
(මනෝප්රිය ගුණසේකර)
සිය මවට ප්රතිකාර ගැනීම වෙනුවෙන් කොළඹ ප්රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ගෙවිය යුතු රුපියල් කෝටියකට අධික මුදලක් නොගෙවා වංචා කරන ලදැයි කියන දුවක ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහෙස්ත්රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය අද නියම කළාය.
සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවු අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජිත් හීල්ලගේ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකාරිය රුපියල් ලක්ෂ 05ක් වටිනා ශරීර ඇපයක් මත මුදාහැරීමට මහෙස්ත්රාත්වරිය නියම කළාය.
මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ නාවල ප්රදේශයේ පදිංචි එන්.එෆ්. රාජකරුණා මහත්මියයි.
2026 අගෝස්තු 27 වැනිදාත් ඔක්තෝම්බර් 11 වැනිදාත් අතර කාලයේ කොළඹ 10 නොරිස් කැනල් පාරේ අංක 114 දරණ ස්ථානයේ පිහිටි ප්රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් ලබා ගන්නා ලද වෛද්ය සහ රෝහල් සේවා සඳහා ගෙවිය යුතු රපියල් 2.24.06.313/-ක සමස්ථ මුදලින් රුපියල් 1.06.06.313/-ක මුදලක් ගෙවීම පැහැර හැර වංචනික ලෙස අයථා පරිහරණය කිරීම ඇතුලු චෝදනා දෙකක් යටතේ විත්තිකාරියට එරෙහිව නඩු පවරා ඇත.
බිල්පත් මුදලින් විත්තිකාරිය රුපියල් 1.18.00.000/-ක මුදලක් ගෙවා ඇති බවත් ඇයට රුපියල් ලක්ෂ 10 ක මුදලක් වට්ටම් වශයෙන් දී ඇති බවත් චෝදනා පත්රයේ සඳහන් කර ඇත.
අධිකරණයෙන් නිකුත් කර තිබු සිතාසියකට අනුව නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටියාය.
විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජිත් හීල්ලගේ මහතා කරුණු දක්වමින් පෞද්ගලික පැමිණීල්ලකදී සම්පුර්ණ කළ යුතු කරුණු තම සේවාදායකාවට එරෙහිව පවරා ඇති මෙම නඩුවේදී සම්පුර්ණ කර නොමැති නඩුව ඉදිරිපත් කර ඇති හෙයින් මුලික විරෝධතාවයක් මතු කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි කීය.
පෞද්ගලික රෝහල වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කරුණු දක්වමින් විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කරන බව කියන මුලික විරෝධතාවයට පිළිතුරු දීමට තමන් අපේක්ෂා කරන්නේ යැයි කීය.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව මුලික විරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීමට විත්ති පාර්ශවයට නියම කළ මහෙස්ත්රාත්වරිය නඩුව දෙසැම්බර් 17 වැනිදා යළි කැඳවීමටද නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd