අවුරුදු දෙකහමාරක් වයසැති දැරියකගේ ඇස කුහරය ළඟින් කැ වැදුණු පිහියක් පැය කිහිපයක ශල්‍යකර්මයකින් සාර්ථකව ඉවත් කළ බව කරාපිටිය රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය දීපාල් අත්තනායක මහතා පවසයි.
මෙලෙස ශල්‍යකර්මයට ලක්වී ඇත්තේ ඉමදුව කනංකේ කයිකාරගේවත්තේ පදිංචි පමෝදා ගිම්හානි නමැති දැරියකි. තමන් අඹ ගෙඩියක් කපා මේසය උඩ තැබූ පිහිය රැගෙන දිවගිය දියණිය ඇදවැටී පිහිය ඇස අසළින් ඇතුළට ගිය බව මව රෝහලේ දී කීවාය.
වෛද්‍යවරුන් පවසන්නේ ඇණුනු පිහිය එසේම තිබියදී දැරිය රෝහලට ගෙන ආ බවයි. පිහිය ඉවත්කිරීමට උත්සාහ ගත්තේ නම් දැරියගේ ජීවිතය අහිමිවීමට හෝ ඇය සදාකාලික ආබාධිත වීමට පවා ඉඩ තිබූ බව වෛද්‍යවරු කියති.
වෛද්‍ය දීපාල් අත්තනායක මහතා මෙසේ කීයයි.
ඇස් කුහරයෙන් ඇතුළට ගිය පිහිය මොළය දක්වාම ගමන්කර තිබුණා. පූර්ව මොළය කියන කොටසේ පතුලේ තමයි පිහියේ තුඩ තිබුණේ. මෙවැනි තියුණු පිහියක් හිස් කබලට ගමන් කිරීමෙන් මොළයේ රුධිර වාහිනී වලට හානි සිදුවිය හැකියි. නැතිනම් විෂ බීජ ඇතුළු විය හැකියි. බොහෝ විට සිදුවන්නේ මේ වගේ අනතුරකට පත්වූ දරුවෙක් මිය යාමයි. නැතිනම් සදාකාලික පෙනීම අහිමිවිමයි
ශරීරයේ එක් කොටසක් පන නැතිවීම හෝ වෙනත් ව්‍යාකූලතා ඇතිවිය හැකියි. අපි ඉතාමත් ඉක්මණින් ශල්‍යකර්මය සිදුකළා. ඒ වනවිට ඇසේ පේෂි හතෙන් දෙකකට හානි සිදුව තිබුණා. ඒ සියල්ලට පිළියම් කළා. දැන් දරුවා සුවය ලබනවා
දැරියගේ මව පවසන්නේ මෙවන් ශල්‍යකර්මයකින් සිය දියණිය බේරාගැනීමට කටයුතු කළ වෛද්‍යවරුන්ට ස්තූති කරන බවයි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කරාපිටියේ වෛද්‍ය පිරිසට සම්බුදු සරණින් දිගාසිරි ලබෙවායි පතමි. කුඩා දෝනිට ඉක්මන් සුවය පතමි.(නදී)
ඔබ මතු බුදු වේවා! (නදී)
මෙවන් වෛද්‍යවවරු රටකට වාසනාවන්(නදී)
ලංකාවේ දොස්තර මහතුන්ගේ තවත් විශ්ව කර්මයක්, ලක් ජනතාවට ආඩම්බරයක් ඔබට ජය, මේ සම්බන්දව අපට පින්තුර වලින් දැක බලා ගැනීමට සැලැස්වීම ගැන ලංකාදීපයට අනේක වාරයක් ස්තුතියි.(නදී)
රටට ආඩම්බරයි ඔබලා වැනි වෛද්‍යවරු සියලු දෙනාටම බුදුසරණයි.(නදී)
බුදුසරණයි!(නදී)
දැයේ පිනට පහළ වූ ඉසිවරු.ඔබතුමන්ලාට දීව්‍ය සැප ලැබේවා. සසර කෙළවර අමා මහා නිවනින් සැනසේවා! (නදී)
දෙවිවරු වගේ අයත් ඉන්නවා. අගය කල යුතුයි.(නදී)
මේ ඉන්නේ සැබැ දෙවිවරු (නදී)
අපේ දක්ෂ වෛද්‍ය වරුනි, ඔබ තුමන්ලා මිහි පිට දෙවි වරුන්ය. මෙවැනි රෝගීන් සුවපත් කිරීමෙන් අසීමිත පින් රැස් කරන්නේය. අපිද ලාංකිකයින් ලෙස ආඩම්බර වෙමු.(දිල්)
ඔබ වැනි පුතෙක් ලොවට බිහිකළ දෙමව්පියන් මතු බුදු වේවා . එසේම ඔබටද තුනුරුවන් සරණ ලැබී ජීවිතය සාර්ථක වේවා ! මන්ද යත් ඔබ වැනි දොස්තර මහත්වරු ලංකාවේ දුර්ලබය . (දිල්)
මිහිපිට දෙවිවරු මේ (දිල්)
අගය කල යුතුයි....වෛද්‍යවරු සියලු දෙනාටම බුදුසරණයි...!!(දිල්)
මගේ දෑතත් වෙව්ලනවා. මේ සැත්කම සාර්ථකව කල මෙතුමාණන්ගේ සිතට , ගතට සියලු විර්යය ලැබේව!!! දෙමව්පියනි, දරුවන් ඇස් දෙක වගේ පරිස්සම් කරන්න.(දිල්)
දෙමාපියන්ගේ පොඩි අතපසුවීමකින් මුළු ජීවිත කාලයම පසුතැවිලිි වෙන්න වුණොත් ඒක ලොකු අපරාධයක්. නොසිතන මොහොතක දරුවො කරගන්න අනතුරුවලින් ඔවුන්ව බේර ගන්න එක දෙමාපියන්වන අපේ වගකීමක්. දෙවිවරු වැනි මෙවන් වෛද්‍යවරු තවත් ලොව බිහිවේවා. (දිල්)
ඔබ සදාකල් වැජබේවා ඔබ ලක් මවට ආඩම්බරයක්.(නදී)
වෛද්‍යවරු සියලු දෙනාටම බුදුසරණයි. අපිද ලාංකිකයින් ලෙස ආඩම්බර වෙමු(නදී)
බොහෝ පින් (නදී)
මේ ශල්‍යකර්මය කරපු වෛද්‍යවරුන්ට හා හෙදියක්ට තවත් එවැනි හාස් කම් කිරීමට ශක්තිය ධෙර්‍යය ලැබේවා!(නදී)
වෙද්‍යවරුනි, ඔබ කල සේවයට තුති කිරීමට මට හෝඩියේ අකුරු මදි තරම්. ඔබලාට සියලු දෙවි පිහිටයි! දරුවාට ඉක්මන් සුවය ලැබේවා ...ලංකාවේ අම්මා වරුනි! තම දරුවන් ගැන මීට වඩා ආරක්ෂා කාරීවෙන්න...? (නදී)
මෙම වෛද්‍යවරයාට අනිවාර්යයෙන්ම සුබ පැතිය යුතුයි . පොදු මතය කුමක් වුවද වෛද්‍යවරුන් බහුතරයක් ඉතා අගනා සේවයක් නිහඬව සිදුකරන බව දොස්තර මහතුන් දෙදෙනෙකුගේ මවක් වන මම ප්‍රකාශ කරමි (නදී)
ඔන්න දෙවියෝ... තමන්ගේ තත්වේ නැති කරගන්න නම් එපා ඔන්න (නදී)
මිහිපිට දෙවිවරු තමා මේ ඉන්නේ ..ඔබට බුදුසරණයි (නදී)
දීපාල් අත්තනායක තුමාට බුදුබව අත්වෙන්න ඕනි මේ කිරි කැටියව බේරලා දුන්නට ඔබ සියලු දෙනාට පින්.(නදී)
දෙවිවරුනි ඔබ අපි ලගම සිටින බව දැනගන්න ලැබීමත් සතුටකි.(නදී)
මේ කරපු ක්‍රියාවට ඔබට බුදු බව අත්වේවා!(නදී)
වෛද්‍යවරුන්ට හා දැරියට දෙවි පිහිටයි ...!(නදී)
සැමටම පින්...පැටියව ඉක්මනට සුවපත් වේවා...(නදී)
ඔබ සියලුම දෙනාට දෙවි පිහිට ලැබේවා! (නි)
ඇත්තටම මුළු ඇගම ගැහෙනවා. ජාති ජාතිත් ණයගැතියි නුඹට. (නි)
ඔබ සියලු දෙනාටම අල්ලාහ් දෙවි පිහිටයි! (නි)
ඔබතුමා ඇතුළු මුළු කාර්ය මණ්ඩලයටම සියලු දෙවි පිහිට සහ ශක්තිය ලැබේවා! (නි)
ගොඩක් අගය කරනවා අපේ වෛද්‍යවරුන්ව (නි)
ඇහැක්,කනක් ,නිකම් බලන්න විතරක් රුපියල් 1000-1500 ගන්න චැනල් බිස්නස් දොස්තරලා ඉන්න ශ්‍රි ලංකාවේ මෙවැනි දොස්තරලා කොයි තරම් උතුම්ද ?(නදී)
මා මුලින්ම දැම්මේ 'ඔබ බුදු වේවා' කියල දැකපු ගමන්ම මගේ, හිතත්,ගතත් වෙව්ලන්න ගත්ත මේ වගේ විශ්ව කර්මයක් කොහොම කරාද කියා මේ හැමෝටම නිවන් මගට මේ පිනම හේතු වේවා! එංගලන්තේ අවරුදු විස්සක් හිටියත් මේ වගේ දෙයක් නම් ඇහුවේ නැහැ. අපේ මව් රට ගැන දොස්තර මහත්වරු ගැන අපි ආඩම්බර වෙනවා.(නදී)
මිහිපිට දෙවිවරු ....ඔබ වන් දරුවන් මේ ලොවට ගෙනා දෙමාපියන් ටත් සත්‍ය අවබෝධ වී නිවන් දකින්න ඕන ඒ චුටි දුව ව සුවපත් වේවා බුදුසරණයි.(නදී)
ශ්‍රී ලංකාවේ වෛද්‍ය වරුනට නව සීලන්තයෙන් ප්‍රණාමය!!!දිවි රැකුමට ශුර වෙදවරුනුත් දැය රැකුමට රණ විරුවනුත් බිහිකළ ලක් මව අප වන්දනා කරමු නව සීලන්ත ශ්‍රී ලාංකිකයෝ (නදී)
ඉතා උසස් වැඩක් (නි)
ඔබ සියලු දෙනාටම බුදුසරණ පතමි. චුටි දුවට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඔබතුමන්ලව හදා වඩා උගන්වපු දෙමවිපියන්ටයි, ගුරුවරුන්ටයි මේ කළ පිනෙන් සතුට සැනසුම.(නදී)
මේ වෛද්‍යවරුන්ට සුභ පැතුම්.(නදී)
සැබෑ දක්ෂයෙක් ඔබ. සැමට සුබ අනාගතයක්! (නි)
වෛද්‍යවරුන්ට මගේ ප්‍රණාමය සහ සිගිති දියණියට ඉක්මන් සුව! (නි)
ගාලු පුරේ සිරියා.(නදී)
මිහිපිට දෙවිවරු! ඔබ සදා අමරණීයයි! (නි)
කිරිකැටියාට සිදුවී තිබුන අනතුර දුටුවිට ඇස් දෙකට කඳුළු ආවා. වෛද්‍යතුමන්ලාට හුඟක් පින්......! (නි)
විශ්මිත කාර්යයක්! (නි)
දොස්තරලා තමා ඇසට පෙනෙන දෙවියන් (නි)
ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා මේ පින්තුර දකිද්දී. මේ දරුවා කොහොම වේදනාවක් විඳින්න ඇද්ද? වනේ සතෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න එපා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. වෛද්‍යවරුනි, ඔබ සැමට පින්! මේ දකින අම්මේ, තාත්තේ, ඔබත් කල්පනාවෙන් ඔබගේ දරුවා ගැන හොඳට විමසිලිමත් වෙන්න. ගෙදර දොර අනතුරු නිවාරණ තැනක් කරගන්න (නි)
මේ ශල්‍යකර්මයට සම්බන්ධ වූ සියලුම දෙනාට සියලු දෙවියන්ගේ පිහිටයි. බුදු සරණයි (නි)
වෛද්‍යවරුන්ගේ තවත් විශිෂ්ට ක්‍රියාවක්. සැමට ප්‍රණාමය.(නදී)
හාස්කමක් වැනි මේ විශිෂ්ට ශල්‍යයකර්මය කළ ශල්‍ය වෛද්‍ය දීපාල් අත්තනායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ට ජර්මනියේ ශ්‍රී ලාංකියින් වෙනුවෙන් සුභාශිංසන. ලෝකය මවිත කරන අන්දමේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරු ලංකාවේ වරින් වර බිහිවුණා. අප විශ්වාස කරන අන්දමට මෙවැනි දක්ෂකම් ඇති දු පුතුන් බිහිකරන දැයත් උදාරයි රටත් උදාරයි. ඉතින් දිවි පුදා හෝ අපි අපගේ මාතෘ භුමිය රක ගත යුතුයි.(නදී)
නොපෙනෙන දෙවිවරුන්ට වඩා මේ දෙවිවරු වන්දනා කරන්න. (නි)
මෙවන් උතුම් මිනිසුන් සිටිනා මගේ රට කොතරම් උතුම්ද? ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි! (නි)
ලංකා මවගේ සුජාත දරුවෝ (නි)
බොහොම පින් වෛද්‍යතුමනි (නි)
දෙවිවරු වන් වෛද්‍ය කණ්ඩායමට දීර්ගායුෂ පතමි. දරුවාට ඉක්මන් සුවය පතමි. මෙවන් විපත් අන් කිසිවෙකුටත් නොවේවායි පතමි. (නි)
වන සිව්පාවන් වැනි වෛද්‍යවරු අතර දෙවි දේවතාවුන් වැනි වෛද්‍යවරු ඇත. මෙයට සම්බන්ද වුණු සියලුම දෙනාටම පින් සිද්ධ වෙනවා. (නි)
දෙවිවරු වගේ වෛද්‍යවරු. ඔබට සැමදා නිදුක් නිරෝගී සුවය පතමු (නි)
ඔබලාට ගොඩක් පින් මේ කළ කාර්යය. ජාතියට ඕනෑ මෙවන් අයයි (නි)
ඉතාමත් හොද වැඩක්. අගය කරන්න ඕනෑ මෙන්න මේ වගේ අයව. ඔබ වගේ අය තව තව මේ රටේ පහළ වෙන්න ඕනෑ (නි)
කිරි කැටියාව ගළවා දුන් ඔබ සැමට බුදු සරණයි! (නි)
මෙන්න මිහිපිට දෙවිවරු. නමස්කාර වේවා! ඔබ අපේ සම්පතයි, ඔබ අපේ ජීවයයි, සදා වාසනාවන්! (නි)
මේ කළ කුසල කර්මයට, සද්ක්‍රියාවට පින්දීමට චවන නැත (නි)
මෙන්න අපේ වෛද්‍යවරු, ආඩම්බරයි!! ඒ වගේම පිහිය ඉවත් කිරීමට තැත් නොකර වහාම රෝහලට ගෙන යාමට කටයුතු කළ මවද අගය කළ යුතුය. (නි)
ඇත්තටම මෙලොව ඉන්න එකම දෙවිවරු දොස්තරවරුය (නි)
උස්ස වැඩක්.අපේ දොස්තරලා කොච්චර දක්ෂද? ලෝකයේ ඕනෑම දොස්තර කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් අය අපේ රටේ ඉන්නවා.අපිට ඔබ ගැන ගොඩක් ආඩම්බරයි.ඔය පින ඇති හොද ආත්මයක් ලබන්න.සියලු දෙනාට පින්.මේවා පොඩි වැඩ නොවේ. (නි)
මෙවැනි වෛද්‍යවරුන් මතු මතු ආත්ම වලත් මේ පිං බලෙන් දෙවිවරුම වෙලා උපදින්න ඕනෑ (නි)
අපේ රටේ සෞඛ්‍යය ක්ෂේත්‍රයට නිසි අයුරින් මුදල් වෙන්කරන්න. එවිට අපේ වෛද්‍යවරු නිසි වැඩ පෙන්වාවි (නි)
කියාගන්න වචන නැහැ. දරුවට වෙලා ඇති විපත දුටුවම. පපුව හිරවෙනවා වගේ දැනුනා. චුටි දුවේ, ඔයාට ජේසුගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා! කරාපිටිය රෝහලේ ඒ උතුම් වෛද්‍යවරුන් හට හුගක් ස්තුතියි. ඔබලාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා ! (නි)
ඔබතුමන්ලාට දළදා සමිදු පිහිට පතනවා (නි)
අපේ කරාපිටියේ වෛද්‍ය පිරිසට සම්බුදු සරණින් දිගාසිරි ලැබේවායි පතමි. කුඩා දෝනිට ඉක්මන් සුවය පතමි. මිහිපිට දෙවිවරු! ඔබ සදා අමරණීයයි! (ස)
සුපිරි වැඩක්..... (ස)
අපේ වෛද්‍යවරු විදේශික අයට වඩා ශක්තිමත් බලවත් කියලා මේකෙන් නිකන්ම ඔප්පු වෙනවා.. පුදුමාකාර ඉවසීමක් මනස වෙහෙසීමක් කරලා මේ චුටි දෝනිගේ ජීවිතය ගලවගත්තා.. බටහිර වෛද්‍යවරුද අපේ වෛද්‍යවරුද අභියෝගවලට හොඳටම මුහුණ දීලා ජය ගන්නේ කියලා මේක හොඳින්ම නිරූපනය වෙනවා.. වෛද්‍යවරුනි ඔබට දීඝායු වේවා.. ඔබේ ඔය සුරතින් සිය දහසක් නොව දෂ ලක්ෂ දසලක්ෂයකගේම ජිවිත ගැලවේවා... ජේසු පිහිටයි....! (ස)
පෙනෙන දෙවියන් ඔබමය. දැරියට ඉක්මන් සුවය පතමි. (නි)
වෛද්‍යවරුනි, ඔබලාට දීර්ඝායුෂ ලැබේවා! (නි)
මෙවන් දක්ෂ වෛද්‍යවරුන්ට රජයෙන් දෙන සැළකිල්ල මොකක්ද? මොවුන්ට රට එපා කර විදේශගත වීමට පාර කපන්නේ නැතුව ආරක්ෂා කර ගත යුතුය. ලංකාදීපයට තුති මේ වගේ පුවතකින් රට දැනුවත් කළාට. (නි)
දෙවිවරුන් (වෛද්‍යවරු) බුදුවේවා! (නි)
මෙවැනි දක්ෂ වෛද්‍යවරුන් ඉන්න මේ රටට දක්ෂ ඇමතිවරයෙකුත් සිටිය යුතුයි (නි)
මෙවන් දෙවිවරු මේ මිහිපිට තව තවත් බිහිවේවා! (නි)
ඉතා උතුම් ක්‍රියාවක්! (නි)
වෛද්‍ය පිරිසට සම්බුදු සරණයි! (නි)
මෙවැනි වෛද්‍යවරු අපේ රටට ලොකු ආඩම්බරයක්. ඔබට බුදු සරණයි! (නි)
අපි බෞද්ධයෝ. සසර ගමන කෙළවර කරන්න හොදම මග මේ කරන පින්කම් තමයි. රට අතහැර නොගොස් අපේ මේ අහිංසක ලක්වැසියන්ටම සේවය කරන්න. මේ පින ඔබ සියලු දෙනාටම ලැබේවා! (නි)
මේ කරන පින්කම් ඉක්මනින්ම සසර කෙටිකර ගැනීමට හේතු වාසනා වේවා! රට අතහැර නොගොස් අපේ දුප්පත් ලක්වැසියන්ට සේවය කරන්න සිත් පහළ වේවා! (නි)
දක්ෂ වෛද්‍යවරුන් (නි)
වෛද්‍ය පිරිසට සම්බුදු සරණයි! අපේ වෛද්‍යවරු විදේශික අයට වඩා ශක්තිමත්. ඒ වගේම කරාපිටිය ඔය තත්ත්වයට ගෙනා අපේ ජනාධිපතිතුමාටත් බොහොම පින් (නි)
මෙවැනි වෛද්‍යවරු අපේ රටට ලොකු ආඩම්බරයක්. ඔබට බුදු සරණයි! (නි)
ඇත්තෙන්ම අගය කරනවා ඔබගේ කාර්යය (නි)
ලංකාවේ වෛද්‍යවරු දෙවියෝ. (නි)
මෙවන් ඍෂිවරුන් වැඩි වැඩියෙන් අප දහම් දිවයිනේ උපදීවා! ඔවුන් හට සම්මා සම්බුදු සරණයි! (නි)
වැඩිකල් යාමට ප්‍රථම ලෝකයේ සිටින හොදම දොස්තර සිටින රට බවට ලංකාව පත්වෙනු ඇත (නි)
මෙවන් දෙවිවරුන්ට දෑත් එක්කොට වැන්දාට කම් නැත. (නි)
දොස්තර තුමා ඇතුළු සහය දක්වපු සියලුම දෙනාට පින්සිදු වේවා මුදලට නොව මනුෂ්‍යත්වය අගයන ඇහැට පෙනෙන දෙවිවරුත් ඉන්නෙක ගැන ආඩම්බරයක් . (දිල්)
මේ ශල්‍යකර්මය කරපු වෛද්‍යවරුන්ට, හෙදියක්ට හා අනෙකුත් කාර්යය මණ්ඩල සාමාජිකයින්ට තවත් එවැනි හාස් කම් කිරීමට ශක්තිය ධෙර්‍යය ලැබේවා! පිං ලැබේවා!(දිල්)
ආඩම්බරයි!! ඇත්තෙන්ම අගය කරනවා ඔබගේ කාර්යය.....(දිල්)
මේ උතුම් සත්කාරය වෛද්‍යවරුන්ට සුභ පැතුම් (දිල්)
මේ ශල්‍යකර්මය කළ වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට දෙවි පිහිටයි.චුටි දුවට ඉක්මන් සුවය ලැබේවා! (නි)
මෙලොව ඉන්න දෙවියෝ තමා වෛද්‍යවරු කියන්නේ.චුටි බබෝ, ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
කොතරම් ආඩම්බරයක්ද ශ්‍රී ලංකික අපට? මෙවන් ප්‍රවෘත්ති ලබාදෙන ලංකාදීපයට අපගේ ගෞරවය! (නි)
මේ වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට දීර්ඝායුෂ ලැබේවා! (නි)
කෝ දැන් අර ලිඳට ගල් ගහල ගඟට ආ වඩන අපේ පාවදෙන්නෝ ටික..??(දිල්)
අපගේ කරාපිටිය දොස්තර , දෙවිවරුන්ට මගේ හදවතින්ම ප්‍රණාමය. (දිල්)
ධෛර්යමත් වේවා දොස්තර මහතාණනි! ඔබට මෙවන් දේවල් කිරීමට ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා! බුදු සරණයි (නි)
මේ වැනි දොස්තරවරුන් ඇති එකම රට ලංකාව පමණයි. ඔබට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
අවාසනාවන්ත සිදුවීමකට ලක්වූ වාසනාවන්ත දැරියට ඉක්මණින් සුවය ලැබේවා! නොමැතිව උපකරණ බහුලව දියුණු රට.. උපතින් ලැබූ හැකියාවන් තම වැඩට.. උත්තම වෛද්‍යවරු කළ මේ සැත්කමට.. පිදුවත් මදී දහසක්වර තුති සැමට... (නි)
වෛද්‍යවරු කියන්නේ දෙවිවරු.... (නි)
දෙවිවරු වන් වෛද්‍ය කණ්ඩායමට දීර්ගායුෂ පතමි. දරුවාට ඉක්මන් සුවය පතමි. මෙවන් විපත් අන් කිසිවෙකුටත් නොවේවායි පතමි. (නි)
දළදා සමිදු සරණයි! (නි)
වෛද්‍යවරු දෙවිවරු වුණත් ඒ අයටත් කළ හැකි සීමාවක් තිබෙනවා. වැදගත්ම දේ දෙමවුපියන් දරුවන් අසීමිතව අරක්ෂා කීරීමයි (නි)
පුවත්පත් වල වැඩියෙන් මේ වගේ රටක් වටිනා පුවත් වලට ඉඩ දෙන්න. (ස)
උසස් ශල්‍යකර්මයක්.කරාපිටිය කොහොමත් ශල්‍යකර්මවලට ප්‍රසිද්ධයි.ලංකාවේ හැම පළාතකින්ම වගේ බයිපාස් සැත්කම් වලටත් කරාපිටියට එනවනේ. (නි)
මගේ සුභ පැතුම් ඩොක්ටර් ශ්‍රේෂ්ඨ වැඩක්... (ස)
එළ........ (ස)
මෙවැනි සේවයක් වෙන කාට නම් කල හැකිද?? ඔබ මිහිපිට දෙවියන් වැනියි... (ස)
මෙවැනි දොස්තරවරු දෙවිවරු... (ස)
නියමයි දොස්තර මහත්තයෝ! (නි)
බුදු සරණයි දෙදෙනාටම........... (ස)
මේ තමයි මිහිපිට ඉන්න දෙවිවරු.... (ස)
දෝණි, නුඹට ඉක්මන් සුවය! අම්මලා මීට වැඩිය ළමයි ගැන හොයන්න. (නි)
මගේ ස්තුතිය වෛද්‍යවරුන්ට! මම වැලිවේරියේ චතුරිකා (නි)
දෝණිට දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා! වෛද්‍ය ඔබ ඉතා උසස් (නි)
දෙවිවරු වැනි වෙදවරු... (ස)
අපේ රටේ මිනිස්සු නම් හරිම පුදුමයි.අපේ රටේ ගොඩක් දොස්තරලා තමන්ගේ යුතුකම හරියටම කරනවා.දිනයකට ජීවිත් දහස් ගණනක් බේරා ගන්නවා. මැරෙන්න යන ලෙඩ්ඩු ගළවා ගන්නවා. ඒත් ඒවා වාර්තා වෙන්නේ අඩුවෙන්. වාර්තා වෙන්නේ එහෙමත් එකක් පමණයි. ඒත් මේ වෛද්‍යවරු අතරේ හදිසියෙන් කෙනෙක් වැරැද්දක් කළ විට එය ප්‍රසිද්ධ වෙනවා. ඒක වැරදියි නේද? දැන්වත් අලුතින් හිතන්න. (නි)
මෙවැනි දොස්තර දරුවන් බිහිකර දුන් දෙමවුපියන්ට පින් (නි)
මේ දරුවාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! (නි)
හැමෝම මෙතන කියන්නේ දෙවිවරු වගේ වෛද්‍යවරු කියලා. අනේ ඇයි උතුම් මනුෂ්‍ය ධර්ම ඇති ජන හිතකාමී වෛද්‍යවරු නොකියා නොදන්නා දේව ගුණ ගැන කතා කරන්නේ? අපි දන්නා සමහර දෙවිවරු බිලි පුජා ගන්නවා. තමන්ගේ දර්ශනය විතරක් හරි, අනික් ඒවා වැරදියි කියා එම දෙවිවරු වෙනුවෙන් සමහර අය මරා ගන්නවා. ඔය කියන එක දෙවිකෙනෙක් අපිට හෙම්බිරිස්සාවක්වත් හොද කරලා දෙනවද? ඉතින් මේ උතුම් මනුෂ්‍ය පුත්‍රයන් දෙවිවරු වගේ කියන්නේ කොහොමද? (නි)
දොස්තර මහතාට ජය සිරි. දියණියට බුදු සරණයි!!! (ස)
කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ ඉතාමත්ම විරල ගනයේ හදිසි අනතුරක්. විදේශීය වෛද්‍යවරු කොටසක් ප්‍රායෝගික දැනුමෙන් ඉහලයි. තව කොටසක් න්‍යායික දැනුමෙන් ඉහලයි. ලංකාවේ වෛද්‍ය ප්‍රජාව ප්‍රායෝගික දැනුමෙන් මෙන්ම න්‍යායික දැනුමෙන් ද විශිෂ්ටයි. දරුවා සහ දොස්තර මහතුන්ලා පිරිවරට දීර්ඝම ආයු ඇත්තෝම වේවා!!!! (ස)
පුංචි ළමුන්ට ආයුධ, ගින්දර, විදුලිය වැනි දෙයින් පරිස්සම් කර ගැනීම දෙමාපියන්ගේ යුතුකම. දෙමාපියන්ගේ නොසැලකිල්ලෙන් මේ වගේ අනතුරු බොහෝ සිදුවෙනවා. හැබැයි පිහිය ගලවන්න නැතුව ගෙනාවයින් දරුවා බේරුනා. (ස)
මේ ඇඟ හිරි වැටෙන පින්තුරේ නොදා හිටියා නම් හොඳ නැද්ද? වෛද්‍ය වරුන් කීව වගේ මෙවැනි උල් ආයුධයක් ඇනුන විට එය අතින් ඇද ඉවත් නොකර රෝහලට ගෙනය යුතුයි. ප්‍රථමාධාර දෙන කෙනෙක් නම් පිහියේ මිට වටා පිරිසිදු වෙළුම් පටි යොදා සෙලවීම වලක්වන්න පුළුවන්. (ස) .
මෙවැනි වෛද්‍යවරු අපේ රටට ලොකු ආඩම්බරයක්. ඔබට බුදු සරණයි! (ස)
කරාපිටිය හොස්පිටල් එකේ ඔබලා වැනි දොස්තරලා බුදු වන්න ඕන.චූටි පැටියත් ඉක්මනට සනීප වන්න ඕන, දකුණෙ අපිට ලොකු ආඩම්බරයක්..ඩුබායි වල ඉන්න අපේ සුබ පැතුම්. (ස)
මේ ශල්‍යකර්මයට සම්බන්ධ වූ සියලුම දෙනාට සියලු දෙවියන්ගේ පිහිටයි. බුදු සරණයි! (නි)
පින් සිද්ධ වෙන වැඩක් (නි)
මේ වගේ ඡායාරූප දරුවෝ ඉන්න අය බලන්නේ කොහොමද? (නි)
ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! චුටි දියණියට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඉතා අගය කළයුතු රාජකාරියක්. ඒ වගේම දෙමාපියන්ගේ නොසැළකිල්ල. දොස්තර මහත්වරු ඇතුළු සියලුම අයට පින්. (නි)
අපේ කරාපිටියේ වෛද්‍ය පිරිසට සම්බුදු සරණින් දිගාසිරි ලැබේවායි පතමි (නි)
අමිල කාර්යයක් (නි)
බුදු සරණයි වෛද්‍යවරුනි ඔබේ දෑතට (නි)
අපේ වෙද්‍යවරුන් කොතරම් දක්ෂද? රජයේ වගකීම මේ අය අපේ රටේම තියාගන්න පුළුවන් වැඩපිළිවෙලක් සැකසීමයි.සියලු දෙනාටම බුදු සරණයි! (නි)
සද්කාර්යක් ! මෙවන් වෙදදුරන් සහ වෙද කාර්ය මණ්ඩල ඉතා සාධාරන දේ වෙනුවෙන් පමණක් කරන ඉල්ලීම් වලදීද මහජනතාව මෙසේ සාධාරණව කටයුතු කළයුතුව ඇත. (නි)
මේ මිහිපිට අපේ දෙවිවරු (නි)
දොස්තර මහත්වරුනේ,ගොඩක් පින් ඔබට සහ කාර්යය මණ්ඩලයට. (නි)
දැන් අපේ රටේ සුපිරි වෛද්ද්‍යවරු ඉන්නවා එක අපේ රටට ලොකු ආඩම්බරයක් (නදී)
මේ නම් ජාතියේ පිනට පහල වු දරුවෝ
මෙවන් විශ්වකර්ම සැත්කමකින් බිළිදා ගළවාගත් මගේ ආදරණිය වෛද්‍ය දීපාල් අත්තනායක දෙවිතුමාණන් ඇතුළු අනෙකුත් සියලු දෙවි මඩුල්ලට මගේ හද බැදී උණුසුම් සුභ පැතුම්! මෙවන් පිරිස් අප මව්බිමෙහි යළි යළිත් පහළ වේවා ! වෛද්‍යතුමනි, මම ඔබට දීර්ඝායුෂ පතන්නෙමි. (නි)
මේක නම් විශාල පිනක්. දරුවාගේ අනාගතේ බේරුව එක. (ස)
අපි සියලුම දෙනාම සුබ පතනවා අපේ මේ පුංච් දරුපැටියාව බේරගත් අපේ රත්තරන් වෛද්‍යවරු සියලු දෙනාටම. (නි)
දොස්තර මහත්වරුනේ,ගොඩක් පින් ඔබට සහ කාර්යය මණ්ඩලයට (නි)
ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා! කළ කාර්යය මිල කළ නොහැකිය (නි)
මෙයට සම්බන්ධ වූ සියලුම දෙනාට සියලු දෙවියන්ගේ පිහිටයි. බුදු සරණයි!!!! (ස)
මගේ රටේ ඉපදීමත් වාසනාවක්. මෙවන් උතුම් මිනිසුන් රටට වාසනාවක්. (ස)
මේ තමයි අපිට මිහිපිට ඉන්න දෙවිවරු... (ස)
අපේ රටේ දොස්තරලගේ අගය දන්නේ ටික දෙනෙක් පමණි (නි)
මෙතුමලා ඉන්න නිසා දැන් මුළු දකුණටම ආඩම්බරයක්. දැක්කා මේ වගේ සැත්කම් ගොඩක් කරලා ජීවිත බේරාගන්නවා මෙතුමාගේ අංශයෙන්. අපේ අම්මලා ළමයින් ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න ඉගෙනගන්න ඕනෑ. කොපමණ ළමයින් ගණනක් අනතුරු වලට ලක්වෙනවද අම්මලාගේ අවධානයක් නැතිකම නිසා? (නි)
අපේ කාලේ දෙවිවරු. ඔවුන්ට දිගාසිරි වේවා. දරුවට ඉක්මන් සුවය ලැබේවා(දිල්)
දොස්තර මහත්තයාට බුදු සරණයි! (නි)
මෙවැනි දොස්තරවරු රටට වාසනාවක්...සම්මා සම්බුදු සරණයි. (අ)
යම්තම් ශළ්‍යකර්මයක් දෙකක් හරියට කලා කියලා කවමදාකමත් වෛද්‍යවරයෙක්ම වුවමනාවට වඩා ඉහළට ඔසවා තබන්න යන්න එපා. මොකද මේ අය අපි හිතනවට වඩා හරිම දරුණුයි. රෝහල් සේවයට වඩා චැනල් ප්‍රැක්ටිස් කරන එක හැම දොස්තරෙකුටම වටිනවා. එකයි මෙයාලා වැඩි ගණන් දීලා බෙහෙත් පිටින් ගන්න නියම කරන්නේ ඇයි ලොකු කොමිස් එකක් ඖෂධ සමාගම්වලින් මෙයාලට ගෙවනවගේ. අද කාලේ වෛද්‍යවරයෙක් කියලා කියන්නේ ඖෂධ සමාගම්වල එක් අලෙවි නියෝජිතයෙක් විතරයි කියන ගානට වැටිලා. (ස)
ඹබට මේ ලෝක තලයෙ සිටින සියලුම දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා!!! (ස)
ඔබ සියලු දෙනාට මම හදවතින්ම සුබ පතනවා,ඔබවැනි මිනිසුන් ළඟ දෙවිවරු යන අරුත කුමකටද?ගොඩක් ආඩම්බරයි.(දිල්)
ඇයි නොපෙනෙන දෙවියන්ට අපි වඳින්නේ? මෙන්න නියම දෙවිවරු (නි)
මේ අම්මා පිහිය ඇසේ තිබිය දී දරුවා රෝහලට ගෙන යන්න තරම් ශක්තිමත් වීම පුදුමයට කරුණක්. මට ඔය වගේ දෙයක් වුනා නම් දරුවාට කලින් මම මියැ දී අවසන්. මේ අහිංසක දරුවා බේරා දුන් රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට මම හදවතින්ම පිං දෙමි. වෛද්‍යවරුනි, ජීවිතයත් මරණයත් අතර සටන් කරන අහිංසක ජීවිත වලට බිඳුවක් හෝ ජීවත් වෙන්න ඉඩක් සලසන ඔබ වැනි මිනිසුන් මේ ලෝකයට පහලවන තවත් දෙවිවරු පිරිසකි. ඔබලාට දීර්ඝායුෂ පතමි. (ස)