ජන්දය ප්‍රකාශ කිරීමෙන් පසු උද්දාමයට පත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාර කරුවන් පිරිසක් හලාවත පුත්තලම මාර්ගයේ හලාවත නගර සභාව ඉදිරිපිට මාර්ගය අහුරමින් රථවල පෙළපාළි යාම නිසා අද සවස පුත්තලම ගණන් කිරිමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙටිටි රුගෙන ගිය වාහන වලට අවහිර විය.
ආධාර කරුවෝ රතිඤ්ඤා දල්වමින් ඔල්වරසන් දෙමින් ජන්ද අපේක්ෂකයෙකුද පිරිවරාගෙන මග අහුරමින් ඒ මේ අත ගමන් කළහ.
පොලිසිය ඡන්ද පෙට්ටිවලට ආරක්ෂාව සැපයීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ සීග්‍රයෙන් දියුණු වෙන රටවල් වල ලක්ෂණ ,මෙවැනි මිනිසුන් එන්න රටක එහි පාලකයෝ ගැන මොන කතාද. ආසියාවේ අශ්චාර්ය නොව මුළු ලෝකයේම අශ්චාර්යට අපට එක්මනින් ලග විය හැක. (අ)
රාමා "අද දවසේ කියමන" ලෙසින් ඔබේ අදහස ට මාත් එකඟ වෙමි.(නදී)
මැතිවරණ තිබුනට වැඩක් නැහැ. ප්‍රතිපල කලින්ම දන්නවා වගේනේ,ඉතින් කියනවා සාධාරන මැතිවරණයක් තිබ්බා කියලා (නි)
අනේ අපි මොවුන්ට කතිරේ ගැහුවනෙ .... (නි)
මේවා මැතිවරන නොවෙයි සූදුවකි දිනපු ඵකයි පැරදිචිච ඵකයිගොඩ.මහජනතාව බිම. (අ)
හලාවත් උන සිදුවීමකට "පුත්තලමේ ඉන්නේ බූරුවොම තමයි" කියන් බූරුවො තමයි නියම බූරුවෝ! (අ)
ඡන්දෙ ඉවර උන ගමන් රට තනකොල නැවක් ලංකාවට යවන්න ඕන ..... (අ)
බුරුවන්ගෙන් වැඩක් වත් ගත හැකි. ඒත් මුන්ගෙන්? (අ)
පුත්තලමේ විතරද? මේ බුරුවන්ට රජවෙන්න ඡන්දෙ දුන්න අය බුරුවන්ගේ මේ අමන ක්‍රියා වලට වගකිව යතුය. රටක ඡන්ද තිබිය යුත්තේ වසර 5 කට හෝ 6 කට එක්වරක් සහ කෙනෙකුට තිබිය යුත්තේ එක ඡන්දයක් පමණි. මේක හරියට කසාද බඳින්න ගියාම ගැහැණු කීප දෙනෙකුටම කැමැත්ත දීම වගේ මහා අමන ක්‍රමයකි. මෙය අවසන් කරනතුරු ඡන්ද දීමෙන් වැළකීම හැර කල හැකි දෙයක් නැත. (අ)
අනේ මේ වගේ හරක්.(නදී)
රාමා පුත්තලමේ විතරක් නොවේ, මුළු ලංකාවේම බහුතරයක් දේශපාලුවෝ බූරුවෝ . ඒ බුරුවන්ට චන්දෙ දෙන අය පුත්තලම් බූරුවෝ (මේ කියමනට කකුල් හතරේ බුරුවන් කමා කරත්වා (අ)
අපේ බන්දුල පෙරේරා මහත්තය හිටියනම් හොදටම තරහ යයි මාර්ගය හරස් කර කියල. (අ)
ඔය නැති කරන්නේ තමන්ගේ අනාගත පරපුරේ අනාගතය නේද? (නි)
නුගත් කමින් පිරිපුන් ජනතාවගේ හැසිරීමි ,ඡන්ද කොමසාරිස්ට පුළුවන් මෙ දෙශපාලකයට විරුද්දව නඩුපරන්න සාක්කිත් තිබෙනවානේ. (අ)
ජොලියක් නැතිනම් වැඩක් නෑ දිනලා කික්ම තමයි,ඉවසපන් තව අවුරුදු 100 වත් බලයට එන්ඩ, (අ)
රටේ අවාසනාව
පුත්තලමේ විතරක් නෙමේ ඒ අවට පළාත් වලත් බුරුවන් වර්ධනය සීඝ්‍ර ලෙස වැඩිවී වී ඇති බව මේ වන විටත් ඔප්පුවී හමාරයි. (ස)
ඡන්දය දමපු ගමන් මෙහෙම නීති විරෝධිව හැසිරුනා නම් ,මෙවන් අය වැරදීමකින් හෝ ජනතාවගේ "වාසනාවට" දිනුවොත් කොහොම හිටීද? (නි)
මිනිසුනේ, ඇයි මේ තරම් මෝඩ වෙන්නේ? මේ වගේ දේවල් කරලා මොනවාද ලැබෙන්නේ. හෙට දවසේ පුටුවලට පත්වෙන අය මෙතන ඉන්න සේරටම එක වගේ සළකනවද? තමන්ගේ ඡන්දය පවිච්චි කළා නම් ගෙවල් වලට වෙලා ඉන්නේ නැතුව තමන්ගේ මෝඩකම් ප්‍රදර්ශනය කිරීමක් පමණයි මෙවැනි දේවල් වලින් පෙනෙන්නේ. (නි)
අපේ මිනිස්සු හරිම මෝඩ විදියට හැසිරෙන්නේ (නි)
පිස්සු නැත්නම් ශෝක් කිව්වලු... (නි)
ඔය එන්නේ සුපර් කට්ටියක් (නි)
මේවා නවත්වන්න හමුදාව යවන්නේ නැද්ද? (නි)
එතකොට කෝ රටේ නීතිය? (නි)
මෙහෙමත් නූගත් වැඩ? (නි)
අපේ රටේ ඉන්න එක්තරා ආකාරයක පාක්ෂිකයෝ ටිකක් කරන වැඩ නිසා රට සමච්චලයට ලක් වෙනවා ... (නි)
තව දෙමු, ඔවුන් මොන්ටෙරෝ එකේ යයි, අපේ විදුලි බිල නග්ගවයි. (නි)
අපේ බන්දුල පෙරේරාට කියන්න තිබුනේ.එහෙම කළා නම් ඔක්කොටම වෙඩි තියයි (නි)
ඔය පෙළපාලිය ඡන්ද පෙට්ටි ටික මාරුකරගන්න කරපු උප්පර වැට්ටියක්.(අ)
"මෝඩ හැත්ත" මුන්ට දන්නෙ මෙචිචර තමා, මේ මෝඩයෝ රටේ ඉහල තීන්දු තීරන ගන්න තැන් වලට පත් වුනාම රට ගැන කවර කතාද (අ)
තව අවුරුදු ගානක් පුළුවන් නිසා සතුටු ඇති. ,ගනින්න ඉස්සල්ලම මෙයාල ප්‍රතිපල දනනව,අනේ ලංකාවේ මිනිස්සු ඡන්දෙ දෙනවනේ.(නදී)
දැන් මෙහෙම නම් පස්සේ මොනවා වෙයිද?(නදී)
පුත්තලමේ නම් ඉන්නේ බුරුවොම තමා (අ)
තවත් මහජන දේපල සුරා කන්නෙක් බිහිකිරීමේ ප්‍රීතිය බුක්ති විඳින පාටයි (අ)