IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බංගලාදේශ අගවිනිසුරු ශිෂ්‍ය ව්‍යාපාරයට බියේ පැන යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

පැයක් ඇතුළත සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාර කළ දැනුම්දීම පිළිගනිමින් බංග්ලාදේශ අග විනිසුරු ඔබයිදුල් හසාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

නව අන්තර්වාර රජයේ උපදෙස් නොමැතිව අග විනිසුරුවරයා සියලු විනිසුරුවන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පවත්වා ඇති අතර එය දැනගත් "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරය ප්‍රමුඛ විරෝධතාකරුවන් සිය ගණනක් ශ්‍රේෂ්ඨාධිකරණය වටලා සියලුම විනිසුරුවන්ට ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දී ඇත.

එම අවස්ථාවේදී අග විනිසුරු ඔබයිදුල් හසාන්ට වහාම ධුරයෙන් ඉවත්වන ලෙස විරෝධතාකරුවන් දැනුම් දී ඇති අතර එම අවස්ථාවේදී අග විනිසුරුවරයා එම ස්ථානයෙන් පලා ගොස් ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය. විනිසුරුවරුන් කුමන්ත්‍රණයක් කරන බව විරෝධතාකරුවන් චෝදනා කර ඇත.

 



අදහස් (5)

බංගලාදේශ අගවිනිසුරු ශිෂ්‍ය ව්‍යාපාරයට බියේ පැන යයි

ආච්චි Saturday, 10 August 2024 10:26 PM

ලංකාවෙත් තියෙනවා නීතිය කියලා මකුලුදැලක්. පොඩි එව්වො පැටලෙනවා, ‌ලොකු එව්වො කඩා ගෙන යනවා ඒක. මොනතරම් වැරැදිකාරයො හිටියත් ලොක්කන්ට ඔ්න විදිහටයි නීතිය හැසිරෙන්නෙ. පංචපුද්ගල ත්‍රිපුද්ගල කිය කියා දාන විනිසුරු කන්ඩායම් ඒ ලොක්කන්ට අහවල් පැත්ත පුදලා වැරදිකාරයො නිදොස් කොට නිදහස් කරනවා. මහදවල් ඇස්පනාපිට හොරකම් කරපු නීලකාස හොරු. මෙන්න ටික දවසක් ගියාම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්. විනිසුරුවරුම නීතිය එලිපිටම කඩනවා. නිල නිවාසෙට හොරෙන් ලයිට් ගන්නවා. ගෑනු දූෂණය කරනවා. තවත් උන්නැහැ කෙනෙක් හිටියා ඇත්දල රාජසන්තක කරලා ඒවා තමන්ට කැමති පන්සල්වලට පූජා කරලා ජනාදිපතිවරනෙට එන්ටත් හදාපු. මෙහෙම හොර නීති ලොක්කො ලංකාවෙත් ඉන්නවා. උන්නැහැලාත් තමන්ගෙ තනතුරුවලින් අස්වෙනව නං කොච්චර හොඳද?

:       7       15

Gamini Sunday, 11 August 2024 02:14 AM

කුහක ජෙප්පෝ ලෝකයටම පිළිලයක්

:       20       10

රංබොඩ Sunday, 11 August 2024 09:28 AM

දැන් සියල්ල පාළනය කරන්නෙ මේ පොකරු ගැසුණු බාළයින්. දැනටමත් රට ආර්ථික , සමාජීය වශයෙන් වසර ගණනාවක් පස්සට ගිහින්. එහි ඵල විපාක දැනෙනකොට ඔවුන් පමා වැඩියි.

:       4       26

සෞදි-සිංහ Sunday, 11 August 2024 11:36 AM

දේශපාලුවන් විසින් තමන්ට හිතවාදීන් රජයේ තනතුරුවලට පත්කරගත්තම පුපුරා යන වෙලාවට දැවැන්ත විනාශයක් සිද්ධ වෙනවා. මේවා හොඳ පාඩම්. බංගලාදේශයේ රාජ්‍ය යාන්ත්‍රණය අන්ත දූෂිත බව මෙයින් පෙනී යනවා. එකවර පුපුරා ගියත් කාලයක් සිට පැවතුනු අසාධාරණයේ ප්‍රතිපලයක්.

:       7       14

Rasika Sunday, 11 August 2024 11:59 AM

මෙහෙත් හිටියනෙ අග විනිසුරු වෙන්න බලාගෙන ඉදිරියෙන්ම හිටිය කුඩුවලින් යැපෙන අය.

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 363 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2613 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1983 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 208 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1207 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1318 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26910 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23509 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site