‘බේක් හවුස්‘ යන නම පාවිච්චි කිරීම තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු එල් පී බී දෙහිදෙනිය මහතා කොළඹ ඩීන්ස් පාරේ ටෙස්ටා බේක් හවුස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අද වාරණ දෙකක් නිකුත් කළේය.
‘ටෙස්ටා‘ යන නම නොපෙනෙන ලෙස ද, බේක් හවුස් යන නම කැපී පෙනෙන ලෙස ද නාම පුවරුවේ ඇතැයි බේක් හවුස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පැමිණිල්ලක් ගොනු කර තිබිණි.
බේක් හවුස් නාමය පාවිච්චි කිරීමෙන් තමාට අසාධාරණයක් මෙන්ම බුද්ධිමය දේපොළ පනත උල්ලංඝණය වීමක් ද සිදු වන බව බේක් හවුස් පැමිණිල්ලේ සඳහන් වේ.
විභාගය ලබන 22 වැනි දාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර බේක් හවුස් තිබෙනවා, කෑම බීම බොහොම ප්‍රණීතයි (නි)
අජිත් කරුණාරත්නට උත්තරේ දීල තියෙන්නේ විජේසූරියගේ එකෙන්. (නදී)
ගණන් ගන්න එපා, පවුලෙ ප්‍රශ්නයක් වෙන්න ඇති. හිමිහිට විසදෙයි. (නදී)
බේක් හවුස් කියන නම ඉංග්‍රීසි භාෂාවේ හැටියට පොදුවේ භාවිත කරන වචනයක් නේද? එතකොට මේ වචනය කොහොමද පෞද්ගලික නමක් ලෙස සල කන්නේ. හරිම අසාධාරණයිනේ. ඔය කියන විධියට වෙන කාටවත් ඔය වචනේ පාවිච්චි කරන්න බැරුව යනවා නේ. බේක් හවුස් ප්‍රයිවට ලිමිටඩ් කියල දැම්මොත් තමයි වැරැද්ද. එ්ක අනුන්ගේ නමක් නිසා. ඒත් බේක්හවුස් පොදු වචනයක් කියලයි මම හිතන්නේ. (නදී)
ඕකේ අයිතිකාරයා කවුද දන්නවද? ඉහල තැන්වල අනුග්‍රහය යටතේ තවමත් රාජකාරියේ යෙදෙන විශ්‍රාමික සාමය හා නීතිය රකින්නෙක් (නදී)
හොරණ වාසනා කේක් වලටත් වෙලා තියෙන්නෙ ඕකමයි හොර වංචාකාරයෝ ඒ නම හොරෙන් යොදාගෙන වැඩි ගානට කේක් විකුණනවා. ඒත් නියම වාසනා කේක් වලට ගහන්න එකක්වත් නෑ (නදී)
ඕකට සිංහලෙන් "බක්කර ගෙදර " කීවනම් හරිනේ. එතකොට කව්රුත් නඩු දාන්නේ නැහැ. (නදී)
අපේ ගෙවල් පැත්තෙත් බේක් හවුස් කියල කෑම කඩයක් තියෙනවා. එ්කට මොනවා වෙයිද? (නදී)
කොපි කරන හොරුන්ට හොඳ වැඩේ (නදී)
ඉස්සර කොළඹ බොජුන්හල් කීපයක් තිබුනා. මේ වගේ තවත් ප්‍රසිද්ධ කඩ තමයි, කොටුව දුම්රියපළ හින්නිඅප්පුහාමි මුදලාලිගේ හෝටලය ,ඉඟුරුකඩේ හෝටලය, උසාවිය පාර හෝටලය, මරදාන බුරියානි හෝටලය, ,කොම්පඤ්ඤවීදිය හෝටලය වගේ ඒවා (නි)
දසක කීපයකට පෙර තිබු පියතිස්ස මුදලාලිගේ කඩේ මතක්වෙනවා. (නදී)
දැන් ටෝනි ඉංග්‍රීසි දන්නවා නේද? (නි)
මේක වංචනික අදහසකින් ලියූ නාමපුවරුවක් වෙන්න ඕනෑ. නමුත් "ටෙස්ටා" කියන නාමය, පොඩියට හෝ ඇතුළත් කරලා තියෙනවා.ඒ නිසා නීතියෙන් ගැළවීමක් තිබෙනවා.මොකද නාම පුවරුවේ අදින අකුරු වල ප්‍රමාණය තීරණය කරන්නේ ව්‍යාපාරය හිමිකෙනානේ (නි)
දැනට අවුරුදු 35 කට පෙරත් මම ඇස් වාට්ටුව ළඟ බේක් හවුස් එකෙන් තේ බීලා තිබෙනවා. එහි නම ඔවුන්ටම ආවේණික එකක්. එනිසා අනුකරණය කිරීමත් එම නමින් වෙනත් කෙනෙකු වෙනත් දේවල් විකිණීමත් වැරදියි කියලයි මට හිතෙන්නේ (නි)
ටෝනි - නිව්යෝක් වල සිට දැක්වූ ප්‍රතිචාරය අගයකරමි (නි)
මට මතක් උනා පරණ කතාවක් දවසක් මන්ත්‍රී තුමා කෙනෙක් කාරයකින් ඔය කොළඹ ඇස් වාට්ටුව හන්දියේ බේක් හවුස් එක ලඟින් යනවිට රියදුරාට කිව්වලු ඔය බකේ හවුස් එක ළඟ නවතාපන් කිරි තේ එකක් බොමු කියල ඉංගිරිසි උච්චාරණය කරන්න බැරි නිසා තමා එහම කිය උනේ (අ)
එදා කොළඹ නගරයේ ,අනර්ඝත්වයේ ,රසයෙන්පිරි ගුණයෙන් පිරි , කිරි තේ එකක් ගැන ජනාදරයට පත් එකම ස්ථානය බේක් හවුස් පමණක් බව කීවොත් නිවැරදියි. (දී)
එතකොට, නම නැතුව ෆුඩ් සිටි ඕන තරන් තියෙන්නේ .. (අ)
සමන්ති අපිට දැන ගන්න ඇත්ත විස්තරය කියන්නකෝ (නදී)