IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බේක් හවුස් නම බේක් හවුසියට පමණයි

‘බේක් හවුස්‘ යන නම පාවිච්චි කිරීම තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු එල් පී බී දෙහිදෙනිය මහතා කොළඹ ඩීන්ස් පාරේ ටෙස්ටා බේක් හවුස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අද වාරණ දෙකක් නිකුත් කළේය.

‘ටෙස්ටා‘ යන නම නොපෙනෙන ලෙස ද, බේක් හවුස් යන නම කැපී පෙනෙන ලෙස ද නාම පුවරුවේ ඇතැයි බේක් හවුස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

බේක් හවුස් නාමය පාවිච්චි කිරීමෙන් තමාට අසාධාරණයක් මෙන්ම බුද්ධිමය දේපොළ පනත උල්ලංඝණය වීමක් ද සිදු වන බව බේක් හවුස් පැමිණිල්ලේ සඳහන් වේ.

විභාගය ලබන 22 වැනි දාට කල් තැබිණි.



අදහස් (0)

බේක් හවුස් නම බේක් හවුසියට පමණයි

චමින්ද Thursday, 14 August 2014 07:48 PM

මේක වංචනික අදහසකින් ලියූ නාමපුවරුවක් වෙන්න ඕනෑ. නමුත් "ටෙස්ටා" කියන නාමය, පොඩියට හෝ ඇතුළත් කරලා තියෙනවා.ඒ නිසා නීතියෙන් ගැළවීමක් ති‍බෙනවා.මොකද නාම පුවරුවේ අදින අකුරු වල ප්‍රමාණය තීරණය කරන්නේ ව්‍යාපාරය හිමිකෙනානේ (නි)

:       0       0

ජයේ Friday, 15 August 2014 09:28 AM

ගණන් ගන්න එපා, පවුලෙ ප්‍රශ්නයක් වෙන්න ඇති. හිමිහිට විසදෙයි. (නදී)

:       0       0

නෙත් Thursday, 14 August 2014 10:32 PM

දැන් ටෝනි ඉංග්‍රීසි දන්නවා නේද? (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 14 August 2014 10:39 PM

සමහර බේක් හවුස් තිබෙනවා, කෑම බීම බොහොම ප්‍රණීතයි (නි)

:       0       0

නිශාන්ත Friday, 15 August 2014 10:26 AM

අජිත් කරුණාරත්නට උත්තරේ දීල තියෙන්නේ විජේසූරියගේ එකෙන්. (නදී)

:       0       0

සමන්ති Friday, 15 August 2014 12:35 AM

ඉස්සර කොළඹ බොජුන්හල් කීපයක් තිබුනා. මේ වගේ තවත් ප්‍රසිද්ධ කඩ තමයි, කොටුව දුම්රියපළ හින්නිඅප්පුහාමි මුදලාලිගේ හෝටලය ,ඉඟුරුකඩේ හෝටලය, උසාවිය පාර හෝටලය, මරදාන බුරියානි හෝටලය, ,කොම්පඤ්ඤවීදිය හෝටලය වගේ ඒවා (නි)

:       0       0

තිලා Friday, 15 August 2014 02:39 AM

කොපි කරන හොරුන්ට හොඳ වැඩේ (නදී)

:       0       0

සිරිල් Friday, 15 August 2014 03:18 AM

අපේ ගෙවල් පැත්තෙත් බේක් හවුස් කියල කෑම කඩයක් තියෙනවා. එ්කට මොනවා වෙයිද? (නදී)

:       0       0

රෙජි- සිඩ්නි Friday, 15 August 2014 03:44 AM

ඕකට සිංහලෙන් "බක්කර ගෙදර " කීවනම් හරිනේ. එතකොට කව්රුත් නඩු දාන්නේ නැහැ. (නදී)

:       0       0

සමන්ති Thursday, 14 August 2014 01:12 PM

දසක කීපයකට පෙර තිබු පියතිස්ස මුදලාලිගේ කඩේ මතක්වෙනවා. (නදී)

:       0       0

ශාමේන් Thursday, 14 August 2014 01:27 PM

සමන්ති අපිට දැන ගන්න ඇත්ත විස්තරය කියන්නකෝ (නදී)

:       0       0

විමල් Friday, 15 August 2014 06:29 AM

හොරණ වාසනා කේක් වලටත් වෙලා තියෙන්නෙ ඕකමයි හොර වංචාකාරයෝ ඒ නම හොරෙන් යොදාගෙන වැඩි ගානට කේක් විකුණනවා. ඒත් නියම වාසනා කේක් වලට ගහන්න එකක්වත් නෑ (නදී)

:       0       0

මැල් Thursday, 14 August 2014 02:58 PM

එතකොට, නම නැතුව ෆුඩ් සිටි ඕන තරන් තියෙන්නේ .. (අ)

:       0       0

ගාමිණී - සිරිවර්දන Thursday, 14 August 2014 03:13 PM

එදා කොළඹ නගරයේ ,අනර්ඝත්වයේ ,රසයෙන්පිරි ගුණයෙන් පිරි , කිරි තේ එකක් ගැන ජනාදරයට පත් එකම ස්ථානය බේක් හවුස් පමණක් බව කීවොත් නිවැරදියි. (දී)

:       0       0

විජේසුරිය Friday, 15 August 2014 07:55 AM

ඕකේ අයිතිකාරයා කවුද දන්නවද? ඉහල තැන්වල අනුග්‍රහය යටතේ තවමත් රාජකාරියේ යෙදෙන විශ්‍රාමික සාමය හා නීතිය රකින්නෙක් (නදී)

:       0       0

ටෝනි නිව්යෝක් Thursday, 14 August 2014 04:11 PM

මට මතක් උනා පරණ කතාවක් දවසක් මන්ත්‍රී තුමා කෙනෙක් කාරයකින් ඔය කොළඹ ඇස් වාට්ටුව හන්දියේ බේක්‌ හවුස් එක ලඟින් යනවිට රියදුරාට කිව්වලු ඔය බකේ හවුස් එක ළඟ නවතාපන් කිරි තේ එකක් බොමු කියල ඉංගිරිසි උච්චාරණය කරන්න බැරි නිසා තමා එහම කිය උනේ (අ)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 14 August 2014 04:45 PM

ටෝනි - නිව්යෝක් වල සිට දැක්වූ ප්‍රතිචාරය අගයකරමි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 15 August 2014 08:32 AM

බේක් හවුස් කියන නම ඉංග්‍රීසි භාෂාවේ හැටියට පොදුවේ භාවිත කරන වචනයක් නේද? එතකොට මේ වචනය කොහොමද පෞද්ගලික නමක් ලෙස සල කන්නේ. හරිම අසාධාරණයිනේ. ඔය කියන විධියට වෙන කාටවත් ඔය වචනේ පාවිච්චි කරන්න බැරුව යනවා නේ. බේක් හවුස් ප්‍රයිවට ලිමිටඩ් කියල දැම්මොත් තමයි වැරැද්ද. එ්ක අනුන්ගේ නමක් නිසා. ඒත් බේක්හවුස් පොදු වචනයක් කියලයි මම හිතන්නේ. (නදී)

:       0       0

සුනිල් මාපලගම Thursday, 14 August 2014 06:17 PM

දැනට අවුරුදු 35 කට පෙරත් මම ඇස් වාට්ටුව ළඟ බේක් හවුස් එකෙන් තේ බීලා තිබෙනවා. එහි නම ඔවුන්ටම ආවේණික එකක්. එනිසා අනුකරණය කිරීමත් එම නමින් වෙනත් කෙනෙකු වෙනත් දේවල් විකිණීමත් වැරදියි කියලයි මට හිතෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 183 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1074 4

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3779 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2906 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3377 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1482 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site