IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


බේකර්ට හමුවූ හෝර්ටන් සුරතලිය

2016-09-09-ent-11

බෙලිහුල්ඔය වැටෙන්නේ වලවේ ගඟට. වලවේ, මහවැලි, කැලණි ගංඟා තුනම පටන් ගන්නෙත් හෝර්ටන් තැන්න අවටින්. කිරිගල් පොත්ත කඳු බෑවුමෙන් පටන් ගන්න බගවන්තලාව ඔය, කෙහෙල්ගමු ඔයට එකතු වෙලා කැලණි ගඟ හදනවා. තොටුපොළ කන්දෙන් පටන් ගන්න අග්‍රා ඔය කොත්මලේ ඔයට එකතු වෙලා මහවැලි ගඟ හදනවා. බෙලිහුල්ඔයේ මූලාරම්භයත් තොටුපොළ කඳු බෑවුමම තමයි. පොඩි කාලේ අපි අහලා තිබුණා. මහවැලි, කැලණි, කළු, වලවේ ගංඟා ඔක්කොම සමනොල කන්දෙන් පටන් ගන්නවා කියලා ඒ ඇත්ත නෙවෙයි. ඉතින් කොහොම හරි අපි අද යන්නේ මේ එකක්වත් බලන්න නෙවෙයි. අපි අද යන්නේ බෙලිහුල් ඔයෙන් පෝෂණය වෙලා හෝර්ටන්තැන්නට සළු අන්දවන බේකර් ඇල්ල දිය කොමළිය බලන්න.

2016-09-09-ent-13බේකර් ඇල්ල කියන නම අහපු නැති, කියවපු නැති කෙනෙක් නැති තරම්. ඒ තරමට මේ දිය ඇල්ල ප්‍රසිද්ධයි. හෝර්ටන් තැන්න හරහා ලෝකාන්තය බලන්න යන ගමනේද මඟදි තමයි බේකර් ඇල්ල දකින්න පුළුවන් වෙන්නේ. මේකට බේකර් ඇල්ල කියලා නම වැටුණේ දිය ඇල්ල සොයාගත් සැමුවෙල් බේකර් නිසා කිව්වාට, ඔබ පොඩ්ඩක් ප්‍රදේශයේ වයෝවෘද්ධ අයගෙන් අහලා බැලුවොත් දැනගන්න පුළුවන් සැමුවෙල් බේකර්ට කලින් ඉඳලා මේ ඇල්ලට නමක් තිබුණා කියලා. මේ අපූරැ දිය ඇල්ලට කියන සිංහල නම තමයි ගෝනගල ඇල්ල. මෙන්න මේක ගොඩාක් අය දන්නේ නැහැ.

හෝර්ටන් තැන්නට ඇතුළු වෙන්න ප්‍රවේශ පත්‍ර අරගෙන ඉදිරියට යද්දී පාර දෙකට බෙදෙනවා. එතැනින් දකුණු පැත්තට තියෙන පාරදිගේ කිලෝමීටර් දෙකක් විතර යද්දී තමයි බේකර් ඇල්ලට නැත්තම් ගෝනගල ඇල්ලට යන බැස්ම ඔබට හමුවෙන්නේ. දැන් නම් මේ ඇල්ල හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන විදිහට වේදිකාවක් එහෙමත් සාදලා තියෙන්නේ. ඒ නැතත් ඔබට පරෙස්සමට පහළට බැහැලා ඇල්ල දකින්න පුළුවන්. ඇල්ල මීටර් 22ක් උසින් යුක්තයි. දිය ඇල්ලක උස කියන්නේ එක් ජල බිඳුවක් නිදහසේ පහළට වැටෙන උසෙන්. ඒකත් මතක තියාගන්න. දිය ඇල්ලට යන පාර ඉතාම සුවිශේෂී එකක්. ඒ පාරේ ඔබට ශ්‍රී ලංකාවේ නෙවෙයි, මුලු ලෝකෙම ඉතාම දුර්ලභ නිල් බිනර මලින් පිරී තිබෙනු දැකගන්න පුළුවන්. සුදු රවුළා පාසි ශාකයත් හමුවෙන්නේ මේ වටපිටාවෙන්ම තමයි.

සැමුවෙල් බේකර්ගේ නමින් මේ දිය ඇල්ල නම් කරලා තිබුණත් අනාගත පරම්පරාව දැනගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි ලංකා ඉතිහාසයේ පාපතරම සත්ත්ව දඩයම්කරැවෙක් තමයි බේකර් කියන්නේ. ඔබ දවසක් හෝර්ටන් තැන්නට යන්න මතක් කරන්න, මේ තැන්නේ නිදහසේ දුව පැනපු සත්තු දහස් ගණනක් බේකර්ගේ තුවක්කුවෙන් මියැදිලා තියෙනවා. අන්තිමට බේකර් ලංකාවෙන් යද්දී THE RIFLE AND THE HOUND IN CEYLON කියලා පොතක් 1853දී ප්‍රකාශයට පත් කරලත් යනවා. බේකර් එහෙම වුණත් ගෝනගල ඇල්ල අදටත් උපේක්ෂාවෙන් කඩා හැලෙනවා. ඇයට මේ මොකුත් මතක නෑ. මතක තිබුණත් අමතකයි වගේ දරාගන්නවා. තමන් දකින්න එන අය වෙනුවෙන් ශෝ ශෝ හඬ නඟමින් ඇය කඩාවැටෙනවා. අපිට නොතේරැණාට ඒ ඇයගේ හැඬුම වෙන්නත් ඇති.

 

ප්‍රසාද්

 

2016-09-09-ent-18
2016-09-09-ent-17
2016-09-09-ent-16
2016-09-09-ent-15
2016-09-09-ent-14
 2016-09-09-ent-10
2016-09-09-ent-09
2016-09-09-ent-08
2016-09-09-ent-07



අදහස් (0)

බේකර්ට හමුවූ හෝර්ටන් සුරතලිය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 35 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 383 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 229 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 792 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 324 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 51 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site