පිළිකා රෝගියකු සඳහා බෙහෙත් වියදම ලෙස රුපියල් ලක්ෂ පහළවක් දක්වා විදයම් කරීමට මීට පෙර තිබූ සම්ප්රදාය ඉවත් කරමින් පිළිකා රෝගියකුගේ බෙහෙත් සඳහා වැය වන ඕනෑම මුදලක් ලබා දෙන ලෙස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද සෞඛ්‍ය ලේකම්ට සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්ට නියෝග කළේය.
මෙතරම් කාලයක් පිළිකා රෝගියකු සඳහා රජයෙන් විදයම් කළ උපරිම මුදල ලක්ෂ 15කි.
රෝගියකු දවසක් හෝ ජීවත් කර වීමට සැලැස්වීම වැදගත් කාර්යයක් සේ සලකා රෝගියකුට වියදම් කරන මුදල් සීමාව ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු එකතුවෙලා පෙට් යන්ත්‍රය අරන් දුන්නාට පස්සේ ලැජ්ජා ඇති. මෙතුවක්කල් කරපු නැති දේවල් පිළිකා රෝහල වෙනුවෙන් විතරක් කරන්නේ ඒකනේ, නේද? අපි එච්චර මෝඩ නැහැ. අනිත් රෝගීන්ටත් එහෙනම් ප්‍රතිකාර වගේම බෙහෙත් ටිකත් නොමිලයේම දෙමුකෝ. (නි)
පිළිකා රෝගීන් විකුණගෙන කන අයට දැන් හුළං තමයි (නි)
පැරිස් වල සමහරු පිළිකා රෝගීනට ආධාර කියලා සංදර්ශන කරන මුවාවෙන් කරන සමහර සෙල්ලම් නතරවේවි (නි)
දැන් පිළිකා රෝගීන් ඇපයට ගෙන කරන මුදල් ගැරීම් නතරවේවි (නි)
ජනතාවාදී රජයකින් ලැබෙන සහන මේවා තමයි (නි)
අපි මේ වගේ කවදාවත් නොකෙරෙන බයිලා අහමින් අත්පුඩි ගහනවා. මැති ඇමැතින් රටේ සල්ලි වලින් සුරසැප විඳිනවා. අන්තිමට රටේ මිනිස්සුම මුදල් එකතු කරලා පෙට් ස්කෑනර් මිලට ගෙන රෝහලට දෙනවා. ඊටපස්සේ ඇමතිලා ලැජ්ජාව වහගන්න අරක දෙන්නම් මේක දෙන්නම් කියා කතා පවත්වනවා. (නි)
ඒ අදහස හොඳ දෙයක්. මෙම රෝගයෙන් මියයන පිරිස ඉතා වැඩියි. ස්ථිර ප්‍රතිකාර ක්‍රමයක් හොයනවා නම් ඊටත් වඩා හොඳයි. (බ)
ඔබතුමා බෙහෙත් ගන්න සිංගප්පුරු ගිය එකට මම තරහෙන් හිටියේ. (බ)
අගය කළයුතුයි. හැබැයි රජය මෙතනදි බුද්ධිමත් වියයුතුයි. බලය උපයෝගී කරගෙන දැන දැනම රටට විෂ කෑම/පොහොර/බෙහෙත් ගෙන්වන එකයි නැවැත්විය යුත්තේ. (නි)
එමෙන්ම දියවන්නා වියදම්ද සීමාකිරීම ඉවතට කියලා තවත් ප්‍රවෘත්තියකුත් එයිද දන්නෙ නැහැ (නි)
දේශපාලඥයෝ රටේ සල්ලි හොරකම් නොකර ඉන්නවා නම්,ඔයතරම් බෙරිහන් දෙන්න දෙයක් නැහැ (නි)
අගය කළයුතු දේ අගය කළයුතුයි. රටෙත් ජනතාවගේත් අභිවෘද්ධිය තකා ගනු ලබන තීරණ තව කොපමණ තිබේද? ජය වේවා! (නි)
හරිම සතුටුයි (නි)
ලොකු පිනක්. ප්‍රභූලා නම් හෙම්බිරිස්සාවටත් යන්නේ පිටරට, ජනතා මුදලින් (නි)
මේ තීරණය ඉහළින්ම අගයකරනවා (නි)
දම්මි, කතා අනවශ්‍යයි. කවුරුන් හෝ කරන යහපත් දේ අගයකිරීමට පුරුදුවෙන්න (නි)
ඔබතුමාට බොහොම පින් ලැබෙනවා (නි)
ඔබට පිං ඇමතිතුමනි! (නි)
දවසක් හරි වැඩියෙන් ජීවත්වෙන්න කවුද අකමැති? (නි)
එතකොට අර කෙනෙකුට පාදයේ සැත්කමකට මිලියන 200 ක් දුන්න කතාවට මොකද වෙන්නේ? (නි)
ලෙඩවෙන්නම ඕනෑ ලෙඩුන්ගේ දුක තේරෙන්න (නි)
පිටරටවල පිළිකා රෝගීන් විකුණාගෙන කන පිරිස් වලට මරු පහරක්. ඇමතිතුමාට පිං! (නි)
ඇමතිතුමනි, ලොකු පිනක් (නි)
එහෙනම් පිළිකා රෝගීන්ට කියලා සල්ලි හොයන ජාවාරම නතර වේවි (නි)
හාට් ඇටෑක් හැදුනට පස්සෙවත් මතක්වුන එක හොදයි (බ)
විශිෂ්ටයි! (බ)