බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රකාශයට පත් කොට තිබිය දී මහජන දේපොළ අයථා පරිහරණය කිරීමේ අවස්ථා කිහිපයක් වාර්තා වූ බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) කියයි.
මැතිවරණ කොමසාරිස්ට ලිපියන් යවමින් කැෆේ සංවිධානය කියනුයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්පත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගෙන ඇති බවයි.
අම්බලන්ගොඩ, කොළඹ, කොටිකාවත්ත සහ පන්නිපිටිය පාසල් කිහිපයක ඡන්ද අපේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන් පවත්වා ඇති බව කියන කැෆේ සංවිධානය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්පත් අයථා පරිහරණය වැලැක්වීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මැතිවරණ කොමාසාරිස්ගෙන් ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩුත් හාමුරුවන්ගේ?නඩුත් හාමුදුරුවන්ගේ? අපි මොනවා කරන්නද? (නදී)
ලංකාවේ එහෙම වෙනවද ? මේකත් අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. මන් මේ දැන් නැති හින්දයි අහන්නේ.(නදී)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා මහ මැතිවරණේ. (නදී)
මැතිවරණ නීති කඩන අය අපරාධ කාරයන් ලෙස සලකා බුද්ධිමත් ජනතාව ඔවුන්ට ඡන්දය නොදිය යුතුයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්පත් මැතිවරණ වැඩේට යොදවනවා නම් අධ්‍යාපන අධ්‍යක්ෂකට නිසි දඬුවම් දිය යුතුයි. (නදී)
අසිරිමත් ලංකාවනේ? මම දැක්ක රජයේ බස් වලත් පෝස්ටර් ගහල තියෙනවා, සුබ අනාගතයක් (අ)
මට නම් මොකුත් අහුනෙත් නැහැ දැක්කෙත් නැහැ (දී)
රොකී, ලංකාවේ ජනතාව ඉතාමත් බුද්ධිමත්.... ඒක හින්ද තමයි දේශපාලකයෝ ඉතාමත් ඉහලින්ම හැම පාරම චන්ද දිනන්නේ ...... (දී)
මේක ලංකාවේ සාමාන්‍ය දෙයක්නේ. කොයි පක්ෂය ආණ්ඩුකලත් හැම ඡන්දෙකදී ඒ අය රජයේ දේපල අයුතු ලෙස පරිහරනය කරනවාමයි. (අ)