ශූරයන්ගේ කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට පෙර පැවැති පුහුණු තරගයේදී ඉන්දිය පිල හමුවේ ලද පරාජය මේ වන විට සහමුලින්ම අමතක කර ඇති බවත් බ‍්‍රහස්පතින්දා පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී එය කිසි සේත්ම තමන්ගේ හිතට වදයක් නොවන බවත් ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසන් කරමින් සඳුදා පැවැති තරගයේදී ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 20 කින් පරාජය කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
මෙම තරගයේදී ශී‍්‍ර ලංකා පිලේ ජයග‍්‍රහණයේ නියමුවා වූ මහේල අලංකාර පිතිහරඹයක යෙදෙමින් ලකුණු 84 ක් ලබාගත් අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිල කඩුලූ 8 ක් දැවී ලකුණු 253 ක් ලබාගත්තේය. නුවන් කුලසේකර (42/3) සහ රංගන හේරත් (48/2) පන්දුවෙන් අනගි දස්කම් දක්වමින් ශී‍්‍ර ලංකා පිල මෙම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියහ.
ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි අවසන් පූර්ව තරගය බ‍්‍රහස්පතින්දා කාඞීෆ්හිදී පැවැත්වෙයි.
”පෙරහුරු තරගයක් වුණත් වෙන මොකක් වුණත් දැන් ඒක ඉවරයි. මේක අති විශාල තරගාවලියක්. අප ඉදිරියේ තිබෙන්නේ අවසන් පූර්ව තරගයක්. අප ඒක එනකම් බලා සිටිනවා” යයි මහේල පැවසීය.
”මා හිතන්නේ ඔවුන් (ඉන්දීය කණ්ඩායම) හොඳින් කී‍්‍රඩා කරනවා. ඔවුන්ගේ පිතිකරු අංශය ඉතාමත් ශක්තිමත් බවක් පෙනෙනවා. ඒ නිසා අප ඒ ගැන තමයි වැඩි වශයෙන් අවධානය යොමු කළ යුත්තේ” යයිද ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා පැවසීය.
එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේදී ලකුණු 11,000 පසුකිරීම සම්බන්ධයෙන් මහේල වැඩි යමක් කීමට ඉදිරිපත් නොවීය.
”විශේෂ හැගීමක් නෑ. ඒත් ඉතින් ඒ වගේ කඩයිමක් පසුකර යන්න ලැබුණ එක ගැන සතුටුයි. ඒත් මට ඊට වඩා සතුටක් තියෙන්නේ අප ( ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව) තරගය ජයගත් එක ගැනයි”
”වඩා වැදගත් වන්නේ මගේ ලකුණු සංඛ්‍යාව නෙමෙයි..මා කණ්ඩායමට දක්වන දායකත්වය මොකක්ද කියන එකයි” යයිද මහේල පැවසීය.
”මගේ නම් එකම අරමුණ සහභාගි වන සෑම තරගයක්ම දිනන්නයි...ඒක කුසලානයක් සඳහා අවසන් තරගයක්ද, අවසන් පූර්ව තරගයක්ද නැතිනම් මූලික වටයේ තරගයක්ද කියන එක ගැන මා ඒ තරම් හිතන්නේ නෑ”
”මට විතරක් නෙමෙයි,...අපේ කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ටත් ඒ වගේ හැ`ගීමක් තියෙනවා නම් අපට ගොඩාක් දුර යතෑකි” යයිද හෙතෙම පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කාසියේ වාසිය දිනුවොත් ඉන්දියව බැට් කරන්නේ කියලා නම් ඕනෑ පොඩි එකෙක් දන්නවා (නි)
මාර්ක්, ඔයාට බැරිද තේරීම් කමිටුවට යන්න? (නි)
මාර්ක් ඔබ හරි. තිසර සහ සචිත්‍ර ඉතාම වැදගත්. එහෙම නැත්නම් ඉන්දියාවට ගහන්න අර කව්ද ක්‍රීඩකයෙක් කෙරුවා වගේ දුර්ගා දේවියගේ ආශීර්වාදේ අපිට ගන්න වෙනවා (නි)
හොද දහස් ටික. මොනවා වුනත් ඉන්දියාව ඉන්නෙත් බයෙන්. මම නම් කියන්නේ, රංගන සහ මාලිංග වෙනුවට සෙන සහ තිසර ගත්තා නම් හරි. ඒ සමගම ඇන්ජෙලෝ ටිකක් උඩින් ආවා නම් හරි බැට් කරන්න. අපි ඉස්සෙල්ලා බැට් කළොත් දෙන්න ඕනෑ ඉස්සෙල්ලා ඇන්ජලොට. ජය ශ්‍රී ! (නි)
පෙරේරා මහත්මයට කේන්ති ගිහින්. අපිට ඕනෑ මැච් 1 දිනන්න. (නි)
තිසර ප්‍රධාන සාධකයක් වේවි. ශාමින්ද එරංග ඉවත් කළ යුතුයි නේද.(නදී)
හින්දිබින්දුවට් දන්න නියම වේලාව (අ)
සමින්ද එරංග වෙනුවට තිසර ගත යුතුයි (අ)
මාර්ක්, මහේලට ඉන්න කියලා ඔහේ ගිහින් ගහන්න එහෙනම් (නි)
මාර්ක්, ඔබට බැරිද තේරීම් කමිටුවට යන්න? අපේ කොල්ලන්ට පාඩුවේ සෙල්ලම් කරන්න දීලා කට්ටිය පාඩුවේ හිටියා නම් හරි. අනිවාර්යෙන්ම අපේ කොල්ලෝ ටික ජයගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.....! (නි)
ඉන්දියාව මුලින් ගැහුවොත් එයාලා කීය ගැහුවත් අපි ගහනවා. ඒ වගේම තමයි අපි මුලින් ගැහුවොත් අපි කියක් ගැහුවත් එයාලා ගහනවා (නි)
ඕනෑම කියන මැච් එකනම් කව්රු කව්රුත් එකතුවෙලා දිනාගත්තා කියමුකෝ. ඒත් දැන් හැම මැච් එකකින්ම ජනතාව ලොස්ට් වෙන එක ලොකු ගැටළුවක් (නි)
අපේ සිංහලයට ඉකමනට අතීතය අමතක වෙනවා. ලංකාවෙන බිහිවුන හොදම පිතිකරුවෙක් මහේල. තමන්ගේ දක්ෂතා පොඩ්ඩක් කතාකළාට කමක් නැහැ. (නි)
මම නම් හිතන්නේ අර මණුස්සයා මේ මැච් එකේ එලියේ තිබ්බොත් හොදයි. මොකද එයා ගැන හොදටම ඉන්දියන් ටීම් එක දන්නවා. එහේ පදිංචි වෙලානේ හිටියේ. ඒ වගේම ලෝක කුසලාන අවසන් තරඟයත් මතක් වෙනවා. (අ)
චින්තක මහත්තයෝ..පාහරයෙක් වෙන්න එපා..ඔය අපහස කරන්නේ මේ වගේ වැඩකට නැති මට්ච් එකක් වෙනුවෙන් රටට ඕනෑම කරලා තිබුණු මැට්ච් එක දිනවල දීපු (අ)
කවුරු මොනවා කිවුවත් මම මහේලට ගරු කරන්නේ තාමත් අපුරුවට සිංහල කතා කරන නිසා. ගොඩක් අයට ඉහලට යද්දී සිංහල අමතක වෙනවා. එත් මහේල සමහර "නිතර භාවිතයේ නැති " වචනත් සිංහලෙන්ම කතා කරද්දී මට ආඩම්බරයි ඔබ ගැන. (නි)
කට මැද දොඩවන්නේ නැතුව කරලා පෙන්නපන් පුතා.(අ)
රුවන් ,උදය මහේල මෙතන කටමැත දොඩලා නැහැනේ ,එයා පුනපුනා කියනවා කණ්ඩායම් හැගීම ගැන .අනික ඔයාල කියන්නේ ඉන්දියාවට අපි බයයි කියලමධ්‍යවලට කියන්න කියලද ?(අ)
කාලේකට පස්සේ 80 ක් ගහලා දැන් කියන කතා... (නි)
,,, අපි දිනනවා අනියර්වෙනම බොරු සෝබන කරන්ට එරෙහිව..(අ)..
අපිට තරඟයක් නැහැ. පළමු වටේ අපි එක තරඟයක් පැරදුනාට ඒක අපි දිනුම් තරඟයක්. ඉන්දියාව අවසාන 4ට ආවේ වැස්සට පින්සිදුවන්න.(නදී)
ඉන්දියාව මුලින්ම බැට් කරන්න ඕනෑ. අපිට එලවලා ගහන්න පුළුවන් එයාලගේ බෝලින් පවර් එක අඩු නිසා. කුසල්ගෙන් ලොකු ඉනිමක් ඕනෑ. (නි)
මම කැමති කුලසේකර සහ තිසර ඔපෙර්න්සලා හැටියට එවනවට. (නි)
රත්තරන් කොල්ලනේ, අපිට බලන් ඉන්න බැරි කෝලිගේ මුණ තමා. මුළු ඉන්දියාවම එපා වෙනවා. මොන රට දිනලා කුසලානය ගත්තත් ඉන්දියන්කාරයෝ ෂෝ එක දානකොට බලාගෙන ඉන්න බැහැ, ලේ කෝප වෙනවා. අනේ මන්දා යාලුවනි ඔයාලටත් එහෙමද කියලා (නි)
අවංකවම අපි ජය ගන්නවා ඉන්දියාව ගෙදර යවලා (නි)
කාසිය වාසිය දින ගත්තොත් ඉන්දීය පිලට ඇරයුම් කරන්න පන්දුවට පහර දෙන්න.කෝලිව,දෝනිව,ඉක්මනටම දවා ගතහොත් තරගය අපේ අතේ. (නි)
අවසන් මහා තරගයට හොද ඕල්ඩ් රවුන්ඩස්ලා තමයි ඕනෑ.ඉන්දියාව ගෙදර යවන්න, චැම්පියන් කුසලානය ලංකාවට ෂුවර් (නි)
අපිට ඉන්දියන් තරගය දිනන්න පුළුවන්, දේශපාලුවෝ නොගියොත්. මතකනේ ලෝක කුසලානේ. (නි)
කට එදා ඉදලම ටිකක් වැඩි තමය්. ඒ වුනාට වැඩ ගොඩක් මනුස්සය කරනවා (ස)
මහේල මීළඟ තරඟයේදී අවදානම් පහරවල් වලට නොගොස් පහසුවෙන් පතිමරු කරගනිමින් පන්දුවට පහර දෙන්න මගේ හැගීම අළුත් තරගයක් ලෙස අප සමග අප තරංග කලයුතෙය් පළමු පන්දුවාර 30 කඩුළු ආරක්ෂාකර ගනිමින් සහ අවසන් පන්දු වර 20 තුල උපරිම ලකුණු ලබාගැනීමේ ක්‍රමය අපිට අනිවාර්යෙන් හොඳ ආරම්භයක් තිබිය යුතුයි. ඒ සඳහා කුසල් සහ දිල්ෂාන් මුල්පන්දුවර 10 අවදානයෙන් කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දිය යුතුයි..... (ස)
ඉන්දියාව පරද්දන්න පුළුවන් මේ පාර. මොකද දන්නවද ? ලොක්ක ඉන්නේ ලංකාවේ. ටොස් එක දිනුවොත් ඉන්දියාවට මුලින් ගහන්න දෙන්න. කුසල් ජනිතව රෙස්ට් කරවලා ඔපන් කරන්න දිල්ෂාන් එක්ක තිසර පෙරේරාව යවන්න. එම තීරණය හරිගියේ නැතත් අපිට පන්දු යවන්නෙක් හරි වැඩි වෙනවා මොකද කුසල් මේ දිනවල ලකුණු අතර නැති නිසා. ඒ එක්කම තිසරට නිදහස දෙන්න ඕන දෙයක් කරන්න කියලා. මේ වගේ දේවලින් වලින් ඉන්දියාව වට්ටන්න පුළුවන්.(නදී)
මේ තරඟය ජය ගැනීමට නම් සචිත්‍ර සහ තිසර කණ්ඩායමට ඇතුලත් විය යුතුයි. රංගන සහ එරංග වෙනුවට. මොකද ඉන්දීය කණ්ඩායම රංගනට හොඳින් මුහුණ දෙන අතර එරංගගේ විවිදත්වයක් නැති පන්දු යැවීමට හොඳින් මුහුණ දේවි. අනික පන්දු යවන්නන් පිටියේ පන්දු රකින්නන්ට අනුව පන්දු යැවිය යුතුය. ඔවුන්ගේ පහර වැලක් වීමටනම්. මේ කාලය ඔවුන්ව හොඳින් අධයනය කලයුතුය. විශෙෂයෙන් සහයෙන් ශිකර් දවන්,කෝලි,ජඩේජා .(නදී)