වලපනේ කොටඹ ශ්‍රීලනිප පාක්ෂිකයන් ජනපති සමාව යටතේ මුදා ගත් ආකාරයට තමනට ද සහනය සලසන්නැයි බෝගම්බර සිරගෙදර වහළට නැඟ සිටි සිරකරුවෝ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක් කර සිය විරෝධය අත්හළහ.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර සාධාරණය ඉටු කරන බව රාජපක්ෂ මහතා ඔවුනට දැන්වීය.
පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීන්ගේ කැමැත්තෙන් කොටඹේ පාක්ෂිකයනට ජනපති සමාව ලබා ගත් බව ඇමැති එස් බී දිසානායක මහතා උඩු නුවර පංසලකදී ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හසිත් ඔබ හරි හිර ගෙදර විතරයි මනුෂ්‍යයෝ ඉන්නේ. එළියේ ඉන්නේ යමපල්ලෝ.(නදී)
මේ සිරකරුවන් වැරදි කරන්න ඇත්තේ තමන් නිදහස් කර ගැනීමට කෙනෙක් සිටිනවාය යන විස්වාශය මත බව පෙනේ. මේ නිසා ඔවුන් තව දුරටත් සිර ගතව සිටින්නට කැමැත්තක් නැත.(නදී)
නමගිය මිනීමරුවෝ, අපරාධකරුවෝ, නිදහස් කිරීම යුක්ති ගරුක සමාජයට කරන අසාධාරණයකි.(නදී)
ප්‍රියන්ත, යුක්තිය සාධාරනත්වය තියෙන්නෙ කොහේද? (නදී)
අධිකරණ නියෝගයක් මත මොවුන් සිර දඬුවම් විඳින්නේ. ඒ කරපු වරදේ ස්වභාවය අනුව ජනාධිපති තුමාගේ පොදු සමාව යටතේ සිරකරුවෙකුට යම් සමාවක් සහනයක් ලැබෙන්න පුළුවන්. ඒකයි නීතිය.(නදී)
හිර කරුවෝ කියලා කොන් කරන්න බැහැ ඒ මිනිස්සුන්ව (දී)
හිරෙන් නිදහස් උනා කියලා නැවත වැරදි වලට පෙලබෙනවා නම් නිදහස නොදුන්නට කමක් නැහැ .(දී)
කරන කලට පව් මිහිරිය මී සේ .........(දී)
සියලු සිරකරුවෝ මිනිස්සුන් බව මතක තබා ගන්න .(දී)
මම කැමතියි මීලඟ මැතිවරණයට කලින් මේ අය එලියට එනවා නම්.(නදී)
දඩ ගෙවා ගන්න බැරුව කොයි තරම් පිරිසක් හිර ගේ ඇතුලේ ඉන්නවද (දී)
එතකොට බන්දනාගාරවල ඉන්න සාමාන්‍ය සිරකරුවන් (දඩ ගෙවීමට නොහැකිවූ ) නිදහස් කරන්නේ මොනබලදරයාද ? (දී)
සිරකරුවන් කියන්නේ මනුෂ්‍යයින් බව ඇත්ත. ඒ මිනිස්සුන්ටත් හැගීම් දැනීම් තියෙනවා (දී)
සිරකරුවන් කියන්නේ මනුෂ්‍යයින් හැබැයි ඇතුලේ ඉන්න කම්. එලියට අපු ගමන් පරණ පුරුදු විදියටම මිනී මරයි, ස්ත්‍රී දුෂණ කරයි. එතකොට එළියේ ඉන්න සාමාන්‍ය ජනතාවට වෙන අසාදාරණයට කවුද වග කියන්නේ. මේ මිනිස්සු බරපතල අපරාද කරලා මරණ දඬුවමට ලක් කරලා ඉන්නේ. වැරදි කලා නම් වින්දවන්නම ඕන. ඒ මිනිස්සු ඉල්ලන්නෙත් ඒකනේ. නිදහස නැත්නම් මරණය. නිදහස දෙන්න බැහැ කොහොමත්. මරණය තමයි එකම විසදුම.(නදී)
එතකොට ඇමතිතුමා කියන විදියට මොකක්ද සිරකරුවන්ට වෙලා තියෙන අසාධාරණය. ඔවුන් තමන් කරපු වැරදි වලට අධිකරණයෙන් නඩු අහල නීතියෙන් දඬුවම් ලබලා තියෙන්නේ. ජනාධිපති තුමා සමාව දෙන එක වෙනම කතාවක්.(නදී)
ඉදිරියේදී වරදකරු විසින්ම දඬුවම ප්‍රකාශ කරන කාලයක් උදාවේවි.(නදී)
මොකක්ද සිරකරුවන්ට වෙලා තියෙන අසාධාරණය ? ඔවුන් නීතියෙන් දඬුවම් ලබපු අය. කාගේ කාගේත් පුද්ගලික වාසිවලට කියෙන කරන දේවල් තමයි ඔය.(නදී)
කොසොල් රජ්ජුරුවෝ හීනයක් දැක්ක බව අහල තියනවා. ඒත් ඒක ඇත්තටම දකින්න පුළුවන් වේවි කියල හිතුවේ නැහැ. (නදී)
මෙවැනි විහිළු වලින් වන්නේ අපරාධ කරුවන් තවත් ඒවාට යොමු වීම සහ නීතිය තවදුරටත් අඩපණ වෙන එක තමා(දිල්)
විසඳුම් දෙනවා නම් ඉතින් අදිකරණ අවශ්‍ය නැහැනේ. (නදී) .
නිතිය කටත් එකයි. එක පක්ෂ අනුව වෙනස්වෙන්න බෑ. නීතියක් නැති රටවල් දියුණු වෙන්නේ නෑ. දියුණු සහ නොදියුණු රටවල්වල වෙනස නිතිය.(දිල්)
මිනී මරුවන්ට ස්ත්‍රී දුෂකයන්ට සාධාරනය ඉෂ්ට කරලා කොහොමද? (නදී) .
එතකොට ඔය මිනී මරුවන් අතින් මැරුම් කාපු අයට සාධාරණයක් ඉටුවෙනවද ? (නදී)
මැරුම් කාපු අය වැරදියි මේ අය හරි. ඒකනේ ලංකාවේ වෙන්නේ. අනේ මේවා කතා කරන අපිට පව්.(නදී)
මිනීමරුවන්ට සමාව දෙන එක හොඳ දෙයක් නොවේ, තව අපරාධ වැඩිවෙයි. (ස)
ගොඩක් මිනීමරුවෝ දැන් එළියේ. ඉතුරු මිනීමරුවොත් එලියට ආවොත් ඉවරයි.(නදී)
නීතිය හා සමයට දෙවියන්ගේම පිහිටයි. මේවාගේ විපාකය අපේ තව හත්මතු පරම්පරාවටම විදවන්න වෙනවා.(දිල්)
මරණ දඩුවමට නියම වුන අයට ඉටුකල යුතු සාධාරණය තමයි දඩුවමට යටත් කරන එක. මෙහෙම ගියොත් මිනීමරුවෝ ස්ත්‍රී දුෂකයෝ හැම කෙනාම වැරදි කරු වුනාට පස්සේ ජනාධිපති සමාව දෙන්න කියල කියාවි. (නදී)
මිනීමරුවන් නිදහස් කිරීම භයානකය.(දිල්)
රටේ තත්වය මේක නම් ,ඉතින් කොහොමද අපරාධ අඩු වෙන්නේ.මේ අපරාධකරුවනුත් එලියට ගත්තම හොදට තියේවි.රටට සුභ අනාගතයක්ම උදාවේවි.(දිල්)
අනේ සර් ,එයාලා එලියට දානවානම්,අපිව ඇතුලට දාන්න .ගෙදර ඉන්න බයයි.(නදී)
මේ වගේ මරණීය දඬුවමට තීන්දු උන අයට සාධාරයක් දෙනවා කියන්නේ අගතියට පත් වෙච්ච අයට අසාධාරණය බව මතක තබාගන්න. මේ යෝජනාව සමහර විට දේශපාලන ගමන කෙළවර කරන්න කරන උපායක් විය හැක. ගෝනවල සුනිල් ගැන කියපු හැටි අපිට මතක තියනවා. විපක්ෂයට හොඳ ලුණු ඇඹුල් වගේම අනාගතය ඉවර කරගන්න වැඩක් බව වටහා ගන්න. (නදී)
මල්ලියේ,නංගියේ,පෙර මෙන් සිතනු එපා....බෝගම්බර යන්න බය නම් වෙන්න එපා......ඇතුලට ගියත් කිසි විට නොලැබේය විපා.....එලියට එන්න හැකි වේ මුව සිනා පපා...(නදී)
අපරාදකරුවන්ට සුදුසුම තැන සිරගෙදරයි. අද සිරගෙදර සිට සිරකරුවන්, දේශපාලනඥයින් නටවන්න හැකියාවක් අපරාද කරුවන්ට තිබීම පුදුම විය යුතු නැත. අද සිරගෙදර සිටිය යුතු අය බොහෝ දෙනෙකු සිටින්නේ ප්‍රභූන් හැටියට. මම දන්නෙත් ඔච්චරයි. වෙන මොකුත් මම දන්නේ නෑ.(නදී)