IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පළවැනි වතාවේ ජනප‍්‍රිය සම්මානය ලබද්දී අප්පච්චි ළඟ නැහැ

2016-08-28-ent-41

හිටියෙ නැහැ. මෙදා අම්මත් නැහැ” ගිය වසරේ දී මෙන්ම මෙම වසරේදී ද සුමති ටෙලි උළලේ දී ජනප‍්‍රියම නළුවාට හිමි ටෙලි සම්මානය ලැබුණේ කාවිංග පෙරේරා හටය. විටෙක පෙම්වතා, විටෙක දුෂ්ඨයා, තවත් මොහොතක දී වෙනස්ම චරිත රංගනයක් වෙතින් චරිතාංග රංග ශිල්පියකු ලෙස ටෙලි තිරය හැඩ කරන ”කාවිංග” මේ දිනවල හමුවන්නේ වස්සාන පේ‍්‍රමය, සීතල ගිනිදැල්, සේයා නාට්‍ය චරිත වෙතිනි. ඒ සියල්ලටම සාපේක්ෂව ජනප‍්‍රිය සම්මානය නැවතත් හිමි කරගත් කාවිංගට එය දැනෙන්නේ කෙලෙසින් විය හැකිද? ඒ සම්මානයේ සතුට අරන් ඔහු සැඳැල්ලට පැමිණි නිමේෂය හැඩවුණේ මෙලෙසිනි.

 

කාවිංග ඔබට ලැබෙන චරිත තරමක් ඒකාකාරියි වගේ නේද?

2016-08-28-ent-39එහෙමම කියන්න බැහැ. මම හිතන්නේ පෙම්වතාගේ සිට තාත්තා දක්වා විවිධ චරිත රඟපෑමට මට අවස්ථාව ලැබුණා. මම එක රාමුවකට කොටු වුණේ නැහැ.

 

මේ විදිහට මේ දක්වා රඟපෑ චරිත අතරින් ඔබට දැනිච්ච චරිතය මොකක්ද?

රඟපෑ සෑම චරිතයකටම වගේ එක ලෙස ආදරෙයි. ඒත් ඒ අතරින් සිවගුරුනාදන් සර්ගෙ ”අඟුරු සිත්තම්” රඟපෑමෙන් පසු ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු ප‍්‍රතිචාර හරිම වෙනස්. ඒක මාරයි. ඒ නිසා ඒ ගැන පුද්ගලිකව සතුටු වෙනවා.

 

ඔබ හිතුවද ජනප‍්‍රිය කිරුළ ලැබේවි කියලා?

හීනෙකින්වත් නැහැ. ගිය අවුරුද්දෙත් මේ සම්මානය ලැබෙද්දී මට එය ලැබේවි කියලා හිතුවෙ නැහැ. ඒ ගිය වසරේ දී වගේම මේ වසරේ දී ජනතාව මට ීඵී එවලා ජනප‍්‍රිය කිරුළට යොමු කළා. ඒ ගැන මගේ හද පත්ලෙන්ම ඔවුනට ගෞරවය පුදනවා.

 

ඇයි මෙවරත් ඔබට ඒ සම්මානය ලැබෙන්න ඇත්තේ?

මම කැමරාව ඉදිරියේ දී විතරයි නළුවකු වුණේ. සමාජයේ දී මම හිටියෙ මිනිස්සු එක්කයි.

 

මිනිස්සු අතරට ගිහින් ඔබ මොනවද කළේ? කොහොමද සමාජයෙ ගැවසුණේ?

සාමාන්‍ය සමාජයේ දී මිනිස්සු අපට හරි ආදරෙයි. ඒ ආදරය ලෙංගතුකම අපට දැනෙන්න ඕනෑ. එවිට අපි ඔවුනට දුරස්ථ වන්නේ නැහැ. එයාල කතා කරන කල් මම කවදාවත් ඉඳලා නැහැ. මම එයාලා එක්ක කතා කරලා හිනා වෙලා ඒ මොහොතට අවංක වෙනවා. මාත් සාමාන්‍ය සමාජයේ චරිතයක්. නළුකම රූගත කිරීම් කෙරෙන මොහොතට විතරයි. ඉතින් ඒ සරලකම අපි හැමෝටම පොදු දෙයක්නේ.

 

කාවිංග ඔබ අද මේ නළුකම විතරමද කරන්නේ?

නළුකම එක්ක වෙනත් වෘත්තියක නියැලෙන්න තරම් කාලයක් නැහැ. මේ දෙවියන් වහන්සේ දුන් වරමක්. මේ නිසා ජීවිතයට ලැබෙන දැනුම් සම්භාරය හරිම ඉහළයි. මැරෙන තුරාවට අත්දැකීම් ලබන්න පුළුවන් වෘත්තියක්. ඒ නිසා ඒකට මම ගෞරවනීයව කැපවෙලා. මම වෘත්තියට හරිම ආදරෙයි.

 

ජනප‍්‍රියත්වය මේ විදිහට ලැබෙනවා, ඒ වගේම හෙට එය නොලැබෙන්නත් පුළුවනි. ජනප‍්‍රියත්වය නැති වුණාම එය දරා ගන්න අමාරුයි කියලා කතාවක් තියෙනවා. එවැනි දේකට ඔබට මුහුණ දෙන්න වුණොත්?

සියල්ල රඳා පවතින්නේ අපි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන විදියත් එක්කයි. මම අපේ අප්පච්චිගෙන් ලබා ගත් ඉහළම දේ මනුස්සකමයි. අප්පච්චි සල්ලි නෙමෙයි, මිනිස්සුයි හම්බ කළේ. අන්තිමට අප්පච්චි මැරෙන මොහොතේදිත් කිව්වෙ, සල්ලි නෙවේ, මිනිස්සු හම්බ කරපං කියලයි. ඒ වෙනුවෙන් මට පටු අරමුණු නැහැ. දෙන්න ඕනෑ දේ මම සමාජයට ලබා දෙනවා. ස්වභාවධර්මය, මට දිය යුතු දේ ලබා දේවි.

 

දැන් සම්පුර්ණයෙන්ම පවුලේ බර ඔබ අතේ නේද?

අප්පච්චි 2012 නැති වුණේ. ඉන් පස්සේ අම්මවයි නංගිවයි කාටවත් කරදරයක් නැතිව හොඳින් බලා ගත්තා. අම්මත් අසනීප වුණා. ඉන් පස්සේ අම්මාව ගොඩ දාන්න උපරිමයෙන් උත්සාහ ගත්තා. ඒත් හරි ගියේ නැහැ. හැබැයි ඒ දෙන්නගෙ ආශිර්වාදය මට ලැබෙන බව විශ්වාසයි. ඒ දෙදෙනාගේ ඉහළම බලාපොරොත්තුව වූ මගේ එකම සහෝදරිය විවාහ කර දීම අද මගේ එකම බලාපොරොත්තුවයි. නංගි වෙනුවෙන් මම එය උපරිමයෙන් ඉටු කරනවා.

 

අද අම්මා, තාත්තා නැති අඩුව ඔබට දැනෙන්නේ කොහොමද?

ඒක වචනයෙන් කියන්න බැරි තරමටම ගොඩාක් ගොඩාක්ම දුකක්. පළමු වතාවේ සම්මානය ගනිද්දි අප්පච්චි හිටියෙ නැහැ. දෙවැනි වතාවෙදි අම්මා නැහැ. ඒත් පළමු වතාවෙදි සම්මානය ලැබුණාම දෙවැනි සැරේවත් පුතාටත් සම්මානයක් ලැබෙන බව අම්මි කීවා. ඒත් එය ලැබෙද්දි ඇයත් නැහැ.

 

ඉදිරියේ දී ඔබගේ ජීවිතය කෙසේ වේවි ද?

නිහතමානී කලාකරුවකු ලෙස අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු ඇතුළු කලාවේ සියලූ දෙනාම ගරු කරමින් ගෞරවනීයව කලාවේ නිරත වේවි.

 

නංගිට පෙළවහක් කරදීලා, ඊට පස්සේ අයියත් පෙළවහක් කර ගනීවි නේද?

විවාහ වෙන්න ඕනෑ. හොඳ කෙනෙක් හොයාගෙන කසාදය කර ගන්න ඕනෑ තමයි.

 

කාවිංග කවුද?

හරිම නිහතමානී, ඕනෑම පුද්ගලයකු සමග හිනාවෙලා කතා කරන, අවංක හදවතක් තියෙන, මෝඩ කොල්ලෙක්.

 

සඳුන් ගමගේ

 

‍‍2016-08-28-ent-38
2016-08-28-ent-37



අදහස් (0)

පළවැනි වතාවේ ජනප‍්‍රිය සම්මානය ලබද්දී අප්පච්චි ළඟ නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 105 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 62 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 621 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 359 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1840 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 696 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site