
(ගයාන් සූරියආරච්චි)
හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මියගිය ඉෂාර හර්ෂ කුමාර නැමැත්තාගේ මරණය සම්බන්ධයෙන් මේවනවිට 17 දෙනකුගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය පවසයි.
ඒ අනුව පොලිස් නිලධාරීන් 9 දෙනකුගෙන් සහ සිවිල් පුද්ගලයන් 8 දෙනකුගෙන් පොලිසිය ප්රකාශ සටහන් කරගෙන ඇත.
මියගිය ඉෂාර හර්ෂ කුමාර නැමැත්තා සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු මේ වන විට බන්ධනාගාරගතව සිටින අතර අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව පෙරේදා (29) දින බන්ධනාගාරයට ගොස් එම සැකකරුගෙන්ද ප්රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය පවසයි.
හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ හිටපු උප පොලිස් පරීක්ෂකවරයා පෙරේදා (29) වන දින හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්රතාත්වරයා නියෝග ඇත.
මියගිය ඉෂාර හර්ෂ කුමාර නැමැත්තා ඉකුත් 24 වන දින රිය අනතුරක් හේතුවෙන් ප්රතිකාර ලබා ගැනීම සඳහා හෝමාගම රෝහලට පස්වරු 01.05 ට පමණ ඇතුළත්ව පසුව එදිනම පස්වරු 05.55 ට අනවසරයෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
විමර්ශන නිලධාරීහු ඒ සම්බන්ධයෙන්ද අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව සිටිති.
පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු එම සිද්ධියේ විමර්ශන කටයුතු සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd