කොළඹ අප් ටවුන් රෝටරැක්ට් සමාජය මහරගම පිළිකා රෝහලේ රෝගීන්ට බෙහෙත් ආදීය සපයා දීමට අරමුදල් පරිත්‍යාග සදහා දෙසැම්බර් 8 වැනිදා පේදුරුතුඩුවේ සිට කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා (කිලෝමීටර් 390ක) සයිකල් හා ධාවන චාරිකාව ඇරැඹීමට යයි.
දෙවසරකට පෙර පිළිකාවකින් තම පියා අහිමි වු රගර් ක්‍රීඩක තිවංක බුලන්කුලම මහතා ද මෙම චාරිකාවට එක් වීමට නියමිතය.
වාර්ෂිකව පවත්වන මෙම චාරිකාවෙන් 2010 දී රුපියල් හාරලක්ෂයකට ආසන්න පරිත්‍යාග ලැබුණු බවද 375 දෙනකු ඒ ගමනට එක් වු බවද 2012 චාරිකාවට 1600 දෙනකු සහභාගී වී රුපියල් දහතුන්ලක්ෂයකට අධික මුදලක් එකතු කැර රුපියල් ලක්ෂ 14 ක බෙහෙත් පිළිකා රෝහලට පරිත්‍යාග කළ බවද සංවිධානයේ සම සභාපතිවරුන් වන නරේන්ද්‍ර සේනාරත්න (077-7554489) හා තිලිණ ද සිල්වා (077-7451505 ) මහත්වරු කියති.
පිළිකා රෝහලේ ජ්‍යෙෂ්ඨ උපදේශක විශේෂඥ වෛද්‍ය දොස්තර ජයන්ත බලවර්ධන පණිවිඩයක් නිකුත් කරමින් පිළිකා රෝහලේ අඩුපාඩු සපුරා දීම සදහා රෝටරැක්ට් සමාජයට ගන්නා විශිෂ්ට මෙහෙවරට උදව් උපකාර කරන්නැයි සියලු සංවිධාන දානපතියන් හා ලෙන්ගතු හදවත් ඇති සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරයි.
කොළඹ අප් ටවුන් රෝටරැක්ට් ක්ලබ් නමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අංක 025100003703 දරණ ගිණුමට පරිත්‍යාග බැර කළ හැකි බව සංවිධායකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් වටිනා පින්කමක් කරගන්නෙ මගේ සහෝදරයනි... ඔබලාට යහපතක්ම වේවා. (ස)
පිලිකා රෝහල හදවත දවාලන තැනක්. ඒ අයට හැකි පමණ උදව් පදව් කරන්න ඕනේ.(නදී)
මහගු පින්කමක්. අපි මෙයට හැකි පමනින් දායක වෙමු.(නදී)