පොළොන්නරුව රෝහලේදී එක්දරු මවක මිය ගියේ සූකර උණ හෙවත් ඒ(එච්1එන්1) උණෙන් හෝ කුරුළු උණ හෙවත් ඒ (එච්5එන්1) උණෙන් යැයි පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය කියන්නීය.
දැනට ඇති තොරතුරු අනුව ඇය මිය යන්නට ඇතැයි සිතනුයේ ඉන්ෆ්ලුවන්සා ‘ඒ‘ රෝගයෙන් බව ඇය පවසන්නීය.
මෙම රෝගය ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක් බවත්, එය මිනිසාගෙන් මිනිසාට බෝවන බවත් විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය. ‘ඒ‘ හා ‘බී‘ ලෙස ඉන්ෆ්ලුවන්සා රෝගයේ උප විශේෂ දෙකක් ඇති බවද මිය ගිය කාන්තාවට ‘ඒ‘ විශේෂයේ රෝගය තිබෙන බව සොයගෙන ඇති බව ද ඇය කීවාය. මෙම රෝගය කැස්සෙන් හා කිවිසුමෙන් නිරෝගී අයකුට බෝවිය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.
මෙම රෝගය වැළඳී ඇතැයි සැක කරනවා නම් මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන වලට යාමෙන් වළකින ලෙසත් කැස්සකදී හෝ කිවිසුමකදී ලේන්සුවක් හෝ ටිෂු කඩදාසියක් භාවිත කරන ලෙසත් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය රෝගීන්ගෙන් ඉල්ලන්නීය.
උගුර රිදීම, කැස්ස, උණ, හිසරදය, ඇඟ පත අමාරුව, නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යාම,වමනය හා පාචනය මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වේ.
රෝගී තත්ත්වය උත්සන්න වූ විට හුස්ම ගැනීමේ අපහසුතාව, සිහිය අඩු වීම, තද උණ ඇතිවිය හැකියි. ගර්භිණි කාන්තාවන්ට මෙය වැළඳීමේ ප්‍රවණාතවය වැඩි අතර වයස අවුරුදු 2කට අඩු දරුවන්ට,වයස අවුරුදු 65 ට වැඩි අයට,වකුගඩු හා පිළිකා රෝගීන්ට ද මෙම රෝගය ඉක්මනින් වැළඳීය හැක. මෙම රෝගය උත්සන්න වුවහොත් නියුමෝනියාවද වැළඳිය හැකි බව වෛද්‍යවරු කියති.
මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘පොළොන්නරු කත මිය ගියේ කුරුළු උණෙන් නොවේ‘
සුලෝචන Wednesday, 28 December 2016 06:30 PM
මම නම් මේවා ගැන වැඩිය එළවන්නේ නැහැ