IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පිහිය ඇහැ ළඟින් ඇතුළට

අවුරුදු දෙකහමාරක් වයසැති දැරියකගේ ඇස කුහරය ළඟින් කැ වැදුණු   පිහියක් පැය කිහිපයක ශල්‍යකර්මයකින් සාර්ථකව ඉවත් කළ බව කරාපිටිය රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය දීපාල් අත්තනායක මහතා පවසයි.

මෙලෙස ශල්‍යකර්මයට ලක්වී ඇත්තේ ඉමදුව කනංකේ කයිකාරගේවත්තේ පදිංචි පමෝදා ගිම්හානි නමැති දැරියකි. තමන් අඹ ගෙඩියක් කපා මේසය උඩ තැබූ පිහිය රැගෙන දිවගිය දියණිය ඇදවැටී පිහිය ඇස අසළින් ඇතුළට ගිය බව මව රෝහලේ දී කීවාය.

වෛද්‍යවරුන් පවසන්නේ ඇණුනු පිහිය එසේම තිබියදී දැරිය රෝහලට ගෙන ආ බවයි. පිහිය ඉවත්කිරීමට උත්සාහ ගත්තේ නම් දැරියගේ ජීවිතය අහිමිවීමට හෝ ඇය සදාකාලික ආබාධිත වීමට පවා ඉඩ තිබූ බව වෛද්‍යවරු කියති.

 වෛද්‍ය දීපාල් අත්තනායක මහතා මෙසේ කීයයි.

ඇස් කුහරයෙන් ඇතුළට ගිය පිහිය මොළය දක්වාම ගමන්කර තිබුණා. පූර්ව මොළය කියන කොටසේ පතුලේ තමයි පිහියේ තුඩ තිබුණේ. මෙවැනි තියුණු පිහියක් හිස් කබලට ගමන් කිරීමෙන් මොළයේ රුධිර වාහිනී වලට හානි සිදුවිය හැකියි. නැතිනම් විෂ බීජ ඇතුළු විය හැකියි. බොහෝ විට සිදුවන්නේ මේ වගේ අනතුරකට පත්වූ දරුවෙක් මිය යාමයි. නැතිනම් සදාකාලික පෙනීම අහිමිවිමයි

 ශරීරයේ එක් කොටසක් පන නැතිවීම හෝ වෙනත් ව්‍යාකූලතා ඇතිවිය හැකියි. අපි ඉතාමත් ඉක්මණින් ශල්‍යකර්මය සිදුකළා. ඒ වනවිට ඇසේ පේෂි හතෙන් දෙකකට හානි සිදුව තිබුණා. ඒ සියල්ලට පිළියම් කළා. දැන් දරුවා සුවය ලබනවා

දැරියගේ මව පවසන්නේ මෙවන් ශල්‍යකර්මයකින් සිය දියණිය බේරාගැනීමට කටයුතු කළ වෛද්‍යවරුන්ට ස්තූති කරන බවයි.

 



අදහස් (0)

පිහිය ඇහැ ළඟින් ඇතුළට

දම් Monday, 14 October 2013 02:57 AM

ගාලු පුරේ සිරියා.(නදී)

:       0       0

සිරානි Monday, 14 October 2013 04:42 PM

පුංචි ළමුන්ට ආයුධ, ගින්දර, විදුලිය වැනි දෙයින් පරිස්සම් කර ගැනීම දෙමාපියන්ගේ යුතුකම. දෙමාපියන්ගේ නොසැලකිල්ලෙන් මේ වගේ අනතුරු බොහෝ සිදුවෙනවා. හැබැයි පිහිය ගලවන්න නැතුව ගෙනාවයින් දරුවා බේරුනා. (ස)

:       0       0

සෝමදාස Monday, 14 October 2013 04:42 PM

මේ ඇඟ හිරි වැටෙන පින්තුරේ නොදා හිටියා නම් හොඳ නැද්ද? වෛද්‍ය වරුන් කීව වගේ මෙවැනි උල් ආයුධයක් ඇනුන විට එය අතින් ඇද ඉවත් නොකර රෝහලට ගෙනය යුතුයි. ප්‍රථමාධාර දෙන කෙනෙක් නම් පිහියේ මිට වටා පිරිසිදු වෙළුම් පටි යොදා සෙලවීම වලක්වන්න පුළුවන්. (ස) .

:       0       0

ගජබා Monday, 14 October 2013 12:12 PM

කෝ දැන් අර ලිඳට ගල් ගහල ගඟට ආ වඩන අපේ පාවදෙන්නෝ ටික..??(දිල්)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 14 October 2013 03:12 AM

මිහිපිට දෙවිවරු! ඔබ සදා අමරණීයයි! (නි)

:       0       0

බුද්ධික Monday, 14 October 2013 12:13 PM

අපගේ කරාපිටිය දොස්තර , දෙවිවරුන්ට මගේ හදවතින්ම ප්‍රණාමය. (දිල්)

:       0       0

නදුන් විදුර Monday, 14 October 2013 04:53 PM

මෙවැනි වෛද්‍යවරු අපේ රටට ලොකු ආඩම්බරයක්. ඔබට බුදු සරණයි! (ස)

:       0       0

කුමාර Monday, 14 October 2013 04:57 PM

කරාපිටිය හොස්පිටල් එකේ ඔබලා වැනි දොස්තරලා බුදු වන්න ඕන.චූටි පැටියත් ඉක්මනට සනීප වන්න ඕන, දකුණෙ අපිට ලොකු ආඩම්බරයක්..ඩුබායි වල ඉන්න අපේ සුබ පැතුම්. (ස)

:       0       0

ලලිත් Monday, 14 October 2013 04:42 AM

කිරිකැටියාට සිදුවී තිබුන අනතුර දුටුවිට ඇස් දෙකට කඳුළු ආවා. වෛද්‍යතුමන්ලාට හුඟක් පින්......! (නි)

:       0       0

රසික Monday, 14 October 2013 12:21 PM

ධෛර්යමත් වේවා දොස්තර මහතාණනි! ඔබට මෙවන් දේවල් කිරීමට ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා! බුදු සරණයි (නි)

:       0       0

ටොම් Monday, 14 October 2013 04:46 AM

විශ්මිත කාර්යයක්! (නි)

:       0       0

මංජුල Monday, 14 October 2013 05:10 PM

මේ ශල්‍යකර්මයට සම්බන්ධ වූ සියලුම දෙනාට සියලු දෙවියන්ගේ පිහිටයි. බුදු සරණයි! (නි)

:       0       0

ශේන් Monday, 14 October 2013 05:28 AM

දොස්තරලා තමා ඇසට පෙනෙන දෙවියන් (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 14 October 2013 05:37 AM

ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා මේ පින්තුර දකිද්දී. මේ දරුවා කොහොම වේදනාවක් විඳින්න ඇද්ද? වනේ සතෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න එපා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. වෛද්‍යවරුනි, ඔබ සැමට පින්! මේ දකින අම්මේ, තාත්තේ, ඔබත් කල්පනාවෙන් ඔබගේ දරුවා ගැන හොඳට විමසිලිමත් වෙන්න. ගෙදර දොර අනතුරු නිවාරණ තැනක් කරගන්න (නි)

:       0       0

තාරක Tuesday, 15 October 2013 04:49 PM

මෙයට සම්බන්ධ වූ සියලුම දෙනාට සියලු දෙවියන්ගේ පිහිටයි. බුදු සරණයි!!!! (ස)

:       0       0

කුමාරසිරි Monday, 14 October 2013 12:34 PM

මේ වැනි දොස්තරවරුන් ඇති එකම රට ලංකාව පමණයි. ඔබට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

මංජුල Tuesday, 15 October 2013 04:56 PM

මගේ රටේ ඉපදීමත් වාසනාවක්. මෙවන් උතුම් මිනිසුන් රටට වාසනාවක්. (ස)

:       0       0

ජ. තිසර Monday, 14 October 2013 12:35 PM

අවාසනාවන්ත සිදුවීමකට ලක්වූ වාසනාවන්ත දැරියට ඉක්මණින් සුවය ලැබේවා! නොමැතිව උපකරණ බහුලව දියුණු රට.. උපතින් ලැබූ හැකියාවන් තම වැඩට.. උත්තම වෛද්‍යවරු කළ මේ සැත්කමට.. පිදුවත් මදී දහසක්වර තුති සැමට... (නි)

:       0       0

ලකී Monday, 14 October 2013 12:37 PM

වෛද්‍යවරු කියන්නේ දෙවිවරු.... (නි)

:       0       0

ලලිත් ප්‍රදීප් Monday, 14 October 2013 11:08 PM

මේ නම් ජාතියේ පිනට පහල වු දරුවෝ

:       0       0

කඩවත හේමසාර හිමි Monday, 14 October 2013 05:35 PM

පින් සිද්ධ වෙන වැඩක් (නි)

:       0       0

සුජිත් Monday, 14 October 2013 06:36 AM

මේ ශල්‍යකර්මයට සම්බන්ධ වූ සියලුම දෙනාට සියලු දෙවියන්ගේ පිහිටයි. බුදු සරණයි (නි)

:       0       0

කුමාර Monday, 14 October 2013 05:38 PM

මේ වගේ ඡායාරූප දරුවෝ ඉන්න අය බලන්නේ කොහොමද? (නි)

:       0       0

ප්‍රී Monday, 14 October 2013 06:48 AM

වෛද්‍යවරුන්ගේ තවත් විශිෂ්ට ක්‍රියාවක්. සැමට ප්‍රණාමය.(නදී)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 14 October 2013 06:51 AM

හාස්කමක් වැනි මේ විශිෂ්ට ශල්‍යයකර්මය කළ ශල්‍ය වෛද්‍ය දීපාල් අත්තනායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ට ජර්මනියේ ශ්‍රී ලාංකියින් වෙනුවෙන් සුභාශිංසන. ලෝකය මවිත කරන අන්දමේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරු ලංකාවේ වරින් වර බිහිවුණා. අප විශ්වාස කරන අන්දමට මෙවැනි දක්ෂකම් ඇති දු පුතුන් බිහිකරන දැයත් උදාරයි රටත් උදාරයි. ඉතින් දිවි පුදා හෝ අපි අපගේ මාතෘ භුමිය රක ගත යුතුයි.(නදී)

:       0       0

හේමාලංකාර හිමි Monday, 14 October 2013 07:09 AM

නොපෙනෙන දෙවිවරුන්ට වඩා මේ දෙවිවරු වන්දනා කරන්න. (නි)

:       0       0

අතපත්තු Monday, 14 October 2013 05:44 PM

ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! චුටි දියණියට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 14 October 2013 01:18 PM

දෙවිවරු වන් වෛද්‍ය කණ්ඩායමට දීර්ගායුෂ පතමි. දරුවාට ඉක්මන් සුවය පතමි. මෙවන් විපත් අන් කිසිවෙකුටත් නොවේවායි පතමි. (නි)

:       0       0

සමරකෝන් Monday, 14 October 2013 01:22 PM

දළදා සමිදු සරණයි! (නි)

:       0       0

නිරාන් Monday, 14 October 2013 07:51 AM

මෙවන් උතුම් මිනිසුන් සිටිනා මගේ රට කොතරම් උතුම්ද? ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

සාලමුල්ල Monday, 14 October 2013 08:07 AM

ලංකා මවගේ සුජාත දරුවෝ (නි)

:       0       0

මිලින්ද Monday, 14 October 2013 08:17 AM

බොහොම පින් වෛද්‍යතුමනි (නි)

:       0       0

සංජීව Tuesday, 15 October 2013 12:33 PM

මේක නම් විශාල පිනක්. දරුවාගේ අනාගතේ බේරුව එක. (ස)

:       0       0

හේරත් මීගමුව. Friday, 18 October 2013 08:32 PM

අපේ කාලේ දෙවිවරු. ඔවුන්ට දිගාසිරි වේවා. දරුවට ඉක්මන් සුවය ලැබේවා(දිල්)

:       0       0

ලක්මිණි වෙදමුල්ල මිලානෝ -ඉතාලිය Saturday, 19 October 2013 11:08 PM

යම්තම් ශළ්‍යකර්මයක් දෙකක් හරියට කලා කියලා කවමදාකමත් වෛද්‍යවරයෙක්ම වුවමනාවට වඩා ඉහළට ඔසවා තබන්න යන්න එපා. මොකද මේ අය අපි හිතනවට වඩා හරිම දරුණුයි. රෝහල් සේවයට වඩා චැනල් ප්‍රැක්ටිස් කරන එක හැම දොස්තරෙකුටම වටිනවා. එකයි මෙයාලා වැඩි ගණන් දීලා බෙහෙත් පිටින් ගන්න නියම කරන්නේ ඇයි ලොකු කොමිස් එකක් ඖෂධ සමාගම්වලින් මෙයාලට ගෙවනවගේ. අද කාලේ වෛද්‍යවරයෙක් කියලා කියන්නේ ඖෂධ සමාගම්වල එක් අලෙවි නියෝජිතයෙක් විතරයි කියන ගානට වැටිලා. (ස)

:       0       0

වසන්ත Monday, 14 October 2013 06:27 PM

ඉතා අගය කළයුතු රාජකාරියක්. ඒ වගේම දෙමාපියන්ගේ නොසැළකිල්ල. දොස්තර මහත්වරු ඇතුළු සියලුම අයට පින්. (නි)

:       0       0

සරත් Monday, 14 October 2013 08:34 AM

දෙවිවරු වන් වෛද්‍ය කණ්ඩායමට දීර්ගායුෂ පතමි. දරුවාට ඉක්මන් සුවය පතමි. මෙවන් විපත් අන් කිසිවෙකුටත් නොවේවායි පතමි. (නි)

:       0       0

බුද්ධි Monday, 14 October 2013 01:47 PM

වෛද්‍යවරු දෙවිවරු වුණත් ඒ අයටත් කළ හැකි සීමාවක් තිබෙනවා. වැදගත්ම දේ දෙමවුපියන් දරුවන් අසීමිතව අරක්ෂා කීරීමයි (නි)

:       0       0

ඉන්දික Monday, 14 October 2013 08:37 AM

වන සිව්පාවන් වැනි වෛද්‍යවරු අතර දෙවි දේවතාවුන් වැනි වෛද්‍යවරු ඇත. මෙයට සම්බන්ද වුණු සියලුම දෙනාටම පින් සිද්ධ වෙනවා. (නි)

:       0       0

ජායති Monday, 14 October 2013 06:29 PM

අපේ කරාපිටියේ වෛද්‍ය පිරිසට සම්බුදු සරණින් දිගාසිරි ලැබේවායි පතමි (නි)

:       0       0

සමීර Monday, 14 October 2013 08:47 AM

දෙවිවරු වගේ වෛද්‍යවරු. ඔබට සැමදා නිදුක් නිරෝගී සුවය පතමු (නි)

:       0       0

මානෙල් Sunday, 13 October 2013 09:14 PM

අපේ කරාපිටියේ වෛද්‍ය පිරිසට සම්බුදු සරණින් දිගාසිරි ලබෙවායි පතමි. කුඩා දෝනිට ඉක්මන් සුවය පතමි.(නදී)

:       0       0

රාහුල්දුරි මාරිමුත් Monday, 14 October 2013 08:51 AM

ඔබලාට ගොඩක් පින් මේ කළ කාර්යය. ජාතියට ඕනෑ මෙවන් අයයි (නි)

:       0       0

අනුරංග Monday, 14 October 2013 08:51 AM

ඉතාමත් හොද වැඩක්. අගය කරන්න ඕනෑ මෙන්න මේ වගේ අයව. ඔබ වගේ අය තව තව මේ රටේ පහළ වෙන්න ඕනෑ (නි)

:       0       0

ප්‍රසන්න ද සිල්වා Monday, 14 October 2013 01:54 PM

පුවත්පත් වල වැඩියෙන් මේ වගේ රටක් වටිනා පුවත් වලට ඉඩ දෙන්න. (ස)

:       0       0

ධනුෂ්ක Monday, 14 October 2013 08:55 AM

කිරි කැටියාව ගළවා දුන් ඔබ සැමට බුදු සරණයි! (නි)

:       0       0

රන්ජනී Sunday, 13 October 2013 09:19 PM

ඔබ මතු බුදු වේවා! (නදී)

:       0       0

රන්දොර එල් කේ Sunday, 13 October 2013 09:21 PM

මෙවන් වෛද්‍යවවරු රටකට වාසනාවන්(නදී)

:       0       0

සෙනරත් Monday, 14 October 2013 06:37 PM

අමිල කාර්යයක් (නි)

:       0       0

බුද්ධික Monday, 14 October 2013 06:39 PM

බුදු සරණයි වෛද්‍යවරුනි ඔබේ දෑතට (නි)

:       0       0

ගජමන් Monday, 14 October 2013 09:05 AM

මෙන්න මිහිපිට දෙවිවරු. නමස්කාර වේවා! ඔබ අපේ සම්පතයි, ඔබ අපේ ජීවයයි, සදා වාසනාවන්! (නි)

:       0       0

මාගරී Monday, 14 October 2013 02:04 PM

උසස් ශල්‍යකර්මයක්.කරාපිටිය කොහොමත් ශල්‍යකර්මවලට ප්‍රසිද්ධයි.ලංකාවේ හැම පළාතකින්ම වගේ බයිපාස් සැත්කම් වලටත් කරාපිටියට එනවනේ. (නි)

:       0       0

ආරියසේන Sunday, 13 October 2013 09:28 PM

ලංකාවේ දොස්තර මහතුන්ගේ තවත් විශ්ව කර්මයක්, ලක් ජනතාවට ආඩම්බරයක් ඔබට ජය, මේ සම්බන්දව අපට පින්තුර වලින් දැක බලා ගැනීමට සැලැස්වීම ගැන ලංකාදීපයට අනේක වාරයක් ස්තුතියි.(නදී)

:       0       0

සංජු Sunday, 13 October 2013 09:30 PM

රටට ආඩම්බරයි ඔබලා වැනි වෛද්‍යවරු සියලු දෙනාටම බුදුසරණයි.(නදී)

:       0       0

නිමල් Monday, 14 October 2013 09:07 AM

මේ කළ කුසල කර්මයට, සද්ක්‍රියාවට පින්දීමට චවන නැත (නි)

:       0       0

අතීක් අමීර් Monday, 14 October 2013 02:07 PM

මගේ සුභ පැතුම් ඩොක්ටර් ශ්‍රේෂ්ඨ වැඩක්... (ස)

:       0       0

තුෂාන්ත Monday, 14 October 2013 02:07 PM

එළ........ (ස)

:       0       0

නිශ්ශංක Sunday, 13 October 2013 09:32 PM

බුදුසරණයි!(නදී)

:       0       0

රකිත් Monday, 14 October 2013 09:10 AM

මෙන්න අපේ වෛද්‍යවරු, ආඩම්බරයි!! ඒ වගේම පිහිය ඉවත් කිරීමට තැත් නොකර වහාම රෝහලට ගෙන යාමට කටයුතු කළ මවද අගය කළ යුතුය. (නි)

:       0       0

මහේෂ් ගමගේ, මාලේ Tuesday, 15 October 2013 02:21 AM

මෙවන් විශ්වකර්ම සැත්කමකින් බිළිදා ගළවාගත් මගේ ආදරණිය වෛද්‍ය දීපාල් අත්තනායක දෙවිතුමාණන් ඇතුළු අනෙකුත් සියලු දෙවි මඩුල්ලට මගේ හද බැදී උණුසුම් සුභ පැතුම්! මෙවන් පිරිස් අප මව්බිමෙහි යළි යළිත් පහළ වේවා ! වෛද්‍යතුමනි, මම ඔබට දීර්ඝායුෂ පතන්නෙමි. (නි)

:       0       0

මහින්ද Monday, 14 October 2013 09:11 AM

ඇත්තටම මෙලොව ඉන්න එකම දෙවිවරු දොස්තරවරුය (නි)

:       0       0

අනුරාධ. Sunday, 13 October 2013 09:36 PM

දැයේ පිනට පහළ වූ ඉසිවරු.ඔබතුමන්ලාට දීව්‍ය සැප ලැබේවා. සසර කෙළවර අමා මහා නිවනින් සැනසේවා! (නදී)

:       0       0

කුමාර Monday, 14 October 2013 09:13 AM

උස්ස වැඩක්.අපේ දොස්තරලා කොච්චර දක්ෂද? ලෝකයේ ඕනෑම දොස්තර කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් අය අපේ රටේ ඉන්නවා.අපිට ඔබ ගැන ගොඩක් ආඩම්බරයි.ඔය පින ඇති හොද ආත්මයක් ලබන්න.සියලු දෙනාට පින්.මේවා පොඩි වැඩ නොවේ. (නි)

:       0       0

නුවන් Sunday, 13 October 2013 09:39 PM

දෙවිවරු වගේ අයත් ඉන්නවා. අගය කල යුතුයි.(නදී)

:       0       0

කපිල Sunday, 13 October 2013 09:40 PM

මේ ඉන්නේ සැබැ දෙවිවරු (නදී)

:       0       0

ගනේගොඩ Sunday, 13 October 2013 09:42 PM

අපේ දක්ෂ වෛද්‍ය වරුනි, ඔබ තුමන්ලා මිහි පිට දෙවි වරුන්ය. මෙවැනි රෝගීන් සුවපත් කිරීමෙන් අසීමිත පින් රැස් කරන්නේය. අපිද ලාංකිකයින් ලෙස ආඩම්බර වෙමු.(දිල්)

:       0       0

අසිත Monday, 14 October 2013 09:21 AM

මෙවැනි ‍වෛද්‍යවරුන් මතු මතු ආත්ම වලත් මේ පිං බලෙන් දෙවිවරුම වෙලා උපදින්න ඕනෑ (නි)

:       0       0

මිහිර Monday, 14 October 2013 09:23 AM

අපේ රටේ සෞඛ්‍යය ක්ෂේත්‍රයට නිසි අයුරින් මුදල් වෙන්කරන්න. එවිට අපේ වෛද්‍යවරු නිසි වැඩ පෙන්වාවි (නි)

:       0       0

අසිත Tuesday, 15 October 2013 01:35 PM

අපි සියලුම දෙනාම සුබ පතනවා අපේ මේ පුංච් දරුපැටියාව බේරගත් අපේ රත්තරන් වෛද්‍යවරු සියලු දෙනාටම. (නි)

:       0       0

කුමාර Sunday, 13 October 2013 09:42 PM

ඔබ වැනි පුතෙක් ලොවට බිහිකළ දෙමව්පියන් මතු බුදු වේවා . එසේම ඔබටද තුනුරුවන් සරණ ලැබී ජීවිතය සාර්ථක වේවා ! මන්ද යත් ඔබ වැනි දොස්තර මහත්වරු ලංකාවේ දුර්ලබය . (දිල්)

:       0       0

සමීර Sunday, 13 October 2013 09:43 PM

මිහිපිට දෙවිවරු මේ (දිල්)

:       0       0

ගුණේ Monday, 14 October 2013 09:23 AM

කියාගන්න වචන නැහැ. දරුවට වෙලා ඇති විපත දුටුවම. පපුව හිරවෙනවා වගේ දැනුනා. චුටි දුවේ, ඔයාට ජේසුගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා! කරාපිටිය රෝහලේ ඒ උතුම් වෛද්‍යවරුන් හට හුගක් ස්තුතියි. ඔබලාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා ! (නි)

:       0       0

මහින්ද Monday, 14 October 2013 09:27 AM

ඔබතුමන්ලාට දළදා සමිදු පිහිට පතනවා (නි)

:       0       0

නිමිල තිවංග Tuesday, 15 October 2013 01:42 PM

දොස්තර මහත්වරුනේ,ගොඩක් පින් ඔබට සහ කාර්යය මණ්ඩලයට (නි)

:       0       0

කේ ඒ ආර් බණ්ඩාර Monday, 14 October 2013 02:24 PM

මෙවැනි සේවයක් වෙන කාට නම් කල හැකිද?? ඔබ මිහිපිට දෙවියන් වැනියි... (ස)

:       0       0

හේරත් Monday, 14 October 2013 02:27 PM

මෙවැනි දොස්තරවරු දෙවිවරු... (ස)

:       0       0

සම් Monday, 14 October 2013 09:40 AM

අපේ කරාපිටියේ වෛද්‍ය පිරිසට සම්බුදු සරණින් දිගාසිරි ලැබේවායි පතමි. කුඩා දෝනිට ඉක්මන් සුවය පතමි. මිහිපිට දෙවිවරු! ඔබ සදා අමරණීයයි! (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 13 October 2013 09:54 PM

අගය කල යුතුයි....වෛද්‍යවරු සියලු දෙනාටම බුදුසරණයි...!!(දිල්)

:       0       0

මංජු Monday, 14 October 2013 09:42 AM

සුපිරි වැඩක්..... (ස)

:       0       0

පද්මිණි Sunday, 13 October 2013 09:57 PM

මගේ දෑතත් වෙව්ලනවා. මේ සැත්කම සාර්ථකව කල මෙතුමාණන්ගේ සිතට , ගතට සියලු විර්යය ලැබේව!!! දෙමව්පියනි, දරුවන් ඇස් දෙක වගේ පරිස්සම් කරන්න.(දිල්)

:       0       0

දුමින්ද බණ්ඩාර Sunday, 13 October 2013 09:59 PM

දෙමාපියන්ගේ පොඩි අතපසුවීමකින් මුළු ජීවිත කාලයම පසුතැවිලිි වෙන්න වුණොත් ඒක ලොකු අපරාධයක්. නොසිතන මොහොතක දරුවො කරගන්න අනතුරුවලින් ඔවුන්ව බේර ගන්න එක දෙමාපියන්වන අපේ වගකීමක්. දෙවිවරු වැනි මෙවන් වෛද්‍යවරු තවත් ලොව බිහිවේවා. (දිල්)

:       0       0

දුෂ්මන්ත Monday, 14 October 2013 09:55 AM

අපේ වෛද්‍යවරු විදේශික අයට වඩා ශක්තිමත් බලවත් කියලා මේකෙන් නිකන්ම ඔප්පු වෙනවා.. පුදුමාකාර ඉවසීමක් මනස වෙහෙසීමක් කරලා මේ චුටි දෝනිගේ ජීවිතය ගලවගත්තා.. බටහිර වෛද්‍යවරුද අපේ වෛද්‍යවරුද අභියෝගවලට හොඳටම මුහුණ දීලා ජය ගන්නේ කියලා මේක හොඳින්ම නිරූපනය වෙනවා.. වෛද්‍යවරුනි ඔබට දීඝායු වේවා.. ඔබේ ඔය සුරතින් සිය දහසක් නොව දෂ ලක්ෂ දසලක්ෂයකගේම ජිවිත ගැලවේවා... ජේසු පිහිටයි....! (ස)

:       0       0

මනෝජ් Monday, 14 October 2013 07:17 PM

අපේ වෙද්‍යවරුන් කොතරම් දක්ෂද? රජයේ වගකීම මේ අය අපේ රටේම තියාගන්න පුළුවන් වැඩපිළිවෙලක් සැකසීමයි.සියලු දෙනාටම බුදු සරණයි! (නි)

:       0       0

උපුල් Sunday, 13 October 2013 10:05 PM

ඔබ සදාකල් වැජබේවා ඔබ ලක් මවට ආඩම්බරයක්.(නදී)

:       0       0

ජනක රුවන් Monday, 21 October 2013 03:12 PM

ඔබ සියලු දෙනාට මම හදවතින්ම සුබ පතනවා,ඔබවැනි මිනිසුන් ළඟ දෙවිවරු යන අරුත කුමකටද?ගොඩක් ආඩම්බරයි.(දිල්)

:       0       0

පෙරේරා Monday, 14 October 2013 10:02 AM

පෙනෙන දෙවියන් ඔබමය. දැරියට ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

සුජීව රණසිංහ Sunday, 13 October 2013 10:11 PM

වෛද්‍යවරු සියලු දෙනාටම බුදුසරණයි. අපිද ලාංකිකයින් ලෙස ආඩම්බර වෙමු(නදී)

:       0       0

ක්‍රිස් Sunday, 13 October 2013 10:15 PM

බොහෝ පින් (නදී)

:       0       0

චමත් Monday, 14 October 2013 02:39 PM

නියමයි දොස්තර මහත්තයෝ! (නි)

:       0       0

චානදි වික් Sunday, 13 October 2013 10:16 PM

මේ ශල්‍යකර්මය කරපු වෛද්‍යවරුන්ට හා හෙදියක්ට තවත් එවැනි හාස් කම් කිරීමට ශක්තිය ධෙර්‍යය ලැබේවා!(නදී)

:       0       0

රූපවතී Sunday, 13 October 2013 10:19 PM

වෙද්‍යවරුනි, ඔබ කල සේවයට තුති කිරීමට මට හෝඩියේ අකුරු මදි තරම්. ඔබලාට සියලු දෙවි පිහිටයි! දරුවාට ඉක්මන් සුවය ලැබේවා ...ලංකාවේ අම්මා වරුනි! තම දරුවන් ගැන මීට වඩා ආරක්ෂා කාරීවෙන්න...? (නදී)

:       0       0

අමිල Monday, 14 October 2013 10:07 AM

වෛද්‍යවරුනි, ඔබලාට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

කපිල - කපුහෙම්පල Monday, 14 October 2013 02:43 PM

බුදු සරණයි දෙදෙනාටම........... (ස)

:       0       0

ලියනගේ Monday, 14 October 2013 10:07 AM

මෙවන් දක්ෂ වෛද්‍යවරුන්ට රජයෙන් දෙන සැළකිල්ල මොකක්ද? මොවුන්ට රට එපා කර විදේශගත වීමට පාර කපන්නේ නැතුව ආරක්ෂා කර ගත යුතුය. ලංකාදීපයට තුති මේ වගේ පුවතකින් රට දැනුවත් කළාට. (නි)

:       0       0

චමින්ද Monday, 14 October 2013 02:43 PM

මේ තමයි මිහිපිට ඉන්න දෙවිවරු.... (ස)

:       0       0

විල්ම Sunday, 13 October 2013 10:23 PM

මෙම වෛද්‍යවරයාට අනිවාර්යයෙන්ම සුබ පැතිය යුතුයි . පොදු මතය කුමක් වුවද වෛද්‍යවරුන් බහුතරයක් ඉතා අගනා සේවයක් නිහඬව සිදුකරන බව දොස්තර මහතුන් දෙදෙනෙකුගේ මවක් වන මම ප්‍රකාශ කරමි (නදී)

:       0       0

නලීන් Monday, 21 October 2013 08:51 AM

ඹබට මේ ලෝක තලයෙ සිටින සියලුම දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා!!! (ස)

:       0       0

ප්‍රභාත් Monday, 14 October 2013 10:14 AM

දෙවිවරුන් (වෛද්‍යවරු) බුදුවේවා! (නි)

:       0       0

ශාන්ති Thursday, 17 October 2013 11:45 PM

අපේ රටේ දොස්තරලගේ අගය දන්නේ ටික දෙනෙක් පමණි (නි)

:       0       0

සමන් Sunday, 13 October 2013 10:26 PM

ඔන්න දෙවියෝ... තමන්ගේ තත්වේ නැති කරගන්න නම් එපා ඔන්න (නදී)

:       0       0

රණේ Monday, 14 October 2013 07:29 PM

සද්කාර්යක් ! මෙවන් වෙදදුරන් සහ වෙද කාර්ය මණ්ඩල ඉතා සාධාරන දේ වෙනුවෙන් පමණක් කරන ඉල්ලීම් වලදීද මහජනතාව මෙසේ සාධාරණව කටයුතු කළයුතුව ඇත. (නි)

:       0       0

අනුර Sunday, 13 October 2013 10:33 PM

මිහිපිට දෙවිවරු තමා මේ ඉන්නේ ..ඔබට බුදුසරණයි (නදී)

:       0       0

නීල් Sunday, 13 October 2013 10:36 PM

දීපාල් අත්තනායක තුමාට බුදුබව අත්වෙන්න ඕනි මේ කිරි කැටියව බේරලා දුන්නට ඔබ සියලු දෙනාට පින්.(නදී)

:       0       0

අශාන් Friday, 18 October 2013 11:13 PM

දොස්තර මහත්තයාට බුදු සරණයි! (නි)

:       0       0

ගජමුතු Sunday, 13 October 2013 10:52 PM

දෙවිවරුනි ඔබ අපි ලගම සිටින බව දැනගන්න ලැබීමත් සතුටකි.(නදී)

:       0       0

සෙනරත් Sunday, 13 October 2013 10:54 PM

මේ කරපු ක්‍රියාවට ඔබට බුදු බව අත්වේවා!(නදී)

:       0       0

බර්නාඩ් Monday, 14 October 2013 07:35 PM

මේ මිහිපිට අපේ දෙවිවරු (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Monday, 14 October 2013 10:28 AM

මෙවැනි දක්ෂ වෛද්‍යවරුන් ඉන්න මේ රටට දක්ෂ ඇමතිවරයෙකුත් සිටිය යුතුයි (නි)

:       0       0

රුවන් Sunday, 13 October 2013 10:57 PM

වෛද්‍යවරුන්ට හා දැරියට දෙවි පිහිටයි ...!(නදී)

:       0       0

රවී අනුරපුර Tuesday, 15 October 2013 02:40 PM

ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා! කළ කාර්යය මිල කළ නොහැකිය (නි)

:       0       0

සමන් Monday, 14 October 2013 10:33 AM

මෙවන් දෙවිවරු මේ මිහිපිට තව තවත් බිහිවේවා! (නි)

:       0       0

ප්‍රෙඩී Monday, 14 October 2013 07:42 PM

දොස්තර මහත්වරුනේ,ගොඩක් පින් ඔබට සහ කාර්යය මණ්ඩලයට. (නි)

:       0       0

සෙලනිකස් Monday, 14 October 2013 10:42 AM

ඉතා උතුම් ක්‍රියාවක්! (නි)

:       0       0

විජේ Monday, 14 October 2013 10:47 AM

වෛද්‍ය පිරිසට සම්බුදු සරණයි! (නි)

:       0       0

අරුණ Monday, 14 October 2013 10:48 AM

මෙවැනි වෛද්‍යවරු අපේ රටට ලොකු ආඩම්බරයක්. ඔබට බුදු සරණයි! (නි)

:       0       0

ඊඩ්න් Monday, 14 October 2013 03:11 PM

දෝණි, නුඹට ඉක්මන් සුවය! අම්මලා මීට වැඩිය ළමයි ගැන හොයන්න. (නි)

:       0       0

පෙටී Sunday, 13 October 2013 11:14 PM

සැමටම පින්...පැටියව ඉක්මනට සුවපත් වේවා...(නදී)

:       0       0

අරුන්-දෝහා Monday, 14 October 2013 10:48 AM

අපි බෞද්ධයෝ. සසර ගමන කෙළවර කරන්න හොදම මග මේ කරන පින්කම් තමයි. රට අතහැර නොගොස් අපේ මේ අහිංසක ලක්වැසියන්ටම සේවය කරන්න. මේ පින ඔබ සියලු දෙනාටම ලැබේවා! (නි)

:       0       0

චතුරිකා Monday, 14 October 2013 03:13 PM

මගේ ස්තුතිය වෛද්‍යවරුන්ට! මම වැලිවේරියේ චතුරිකා (නි)

:       0       0

සමන් Monday, 14 October 2013 03:15 PM

දෝණිට දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා! වෛද්‍ය ඔබ ඉතා උසස් (නි)

:       0       0

අරුණ Monday, 14 October 2013 10:52 AM

මේ කරන පින්කම් ඉක්මනින්ම සසර කෙටිකර ගැනීමට හේතු වාසනා වේවා! රට අතහැර නොගොස් අපේ දුප්පත් ලක්වැසියන්ට සේවය කරන්න සිත් පහළ වේවා! (නි)

:       0       0

සේනක රංගන Monday, 14 October 2013 07:55 PM

දැන් අපේ රටේ සුපිරි වෛද්ද්‍යවරු ඉන්නවා එක අපේ රටට ලොකු ආඩම්බරයක් (නදී)

:       0       0

අසන්ක Monday, 14 October 2013 10:53 AM

දක්ෂ වෛද්‍යවරුන් (නි)

:       0       0

දර්ශා Sunday, 13 October 2013 11:19 PM

ඔබ සියලුම දෙනාට දෙවි පිහිට ලැබේවා! (නි)

:       0       0

සමිත Monday, 14 October 2013 03:18 PM

දෙවිවරු වැනි වෙදවරු... (ස)

:       0       0

ඔෂන්ද Saturday, 19 October 2013 04:57 PM

මෙවැනි දොස්තරවරු රටට වාසනාවක්...සම්මා සම්බුදු සරණයි. (අ)

:       0       0

චන්දි Sunday, 13 October 2013 11:29 PM

ඇත්තටම මුළු ඇගම ගැහෙනවා. ජාති ජාතිත් ණයගැතියි නුඹට. (නි)

:       0       0

පාසල් Sunday, 13 October 2013 11:30 PM

ඔබ සියලු දෙනාටම අල්ලාහ් දෙවි පිහිටයි! (නි)

:       0       0

ගුණදාස Monday, 14 October 2013 10:57 AM

වෛද්‍ය පිරිසට සම්බුදු සරණයි! අපේ වෛද්‍යවරු විදේශික අයට වඩා ශක්තිමත්. ඒ වගේම කරාපිටිය ඔය තත්ත්වයට ගෙනා අපේ ජනාධිපතිතුමාටත් බොහොම පින් (නි)

:       0       0

විජේරත්න බණ්ඩාර Monday, 14 October 2013 10:59 AM

මෙවැනි වෛද්‍යවරු අපේ රටට ලොකු ආඩම්බරයක්. ඔබට බුදු සරණයි! (නි)

:       0       0

උදය Friday, 18 October 2013 01:58 AM

මෙතුමලා ඉන්න නිසා දැන් මුළු දකුණටම ආඩම්බරයක්. දැක්කා මේ වගේ සැත්කම් ගොඩක් කරලා ජීවිත බේරාගන්නවා මෙතුමාගේ අංශයෙන්. අපේ අම්මලා ළමයින් ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න ඉගෙනගන්න ඕනෑ. කොපමණ ළමයින් ගණනක් අනතුරු වලට ලක්වෙනවද අම්මලාගේ අවධානයක් නැතිකම නිසා? (නි)

:       0       0

නීලා Monday, 14 October 2013 11:00 AM

ඇත්තෙන්ම අගය කරනවා ඔබගේ කාර්යය (නි)

:       0       0

අරුණ Sunday, 13 October 2013 11:45 PM

ඔබතුමා ඇතුළු මුළු කාර්ය මණ්ඩලයටම සියලු දෙවි පිහිට සහ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

මහේෂ් Sunday, 13 October 2013 11:48 PM

ගොඩක් අගය කරනවා අපේ වෛද්‍යවරුන්ව (නි)

:       0       0

ප්‍රියන්ක Monday, 14 October 2013 11:10 AM

ලංකාවේ වෛද්‍යවරු දෙවියෝ. (නි)

:       0       0

ගාමිණී Monday, 14 October 2013 11:10 AM

මෙවන් ඍෂිවරුන් වැඩි වැඩියෙන් අප දහම් දිවයිනේ උපදීවා! ඔවුන් හට සම්මා සම්බුදු සරණයි! (නි)

:       0       0

ඇන්ටන් Monday, 14 October 2013 12:10 AM

ඇහැක්,කනක් ,නිකම් බලන්න විතරක් රුපියල් 1000-1500 ගන්න චැනල් බිස්නස් දොස්තරලා ඉන්න ශ්‍රි ලංකාවේ මෙවැනි දොස්තරලා කොයි තරම් උතුම්ද ?(නදී)

:       0       0

අබ්දුල් Monday, 14 October 2013 11:15 AM

වැඩිකල් යාමට ප්‍රථම ලෝකයේ සිටින හොදම දොස්තර සිටින රට බවට ලංකාව පත්වෙනු ඇත (නි)

:       0       0

රසිකා Wednesday, 23 October 2013 01:19 PM

ඇයි නොපෙනෙන දෙවියන්ට අපි වඳින්නේ? මෙන්න නියම දෙවිවරු (නි)

:       0       0

ගයාන් Monday, 14 October 2013 03:42 PM

අපේ රටේ මිනිස්සු නම් හරිම පුදුමයි.අපේ රටේ ගොඩක් දොස්තරලා තමන්ගේ යුතුකම හරියටම කරනවා.දිනයකට ජීවිත් දහස් ගණනක් බේරා ගන්නවා. මැරෙන්න යන ලෙඩ්ඩු ගළවා ගන්නවා. ඒත් ඒවා වාර්තා වෙන්නේ අඩුවෙන්. වාර්තා වෙන්නේ එහෙමත් එකක් පමණයි. ඒත් මේ වෛද්‍යවරු අතරේ හදිසියෙන් කෙනෙක් වැරැද්දක් කළ විට එය ප්‍රසිද්ධ වෙනවා. ඒක වැරදියි නේද? දැන්වත් අලුතින් හිතන්න. (නි)

:       0       0

රන්ජනී Monday, 14 October 2013 12:51 AM

මා මුලින්ම දැම්මේ 'ඔබ බුදු වේවා' කියල දැකපු ගමන්ම මගේ, හිතත්,ගතත් වෙව්ලන්න ගත්ත මේ වගේ විශ්ව කර්මයක් කොහොම කරාද කියා මේ හැමෝටම නිවන් මගට මේ පිනම හේතු වේවා! එංගලන්තේ අවරුදු විස්සක් හිටියත් මේ වගේ දෙයක් නම් ඇහුවේ නැහැ. අපේ මව් රට ගැන දොස්තර මහත්වරු ගැන අපි ආඩම්බර වෙනවා.(නදී)

:       0       0

අජන්ත Monday, 14 October 2013 03:43 PM

මෙවැනි දොස්තර දරුවන් බිහිකර දුන් දෙමවුපියන්ට පින් (නි)

:       0       0

සැමි Monday, 14 October 2013 11:29 AM

මෙවන් දෙවිවරුන්ට දෑත් එක්කොට වැන්දාට කම් නැත. (නි)

:       0       0

කුමාරි Monday, 14 October 2013 03:44 PM

මේ දරුවාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

රේනුකා Monday, 14 October 2013 01:10 AM

මිහිපිට දෙවිවරු ....ඔබ වන් දරුවන් මේ ලොවට ගෙනා දෙමාපියන් ටත් සත්‍ය අවබෝධ වී නිවන් දකින්න ඕන ඒ චුටි දුව ව සුවපත් වේවා බුදුසරණයි.(නදී)

:       0       0

චන්ද්‍රා වීරසිහ Monday, 14 October 2013 01:16 AM

ශ්‍රී ලංකාවේ වෛද්‍ය වරුනට නව සීලන්තයෙන් ප්‍රණාමය!!!දිවි රැකුමට ශුර වෙදවරුනුත් දැය රැකුමට රණ විරුවනුත් බිහිකළ ලක් මව අප වන්දනා කරමු නව සීලන්ත ශ්‍රී ලාංකිකයෝ (නදී)

:       0       0

කටා මාමා Monday, 14 October 2013 01:21 AM

ඉතා උසස් වැඩක් (නි)

:       0       0

විජේ Monday, 14 October 2013 11:36 AM

දොස්තර තුමා ඇතුළු සහය දක්වපු සියලුම දෙනාට පින්සිදු වේවා මුදලට නොව මනුෂ්‍යත්වය අගයන ඇහැට පෙනෙන දෙවිවරුත් ඉන්නෙක ගැන ආඩම්බරයක් . (දිල්)

:       0       0

හේමන්ත Monday, 14 October 2013 03:55 PM

හැමෝම මෙතන කියන්නේ දෙවිවරු වගේ වෛද්‍යවරු කියලා. අනේ ඇයි උතුම් මනුෂ්‍ය ධර්ම ඇති ජන හිතකාමී වෛද්‍යවරු නොකියා නොදන්නා දේව ගුණ ගැන කතා කරන්නේ? අපි දන්නා සමහර දෙවිවරු බිලි පුජා ගන්නවා. තමන්ගේ දර්ශනය විතරක් හරි, අනික් ඒවා වැරදියි කියා එම දෙවිවරු වෙනුවෙන් සමහර අය මරා ගන්නවා. ඔය කියන එක දෙවිකෙනෙක් අපිට හෙම්බිරිස්සාවක්වත් හොද කරලා දෙනවද? ඉතින් මේ උතුම් මනුෂ්‍ය පුත්‍රයන් දෙවිවරු වගේ කියන්නේ කොහොමද? (නි)

:       0       0

චමත් ඉතාලිය Monday, 14 October 2013 01:35 AM

ඔබ සියලු දෙනාටම බුදුසරණ පතමි. චුටි දුවට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

සශිමාල් Monday, 14 October 2013 03:57 PM

දොස්තර මහතාට ජය සිරි. දියණියට බුදු සරණයි!!! (ස)

:       0       0

බුද්ධික Monday, 14 October 2013 01:46 AM

ඔබතුමන්ලව හදා වඩා උගන්වපු දෙමවිපියන්ටයි, ගුරුවරුන්ටයි මේ කළ පිනෙන් සතුට සැනසුම.(නදී)

:       0       0

ලක්මල් Monday, 14 October 2013 01:49 AM

මේ වෛද්‍යවරුන්ට සුභ පැතුම්.(නදී)

:       0       0

ධම්මිකා හේරත් Wednesday, 23 October 2013 01:45 PM

මේ අම්මා පිහිය ඇසේ තිබිය දී දරුවා රෝහලට ගෙන යන්න තරම් ශක්තිමත් වීම පුදුමයට කරුණක්. මට ඔය වගේ දෙයක් වුනා නම් දරුවාට කලින් මම මියැ දී අවසන්. මේ අහිංසක දරුවා බේරා දුන් රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට මම හදවතින්ම පිං දෙමි. වෛද්‍යවරුනි, ජීවිතයත් මරණයත් අතර සටන් කරන අහිංසක ජීවිත වලට බිඳුවක් හෝ ජීවත් වෙන්න ඉඩක් සලසන ඔබ වැනි මිනිසුන් මේ ලෝකයට පහලවන තවත් දෙවිවරු පිරිසකි. ඔබලාට දීර්ඝායුෂ පතමි. (ස)

:       0       0

මේනක Monday, 14 October 2013 11:51 AM

මේ ශල්‍යකර්මය කරපු වෛද්‍යවරුන්ට, හෙදියක්ට හා අනෙකුත් කාර්යය මණ්ඩල සාමාජිකයින්ට තවත් එවැනි හාස් කම් කිරීමට ශක්තිය ධෙර්‍යය ලැබේවා! පිං ලැබේවා!(දිල්)

:       0       0

නානි Wednesday, 16 October 2013 12:58 PM

මේ තමයි අපිට මිහිපිට ඉන්න දෙවිවරු... (ස)

:       0       0

රංජන් Monday, 14 October 2013 11:57 AM

ආඩම්බරයි!! ඇත්තෙන්ම අගය කරනවා ඔබගේ කාර්යය.....(දිල්)

:       0       0

රාමා Monday, 14 October 2013 02:16 AM

සැබෑ දක්ෂයෙක් ඔබ. සැමට සුබ අනාගතයක්! (නි)

:       0       0

නිලූ විදානගේ අරාබිය Monday, 14 October 2013 02:17 AM

වෛද්‍යවරුන්ට මගේ ප්‍රණාමය සහ සිගිති දියණියට ඉක්මන් සුව! (නි)

:       0       0

චන්දිමා Monday, 14 October 2013 12:02 PM

මේ උතුම් සත්කාරය වෛද්‍යවරුන්ට සුභ පැතුම් (දිල්)

:       0       0

අනුෂා Monday, 14 October 2013 12:03 PM

මේ ශල්‍යකර්මය කළ වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට දෙවි පිහිටයි.චුටි දුවට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

චමිදු Monday, 14 October 2013 12:03 PM

මෙලොව ඉන්න දෙවියෝ තමා වෛද්‍යවරු කියන්නේ.චුටි බබෝ, ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

පීටර් Monday, 14 October 2013 12:04 PM

කොතරම් ආඩම්බරයක්ද ශ්‍රී ලංකික අපට? මෙවන් ප්‍රවෘත්ති ලබාදෙන ලංකාදීපයට අපගේ ගෞරවය! (නි)

:       0       0

දයාලතා Monday, 14 October 2013 12:06 PM

මේ වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

දුරන්ග් Monday, 14 October 2013 04:40 PM

කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ ඉතාමත්ම විරල ගනයේ හදිසි අනතුරක්. විදේශීය වෛද්‍යවරු කොටසක් ප්‍රායෝගික දැනුමෙන් ඉහලයි. තව කොටසක් න්‍යායික දැනුමෙන් ඉහලයි. ලංකාවේ වෛද්‍ය ප්‍රජාව ප්‍රායෝගික දැනුමෙන් මෙන්ම න්‍යායික දැනුමෙන් ද විශිෂ්ටයි. දරුවා සහ දොස්තර මහතුන්ලා පිරිවරට දීර්ඝම ආයු ඇත්තෝම වේවා!!!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2710 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2352 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2928 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5850 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1970 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6658 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18599 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site