පාසල් දරුවන්ට බෙදා දීමට තිබූ රුපියල් ලක්ෂ 10ක පමණ පාසල් පෙළ පොත් 6000ක් පමණ බෑග් හැදීමට රුපියල් 2400කට විකිණීයැයි සැකපිට දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ කාර්යාල කාර්ය සහායක සහ මුරකරුවකු අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය කියයි.
කඩදාසි කවර සෑදීමට පොත් මිලදී ගත් බව කියන දික්වැල්ලේ ව්‍යාපාරිකයා ද අත්අඩංගුවට ගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාභදායී වැඩක් නේ . බනින්න එපා (ස)
අනාගත පරපුරට හානිකිරීමට බටහිර බලවේග, අධිරාජ්‍යවාදී අන්තර්ජාතික කුමන්ත්රනකරුවෝ සහ ඩයස් පෝරාව දේශීය බළල් අත් යොදා කල කුමන්ත්‍රණයක් (දී)
මොනාද කියන්නෙ ලියන්නෙ කියලා හිතාගන්න බැ මට මේ ගැන (ස)
රට ජාතිය ගැන තැකීමක් නැති මිනිස්සු (ස)
ඕවත් අනිවාර්යෙන්ම දේශපාලන පත්වීම් වෙන්න ඇති... රස්සාවලට හොඳම සුදුසුකම පෝස්ටර් ගැසීම, පෙළපාලි කැම්පේන් යෑම වන සමාජයක ඕවා ගැන කුමන කතාද? (ස)
රු .2500 කට විකුණුවානම් මාසයක් හොඳට කාලා ඇඳලා ඉන්න තිබුණා (ස)
මීට වඩා හොඳයි ගෙදර මිනිස්සු විකුණගෙන කෑවනම් (ස)
වැස්සකටවත් පාසල් නොගිය අය (ස)
මේ දෙන්නා වැස්සකටවත් පාසල් නොගිය දෙන්නෙක් වෙන්න ඇති නේද ? (ස)
මේ සැක කරුවෝ දෙන්නම නූගත් දෙදෙනෙක් වෙන්න ඇති (ස)
මාර මිනිස්සු. උපරිම දඩුවම් දිය යුතුයි (ස)
ජාතියේ පවට ඉපදුනු මිනිස්සු (ස)
සුදුසු නැත (ස)
රට තුල සිදුවන මහා පරිමාණ සොරකම් , වංචා දැක්කම මේක මොකද්ද කියලා හිතෙනවා (ස)
මේවාට නීතියෙන් දඩුවම් කරන්න ඕනේ (දී)
මෙහෙමත් මිනිස්සු මම නම් දැකලත් නැහැ දකින්නත් එපා (දී)
මේ දෙන්නට මේ රැකියාව ලබා දුන්නේ කවුද කියන එකයි ප්‍රශ්නේ (ස)
අනුමත කරන්න බැහැ (දී)
උල තියන්න වටිනවා. හිගා කන එක ඔයිට වඩා වටිනවා. (ත)
නූගත් මිනිසුන් පාසල්වල මුර කරන්නවත් සුදුසු නෑ. (ත)