(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ මහ නගරසභාව ඇතුළු ප්‍රාදේශිය සභා කිහිපයක මැතිවරණ පැවැත්වීම මැයි 16 වැනිදා තෙක් වළකාලමින් අභියහනාධිකරණය තහනම් නියෝගයක් අද (07) නිකුත් කළේය.
කොළඹ මහනගර සභාවට අමතරව කුලියාපිටිය, හාරිස්පත්තුව, උඩපළාත, පන්විල සහ පාතදුම්බර ප්‍රාදේශීය සභාවල මැතිවරණය පැවැත්වීම වළකාලමින් අභියහනාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළේය.
අභියාචනාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ නාම යෝජනා පත්‍ර බාර දීමේ කාලය ඉකුත්වීම හේතුවෙන් ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් ගොනුකොට තිබූ පෙත්සම් සලකා බැලීමෙන් පසුවය.
එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් එහි වගඋත්තරකරුවන්ට මැයි 16 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස නොතීසි නිකුත් කළ අධිකරණය අදාල නියෝගය එදිනතෙක් බලපැවැත්වෙන බවද ප්‍රකාශ කෙරිණි.
අභියාචනාධාකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නියෝගය නිකුත් කළේය.
පෙතසම්වල වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ තේරීම් බාර නිලධාරීවරු ඇතුළු පිරිසන් නම් කර ඇත.
උප්පැන්න සහතිකය, සාමවිනිසුරුවරුන්ගේ සහතික කිරීම හේතුවෙන් ප්‍රතික්‍ෂෙප වු නාම යෝජනා පත්‍රවල වලට එරෙහිව ගොනුකොට තිබූ පෙත්සම 53 සම්බන්ධයෙන් අධිකරණය සලකා බැලීය.
පෙත්සම් කැඳවු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා කරුණු දක්වමින් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බැවින් එම නියෝගය බලාත්මක බවත් ඒ අනුව මේ පෙත්සම් බාර ගැනීම ප්‍රතික්ෂේප කළ යුතු බවත් පැවසීය.
පළාත් පාලන මැතිවරණය කල්දැමීම හේතූවෙන් සිදුවන්නේ ජනතාවගේ බදු මුදල් නාස්ති වී තවත් රට අගාධයට පත්වීම බවත් මේ සම්බන්ධයෙන් වගකිවයුත්තේ සමහර නිලධාරීන් බවත් ඔහුගේ ක්‍රියාකලාපය මීට බලපාන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතු වැඩබලන සභාපති විනිසුරු ලපාර් තාහිර් මහතා කියා සිටියේ නිතිපතිවරයාගේ තර්කය නිවැරදි බවත් දෙපාර්ශවයටම සාධාරණයක් කළ යුතු බවත් පැවසීය.
පෙත්සම්කාර පාර්ශ්වයේ සහ ජනතාවගේ ඇති අයිතිය සම්බන්ධයෙන්ද සලකා බලා දෙපාර්ශවයටම සාධාරණ තීන්දුවක් දිය යුතු යැයි කී වැඩබලන සභාපති විනිසුරු ලපාර් තාහිර් මහතා මැයි 16 වැනිදා පෙත්සම් සලකා බැලීමට තීරණණය කෙරිණී.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ චාමර කාරියවසම් මහතා සමඟ ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා, නිසාම් කාරියක්පර් යන මහත්තුරු පෙනී සිටියහ.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා පෙනී සිටියේය.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පළාත් පාලන ආයතන කිහිපයක ඡන්දය මැය 06 නෑ
පුරවැසියන් Monday, 07 April 2025 05:29 PM
මේ තමා අපේ රටේ කරුමේ. නඩුව ගන්න පුළුවන් හෙට. ඒත් ගන්නේ මාසෙකට පස්සේ. ඒ මාසේ උසාවි කෝ? අපි මහජනයා වශයෙන් බදු ගෙවලා මේවා නඩත්තු කරන්නේ මෙහෙම ගොං වැඩ කරන්නද?
සෙනෙවිරත්න Monday, 07 April 2025 06:16 PM
චන්ද පනහක් වත් ගන්න බැරි ත්‍රීවිල් පක්ෂ මේ නඩු දාල මැතිවරණ කල් දාගන්නව, මේ අයගෙ චන්ද ගණන් කරල බලන්න මැතිවරණය තියපු දවසක. මේ නඩු වහ වහා අහල ඉක්මනින් ඡන්දය තියන්න තිබුන.