කටුනායක අධිවේගී මාර්ගයේ මුලින්ම ගමන් කිරීමේ අවස්ථාව හිමි වූයේ කෝට්ටේ ප්‍රදේශයේ ඉංජිනේරුවකුගේ බීඑම්ඩබ්ලිව් කාරයටයි.
ඔහු පස්වරු හයට පිවිසුම් ටිකට්පත ගන්නා විට තවත් වාහන සියයක් පමණ පිටුපසින් තිබිණි.
මෙම මාර්ගයේ රාජකාරි සඳහා පොලිසියේ 188 දෙනෙක් පමණ කැඳවනු ලැබ සිටිති.
සුපිරි මගේ ආරක්ෂක ඇමරා 55ක් ද, විශේෂ දුරකතන පණිවුඩ ක්‍රමයක් ද ස්ථාපිත කර ඇත.
පාසල් 25ක තූර්ය වාදක කණ්ඩායම් විවෘත කිරීමේ උළෙල වර්ණවත් කළ අතර මුල්ම දුරකතන ඇමතුමට පිළිතුරු දෙමින් ජනපති දුරකතන පද්ධතිය විවෘත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයට හොඳයි කියන්න බැරි කියන්නේ කුහක කමට .ඒක නිසා අපි අවංකව රටට ආදරේ කරන මිනිස්සු වගේ මේකට සතුටු වෙමු .එකට සතුටු වෙන්න පක්ෂයක් ඕනේ නෑ. අපි ලංකාවේ පුරවැසියෝ නිසා සතුටු වෙමු. (ස)
මගේ වාහනේ යන්නෙත් ඔය පාරේ තමයි..අපේ රටට ජය වේවා!!! (ස)
අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට ගොඩක් ආඩම්බර වෙන්න ඕනෑ අපේ රට දැන් තිබෙන තැන ගැන. (නි)
අයියෝ! බටහිරයන්ගේ වාහනයකද ගියේ? (නි)
ගොඩක් හොඳ වැඩක්. ඒත් අනේ මම නම් මේ දවස් වල කල්පනා කර කර ඉන්නේ මෙදා පාර බජට් එකෙන් අපේ බඩට කොර වෙන්න ගහයිද? ඉදිමෙන්න ගහයිද? උඩ යන්න ගහයිද කියලා. (ස)
යුද්දයෙන් පසු අපේ රටට ආධාර ගලා ගෙන එනවා . එම ආධාර දෙන රටවලට ස්තුති වන්ත වේවා. එම ආධාර නිසි ලෙස නිසි තැන් වලට යෙදවීමට පාලක පක්ෂයට සිත් සතන් පහල වේවා. (ස)
හොඳ වෙලාවට සිංහල ලියන්න කියවන්න පුළුවන් ලංකාවේ අයට විතරයි. බැරි වෙලාවත් සිංහල ජාත්‍යන්තර භාෂාවක් උනා නම් විජාතිකයෝ අපිට හිනාවෙනවා. අපේ තියෙන දීන සහ කුහක කම් වලට. තවමත් අපිට ජාතියක් රටක් හැටියට හිතන්න බැරිවීම පිලිබඳ මගේ කණගාටුව. බොහෝදෙනා ණයවෙලා කරන සංවර්ධනය ගැන කතාකරනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී නොමිලේ ලබාදෙන දේවල්වලට රට ණයවෙන එක ගැන කතා කරන්නේ නැහැ. සමහර කැට හොල්ලල රතු කමීස අදින සහෝදරයෝ හැම දාම ජනතාවට කියන්නේ ආණ්ඩුව උඹලට කරන්නේ නැහැ. උන් සැප විඳිනවා කියලා. හැබැයි උන් ජනතාවට කියන්නේ සහන ඉල්ලාපන් කියලා. සහනාධාර මතය පෙන ජන විඥානයක් හැදුවම උන් හිතන්නේ උන් දිනුම් කියලා. හැබැයි ජනතාව දිනවන්න කොයි කවුරුත් උත්සහ කරන්නේ නැහැ. (ස)
ඩෙන්සිල්..කොහෙද එහෙම අවදානමක් ගැන කියල තියෙන්නේ. නිකන් හිතළු ඇත්ත වගේ කියන්න එපා. (ස)
ඇලෙක්ස් රොහාන්, නිකන් නයි නටවන්න හදන්න එපා. ඔයාගේ වාහනේ මිල ඇහුවේ නැහැනේ කවුරුවත්. (ස)
මෙවැනි සිහින මහ පොළොවට ගෙන ආ විට ජාතියේ මිතුරන් හා ජාති ද්‍රෝහීන් කවුදැයි පැහැදිලිව හඳුනා ගත හැකියි. ජාතියේ මිතුරන් එහි ප්‍රයෝජන, වාසි, එය භාවිතා කර තමා සහ අනුන් මෙන්ම රට දියුණු වන හැටි දකින අතර ජාති ද්‍රෝහීන් එහි ණය බර, තමන්ට නොලැබීම, අනුන්ට ලැබීමේ ඊර්ෂ්‍යාව ප්‍රදර්ශනය කරයි. සිංහල මිනිස්සු ජාතියක් හැටියට එකමුතු වී හැමදේම "සිංහල මිනිසාගේ දියුණුව" යන කෝණයෙන් බැලුවේ නැති නම් ලංකාව සිංහලයාට අහිමි වීම අපේ ජීවිත කාලයේදීම දැක බලාගන්න පුළුවන්..... එතකොට ජාති හිතෛෂී, ජාති ද්‍රෝහී සියලු දෙනාම පරක්කු වැඩියි...!!! (ස)
වෙනත් රටවලත් සෞඛ්‍ය අධ්‍යාපනය නොමිලේ දෙන බව අපි දන්නවා. නොදන්නා අයව මෝඩයෝ කරන්න හදන්න එපා. (ස)
දැන් ඉතින් කැසිනෝ ඉක්මනට පටන් ගන්නකෝ!!! (නි)
නැව ගිලුනත් බෑන් චුන් ලංකාවේ කට්ටියට (නි)
මෙවන් වූ ලොකු ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්න විශාල මුදලක් වැය වෙනවා. බැරිද මේ ටික අඩුකරලා ඒ එන මුදලෙන් රටේ ණය ටික ගෙවලා දාන්න. ජනතාවට සහනයක් දෙන්න. (නි)
බුද්ධිමත් ජනතාව මේවට පිළිතුරු දෙන්නේ කොහොමද? (නි)
ඩුබායි තිලක් ලංකාදීපයේ එසැණ බසයට නගින්න එන්නේ නැහැ. (නි)
අද උදේ කොළඹ පාරේ වාහන හරි අඩුයි. කරදරයක් නැතුව ආවා (නි)
ණය නොවී රටක් හදන්න බැහැ. ඇමරිකාවත් කොච්චර ණයද? (නි)
තවත් පිවිසුම් ස්ථාන තිබෙනවානේ? (නි)
මංජුල ඔබ හරි .අපේ වගේ නිදහස් අධ්‍යාපනය දෙන රටක් ලෝකේ කොහෙවත් නැ.අපි අපේ රටට ණය ගැතියි. (ස)
පළමුවැනි කාරය ජපන් වාහනයක් නොවීම ගැන කණගාටු වෙමි. (නි)
ස්තූතියි කැලුම් අපිට අඩම්බරයි. (ස)
මංජුල,ශානි දැන් කොහෙද නිදහස් අධ්‍යාපනයක්? නිදහස් අධ්‍යාපනය යනු වචනයක් විතරයි !!! (නි)
ඇලෙක්ස් රොහාන් ජපානය,ඔබ පළකළ අදහස දුටු විගස මාගේ කටට අදහස් සියයක් පමණ ගලා ගෙන ආවේය. නමුත් ඒ කිසිවක් මම මෙතන නොකියමි. කිව්වයි කියලා හිතාගන්න. (නි)
මොහොමඩ් සිද්දික්, බොරුනම් දාගෙන නිකන් මෝඩ අදහස් දාන්න එපා (නි)
ආනන්ද කිවුව එක ඇත්ත (නි)
ඉංජිනේරුවෙකුට බී ඒම් ඩබ්ලිව් එකක් හිමි වීම ගැන ඉංජිනේරුවෙකු වශෙයෙන් ආඩම්බර වෙමි. (ස)
මහේෂ් ,කිසිම දියුණු රටක් කිසිම දෙයක් නොමිලයේ දෙන්නේ නැහැ. (නි)
ලද දෙයින් සතුටු වන්න. අදීන වෙන්න. අනුන්ගෙන් ලැබෙනතුරු ඉන්න එපා.උත්සාහවන්ත වෙන්න. (නි)
හිගන්නන්ට කොහෙන්ද උණු බත්? (නි)
මේකේ අදහස් දාල තියෙන ඔක්කොමලා, සිංහල අය වාගේම පිටරටවල ඉන්න අයයි.එවන් අයට මොකටද ඉතින් ලංකාව ගැන කැක්කුමක්? නිකන් ඔහෙටම වෙලා ඉනකෝ, ලංකාව මුස්ලිම්කරණය සහ දෙමලකරණය කරගෙන අපි වාසය කරන්නම්කො. (ස)
යුද්ධයෙන් පසු රටට ලැබෙන ආධාර හුඟක් ණය ආධාරයි. ඒවා නිසි ලෙස රටේ අවශ්‍යතාවයන් උදෙසා යොදන්නේ නම් ජාතියක් වශයෙන් නිසි ඵල ලබාගන්න පුළුවන්. (නි)
මහේෂ්..නොමිලේ දෙන්නේ බදු ගහල අයකර ගෙන බවත් අමතක කරන එපා. (ස)
මහේෂ්, ඔයා මෝඩයි කියලා පේනවා ප්‍රකාශයෙන්ම, ලංකාවේ වගේ සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් දෙන වෙන රටක් කියනවද අපිටත් ගිහින් පදිංචි වෙන්න පුලුවන්ද බලන්න. මම මේ වැඩ කරන ආයතනයේ රටවල් 22ක මිනිස්සු වැඩ කරනවා. එයින් රටවල් බොහොමයක පිරිස සමග මම කතා කරලා තියෙනවා. බහු තරය ආසියාතිකයින්. ඔවුන් පුදුම වෙනවා අපිට මෙහෙම දේවල් තියෙනවා කියලා. ඔවුන් අහනවා මෙහෙම හැම දේම නිකන් දෙනකොට උඹලගේ රට දියුණුවෙන්නේ කොහොමද කියලා. (ස)
අපි පොඩි කාලේ රේඩියෝ එකක් ශීතකරණයක් ඇරුනු කොට රුපවාහිනී / ජංගම දුරකථන / පරිඝනක / ටැබ්ලට් / නවීන යාන වාහන / නවීන තාක්ෂණික උපකරණ / අන්තර්ජාලය වැනි දේවල් ලංකාවේ තිබුනේ නැහැ. නමුත් අද දියුණු රටවල්වල තරමටම හැම ක්ෂේත්‍රයම දියුණු වෙලා. ලංකාව නිකම්ම හිටියා නම් මේ දේවල් අපිට මෙහෙම ලැබෙන්නේ නැහැ. හිටපු රජයන් මෙන්ම රජයත් ලංකාවේ මිනිස්සුත් එකට වැඩ කරපු නිසා සහ වැඩ කරන නිසා අපි මේවා භුක්ති විදින්නේ. අපි දුප්පත් කියල නිකම් ඉඳල මේවා ලඟා කරගන්න බැහැ. ලංකාවේ මිනිසුන්ගේ උගත් කම උත්සාහය නිසා දියුණුව කරා යන්න හැකිවෙලා තියෙනවා. මේවා වෙන අතරේ අර පරණ තාලෙට හැම දේකම වැරැද්ද පමණක් දකින අයත් ඉන්නවා. (ස)
සල්ලි තියෙන හොඳ වාහන තිබෙන අය මේ මාර්ගය පාවිච්චි කරනකොට, අනෙක් පාරේ වාහන තදබදය අඩුවෙනවනේ. එතකොට කාටත් හොදයිනේ. හැමෝටම කරදරයක් නැතුව යන්න පුළුවන්. (නි)
හොදයි. ඊට අනුබද්ධ යෝජිත ආයෝජන කලාපත් ඇතිකළා නම් තවත් හොදයි. (නි)
මමත් මගේ පරණ මොරිස් මයිනර් එකෙන් ගියා අන්තිමට (නි)
මම අවරුදු 25 ක් ම ඩුබායි වල වැඩ කරන්නේ. මෙහෙ තිබෙන මෙට්‍රෝ දුම්රියේ යනකොට හිතෙනවා අපේ ලංකාවටත් මේ වගේ තිබෙනවා නම් කොච්චර වටිනවද කියලා. ජනතාවට විශාල පහසුවක් ගමනාගමනය. (නි)
මේ ණය ගෙවන්නේ අපිනේ (නි)
කැසිනෝ ගහලා මේ පාරේම යන්න පුලුවන් කුරුල්ලා වගේ ! (නි)
පාරවල් හදන්න ණය ගන්න එක හොද අාදායම් මාර්ගයක්. (නි)
බදු අඩුකර ජනතාවට සහනයක් දෙන්නේ කවදාද ? බඩු මිල අඩුකරනු !!!! (නි)
ලංකාවේ අයගේ සතුට චීනයේ අයගේ අමන්දානන්දයට හේතු වනු නිසැකයි (නි)
අනේ විදුලි දුම්රිය නම් නැතිවුණාට කමක් නැහැ, තියෙන කෝච්චි ටික වෙලාවට දුවවන්න. (නි)
මධු, ඔබගේ ආර්ය සිංහල ගති පෙනෙනවා, හොදින්ම කකුලෙන් අදින නිසා (නි)
අපේ මිනිස්සු නිකං මුලාවෙනවා.අප ප්‍රශ්න යටගහනවා. (නි)
ගණන තමයි සැර (නි)
රටේ පාරවල් හදන එක ගැන ගොඩාක් සතුටුයි,ඒත් තිබෙන ප්‍රශ්නය මේවා හදන්නේ අපිම හම්බ කළ සල්ලි වලින්ද කියන එකයි. (නි)
අනේ අපි වගේ අහිංසක ත්‍රීරෝදකාරයෝ කොහේ යන්නද ? ඒත් අපිත් රටේ ණය ගෙවන්න ඕනෑ (නි)
බී ඒම් ඩබ්ලිව් හිමි ඉංජිනේරුවෙකුට පළමුව යාමට ලැබීම ගැන ඉංජිනේරුවෙකු වශෙයෙන් ආඩම්බර වෙමි (නි)
අනේ මගේ වාහනයට තැනක් නැහැ වගේ (නි)
මගේ රට සව්සිරියෙන් බැබළේවා...!!! (නි)
සැප වාහන වලට සැපෙන් ගොස් ඉක්මනින් කටුනායකට ළඟා විය හැකිය. සැපවාහන ලද්දෝ පින් ලද ඇත්තෝ වෙමු. (නි)
අපිට විදුලි දුම්රිය හඳුන්වා දෙන්න. කාට ණය වුණත් කමක් නැහැ. (නි)
මගේ රට ගැන ආඩම්බරයි. මගේ රටට දළදා හිමි සරණයි....!!! (නි)
මාර්ග පද්ධති දියුණු කරන එක හරි.නමුත් ලංකාව ලෝකය ඉදිරියේ ණය ගෙවීමේ අවදානම් රටක් විදියට නම් කරලා බව රටේ ජනතාව සිහි තබා ගැනීම කළ යුතු වනවා (නි)
පාර හදලා තියෙන්නේ වාහන යන්න. ඒක මොනවා වුණත් මොකෝ? (නි)
කැරවන් එකට යන්න විනාඩි 20 න් බැරි වෙයි. (නි)
කෝ මේ ඩුබායි තිලක්ගේ ෆෙරාරි එක?මගදි හුළං බැස්සද? ගෑස් ඉවරවෙලා තවම තල්ලු කරගෙන එනවද? දැන් ආවට වැඩක් නැහැ. අතුලගෙ පරණ මොරිස් මයිනර් එකත් ගියා ගාටගාට. (නි)
රටක් සංවර්ධනය වෙන එක හොදයි. එහෙත් රටේ මිනිස්සු සතුටින් ඉන්න එකත් බලන්න ඕනෑ. මිනිස්සුන්ට රට අැතුලේදීම රැකියා අවස්ථා ඇතිකර දෙන්න (නි)
ලංකාවේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්දා. කොහේ ගියත් අඬන්න දෙයක් හොයාගන අඬන එකමයි කරන්නේ. පුදුමාකාර අවාසනාවන්ත මිනිස්සු ජාතියක්. (නි)
පින් පවු අනුව සැප ලැබේ. පින් කළ ඇත්තෝ සැපවාහන වල ගියාට කම්පා නොවන්න. පෙරුම්පුරා ලබන ආත්මෙදි බී. එම්.ඩබ්ලිව්. එකක යාමට හිත හදාගන්න.පාරක් දියුණු වීම මුළු රටටම දියුණුවක් බව සිතන්න. (නි)
ආරියසේන,සතුටු වෙන්න දියුණුව බලලා. ඔයාලා වගේ අය රටේ දියුණුවට මෙහෙම කියනවා නම් කෙනෙකුගේ දියුණුවකට මොනවා කියයිද? (නි)
මං හිතුවා ලැම්බෝගිනියක් කියලා. (නි)
චානක මල්ලි, චීනයේ සල්ලි වලින්. චීනය අපිට ආදරෙයි කියනවා නේ.තව ටික කලකින් අපිත් චීනයේ. (නි)
හෙහ්...මොරිස් මයිනර් එකෙන්...?බය හිතුනේ නැද්ද? (නි)
මගේ වාහනය මෙහෙ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 125 ක් විතර වෙනවා (නි)
මගේ කාර් එකට මේ පාරේ යන්න දුන්නේ නැහැනේ (නි)
ඉවසන්න සහෝදරවරුනි, ඔබටත් වාසනාව තිබෙනවා.හොඳ දෙයට හොඳයි කියමු.සුබවාදීව දකිමු හොඳ දේ.අපේ ලංකාව ආශ්චර්යමත් රටක් වේවා. (නි)
බදු බර අඩු කළා නම් හැමෝටම අලුත් වාහන වල යන්න තිබුනා (නි)
මගේ රටට දළදා හිමි සරණයි! (නි)
මැරෙනකන් නය ගෙවමු !! (අ)