දෙමාසයක සිට ගමට වල් අලින් වදිතියි කියමින් මාතලේ මඩවල උල්පත කැටවල ගම්වැසියෝ අද එහි පැවති දිවි නැගුම වැඩසටහනක හා පළාත් සභා මන්ත්‍රී පරාක්‍රම දිසානායක මහතාට විරෝධය පෑහ.
පාරේ වාඩිවී ටයර් ද පුළුස්සමින් රතිඤ්ඤා පත්තුකරමින් ගැමියන් කියා සිටියේ අලි ප්‍රශ්නයට වහා විසඳුමක් දෙන ලෙසයි.
පළාත් සභාවට අලුතින් තේරී පත් වූ දිසානායක මහතා පැවසුවේ සතියකින් විසඳුමක් දෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ විසඳුම ඒ ගොල්ලොම හොයාගෙන. "පාරේ වාඩි වී ටයර් පුළුස්සමින් රතිඤ්ඤා පත්තුකලා" නම් අලි හතර මායිමට එන්නේ නැහැ. (ත)
මොකද මේ හැම එකටම විසඳුම් දෙන්න මිනිස්සු පාරට බහිනකන් ඉන්නේ? එතකොට රුපවාහිනියට මුණ දාගන්න ලැබෙන නිසාද? (ස)
පාරේ නිදියමු,රතිඤ්ඤා පත්තු කරමු. ටයර් පුච්චමු හොරු එළවමු (දිල්)
මේ අලි සතියකින් වල් කම අත්හැරලා හීලෑ අලි වෙයිද? (ස)
අලි ගම් වලට එන හේතුව හොයන්න? කැලේ වෙඩි දාල ගල් කඩනවා, ගංජා වවන්න හෝටල් හදන්න වැලි ගන්න ගස් කපන්න දේශපාලකයොයි හොරුයි රිංගලා. ඒකයි අලි එලියට ඇවිත් තියන්නේ, උන් මොලේ තියෙන සත්තු. අපේ විනාසකාරින්ට තේරෙන්නේ නැහැ. සුමානෙකින් කරන්න හදන්නේ පැටවූ අල්ලගන්න බලන එකයි.. උන්ට වෙඩි ගහල කුලප්පු කරන එකයි. විසදුම් සැලැස්මක් ඕනේ. අලිමන්තර ගැන ලිපියක් ලංකාදීපෙම තියෙනවා. ඒවා මිනිසුන්ට දෙන්න. ජීවිතයි අලියි දෙකම බේරන්න ඕනේ බෞද්ධ රටක් නම් දේවානම් පියතිස්ස රජ කාලේ ඉඳන් කළා වගේ. මේ පවට ගෙවන දවසට තේරෙයි අද බලේ රස විදින උතුමානන්ලට.(නදී)
ජනාධිපති මහින්ද රාජපක්ෂත් බලයට පත්වෙලා සතියකින් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා කිව්වා. මට පේන විධිහට ඔය දේශපාලන කාරයින්ගේ සති බ්‍රහස්පති වැනි දැවැන්ත ග්‍රහයෙකුගේ සතියක් (පොලවේ සති 416ක් ) වෙන්න ඕනේ. ඔහොම යන් !(නදී)
ජයවේවා ලක්දෙරණට මේ අලි ලොකුවෙලද අනේ මිනිසුනේ දැන්වත් මොලේ ඇති වැඩ කරන්න උත්සහකරන්න (දිල්)