හෝමාගම කිරිවත්තුඩුව විජයවර්ධන මහා විද්‍යාලයයේ දහ වැනි වසරේ සිසුවෙක් පාසලේදී පහර කෑමට ලක්ව හෝමාගම රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.
තවත් සිසුවකු තමා තල්ලු කළ අවස්ථාවේ එහි පැමිණී විදුහල්පති අතින් පයින් ද වැටමාර පොල්ලකින් ද පහරදුන් බව සිසුවාගේ මව පොලීසියට පැමිණිලි කැර ඇත.
විදුහල්පති එම් ඩී එස් පුෂ්පකුමාර මහතා පැවසුයේ මෙය කුමන්ත්‍රණයක් බවයි.
කිසිම ශිෂ්‍යයකුට පහර නොදුන් බවත් සිසුන් කෑ කෝ ගසද්දී වැටමාර කෝටුවක් කඩා බිමට ගැසු බවත් විදුහල්පති කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කරන සර්ලටත් එතකොට ගහන්න ඕනෑද? ළමුන්ට ගහන්න බැහැ නේද කාටවත්. පොඩි ළමුන්ගේ වැරදි හදන විධි තියෙනවා. එයාලා ළමයි බව අමතක කරන්න එපා. (නි)
පොළවට ගැහුවහම දරුවට තුවාල වෙයිද?ගුරුවරියන්ටත් දඩුවම් කරනවද දන්නෙ නැහැ. පාසලට දෙවි පිහිට තමා. (නි)
මට මතකයි මම පාසල් ගියේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතාම දුෂ්කර පාසලකට. අපේ ඉංග්‍රීසි මහත්තයා අවිස්සාවේල්ලේ ඉදලා 4 ශ්‍රී මෝටර් බයිසිකලයෙන් එන්නේ. මම අද කැනඩාවේ හොදම රැකියාවක් කරන්නේ. ඒ පාසල් වත්තේ වැට මාර වැටට පින්සිදු වෙන්න (නි)
අද අපි රජවරු වගේ හොදම රැකියාවල් කරගෙන ඉන්නේ එදා අපිට ඉගැන්වූ ගුරුවර ගුරුවරියන් නිසයි. මම ඉන්නේ කැනඩාවේ. අවුරුදු 2 -3 වරක් ලංකාවට ආපුවම දැනට ජීවතුන් අතර ඉන්න ඒ දෙවිවරු දේවතාවියෝ බලන්න බුලත් අතක් අරගෙන යන්නේ . අනේ මම දන්නේ නැහැ දැන් ඉන්න ළමයින්නේ අම්මලා තාත්තලා එදා පාසල් නොගිය අයද කියලා (නි)
ඔව් නිශාදි, ඔයා හරි. ළමයින්ට ජංගම දුරකතන පාසලට ගෙනෙන්න, ජෙල් ඔලුවේ ගාගෙන කොන්ඩය නොකපා එන්න, ඕනෑ ඇදුමක් ඇදගෙන එන්න අවස්ථාව දෙන්න ඕනෑ. එහෙම නේද? (නි)
ළමයන්ට ළමයි විදියට සලකන්න අද ගුරුවරු දන්නේ නැහැ. (ස)
කුමාරසිරි, ඔබ හරියටම අවශ්‍ය දේ කියා තිබෙනවා. (ස)
අද සමහර ආචාර්යවරුන් හැසිරෙන්නේ උන්මත්තකයින් වගේ. තමන්ගේ ළමයින්ටත් දඩුවම් කරන්නේ මෙහෙමද දන්නේ නැහැ. (නි)
විදුහල්පතිවරු හමුදා පුහුණුවකට යනවා කියලා මම දන්නේ නැහැනේ. මේ අදහස් වලින් තමා දැන ගත්තේ මීට ඉස්සරවෙලා දැනගන්න ලැබුණා නම් ඔය ක්‍රමය නිර්මාණය කරපු කෙනාගේ ගෙදර ගිහිල්ලා මුණ බලලා එන්න තිබුනා. (ස)
මට කවුරුවත් ගැහුවේ නැහැ. මමම ගහගත්තා. මේ විදුහල්පතිතුමාටත් අර වගේ ආචාර්ය උපාධියක් දෙමු නේද. (නි)
ඉස්සර විදුහල්පතිතුමා අතේ නිතරම ලොකු මහත වේවැලක් තුබුනා .දැක්කත් බයයි. හැබැයි එතුමා දඩුවම් දෙන්නේ බොහොම කලාතුරකින්. (නි)
මාර වැඩක්නේ... දැන් ළමයකුට දඩුවමක් කරන්න බැහැනේ, පොලිසි යනවා.අපි ගුටි කාපු විදිහට ගුරුවරු එල්ලුම් ගස් යවන්න ඕනෑ.අද අපි සමාජයේ පිළිගත්, කොන්දක් ඇතුව ජීවත් වෙන්නේ ඒ මිනිස්සුන්ට පින්සිදු වෙන්නයි. (නි)
විදුහල්පතිලාට සදාචාර පද්ධතියක් හදන්න ඔය හමුදා පුහුණු වලට දාන්නෙ නැතුව (නි)
මොකක්ද මේ කියන්නේ? වැට මාර පොලු වලින් ගහන්න බැහැ. ළමයින්ගේ පෞරුෂය වැටෙනවා. පොලුවලින් ගුටි කෑවේ ඒ කාලේ අපි. (නි)
දැන් කාලේ ඉතින් රට පුරාම කුමන්ත්‍රණ තමා (නි)
විදුහල්පති වරයකුට දඩුවම් දෙන්න බලයක් තිබිය යුතුයි.නැත්නම් ළමයි කොහොමවත් හැදෙන්නේ නැහැ.කිසිම පාසලක විදුහල්පතිවරයකු නිකරුනේ ගහන්නේ නැහැ. අයුතු විදියට පහර දෙන්නේ ඉතාම කලාතුරකින් (නි)
මේවා මොනවද අපේ පන්තියේ සෙට් එකට?මටත් ඇතුළුව අපේ විද්‍යා සර් ගැහුවේ ඒ කාලේ බ්රුස්ලී වගේ.හැබැයි අපිට නම් රෝහලට යන්න වුණේ නැහැ. අපි ගොඩක් කැම්පස් ගියා .සර් ගැහුවේ අපිව හදන්න (නි)
මේ විදුහල්පතිත් හමුදා පුහුණුවට යන්න ඇති. (නි)