රුපියල් ලක්ෂ හැටක් වටිනා රත්තරන් කූරු හයක් රැගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ඉන්දියානු ජාතිකයෙකුට රුපියල් ලක්ෂ දහයක දඩයක් නියම කළ රේගුව එම රත්තරන් කූරු හය රාජසන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් අද සිදු කළේය.
රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකරු මෙම රත්තරන් කූරු හය ඔහුගේ ගමන් මල්ලේ දාර ඇතුලට දමා තිබූ බවයි.
අත් අඩංගුවට ගනු ලැබූ රන් කූරු වල බර කිලෝග‍්‍රෑම් එකයි ග‍්‍රෑම් එකසිය අනූ හතරක් විය.
සැකකරු අද උදෑසන ජෙට් ගුවන්සේවයට අයත් 9ඩබ්ලිව් 255 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට කටුනායකට පැමිණ සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කර ඔහුව රේගුවට බාර දී ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යකෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඉන්ද්‍රා උක්වත්ත මහතා ඇතුළු රේගු නිලධාරීහු සිදු කලහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධෝ මාර්ගයේ රන් හොරෙන් ගෙනයාමට පසුව නවතම ක්‍රමයක් නැවත ඉන්දියානු සංචාරකයන්ගෙන් ඇවිල්ලා වගෙයි. මොවුන් මෙහි එන්නේ සංචාරය සඳහා නොව අපේ ජාතික සම්පත් හොරෙන් ගෙන යෑමට වෙන්න පුළුවන්. ඉතා දක්ෂ රේගු නිලධාරින්ට පින්සිදු වන්නට කොටසක් හෝ අපට නැවත ලැබෙනවා. රේගු නිලධාරින්ට බොහෝම ස්තුතියි (නි)
මේගොල්ලෝ තමයි ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රගතිය දක්වන සංඛ්‍යාලේඛන වලට ඇතුළත් අය. (නි)
මේ රේගුවෙන් රජයට කොයිතරම් ආදායමක් ලැබෙනවද? නරකද රේගු ඇමතිකෙනෙක් පත් කළොත්? (නි)
ගුණේ හදන්නෙ රේගුවත් නැතිකරන්නද? (නි)
මේවා හදන්නේ කොහෙද, ගන්නේ කාගෙන්ද කියා සොයා බලා, ඔවුන්ගේ කූට රන් ව්‍යාපාර රාජසන්තක කළ යුතුමයි. (නි)
ඔය අල්ලා ගන්නා රත්තරන් ටොන් ගාණට මොකද වෙන්නේ? (නි)
මොවුන්ට සංචාරක වීසා දීම නතර කළ යුතුය. මේවාට උපකාර කරණ අයත් අතඩංගුවට ගතයුතුයි.(අ)
අර සීනි ඇමති වගේ රේගු ඇමති කෙනෙක් දැම්මොත් හොඳ නැද්ද? (නි)
ගුනේ රේගුවත් ඉවර වෙන යෝජනාවක්නේ කරලා තියෙන්නෙ (නි)
හිත මිතුරු ධර්මේ ඇතුළු රේගු මිතුරන්ට මගේ උණුසුම් සුබ පැතුම්!!! (නි)
රත්තරන් කූරු අල්ලලා වැඩක් නැහැ. ඇයි ඒවා ගෙන්නන තැන් අල්ලන්නේ නැත්තේ. මේ අල්ලපු අයගෙන් ප්‍රශ්ණ කළා නම් හරිනේ? (නදී)
රාජ සන්තක කරන ඒවට මොකද වෙන්නේ (නදී)
මොවුන්ගෙන් ප්‍රශ්න කර මේ වංචාවේ සුල මුල සොයාගත යුතුයි (නි)