IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


පිළිස්සුනු ඇහැට අලුත් ඇහැක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව ප්‍රථමවරට සම්පූර්ණ මිනිස් ඇසක් බද්ධ කිරීමට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ වෛද්‍යවරුන් පිරිසක් සමත් වී ඇත.ඇරොන් ජේම්ස් නැමැති රෝගියාගේ සම්පූර්ණ වම් ඇස වෛද්‍යවරුන් මෙසේ බද්ධ කර තිබේ.

අධි බලැති විදුලි රැහැනක් හේතුවෙන් සිදු වූ අනතුරකින් ඇරොන් ජේම්ස්ගේ මුහුණේ කොටසක් විකෘති වී වම් ඇස අහිමි වී ඇත.ඔහුගේ මුහුණ නැවත ගොඩ නැගීමේ කාර්යයේදී එම ස්ථානයේ හිඩැසක් තබනවාට වඩා ඇසක් බද්ධ කිරීම මගින් ජේම්ස්ගේ මුහුණ පෙර තිබූ තත්ත්වයට බොහෝ සමාන වන අයුරින් නැවත සකස් කිරීමට හැකි වනු ඇතැයි වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.එම අරමුණින් ජේම්ස්ගේ සම්පූර්ණ වම් ඇස බද්ධ කළ බවත් එය සාර්ථකව සිදු කිරීමට හැකි වූ බවත් නිව්යෝර්ක් නගරයේ ලැන්ගොන් හෙල්ත් වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්ලාස්ටික් සැත්කම් ශල්‍ය වෛද්‍ය එඩුවාර්ඩෝ රොඩ්රිගස් පවසා ඇත.

ජේම්ස්ගේ වම් ඇස සාර්ථකව බද්ධ කර ඇතත් ඉන් පෙනීම ලැබේවිදැයි නැද්දැයි පැවසීමට මෙය කාලය නොවන බව වෛද්‍ය රොඩ්රිගස් පෙන්වා දී තිබේ.මීට පෙර කිසිම අවස්ථාවක සම්පූර්ණ ඇසක් බද්ධ කිරීමක් සිදු කර නොමැති බව වෛද්‍යවරයා පවසයි.



අදහස් (0)

පිළිස්සුනු ඇහැට අලුත් ඇහැක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 68 0

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 142 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


ආරුක්කු පාලම උඩ ඉන්දු - ලංකා සලරුවක්
2024 ඔක්තෝබර් මස 09 61 0

ඇල්ල දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම ඊයේ(09)වැනි දින සිට ආරම්භ විය.


නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 09 666 1

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හ


හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 527 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1886 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39592 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25767 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site