IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පළාත් ඇමැති උපුල්ගේ කථාවෙන් පොලිසිය ගිනි ගනී

මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ වහාම පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ නිලධාරින් ඇතුළු සෙසු අය ගල් ගසා මරා දමන බවට දකුණු පළාත් අමාත්‍ය ඩී. වී. උපුල් කළ ප්‍රකාශය පිළිබඳව පොලිස්පති උපදෙසින් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසිය.

‘අපි මේ ප්‍රකාශය ඉතාම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඔහු කළ භයානක ප්‍රකාශයට දණ්ඩනීති සංග්‍රහයේ 486වෙනි වගන්තිය යටතේ වසර 7ක සිරදඩුවමක් ලැබිය හැකියි. ඊට අමතරව රාජ්‍ය සේවකයන්ට මරණිය තරජන සිදුකිරීම වැනි තව කරුණු අනුව ඔහුට උපරිම දඩුවමක් ලබා දෙන්න පුළුවන්.‘

පළාත් අමාත්‍ය ඩි වී උපුල්  එම ප්‍රකාශය කළ අවස්ථාවේ පාර්ලිම්න්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද වේදිකාවේ සිටි බව වාර්තා විය.

 

 

 



අදහස් (0)

පළාත් ඇමැති උපුල්ගේ කථාවෙන් පොලිසිය ගිනි ගනී

තිලක් -ඩුබායි Wednesday, 03 June 2015 05:48 AM

“මහින්ද රාජපක්ෂ අගමැති වුනොත් මං පිටරටකට ගිය අතරේදි ලංකාවේ මිනිස්සුනුත් මරලා, එනකොට මාවත් මරලා දාල එයා ජනාධිපති වේවි. මං එවැනි දේකට ඉඩ තියන්නේ නෑ. මං එච්චර මෝඩත් නෑ. දැනටත් මං අත තද කරගෙන ඉන්නේ. මං අත බුරුල් කළොත් රාජපක්ෂලාට වෙන දේ බලාගන්න පුළුවන්. මගේ අත බුරුල් කරන තැනට වැඩ කරන්න එපා“ යි ජනාධිපතිවරයා පවසා තිබේ. (බ)

:       0       0

විලේගොඩ Wednesday, 03 June 2015 05:54 AM

ලංකාවේ නීතිය ක්‍රියාත්මකවීමක් ගැන නම් අපිට බලාපොරොත්තු තියාගන්න බැහැ (නි)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 03 June 2015 05:55 AM

මට නම් ලැජ්ජයි. (නි)

:       0       0

පාලිත පෙරේරා Wednesday, 03 June 2015 05:58 AM

මේ අරාබි ජාතිකයා කියන්නේ මහා බැංකු අධිපති ගැන වෙන්න ඇති. ඔච්චරක් කරුණු දන්නා එකේ ඇවිත් සාක්කි දෙන්න පුළුවන් නේ. මේ අයට සාක්කි නැතිව ඉන්නේ. I ඔබතුමිය අර උතුරේ මහා ඇමතිගේ ප්‍රකාශය දැක්කේ නැද්ද ? (ම)

:       0       0

සරත් -සවුදි Wednesday, 03 June 2015 06:05 AM

දැන් තියෙන්නේ ලංකාවේ වෛරස් දේශපාලනය හා එකිනෙකට පලිගන්න වියරු වැඩුන යහපතක නැති යහපාලනය (ම)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 03 June 2015 06:05 AM

රටක් වශයෙන් ගත්තම ,එක මිනිහෙකුට මේ තරම් ඇඹරෙන පොලිසියක් ලෝකයේ කොහෙවත් නැතිව ඇති. (ම)

:       0       0

අමල් Tuesday, 02 June 2015 01:58 PM

ඔව් ඉතින් හරියටම නීතිය මොකද්ද කියලා දන්නා කෙනෙක් වේදිකාවේ ඉඳලා නැහැනේ, මේ මනුස්සයාට කට පරිස්සම් කරගන්න කියන්න. (නි)

:       0       0

පාලිත පෙරේරා Wednesday, 03 June 2015 06:13 AM

ඇත්තටම මහින්දට විරුද්දව අදහස් දාන උදවිය දැකලා තියෙනවා , ඒ වගේම වාද කරලාත් තියෙනවා , නමුත් මේ වාගේ වෛරක් කාරයෙක් දැක්කේ නැහැ , මේ සබාවේ කොයිතරම් මහින්දට බනිනවාද , නමුත් මෙයා නම් පෞද්ගලික තරහක් තමා පිරි මහන්න හදන්නේ. අනෙක් කරුණ නම් කවදාවත් මෙතුමිය රනිල් හෝ මෛත්‍රී හොදයි කියලා නැහැ ලේසියෙන්. මේ නම් ෂුවර් එකටම ඩයස්පෝරාවෙන් වැටුප් ලබන්නෙක් තමා. මෙයා ශ්‍රී ලාංකික නම් වෙන්න බැහැ, මිස්ටර් ප්‍රබාකරන්ට වත් අපේ උදවිය මෙතරම් වෛරෙන් මුද්‍රිත මාද්‍ය වල කතා කරලා නැහැ. කමක් නැහැ ඕනෙම නමකින් අදහස් දාන්න මෙතන ඉඩ දීලා තියෙනවානේ ඕනෙම ජාතිකයෙකුට. ඔහොම යමු ඔහොම යමු (නදී)

:       0       0

මුදියන්සේ Wednesday, 03 June 2015 06:13 AM

මේ වගේ කතාවලට අත්පුඩි ගහන අයත් අපේ රටේ ඉන්නවා. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 03 June 2015 06:14 AM

මහින්ද ආවොත් කොහොමත් ඔයටික තමයි කරන්නේ. උපුල් කියන එක ඇත්ත.(නදී)

:       0       0

සැමී Wednesday, 03 June 2015 06:14 AM

දැනට රට පාවා දෙන ද්‍රෝහියෝ ප්‍රසිද්දියේ නිදහසේ ඉන්නෙත් ලංකාවේ විතරයි (නදී)

:       0       0

ලාල් Tuesday, 02 June 2015 02:10 PM

වැඩේ කියන්නේ අහවලාත් වේදිකාවේ හිටපු එකයි. ඒත් පුදුම වෙන්න දෙයක් නැහැ, එයාලට හුරුපුරුදු දේවල්නේ ඕවා. (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 03 June 2015 06:27 AM

මම හිතන්නේ අරලිය ගහ මන්දිරේ කුමන්ත්‍රණේ වෙනකොට මෙයා එතන ඉඳල..යන්න මහත්තයෝ යන්න (බ)

:       0       0

කිත්සිරි Tuesday, 02 June 2015 02:52 PM

ඒකට හරි නම් ක්‍රියාමාර්ගයක් ගන්න තිබුණේ ඕක කියපු වෙලාවේමයි (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 03 June 2015 06:46 AM

ගල් ගහලා මරන්න ඉස්සෙල්ල ඔක්කොටම ජම්පරයයි නොම්මරයයි හම්බවෙයි ළඟදීම .......එතකොට ගල් තල තල තමයි වෙන්නේ .(ම)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 03 June 2015 06:52 AM

ඩුබායි වල ඉන්න සමහරු කුලප්පු වෙලා. මම හිතන්නේ අරලිය ගහ මන්දිරේ කුමන්ත්‍රණය වෙනකොට මෙයා එතන ඉඳලා.යන්න මහත්තයෝ යන්න කුණු ඕපාදුප වෙබ් වල පච ගෙනවිත් මෙතන වපුරන්නේ නැතුව.මේ තීරුවේ ඔහේ ගහන මඩ මේ දේශපාලකයෝ කියන මේ කතා වලට වඩා ගොඩක් හිරිකිතයි.කලින් තමුන් නාලා පිරිසිදුවෙලා එන්න,අනෙක් මිනිසුන්ට ඇඟිල්ල දික් කරන්න. (නි)

:       0       0

කාන්ති Wednesday, 03 June 2015 06:52 AM

මේ වගේ නොහොබිනා කතාවට ප්‍රසිද්ධ ඔක්කොම එකට තියලා වාද බයිලා තරඟයක් පැවැත්වුවා නම් ඊළඟ මැතිවරණයෙන් උඩින්ම අසවලා දිනාවි. (නි)

:       0       0

මනෝජ් කුමාර රණවක Tuesday, 02 June 2015 03:36 PM

යහපාල මහත්තයා අවුරුදු 7ක් හිරේ ගියාම පාර්ලිමේන්තු ගිහින් වැඩක්යැ. මහින්ද දේශපාලනයට ගෙනාවේ මේවගේ පාදඩයෝ විතරයි. චණ්ඩි මල්ලි උපුල් සජින් වාස් මේ ඔක්කොටම රටට විනකරන අය (බ)

:       0       0

මහින්ද අමීන් - උගන්ඩාව Tuesday, 02 June 2015 03:53 PM

වසර 7 කට ඕනේ නෑ මාස 6 කට විතර යැව්වොත් ඇති ඔය ලෙඩේ සනීප වෙන්න (බ)

:       0       0

ජානකි Wednesday, 03 June 2015 07:00 AM

මේ අපේ රටේ දේශපාලකයන් කියලා ලෝකයට හඳුන්වා දෙන්න පුලුවන්ද? ලැජ්ජාවේ බැහැ. මහා ලොකුවට නීතිය හදාරපු කට්ටියත් අහළින් පහළින් ඉන්නවා නේද? (නි)

:       0       0

සෑම් Tuesday, 02 June 2015 03:58 PM

මේ දෙකවත් පාස් නැති මෝඩ ඇමතියා ගෙ කයිය අහගෙන හිටපු හොරට පාස් හොර ලෝයර් හිතන් ඇති මේක හරි ලොකු කතාවක් කියල. (බ)

:       0       0

දුල්මි Wednesday, 03 June 2015 07:01 AM

අපේ රටේ සමහර දේශපාලකයෝ ප්‍රසිද්ධියේ කතා කරනකොට අහළ පහළ ඉන්න බහ තෝරන පොඩි ළමයින්ගේ කන් වල ඇබ ගහන්න වෙලා තිබෙන්නේ. ඒගොල්ලන් එච්චර ලස්සනට හෙළ බස හසුරවනවා. (නි)

:       0       0

රංජිත් රතුකන්කානම්ගේ Tuesday, 02 June 2015 03:58 PM

ඔය රන්ජන් රාමනායක බුරන ඒවටත් පොලිසිය ක්‍රියාමාර්ගයක් ගන්නකෝ (බ)

:       0       0

සුරේන් Wednesday, 03 June 2015 07:09 AM

මේ වගේ කට්ටියව ඊළඟ ඡන්දෙන් ගෙදර යවන්න ඕනෑ. (නි)

:       0       0

සෙනෙවි Tuesday, 02 June 2015 04:30 PM

අනිවාර්යයෙන්ම බරපතල වැඩ සහිතව හිරේ යැවිය යුතුයි (නි)

:       0       0

ලලිත් Tuesday, 02 June 2015 04:32 PM

අපි නම් අහලා තියෙන්නේ මෙහෙම කතා කියනකොටම කට පොඩිවෙන්න දෙකක් ගහපුවම නතරවෙනවා කියලා. (නි)

:       0       0

ඉසුරු Tuesday, 02 June 2015 04:38 PM

නාමල් ඉදිරියේ මෙයාලා චණ්ඩි වෙලා. මේ වගේ අය බලය තියෙද්දී කරපුවා තාමත් විකාරයෙන් දොඩවනවා. මේ වගේ අයට ආයේ පාරක් රජ කරන්න ඉඩ නොතබන්නට ජනතාව වගබලා ගතයුතුයි. (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 02 June 2015 04:46 PM

පොඩි මිනිහට විතරයි නීතිය, ඇමතිලට නැහැ. ඇමරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

රූපසිංහ Tuesday, 02 June 2015 04:51 PM

මම විඩියෝ එක බැලුවා. පළාත් සභා ඇමති උපුල් විසින් වෙනත් තැනක පොලිස් නිලධාරීන්ට ගල් ගසන්නේ ඔහු කියා කීවේදැයි මම නම් නොදන්නෙමි. හදිසි නොවී කියපු දේ පිළිබඳව නිවැරදිව තේරුම්ගෙන බැලුවොත් නේද හොඳ? (නි)

:       0       0

නිමල් Tuesday, 02 June 2015 04:58 PM

එංගලන්තේ වගේ රටක ඇමති කෙනෙක් සාමාන්‍ය පොලිස් නිලධාරියකුට කතා කරන්නේ සර් කියලා. කිසිම රාජ්‍ය නිලධාරියෙකුට මරනවා තියා සැරෙන් කතා කරන්නවත් බැහැ. නඩුවෙන් අවුරුදු 5-6 කට හිරේ දාන්න පුළුවන්. ඒ නිසා පොදු ස්ථානවල හැමෝම විනයකින් හැසිරෙනවා. නීතියට තියන බයට.මට එංගලන්තය ලොකු නැහැ.නමුත් එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

ඉන්දික ගම්පහ Tuesday, 02 June 2015 05:00 PM

ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා පොලිසිය කොන්ද කෙළින් තියාගෙන වැඩකරයි කියලා. ඔය කියන චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කර මේ වගේ උදවිය දේශපාලනයෙන් ඉවත් කළයුතුය. එවිට අනිත් අයවත් හැදේවි (නි)

:       0       0

අමල් Tuesday, 02 June 2015 06:11 PM

මේවා කියනකොට හුරේ දාන මෝඩයොත් ඉන්නවානේ. පොලිසිය තමන්ගේ ජීවිත අවදානම නොතකා මේ හොයන්නේ අපෙන් හොරකම් කළ සල්ලි කියලා තේරෙන්නේ නැහැ (නි)

:       0       0

නවෝද් Tuesday, 02 June 2015 06:33 PM

පොලිස්පතිතුමනි, කරුණාකර මේ අශීලාචාර ප්‍රකාශය කළ ඒ දේශපාලකයව අත්අඩංගුවට ගන්න. එය රටටම දෙන ලොකු ආදර්ශයක් (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Tuesday, 02 June 2015 06:55 PM

මම බලාගෙන ඉන්නවා...කරන්න කළයුතු දේ (නි)

:       0       0

විකුම් රංගන Tuesday, 02 June 2015 08:04 PM

මේ අයගෙන් අපේ රට මුදාගත යුතුයි. පේනවා නේද ඒ වගේම අය වේදිකාවේ ඉඳගෙනම මේ කතාවලට හුරේ දමන හැටි? ලැජ්ජයි!! (නි)

:       0       0

නිහාල් Tuesday, 02 June 2015 08:15 PM

විහිලු කතා. ගණන් ගන්න එපා (නි)

:       0       0

යමින්ත‍ Tuesday, 02 June 2015 08:25 PM

දැන්මම මෙහෙම නම්... (නි)

:       0       0

නන්දලාල් Tuesday, 02 June 2015 08:26 PM

මේ "කතාව" සාමයට කැමති සියලු දෙනා විසින්ම පිළිකුලෙන් හෙළාදැකිය යුතුවෙනවා! මෙවැනි තර්ජනාත්මක හැකර කතා අවසන් කිරීමට රජයත් පොලිසියත් ඉතා ඉක්මන් පියවර ගතයුතු වෙනවා. (නි)

:       0       0

චතුරි Tuesday, 02 June 2015 08:31 PM

කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ. (නි)

:       0       0

අසෝක Tuesday, 02 June 2015 08:35 PM

ඔය වගේ අය තමයි මහින්ද ඉන්න කාලේ ඉන්න තරමක් හිටියේ (නි)

:       0       0

රනේෂ් Tuesday, 02 June 2015 09:06 PM

අමල්, ඔබ හරියටම හරි. (නි)

:       0       0

අනුර Tuesday, 02 June 2015 09:21 PM

මහින්ද අමීන් කියන වැඩේ කළොත් ඔය කාටත් සනීපවේවි. බොහොම හොඳ අදහසක්? (නි)

:       0       0

විජිත Tuesday, 02 June 2015 09:30 PM

අපිවත් ගිනි අරගෙන ඉන්නේ (නි)

:       0       0

ධනුන Tuesday, 02 June 2015 09:33 PM

කතාව වැරදියි. දඬුවම් දීමට නීති තියනවා නම් හරියට ක්‍රියාත්මක කරන්න. හැබැයි මේ ආණ්ඩුවත් කටින් මිසක් නියම විදිහට නීතිය කාටත් සාධාරණව ගෙනියන්නේ නැහැ වගෙයි. (නි)

:       0       0

චනික Tuesday, 02 June 2015 09:44 PM

අවුරුදු ගානක් තිස්සේ පරිහානියට පත්වුණු රටක ඇහෙන කතා මේ. දියුණු රටක මේවා අහන්න ලැබෙන්නේ නැහැ. නීතියට අනුව මේ හැමෝටම දඬුවම් කරන්න ඕනෑ. රටක විනය හදන්න තව අවුරුදු ගානක් යයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 02 June 2015 10:09 PM

පිවිතුරු යහපාල වගේ , පාදඩ දේශපාලකයන්ට වචනෙන් හරි උදවුකරන්නන් යවන්න තියෙන්නේ අවුරුදු හතර පහකට කල්දේරම් බත් කන්න. එක අතකට පොලීසියත් වැරදියි. මොවුන්ට උඩ පැනලා සැලියුට් ගහලා පොලිස් රස්සාව පහත් කළෙත් පොලිසියේම නිලධාරියෝ තමයි. ඉතින් මේ අය උඩ යන එකත් අහන්නත් දෙයක්ද? (නි)

:       0       0

ශාන් Tuesday, 02 June 2015 10:41 PM

මදැයි ලකුණු ගන්න හිතාගෙන සිංහ පාට් දැම්මා? (නි)

:       0       0

සේනක Tuesday, 02 June 2015 11:01 PM

රන්ජිත්, තවත් මේ පාදඩ දේශපාලනයට වන්දිබට්ටකම් නොකර ඉන්න. රන්ජන්, මේ වගේ කතා ඔයාලට පිළිකුල් නැද්ද? (නි)

:       0       0

රණතුංග Tuesday, 02 June 2015 11:12 PM

වැදගත් දේශපාලනය කසිප්පු විකුණනවා වගේ ලෙහෙසි නැහැ.දැන් ජනතාව උගත්. (නි)

:       0       0

අනීසා Wednesday, 03 June 2015 12:11 AM

පැමිණිලක් නැතුවම? (නි)

:       0       0

ඩෝසන් Wednesday, 03 June 2015 12:15 AM

ලංකාවේ සමහර පොලිසිය කියන දේවල්, කරන දේවල්, ගන්න පගා, බොරු දඩ අනුව ගල් නෙමෙයි ගහන්න ඕනෑ කියලා තමයි සමහර වෙලාවට මිනිස්සු නම් කියන්නේ (නි)

:       0       0

කැනඩා දිසා Wednesday, 03 June 2015 12:42 AM

තවත් මොනවද බලාගෙන ඉන්නේ? නීතිය තියෙනවනේ. දැන්වත් ඉක්මනට ක්‍රියාත්මක කරලා මොවුන්ව නීතිය ඉදිරියට යවන්න . (නි)

:       0       0

රුක්ෂාන් Wednesday, 03 June 2015 01:01 AM

ඕක මේ අද ඊයේ එළියට ආ චණ්ඩි සංදර්ශනයක් නෙමෙයිනේ. ඒ කාලෙත් කොන්ද පණ ඇතුව හරියට නීතිය ක්‍රියාත්මක කළා නම් අද මෙහෙම නිවට තත්වයට වැටෙන්නේ නැහැ. (නි)

:       0       0

දිලාන් Wednesday, 03 June 2015 01:09 AM

කෝ අර අනෙක් සළුවඩන නිලමේ සුමුදු හේවා? මෙතැන චණ්ඩින්ට හුරේ දාන්න එයා තමයි අඩු ! (නි)

:       0       0

මලික් Wednesday, 03 June 2015 01:13 AM

මේ මැදමුලන චණ්ඩි ටික ඉස්සරහට දාලා තමයි දැන් ඡන්දෙට සූදානම් වෙන්නේ. ලජ්ජා නැතුව නීතිය ඉගෙනගත් කෙනෙකුත් මේ වේදිකාවේ ඉඳගෙන ඉන්නවානේ. එක අතකට ඉතින් එහෙම කිව්වට අපි දන්නවානේ අනෙක් හරිය. (නි)

:       0       0

යටවත්ත Wednesday, 03 June 2015 01:14 AM

මේවට ආවඩන අයත් ඉන්නවනේ? (නි)

:       0       0

ජෙහාන් Wednesday, 03 June 2015 01:15 AM

පිවිතුරු යහපාල මේ මනුස්සයාගේ ගෙදරත් රෙදි අපුල්ලන්න දර පලන්න යනවා ඇති. (නි)

:       0       0

සමන්ත Wednesday, 03 June 2015 01:20 AM

තවමත් මේ වගේ නුගතුන්ව නළවනවා කියන්නේ මේ රටේ නීතිගරුකව ජීවත්වෙන සාමාන්‍ය මිනිසුන්ට වෙන මදිපුංචිකමක්. ගමේ කෙසෙල් කැන හොරකම් කරපු මිනිහාව නම් කන් කෙටියෙන් ඇදගෙන යනවා (නි)

:       0       0

මහානාම - කඳාන Wednesday, 03 June 2015 01:30 AM

කිසිසේත් අනුමත කළනොහැකි කතාවක්. මෙහිදී මුල්‍ය පොලිස් ඒකකය නොවේ සියලුම පොලිස් ඒකක හා රාජ්‍ය ආයතන රජයේ යකඩ සපත්තුවට යට වී ඇත. එම නිසා නිලධාරීන්ට චෝදනා කිරීම ප්‍රඥාගෝචර නැත (නි)

:       0       0

රංග Wednesday, 03 June 2015 01:32 AM

දැන් මෙයාටත් කට උත්තරයක් ගන්න එන්න කියලා "ආරාධනා " කරාවි. ඊළඟට අරෙහෙන් මල් වට්ටියක් උස්සගෙන පළිගන්නවෝ කියලා විලාප තියාගෙන පන්සලට දුවාවි. මීටවැඩිය දෙයක් මම නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (නි)

:       0       0

කනිෂ්ක Wednesday, 03 June 2015 01:37 AM

ප්‍රභූ පුතාගේ අත්උදව්වට ඉහළ ශ්‍රේණියක නිලධාරීන් යෙදවූ යුගයක් පහුකළ ලංකාවේ යකඩ සපත්තු ගැන කතාකරන අමතකවෙන ලෙඩේ හැදුන කට්ටිය ඉන්නවා වගේ.

:       0       0

එෂාන් Wednesday, 03 June 2015 01:39 AM

එහෙම නම් ප්‍රඥාගෝචර වෙන්නේ තරඟයක් පැරදුනා කියල විනිසුරුවෙකුට තඩි බාන කොට බවලතුන් වගේ ඇඹරි ඇඹරි සිටිය කට්ටියගේ ගෙදර හාමිනේලාට චෝදනා කිරීමද ? (නදී)

:       0       0

පාලිත පෙරේරා Wednesday, 03 June 2015 01:40 AM

එහෙම කොහොම හිරේ දාන්නද ? කතාව වැරදි වුනාට, මෙතන චේතනාව ප්‍රබල වෙන්නෙත් නැහැ, චේතනාව ඔප්පු කරන්නත් බැහැ, නිතිය දන්නා උදවිය දන්නවා. එහෙම නම් මතකද 2010 ජනාධිපතිවරනේදී අර පොන්සේකා මහතා කිව්වේ චන්දෙන් පසු කාවද කියන කොලොන්නාවේ ෙවලක තියලා හිටුවා පස් ගහනවා කියලා, අයි විමල් ටත් කිව්වේ. ඉතින් එතුමාට දඩුවම් කලාද ? අඩුම ගානේ ඒ ගැන කතා කලාද ? ඔන්න වෙනස මාරයි නේද ? වේදිකා වල කතා කරන ඒවාට නඩු දාන්න ගියොත් වෙන වැඩක් කරන්න උසාවි වලට බැරිවේවි. කොහොම නමුත් කියපු කතාව වැරදියි. (නදී)

:       0       0

මහනාම - කඳාන Wednesday, 03 June 2015 01:46 AM

ඊයේ යාපනේදී උතුරේ මහා ඇමති කියා තිබෙනවා ( අද ජාතික පුවත් පත් බලන්න ) , සැලසුම් සහගතව උතුරේ තරුණයන් විනාශ කරන්න මත් ද්‍රව්‍ය දේශපාලකයෝ විසින් බෙදා හරිනවා, මේ ඩයස්පෝරා - එජාප ආණ්ඩුව වෙනුවෙන් අවංකව සිටින බුද්දිමතුන් ගෙන් අහනවා එතකොට මේ චෝදනාවට මොකද කරන්නේ ? දැන් වඩා භයානක කොයි එකද ? මහා ඇමති කතා කරන්නේ යාපනේ නමුත් ජාත්‍යන්තරයට ඇහෙන්න. මොනතරම් බයානක ප්‍රකාශයක්ද ? (නදී)

:       0       0

බුවනෙක Wednesday, 03 June 2015 01:48 AM

කට වාචාල නුගත් දේශපාලන මැරයන් වේදිකා ගත වීම රජයේ වැරද්දක් කියල මෙතනත් රෙදි අපුල්ලන මහානාම වගේ උදවිය ගැන කතා කරලා වැඩක් නැහැ. (නදී)

:       0       0

ජනහිත Wednesday, 03 June 2015 02:03 AM

හරියටම කිව්වා කියල ස්ථිරද? මේවා හරියට අර ලිද ලග කියන ඒවා වගේනේ. ඕවට ප්‍රචාරය දුන්නම කාටද ආඩම්බර. කෑ ගහන්නේ නැතිව රටට වැඩක් ඇති දෙයක් අපි කතා කරමුද ? (නදී)

:       0       0

මහනාම - කඳාන Wednesday, 03 June 2015 02:03 AM

බුවනෙක මහතා කියල තියෙන දේ හරියට තේරුම් ගත්තා නම් තමයි හොඳ. පැහැදිලි සිංහලෙන් ලියා තිබුනා කරපු කතාව වැරදියි කියා. ප්‍රශ්ණයක් තියෙනවා නම් ඒ ගැන නිලධාරීන්ට දොස් කියන එක වැරදියි කියලා. නිලදාරීන් හැමවිටම පවතින ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. මේ ආණ්ඩුව නොවේ පහුගිය ආණ්ඩු සියල්ලම. බුවනෙක මහතා රෙදි අපුල්ලන කතා මම නම් දන්නේ නැහැ. ඔබතුමා අදහස් තේරුම් ගෙන අදහස් ප්‍රකාශ කළා නම් හොඳයි පාට කන්නාඩිය ගලවලා (නදී)

:       0       0

බිමල් Wednesday, 03 June 2015 02:04 AM

ඕනෑම කෙනෙකුට ප්‍රසිද්ධියේ අපහාස කරලා තර්ජනය කරලා, නීතියේ හිලක් හදා ගෙන බේරිලා යන්න පුළුවන් එකම රට ලංකාව. මහා ලොකුවට අවුරුදු දහස් ගානක ශිෂ්ටාචාරයක් ගැන පම්පෝරි ගහනවා. ඒ වුනාට දේශපාලකයන් සමහරකුගේ හැසිරීම් ගෝත්‍රික රටකටත් අන්තයි. සමාජයේ සභාවක ශිලාචාරව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන හැටි දන්නේ කියෙන් කි දෙනාද ? වැඩිය ඕන නැහැ. ඊයේ මේ පුවත් තිරයේ පිවිතුරු යහපාල කාන්තාවන් ගැන සඳහන් කර ලියපු අශීල කතාවම හොඳටම ඇති. මේ රටේ සමහර මිනිස්සුන්ගේ දේශපාලන ආකල්පය මොකක්ද කියල හිතා ගන්න. (නදී)

:       0       0

විල්ප්‍රඩ් Wednesday, 03 June 2015 02:11 AM

හොරු අල්ලනවා කියල ඡන්දෙ අරගෙන දැන් හොරුන් සමග වාසේ කරන කට්ටිටිය ගැන පොලිසිය ගිනි ගන්නේ නැද්ද ? (නදී)

:       0       0

ඩටංගල Wednesday, 03 June 2015 02:14 AM

යහපාල මහත්තයාගේ කමෙන්ට් එක තනිවෙලා. දැන් තේරෙනවා නේද කොච්චර අප්ප්‍රසන්න හැගීමක් පොදුවේ ජනතාවට ඇතිවෙලාද කියල. ඡන්දෙන් පස්සේ යතාර්ථය මේ කාටත් තේරේවි. (නදී)

:       0       0

පාලිත පෙරේරා Wednesday, 03 June 2015 02:25 AM

වැදගත් වන්නේ යහපාලගේ තනිවීම හෝ ප්‍රබලවීම නොවේ. මේ රට ගැන කතාකිරීමයි වැදගත් වන්නේ. එහෙම නැතුව ඩයස්පෝරාව වෙනුවෙන් නිලනොවන මට්ටමේ දැන හෝ නොදැන අදහස් දැක්වීම නොවේ. කොහොම නමුත් ශිෂ්ට සම්පන්න සමාජය විසින් මේ ප්‍රකාශය හෙළා දකිනු ඇත. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 03 June 2015 02:42 AM

ඔය පක්ෂය වැඩි හරියක් ඉන්නේ ඔය වගේ මෝඩ කතා කියන මෝඩ වැඩ කරන නුගත්තුනේ? ඒකනේ මුල්‍ය අපරාධ කොට්ටාශයටත් වැඩ වැඩි. අනික අර හඳට බුරන බල්ලෝ වගේ මුල්‍ය අපරාධ අංශයත් එක්ක තරහට තමයි ඔය ඔක්කොම කතා කියන්නේ. පක්ෂයත් රටත් විනාශ කරන මෝඩයෝ. (නදී)

:       0       0

නදීකා Wednesday, 03 June 2015 02:54 AM

මේවට කියන්න වචන නැහැ (නි)

:       0       0

සම්පත් Wednesday, 03 June 2015 02:58 AM

දේශපාලකයෝ කියන කතා එතරම් ගණන් ගන්න ඕනෑ නැහැ. මොකද මොනවා කිව්වත් එයාලට ඕනෑ දේ විතරනේ කරන්නේ හැමෝම (නි)

:       0       0

විජය Wednesday, 03 June 2015 02:58 AM

ඕවා පුදුම වෙන්න දේවල් නෙමෙයි (නි)

:       0       0

සුරේන් Wednesday, 03 June 2015 02:59 AM

ඇයි අජිත්, නියමිත විභාග නීතිරීති වලට පටහැනිව විභාග පාස්කළ සමහර කට්ටිය ඉන්නෙත් ඔය පක්ෂයේනේ. (නි)

:       0       0

බීටා Wednesday, 03 June 2015 02:58 AM

අධ්‍යාපනයක් නැති අය දේශපාලනය කරන්න යොදා ගත්තහම මේ වගේ හිස් වචන තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් (නි)

:       0       0

සමිර Wednesday, 03 June 2015 03:11 AM

ප්‍රසිද්ධියේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ප්‍රශ්න කළේ. එතකොට ඇත්තටම අධිකරණයට ගල් ගැහුවේ, ඒවාට දඩුවම් මොනවද? පොලිසිය විවේචනය කරන්න බය කියල ව්‍යවස්ථාවේ කොහේ හරි තියෙනවද? (ම)

:       0       0

කමල් Wednesday, 03 June 2015 03:13 AM

උපරිම දඩුවමක් ලබා දෙන්න (ම)

:       0       0

අශාන් Wednesday, 03 June 2015 03:17 AM

පාලිත මහත්තයෝ, මේ බැනලා තියෙන්නේ රජයේ නිලධාරින්ට.පිවිතුරු, මේ විදිහට එජාප මන්ත්‍රී කෙනෙක් කිවුවා නම් ඔයාගේ අදහස ඕකම වෙයිද? (නි)

:       0       0

අරුණ Wednesday, 03 June 2015 03:25 AM

මුන් මේ විදිහට තමයි රට පාලනය කලේ. මුන්ගේ හොර වැඩ ඔක්කොම දේශපාලන හයිය යොදාගෙන කරගෙන ගියා. මුන් දේශපාලනයෙන් තුරන් කළ යුතුයි.නැතිනම් කවදාකවත් රට හදන්න බෑ.(ම)

:       0       0

තිසා Wednesday, 03 June 2015 03:26 AM

මෙයාලාට බලය දුන්නොත් කොහොම තියේද ? (ම)

:       0       0

සත්‍යයා Wednesday, 03 June 2015 03:39 AM

දේශපාලන තිරිසනෙක්. (ස)

:       0       0

පාලිත Wednesday, 03 June 2015 03:39 AM

අශාන් මහතා අනිවාරයෙන්ම එජාප , ශ්‍රීලනිප , ජවිපෙ , ටී එන් ඒ කියා මට වෙනසක් නැත , තියෙන්නත් බැහැ , නමුත් මම විරුද්දයි ඩයස්පෝරාවට , හා ඩයස්පෝරාව වෙනුවෙන් පෙන් සිටින අයට. වැරදි දේ වැරදි කියන්නත හරි දේ හරියි කියන්නත් අපිට කොන්දක් තියෙන්න ඕනේ , මොකද ඔබතුමා වත් මම වත් මේ කාගෙන් වත් එයා ලා වෙනුවෙන් කතා කරන්න වැටුපක් හෝ වෙනස් වරප්‍රසාද ගන්නේ නැති නිසා . (ස)

:       0       0

කැළුම් Wednesday, 03 June 2015 03:40 AM

ඔහු කළ භයානක ප්‍රකාශයට දණ්ඩනීති සංග්‍රහයේ 486වෙනි වගන්තිය යටතේ වසර 7ක සිරදඬුවමක් ලැබිය හැකිනම් ඔහුව නීතිය හමුවට යවන්න. එම දෙය නොකළහොත් නීතිය සැහැල්ලුවට ලක්වනවා පමණක් නොව... ඉදිරියටත් මෙය වගේ අවමාන කරන්න ඉඩත් අප ලබා දෙනවා. (ස) සමාජයට හොඳ දෙයක් කිරීමට නියම අවස්තාවක්. ඒ වගේම ඔහු නීතියක් කඩ කර නැත්නම් ඔහුව නිදහස් කරන්න. නාමයෙන් ඔහුව

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 03 June 2015 03:44 AM

බිමල් මහත්තයෝ..අපි කියන්නෙත් ඔය දේම තමයි..ඔප්පු කරන්න බැරි චෝදනා වෙබ් වලින් ගෙනත් ඇහින් දැක්ක වගේ කියා කියා මඩ වපුරා වපුරා මිනිස්සුන්ට අපහාස අවලාද කරන හැමෝම එක නීතියකට යටත් කරනවානම් අපිත් කට පියා ගන්නම්..නැත්නම් ඉතින් අපේ කටවල් වලින් ඒවාට උත්තර ලැබේවි අවශ්‍ය විදියට..අර නළුවෙක් එලි පිට මිනිස්සුන්ට අපහාස කරන විදියට මේවා මොන කතාද මහත්තයෝ. (ස)

:       0       0

සත්‍යයා Wednesday, 03 June 2015 03:46 AM

මේවා ලේසියෙන් ඇත හැරිය යුතු දේවල් නොවේ. ඔය කතා කලේ උපුල් නොවෙයි. කට උපුල් ගේ උනාට හඬ "අරයගෙ". (ස)

:       0       0

මලී Wednesday, 03 June 2015 03:47 AM

උසාවියට ගල් ගැහුවම දෙන දඩුවම නීති පොතේ නැතුව ඇති. (ස)

:       0       0

මල්ලී Wednesday, 03 June 2015 03:50 AM

සමිර ඔබ හරි. (ස)

:       0       0

තිවංක Wednesday, 03 June 2015 03:55 AM

හමුදාව කිලිනොච්චිය අල්ලන්න යනකොට දෙමළ සන්ධාන මන්ත්‍රී කෙනෙක් කිව්වාලු නේද මිනී පෙට්ටි 50,000 ලෑස්ති කරගන්න කියලා? කවුරු කිව්වත් ඔය වගේ කතා නම් බරපතලයි. (නි)

:       0       0

සරත් Wednesday, 03 June 2015 03:56 AM

මේ වගේ දේශපාලුවන් ගෙදරම යවන්න ඕනෑ (නි)

:       0       0

ශාමන්ත Wednesday, 03 June 2015 04:03 AM

මේ වගේ නරුම/නූගත් දේශපාලකයන් වහා අත්අඩංගුවට ගතයුතුය. (නි)

:       0       0

චමින්ද Wednesday, 03 June 2015 04:06 AM

එහෙනම් ඉක්මනටම යාපනයේදී පොලිසියට ගල් ගහපු අයවත් වසර 7ට හිරේ දාන්න.මොකද සාක්කිත් තියනවනේ (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 03 June 2015 04:17 AM

මෙය ඇත්තක් නම් සුළුකොට තැකිය නොහැකි භයානක පෙරනිමිත්තක්.ඒ නිසා නීතියක් ඇත්නම් ඒ නිතිය පොදුවේ හැමෝටම බලපැවැත්වෙන විදිහට ක්‍රියාපටිපාටියේ යෙදෙව්වොත් මැනවි! (නි)

:       0       0

බටගල Wednesday, 03 June 2015 04:18 AM

පාලිතට වල්ගය පෑගිලා.ඇඟට ජීර්ණය වෙලා තියෙන දේ හැම තැනටම ලියන්න එපා. (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 03 June 2015 04:19 AM

බිමල් මහත්තයෝ,අපි කියන්නෙත් ඔයදේම තමයි. හැමෝම එක නීතියකට යටත් කරනවා නම් අපිත් කට පියාගන්නම්. නැත්නම් ඉතින් අපේ කටවල් වලින් ඒවාට උත්තර ලැබේවි අවශ්‍ය විදියට. (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 03 June 2015 04:20 AM

අපි අහසින් පොළොවට ඍධියෙන් පහළවුණ අය නෙමෙයි.පාලන කාල කීපයක අත්දැකීම තියෙන අය.මීට වඩා දේවල් දේශපාලකයින්ගේ කටවල් වලින් අපි ඕනෑතරම් අහලා තියෙනවා.පහුගිය රජයේ වැඩිපුරම චෝදනා ලැබූ මැති ඇමතිවරු අද යහපාලනෙට හේත්තුවෙලා කඩේ යනකොට ඔවුන්ට විරුද්ධව කිසි ක්‍රියාමාර්ගයක් නැහැ.පක්ෂ වුණත් විපක්ෂ වුණත් යහපාලානේ එකම නීතියක් තියෙන්න ඕනෑ පොරොන්දු වුණ විදියට.එහෙම නොවෙනවා නම් තෝරාගත් පිරිසකට පමණක් පහර දෙන්න නිර්මාණය කළ මේ පොලිසියට සළකන්න වෙන විදියක් නැහැ. (නි)

:       0       0

රකිත් Wednesday, 03 June 2015 04:23 AM

ඔහුගේ ප්‍රකාශය තරයේ හෙළා දකිමි. නමුත් ඔහුට නීතියෙන් දඬුවම් කිරීමට ඇති ඉඩකඩ ගැන සැකසහිතයි. ඒ ඒ දේශපාලන පක්ෂ මඟින් මෙවැනි ප්‍රකාශ නිකුත් කරන අයට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගතයුතුය. නැත්නම්, ආචාර ධර්ම පද්ධති හඳුන්වා දුන්නාට වැඩක් නැත. (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 02 June 2015 12:45 PM

ඔය වගේ කතා අපි දේශපාලනේදී ඇහුවේ අද ඊයේ නෙමෙයි. කොහොම උනත් පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට යන පිම්ම පැන ගන්න කට්ටිය නොමිලේම කැම්පේන් එක කරලා දෙන්න වගේ හදන්නේ. අනේ හොදයි. (ර)

:       0       0

සුදර්මා Tuesday, 02 June 2015 12:47 PM

නීතිය කියාත‍්මක කරන අයට තර්ජනය කරන පුද‍්ගලයින‍්ට වහාම දැඩි කියාමාර්ග ගත යුතුයි. (ර)

:       0       0

රූපවතී Wednesday, 03 June 2015 04:32 AM

මම නම් කවදාවත් දැකලා නැහැ ලංකාවේ කිසිම දේශපාලකයෙක් සංවරව ජනතාව ඉදිරියේ තම මව්බස කතාකරනවා. කතාකරන්නෙම අනෙකා විවේචනය කරමින් පළිගැනීමේ වාග් ප්‍රහාරයක්. ඒ වචන කතාකරන හැටි බලා ඉන්න ඕනෑම කෙනෙකුට හදවතට ඇතුළු වෙන්නේ වෛරය ක්‍රෝධය, පළිගැනීම , අනෙකාව, පාගාගෙන තමන් නැගීසිටීමේ වෑයම. ඒවායේ ප්‍රතිවිපාක අද සමාජයේ සියලුම දරුවන්ගේ මනස් විකෘති කරලා (නි)

:       0       0

දිලිප් Wednesday, 03 June 2015 04:51 AM

මේ කියන විදිහට ජනපතිවරණයට කලින් දවසේ අරලියගහ මන්දිරයේදී වුණා කියන කුමන්ත්‍රණයත් බොරුමයි කියලා අහක දාන්න බැහැ වගේ. ඔක්කොම එකම දිස්ත්‍රික්කයේ කට්ටියනේ? නීති විශාරදත් ළඟ තියාගෙනනේ මේ කතා කරන්නේ. (නි)

:       0       0

කනිෂ්ක Wednesday, 03 June 2015 05:16 AM

ප්‍රසිද්ධියේ ජනාධිපති තුමාටත් අසභ්‍ය විදියට බැනලාලු.මේවා ඔක්කොම මේ මිනිස්සුන්ගේ කටට අදාළ දේවල් විතරයි . තිරය පිටුපස සිට රුකඩ නටවන්නේ කවුද කියල අපිට තේරෙනවා. එතකොට මේ මිනිස්සු නරකයි . එයා සුදනා. (ම)

:       0       0

අජිත් Wednesday, 03 June 2015 05:19 AM

මේ ලංකාවේ කොහේද නීතියක්? (නි)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 03 June 2015 05:35 AM

ඔය පිටවෙන්නේ හිටපු අයගේ ගිනිපුපුරු.හැකි ඉක්මනින් පිළිතුරු දෙන්න.ප්‍රමාදවීම පසුතැවීමට හේතුවනු ඇත. (නි)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 03 June 2015 05:38 AM

ජනපතිවරණයට කලින් දවසේ අරලිය ගහ මන්දිරයේදී උණා කියන හමුදා කුමන්ත්‍රණය ගැන සියලු සාක්ෂි තිබියදී (දුරකථන සංවාද,නීතිපති,දෙවැනි නීතිපති,පොලිස්පති,...)පවා නීතියෙන් දැඩි දඩුවම් නොකරන්නේ ඇයි? (නදී)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 03 June 2015 05:39 AM

මම නිකම්ද කියන්නේ"නයෙක් වුනත් අවශ්‍ය වෙලාවේදී පෙනේ පුප්පල පෙන්වන්න ඕනේ මම නයෙක් කියල,නැතිනම් හිතන්නේ පන බයේ දුවන ගැරඩියෙක් " කියලයි.කැමති විදිහකට හිතා ගන්න. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 03 June 2015 05:41 AM

දැනට ලෝකයේ සිටින "දරුණුම ගනයේ හොරෙක්, මංකොල්ල කාරයෙක්" කිසිම ප්‍රස්නයක් නැතිව නිදැල්ලේ ඉන්නේ ලංකාවේ පමණයි. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 03 June 2015 05:43 AM

ලිබියාවේ ගඩාෆිට වගේ පැය 24 රෙන් පිළිතුරු නොදීම ගැන ජනාධිපති මෛත්‍රීට සමස්ත ජනතාවගෙන්ම සමාව ඉල්ලන්න සිද්ද වෙන දවසක් එනවා. ඒ දවස වැඩි අෑතක නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1773 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1122 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2051 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 511 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2943 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site