත්සාහයක් නොමැති බවත් වර්තමානයේ මෙම උත්සාහය ද පක්ෂයේ සියලු දෙනාම රැකගැනීම බවත් ඒ මහතා කීය.



අදහස් (9)

පොහොට්ටුවේ තීරණයේ කිසිදු වෙනසක් නෑ

gunendra Friday, 02 August 2024 03:36 PM

මේ කවුද, පොහොට්ටුවට ගිය කලක්.

:       0       2

Prabha Friday, 02 August 2024 03:43 PM

රාජපක්ෂ පවුලේ ප්‍රශ්න තව දුරටත් රටේ ප්‍රශ්න නොවේ...

:       3       6

පිටිගල මිලානෝ Friday, 02 August 2024 04:00 PM

දැකලා වත් නැති පොහොට්ටුවෙක් ප්‍රකාශයක් දීලා….

:       6       23

Wasantha jayasingha Friday, 02 August 2024 04:36 PM

තීරණය වෙනස් නොකරයි යන්න අපේ බලාපොරොත්තුවයි.

:       5       21

බණ්ඩා Friday, 02 August 2024 05:26 PM

ආයෙත් නේවී කෑම්ප් එක පැත්තේ යමුද​?

:       5       13

kahawita Saturday, 03 August 2024 07:34 AM

මෙයා නේද ඒ කාලේ ගෝටා ගැන ගල්පැලෙන්න බොරු කියලා මිනිහාවත් නන්නත්තාර කලේ

:       2       4

de silva Saturday, 03 August 2024 11:03 AM

තමුන් වරදක් කරලා නැතිනම් මොකටද කවුරුවත් කාව හරි රකින්නේ?

:       1       2

fairoos Saturday, 03 August 2024 11:54 AM

මේ සැරේ ගෝඨාභය ගෙවනවා නම් රට බේරගන්න පුළුවන් වෙයි.

:       2       2

ගමේ එකාලා Saturday, 03 August 2024 03:40 PM

පොහොට්ටුව දැන් පරවෙලා? පෙති හැලිලා? පවුල් පාලනේ හොර දූෂිතයින් විතරයි... අන්තිමට ඉතුරු වෙන්නේ..?

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 401 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 96 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1344 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 9284 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 4416 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 358 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29549 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23640 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 133 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 412 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site