අතුරුගිරියේ පදිංචිව සිටි 14 හැවිරිදි සිය එකම දරුවා සිකුරාදා (13) සිට පැහැරගෙන ඇතැයි අතුරුගිරිය පොලීසීයට ලැබුණු පැමිණිල්ලක් මත දරුවා සෙවීමේදී සෙනසුරාදා (14) රාත්‍රී 12 ට පමණ අතුරුගිරිය නගරයේ සිටියදීම ඔහු සොයා ගත් බව පොලීසිය කියයි.
දරුවාගේ මවගේ හා පියාගේ පැමිණිල්ල මත පියාගේ සහෝදරයකු හා දරුවාගේ මිතුරකු පොලීසිය එදින අත් අඩංගුවට ගනු ලැබීය.
නමුත් දරුවා හමු වු පසු ප්‍රශ්න කිරීම් වලදී කියා ඇත්තේ තමා කිසිවකුත් පැහැර නොගත් බවත් රුපියල් තුන්දහසක් ද රැගෙන නිවසින් පිටවී මාතර ගොස් නැවත පැමිණි බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ව මීට වැඩිය හොදට බලා ගන්න ඕනි නැත්තන් අහක ඉන්න මිනිස්සු අමාරුවේ වැටෙනවා (දිල්)
සැක කරපු මනුස්සය නිවැරදි නිසා දැන් ළමයාගේ පවුලේ අයට මොනවා හිතෙනවා ඇද්ද ?(දිල්)
මේ වගේ ළමයෙක්ට රැකවරණය දිය යුතුමයි. අවුරුදු 14 කියලා නොසැලකිල්ලෙන් හිටියොත් ඔහොම වෙනවා.(නදී)
යක්ෂ ළමයෙක් , හැමෝම අමාරුවේ.(නදී)
අකීකරු දරුවෙක් , යන තැනක් දෙමාපියන්ට කියල ගියානම් ඔය මොකුත් නැහැනේ (දිල්)
ළමයින් විවිද වැරදි-අපචාර වලට යොමු වෙන්නේ දෙමාපියන්ගේ වරදින්. මේ බව තදින්ම හිතට ගන්නේ නැතිව පාසල් වලටත් ආණ්ඩු වලටත් බැනලා වැඩක් නැති බව සිහි තබා ගන්න. (නදී)