(අංජුල මහික වීරරත්න)
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට රැස්වීම් හෙට (2) සිට කොළඹ දිස්ත්රික්කයෙන් ආරම්භ කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්රධානී හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පැවසීය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම රැස්වීම් පවත්වන බවද ප්රනාන්දු මහතා කීය.
හෙට අරඹන රැස්වීම් මාලාව සතියේ දින පහේම දිවයින පුරා පවත්වන බව ජොන්ස්ටන් ප්රනාන්දු මහතා කීය.
ප්රනාන්දු මහතා මේ බව කීවේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්රික්කයේ ආසන සංවිධායකවරුන් සමඟ පැවති රැස්වීමකදීය.
ආණ්ඩුව විසින් ජනතාවට ලබාදුන් බොරු පොරොන්දු පිළිබඳව මෙන්ම ආණ්ඩුව සිදු කරන වංචා හා දූෂණ පිළිබඳව මෙහිදී ජනතාව දැනුවත් කරන බව කී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා කන්ටේනර් 323 පැන්නීම,ගල් අඟුරු වංචාව, හැකරුන් පැනීම,වැරදි ගිණුම් වලට මුදල් යැවීම වැනි වංචාවන් පිළිබඳව ජනතාවට නැවත නැවතත් මතක් කර දෙන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd