මොරගහහේන පොල්ගහ හේනේ අද රාත්‍රී 8. 30 පමණ සිදු වූ වෙඩි තැබීමකින් මුදල් පොළියට දෙන්නෙකු බව කියන එම්. ඩී. සුසන්ත ප්‍රේමකුමාර සහ ඔහුගේ සිව් හැවිරිදි දියණිය මිය ගිය බව මොරගහහේන පොලිසිය කියයි
ප්‍රේමකුමාර මහතාගේ බිරිඳ මෙහිදි සුඵ තුවාල ලැබීය.
මොවුන් තිදෙනා යතුරු පැදියෙන් සිය නිවස බලා එද්දී යතුරු පැදියකින් පැමිණි ඝාතකයා වෙඩි තබා පලා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉම්රාන් හරි මේවා අහන්න ලැබීමත් පවක්. සල්ලි වෙනුවෙන් කිරිදරුවෙක් බිලිගත්තා පව්කාරයෝ...(ස)
හද කම්පාවන සිද්ධියක් මිනිස්සුන්ගේ හිතට මෙවැනි දෙයක් තමන්ට උනොත් දරාගන්නේ කොහෝමද (අ)
මෙහෙමත් රටක්
අළු ගෝසුවනේ, එල්ලාපන්.... (නි)
එල්ලුම් ගහ ගැන පෙරේරා දක්වපු අදහස ඉතාම හොදයි. (නි)
"මට නං ඔය මොනවත් මතක නැහැ" කියලා කිවුවහම ඕනෙ කේස් එකක් නිකම්ම ෂේප්. (නි)
මෙවන් දේවල් නැති කරන්න ඕනේ ලංකාවෙන්
අපේ රටේ නීති තියෙනවා. ඒත් ක්‍රියාත්මක නොවෙන එකනේ ප්‍රශ්නේ. (නි)
මේ වගේ ප්‍රවෘත්ති අසන්නට නොලැබෙන්නේ කවදාද එදිනට රටට කිරි උතුරනු ඇත. අපේ රටට සුනාමි එන්නේ මෙහෙම මිනිසුන් සිටින නිසයි. (නි)
රංජිත් මහත්තයෝ, ඔයා ඔය කියන දේ සත්‍යද? මොකද හැම කෙනෙක්ම පොලියට ගන්නේ නැහැ.. දෙනවා කිව්වට නොගෙන හිටියනම් හරිනෙ.. එතකොට පොලී දෙන්නෙත් නැහැ.. ඔයා තියන්නෙ මිනිස්සුන්ට නිකං සල්ලි දෙන්න කියලාද? ඔයා කීයක් හරි දීලා බලන්න හම්බවෙයිද කියලා.. දෙන සල්ලි ගන්න අමාරුයි...!!(නු)
මේ අපරාද නවත්තන්න නම් කිසිම කෙනෙකුට කිසිම ආයුධයක් ලගතබා ගැනීම තහනම් කරන්න ඕනේ . ඒ වගේම පොලිසිය හමුදාව ලවා ගෙයින් ගෙට ගොස් සෝදිසි කරන්න ඕන . අඩුම ගානේ පිහියක් කැත්තක් චත් පාරකවත් ගෙනියන්ට තහනම් කරන්න ඕනෙ . ඒ වගේම වැරදි කරන අයට දැඩි දඩුවම් දෙන්න ඕනෙ. පක්‍ෂ භේධ නොබලා සැම කෙනාටම කරන එක වගේ සලකන්න ඕනේ . ත්‍රිවිද හමුදාවට හැර කිසිම ඇමති වරයෙකුටවවත් කිඝිම ආයුධයක් දෙන්න හොද නැහෑ . විශේෂයන්ම පාතාලය මඩින්න හමුදාවට පවරන්න ඕනෙ . මේ දේවල් හරි විදියට කලොත් මේ අපරාධවල් නවත්වන්න එච්චර අපහසු නැහැ .ඇත්තම කියනවානම් අපේ ත්‍රිවිද හමුදාවට නිසි බලය දෙනවානම් මේ දේවල් නවත්වන්න එක සතියක් ඇති . නමුත් කරන්නේ නැහැ . (ස)
එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කළ යුතුයි. ඒත් ඉතිං කාට කියන්නද? (නි)
රංජිත්, කිසිම කෙනෙක් බලෙන් සල්ලි දෙන්නේ නැහැ.. කිසිම කරදයක් නැහැ එකගවූ දිනයට මුදල ගෙව්වානම්.. ණයට ගන්නා විට එය තමාට ගෙවීමට හැකිද? නැද්ද කියලා හිතලා බලන්න ඕන..!!(නු)
මිනී මරුවනේ, තොපිලා හිතනවද මිනී මැරුවට පස්සේ තොපිලට සැනසීමක් තියෙයි කියලා ? තොපිලා ලබන ආත්මේ වන මෘගයෝ වෙලයි ඉපදෙන්නේ. මේ අපරාධ දැක දැක නිකන් බලන් ඉන්න අයටත් මේ ශාපය වදිනවා. අර දරුවට කරපු අපරාධයට තොපිට ආත්ම 100කටවත් තාත්තෙක් වෙන්න ලැබෙන්නේ නැතිවෙයි. (නි)
අහිංසක දරුවන් මරණ, ගැහැණුන් දූෂණය කරන මිනීමරුවන්ට එල්ලුම් ගහට යවන්න කියලයි මගේ මතය...!!(නු)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. අනිසි ලෙස සාපරාධී ලෙස මුදල් උපයන්නන් සමාජයට අවි ගන්නෙකුට වඩා වින කටියි. (නි)
ලංකාව ලෝකෙන්ම සාමකාමීම රටයි. (නි)
රජකාලෙ දඞුවම් දෙන්න. (නි)
ජිවිතේ හැටි ඔහොම තමයි
අනේ අපේ රටට ගිය කලක්..(ස)
රංජිත්, මෝඩයෙක් වගේ කතාකරන්න එපා. පොළියට දෙන එක වැරදියි නම් ලෝකෙම තියන බැංකු වලට සම්බන්ධ අයට මේ වගේ විපත් වලට මුහුණ දෙන්න වෙයි. බිස්නස් කරන හැමෝම කරන්නෙ ලාබයක් තියාගෙන. පොළියට දෙන එකත් ඒ වගෙ තමා. (නි)
රටේ පවතින නීතියවත් හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේවා පාලනය වෙනවා. (නි)
පහුවදා වෙනකොට මරලාත් ඉවරකරන්න තරම් , පැය විසිහතර පුරාම ක්‍රියාත්මක අධිකරණයක් තියෙන 'වෙන රට' කුමක්ද කියා කරුණාකර දන්වන්න. (නි)
බුදුන් තුන් වරක් වැඩි ශ්‍රී ලංකාද්වීපය? (නි)
අනේ අපොයි! දැන් මිනිස්සුන්ට මිනීමරන එක සාමාන්‍ය දෙයක් වෙලා. (නි)
අනේ මන්දා අපේ මිනිස්සු කියලා තියන දේවල් දැක්කහම මට හිතාගන්න බැහැ මොකක්ද මේ වෙන්නේ කියලා? (නි)
මම නම් පොලියට සල්ලි දෙන එක වැරදි දෙයක් විදියට දකින්නෙ නැහැ. ඒක ඒ මිනිස්සුන්ගේ රස්සාව. පොලියක් අය කරන වග දැනගෙනනෙ ගන්න අය මුදල් ගන්නේ. වෙලාවට සල්ලි ටික බේරනවා නම් කිසි කරදරයක් නැහැනේ. (නි)
පාලකයන් රටේ නීතිය අපරාධකරුවන්ට බාර දීලා. මහනාහිමිවරු හුග දෙනෙක් බෙන්ස් වලින් නිවන් යන්න දගලනවා. ඉතිං එහෙවු රටේ මේවා සාමාන්‍ය දේවල්. (නි)
නීතිය ශක්තිමත් නැති ඵක හින්දයි මේ. (නි)
මෙහෙමත් රටක්
ළමයා නම් අපරාදේ. නමුත් මේ අය සල්ලි දෙන්නේ ගිනි පොළියට. 20%ක් මාසයට. ඔහොම වෙලා මදි. මිනිස්සු අමාරුවෙන් දාඩිය මහන්සියෙන් උපයන සල්ලි ගෙවන්න පරක්කු වුණහම ඔය අය එන්නේ පුදුම පාර්ට් දාගෙන. ඔහොම වෙන්න ඕනේ. තව ඉන්න උන් ටිකත් මරන්නම තමයි තියන්නේ. මෙයාලට හෙණම ගහන්ට ඕනෑ. (නි)
ශ්‍රීසර, දන්නවාද? බැංකුවෙන් ණයක් ගත්තොත් වසරකටම උපරිම පොළිය 20% යි. හැබැයි ගිනි පොළිය මසකට 10%යි. 1000 ගත්තෝතින් වසර අග වන විට 2200ක් ගෙවන්න වෙනව. අහිංසක දුප්පත් මිනිසුගේ දහඩිය බොන එක හරිද? (නි)
කොහොමද එහෙම උනේ
නොදන්නා දරුවාට වූයේ මහත් අපරාධයකි. (නි)
හරියට නීතිය ක්‍රියාත්මක වෙනවානම් මේවා සිද්ධවෙන්නෙ නැහැ.. වෙන රටක උනානම් වෙඩි තියලා මරල දානවා පහුවදාම.. එතකොට කොයි කවුරුත් බයයි මිනී මරන්න..!!(නු)
යුද්දේ තියෙද්දී හැමෝම ලංකාවට අනේ අපොයි කියුව එත් දැන් යුද්දේ ඉවර වෙලා මේ වෙන දේවල් දැක්කම හැමෝම පිළිකුල් කරනවා .. ලංකාවේ තිබුන යුද්දය නතර කලානම් මේවගේ අපරාද නවත්වන්න බැරි තනියම දෙයක් කරගන්න බැරි නිසාද ?(නු)
අපේ රටේ වගකියයුතු පුද්ගලයෝ ඔක්කොම වයසයි ඔක්කොටම 40 ඇදිරිය. ඒකයි මේවා පේන්නේ නැත්තේ .. තරුණ කීපදෙනෙක් උන්නත් උන් ඉන්නෙත් පොට්ටයෝ වගේ . අනේ මන්ද එක දෙයක් විතරක් කරලා මුළු ජීවිතේම එක විතරක් කියව කියව ඉන්න එක බාල වැඩක් .. යුද්දේ තියෙද්දී හැමෝම ලංකාවට අනේ අපොයි කියුව එත් දැන් යුද්දේ ඉවර වෙලා මේ වෙන දේවල් දැක්කම හැමෝම පිළිකුල් කරනවා .. ලංකාවේ තිබුන යුද්දය නතර කලානම් මේවගේ අපරාද නවත්වන්න බැරි තනියම දෙයක් කරගන්න බැරි නිසාද ?(වි)
මෙහෙමත් ජිවිත
මෙහෙම බැලුවහම ප්‍රභාකරන් කෙනෙක් ඉන්නම ඕනෑ නැහැ රටේ මිනිස්සු මැරෙන්න. ලංකාවේ දැනට ඉන්න මේ වගේ පොඩි පොඩි මිනීමරු කණ්ඩායම් ඔක්කොම එකතු කරලා බැලුවොත් හිටපු කොටි ත්‍රස්තවාදීන් පරාදයි. වත්මන් පාලනයේ අඩුපාඩුව මේකයි. එක ප්‍රශ්නයක් විසඳෙනකොට ඒ අඩුව පිරෙන්න තව එකක් ඉබේම මතුවෙනවා. හැබැයි ඒ අලුත් ප්‍රශ්නේ විසඳන්න කාටවත් උවමනාවක් නැහැ. ඒත් ඒ වෙනුවට පරණ ප්‍රශ්නේ විසඳපු හැටිම කියවනවා. මේ මැර කල්ලි එකතුවෙලා රටේ කලබලයක් ඇති කරන්න කලින් ආණ්ඩුව පියවරක් නොගත්තොත් 80 දශකයේ නාටකයේ දෙවැනි කොටස ළගදීම බලාගන්න පුළුවන් වෙයි. (නි)
සල්ලි පොලියට දෙන අය වැරදි නෑ. ගන්න අය දැනගන්න ඕනි වෙලාවට ගෙවන්න. එහෙම පොලියට හරි මුදලක් දෙන්න කෙනෙක් නොහිටිය නම් එල්ලිලා මැරෙන්න වෙන්නෙත් ගන්න මිනිහටම තමයි. එත් තමන්ට මුදල් අවශ්‍යම වෙලාවක ඒ මුදල් දීපු කෙනා අපහු ඇවිත් මුදල ඉල්ලුවාම කළගුණ සලකන හැටි තමයි ඔය. මේ වගේ පාපතාරයෝ බඩගින්නේ මැරුණත් තඹ සතයක් පොලියට තියා ණයටවත් දෙන්න හොඳ නෑ. මොකද එයාලා ණය දීපු එකට ස්තුති කරනවා නෙවෙයි. ගෙවන්න බැරිඋනාම ඇවිත් දීපු කෙනාගේ පවුලම නැති කරන්න හදනවා. අනේ අර අහිංසක කිරි දරුවා. ජීවිතේ තවම පටන්ගත්ත විතරයි. ඒ දරුවා ගැනවත් හිතන්න බැරි මිනීමරුවෝ තාමත් ආයුධ අරන් පාරේ යනවනේ. (ස)
ත්‍රස්තවාදය පරදවන්න පුලුවන් වුණත්.... අපි පරාදයි? (නි)
රටේ අපරාධ නවත්වන් පුළුවන් එකම කෙනා ජනරාල් පමණයි (අ)
ලංකාවේ අපචාර, අපරාධ හොරකම් වැඩි වෙලා කියලා තේරුම් ගන්න ඕන.ඩුබායි රටේ රෑ 12 ටත් කාන්තාවන්‍ට මහ මග කිසිම කරදරයක් නැතුව යන්න එන්න පුළුවන් .ෙලංකාවට මොකක්ද වෙන්න යන්නේ. හරිම දුකයි අපේ රට ගැන (අ)
පොලිසිය හෝ උසාවිය අවශ්‍ය නැහැ. අදාළ පුද්ගලයාව මරා දැමිය යුතුමයි. (නි)
ණයට ගන්නට පැමිණෙන විට දෙකට තුනට නැමී පැමිණෙති. ඉන්පසු මුදල් ඉල්ලූ විට ගිනි පොළිය යැයි බැණ වදිති. අවසන මෙලෙස මහමග මරති. (නි)
කිසිම කෙනෙක් පොලිසයට දීම හෝ ගැනීම නොකළ යුතුයි (අ)
වගකියන්න ඕන පාලකයින් (ස)
රටක නීතිය කොයිබටද? ...... .රටකට ගිය කල ?.....(ස)
හිමල් හරි . ලොකුම තැනින් පටන්ගත්තනම් හරි ...(ස)
මට කියන්න තියෙන්නෙත් වරුණ කීයූ කතාවමයි....(ස)
අර අවුරුදු හතරේ දරුවා මොන පවක් කරලද? ඔවා අහන්න තරම් අපි පව් කරලා.(ස)
වෙන මොකුත් නෙමෙයි. මේක පොළී ප්‍රශ්නයක් වෙන්න ඕනෑ. (නි)
ඇයි එල්ලුම් ගහ ගේන්නේ නැත්තේ? (නි)
ලංකාව ලෝකයේ සාමකාමීම රටයි. සාමකාමීවම ජීවත් වීමට සුදුසුම රටයි. (නි)
අනේ මෙහෙමත් ජාතියක්? (නි)
මට කියන්න තියෙන්නෙත් වරුණ කීයූ කතාවමයි.(ස)
රටක නීතිය පක්ෂග්‍රාහීව ක්‍රියාත්මක වද්දී මෙවන් දේවල් සිදුවීම අරුමයක් නොවේ. (නි)
මොනව වුණත් ළමයි මැරුව එක සම්පූර්ණ වැරදි. අම්මලා තාත්තලාගේ වැඩ වලට ළමයින් පලි නැහැනේ. (ත)
පොලියට සල්ලි ගත්ත කෙනෙක් පොලියත් එක්ක දීලා වගේ. (ත)
මිනීමරුවන්ට අසරණ ළමයා නැති වෙලාවකදි මේක කරන්න තිබුණේ නැද්ද? (නි)
අනේ පවු! අහිංසක පවුලක්. (නි)
අයියෝ! අපේ රටට මොකද මේ වෙන්නේ? (නි)
අපරාධකරුට පොළියත් සමගම දඩුවම් කළ යුතුයි. පවු. අසරණ පවුලක් අනාත වුණා. (නි)
දැන් දැන් ලංකාවේ ජීවත් වීම ඉතා අනතුරුදායකයි. (නි)
රටේ මිනිසුන්ගේ මානසිකත්වය සෑදීමට සුදුසු දැවැන්ත වැඩපිළිවෙළක් සකස් විය යුතුයි. (නි)
මට නම් කියන්න දෙයක් නැහැ. (නි)
පොලියට සල්ලි දෙන අයට වෙලාවට පොලී වාරිකය ගෙවනවා..ණයට අරන් හරි.. ඔයවගේ කරදර කරන්නෙත් නැහැ.. ඒ නිසා තව තවත් ඒඅය පොලියට සල්ලි දෙනවා..!!(නු)
ජනපතිතුමනි, අනේ ඔබට මේවා නොපෙනේද? (නි)
පොලිසියට දෙන වැඩ හරියට කෙරෙන්නේ නැහැ. පොඩි එකී පවු මොනවා වුණත්. (නි)
හැමදාම මිනිස්සු මරනවා. එල්ලුම්ගහ සුද්දකර කරනකම් අපි බලන් ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් එල්ලුවානන් ඕවා නවතියි. (ස)
සල්ලි පොලියට දෙන වැඩිදෙනෙකුට හා පවුල්වල අයට ඔය වගේ ලෙඩදුක්, විපත් වලට මුහුණදෙන්න වෙනවා. ඔවුන් කන්නේ මහන්සියෙන් උපයාගත් මුදලින් නොවෙයි. මොවුන්ගේ වාර්ෂික පොලිය 120% කටත් වැඩියි. පොලියට ගත් මිනිහා ආපසු දෙන්නේ ශාප කරමින්. අනුන්ට ගිනි පොලියට දුන්නාමට තමන්ටත් ගිනි ලැබෙනවා! (ස)
ජීවත් වෙන්න අමාරු වුණහම මිනිසුන්ට පොළියට ගන්න සිදුවේ. ජීවන බර ඉහළ නිසා පොළී ගෙවාගන්න බැරි වේ. එවිට පොළී කාරයව මරන්න සිත්වේ. අනවසර ගිනි අවි සුලබව ඇති නිසා කිරි සප්පයන් නොබේරා මරති. (නි)
බුදුන් තුන් වරක් වැඩි සිරි ලංකදීපය සදහම් සගුන් සෙවෙන දරුවෝ හැදුන දීපය තුට්ටු දෙකට මිනි මරණව නෑනේ කිසිබිය මොකක්ද සිරි ලංකාවට උන විනාසය ------------ (ස)
මේ අපරාධ රැල්ල නවත්වන්න ප්‍රසිද්ධියේම දඩුවම් දීම අනිවාර්‍යයි... ආශ්චර්‍යයට කලින් මේවට තිත තියන්න ඕන..(ස)
පෝරකය හැමදාමත් හදනවා ,කවදාවත් ක්‍රියාත්මක කරන්නේ නෑනේ ?.පාලකයිනේ එක වතාවක්හරි ක්‍රියාත්මක කරන්න..(ස)
අපි යන්නේ ආසියාවේ ආශ්චර්‍යයට .මේවා පොඩි දේවල් .මෙහෙමත් අවාසනාවන්ත තැනක්...(ස)
වගකිවයුත්තන් උඩබලාගෙන ඉන්නවා.. රටේ අපරාධ වැඩිවෙනවා.. එල්ලුම්ගහ ගේන්නෙත් නැහැ.. වෙනත් විකල්පයක් ගන්නෙත් නැහැ.. මොකද්ද මේ රට.. මෙහෙමද රටක් පාලනය කරන්නෙ..!!(නු)
රටකට ගිය කල. (ත)
ලංකාවේ අපචාර වැඩි වෙලා කියලා තේරුම් ගන්න ඕන. සිංගප්පූරුවේ රෑ 12 ටත් කාන්තාවන්‍ට මහ මග කිසිම කරදරයක් නැතුව යන්න එන්න පුළුවන් . ලංකාවට මොකක්ද වෙන්න යන්නේ. මේවා හදන්න වැඩපිළිවලක් තියෙනවද ??(ස)
පෝරකය කෝ , ලෝකේ උතුම්ම රට ලංකාවේ...(ස)
දැන් එල්ලුම්ගහ ඕන...(ස)
අපේ රට ගැන පුදුම හිතෙනවා.. පිරිත් අහගෙන අවදි වෙන රටක වෙන දේවල්ද මේ.. හිමාල් කියන විදිහට රටේ මිනිසුන්ගේ මානසිකත්වය සැදීමට සුදුසු වැඩපිළිවෙලක් ආගම් සහභාගීත්වයෙන් අත්විය යුතුයි..!! මගේ රටට දළදා සමිදු පිහිටයි..!!(නු)
අද මිනිස්සු මුදල් වලින් අන්ධ වෙලා (නි)
මුදල් පොලියට දෙන එක ගම් පලාත්වල නගරවල සිදුවන දෙයක්.. මුදල් හදිසියට කවුරුත් පොලියට ගන්නවා.. ඒක මහ ලොකු වරදකුත් නෙමෙයි.. මෙය සැළසුම් සහගත මිනී මැරුමක්.. අපරාධකරුට නිසි දඩුවම් ලැබිය යුතුයි..!! මිය ගිය දෙන්නට නිවන් සුව පතමු..!!(නු)
දැන් නම් බොරු විකාර කතා නොකර රටේ අපරාධ නැවැත්වීමට වැඩ පිළිවෙලක් පටන් ගන්න.. අධිවේගී මාර්ගවල යාමට මිනිසුන් ඉතිරි වෙන එකක් නැහැ...(නු)
අපරාධ රැල්ලක් නැහැල්ලුනේ. එතාකොට මොනවද අපරාධ කියන්නේ? අනේ මටනම් තේරෙන්නේ නැහැ. (නි)
පව් අසරණ දරුවා . හැබැයි පොලී කාරයෝ කියන්නේ කිසිම හිතක් පපුවක් නැති ජාතියක්..(ස)
අනේ මන්දා ලෝකෙන්ම සාමකාමී රට ලංකාවලු ????????(ස)