IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


පහන්තුඩා සිද්ධියේ සමාජ ජාලා ඡායාරූප බොරු

(විනීතා එම් ගමගේ)

පහන්තුඩාව දියඇල්ල අසල නිරුවත් ජවනිකා සහිත ආන්දෝලනාත්මක වීඩියෝවේ සිද්ධීයට සම්බන්ධ බව කියමින් සමාජ මාධ්‍ය තුළ මේ වන විට හුවමාරු වූ යුවළගේ ඡායාරූප ඊට කිසිසේත්ම සම්බන්ධ නැති යුවලක ගේ බව හෙළි වී තිබේ.

එම වීඩියෝවට සම්බන්ධ යුවල මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති අතර ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කිසිදු අවස්ථාවක මාධ්‍ය මගින් හෙළි වූයේ නැත.

එසේ ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් පසු මෙම යුවල ගේ ඡායාරූප අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති දෙදෙනාගේ බව පෙන්වමින් යම් පිරිසක්  මුහුණු පොතේ ව්‍යාජ පෝස්ටුවක් සකසා මුදා හැර ඇතැයි පැවැසේ.

මේ සම්බන්ධව පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ද පැමිණිලි කළ බව ඔවුන් දෙදෙනා ලංකාදීපයට පැවැසූහ.

තමන් දෙදෙනා විවාහ වී වසර එකහමාරක් පමණ වන බවත් රටේ නොයෙක් සුන්දර ස්ථාන නැරඹීමට යන අතර පහන්තුඩාව දිය ඇල්ලට ගිය අවස්ථාවක ගත් ඡායාරූප තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පළ කර තිබියදී එහි ඡායාරූප ලබාගෙන මෙසේ මුහුණු පොත ඔස්සේ යොදා ගෙන ඇතැයි පෙනී යන බවත් ඔවුහු කීහ.

තමන් දෙදෙනාත් මව්පියන් සහෝදර සහෝදරියන් හිතවතුන් මෙන්ම දන්නා කියන සියලු දෙනා අපහසුතාවට පත්ව ඇති බවත් තවමත් මුහුණු පොතේ සමහර ගිණුම් හරහා තමන් දෙදෙනා අපහසුතාවට පත් කරමින් සිටින බවත් මෙවැනි දේ සිදුනොකරන්නැයි තමන් සමාජයෙන් ඉල්ලා සිටින බවත් ඔවුහු තවදුරටත් පැවැසූහ.

 



අදහස් (11)

පහන්තුඩා සිද්ධියේ සමාජ ජාලා ඡායාරූප බොරු

Bamunuarachchi Sunday, 05 September 2021 12:12 PM

පලකල කෙනා සොයාගෙන මේ ගොල්ලන්ට බාර දෙන්න සලකන්න.

:       1       12

Ruhunu Sunday, 05 September 2021 12:30 PM

හරි නම් වැරදි කරපු මිනිස්සුන්ගේ ඡායාරූපයි පත්තරේ පලකරන්න ඕනෑ...

:       5       30

Lakmal Sunday, 05 September 2021 01:19 PM

අරුන් දෙන්නගෙ මුහුණු පෙන්නුවා නම් හරිනේ... ඇඟම පෙන්නපු අයට මූණ පෙන්නන්න ලැජ්ජාවක් තියෙන්න බෑනේ...

:       5       21

GaminiSunday, 05 September 2021 03:02 PM

"පුහුල් හොරා කරෙන් දැනේ."

:       6       2

අරුණ Sunday, 05 September 2021 01:55 PM

කෝකත් වෙන්නේ තමන්ගේ හොඳට කියනවනේ. දැන් ඔහොම වෙච්චි එකේ පෝස්ට් එක හදපු මහත්තයාවයි, බෙදපු උදවියවයි හොයලා ලොකු ගාණක් ඉල්ලලා අපහාස නඩුවක් දාන්න. ලෝයර් කෙනෙක් හම්බවෙලා කතා කරලා බලන්නකෝ... පොස්ට් එක හදපු කෙනා ඕවා ශෙයාර් කරපු අය හොයාගන්න එක එච්චර අමාරු වැඩක් නෙවෙයිනේ....

:       0       22

raaju Sunday, 05 September 2021 02:16 PM

මෙතන ප්‍රශ්නය කවුද මේ යුවල කියන එක නෙමෙයි... කවදා ඉඳලාද අපේ පුද්ගලික ජීවිතය රජයේ ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ කියන එකයි...

:       11       15

gunarathnaSunday, 05 September 2021 05:16 PM

පුද්ගලික දේවල් පුද්ගලික තැන්වල කරගනිල්ලා... පොදු තැන් භාවිතා නොකර.

:       2       5

raajuSunday, 05 September 2021 07:18 PM

ගම්පහ මල්වත්ත..., පේරාදෙණිය මල්වත්ත, පොදු ස්ථාන නොවේද?

:       3       1

SUNIL MILANO Sunday, 05 September 2021 06:31 PM

රාජු තමන්ටත් තේරුම් යයි. තමන්ගේම පවුලේ කෙනෙකුට වුණා නම්... පුද්ගලික ජීවිතේ තරම... අනික පුද්ගලික ජීවිතය තියෙන්නේ තමන්ගේ ගෙදර... ඒකවත් තේරුම් ගන්න බැරි හැටි...

:       1       4

SUNIL MILANO Sunday, 05 September 2021 06:36 PM

හැමෝටම හොඳ පාඩමක්... හැමදේම මුහුණු පොතේ දානවට..

:       1       7

sampath Thursday, 09 September 2021 10:24 PM

ඒහෙනම් මොනවද මේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 456 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1161 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 659 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 599 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 888 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 444 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 92 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site