(ළහිරු හර්ෂණ)
ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන් බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය පිළිගැනිම අද (10) කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරේදි සිදු කෙරිණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්ත, ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිණි ජුලී චන්ග්, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාවේ පැසිෆික් බල ඇණියේ ආඥාපති අද්මිරාල් ස්ටීවන් කෝලර් මහත්වරු එම අවස්ථාව එක් වූහ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 03 සමුද්‍රිය බලඝණයට අනුයුක්තව රාජකාරි ඇරඹීමට නියමිත මෙම නව බීච් ක්‍රාෆ්ට් කින්ග් ගුවන් යානය ගුවන් හමුදා සම්ප්‍රදානුකූලව ජල අචාරය සිදුකරමින් පිළිගත්තේය.
ඇමරිකාව රජයේ ප්‍රදානයක් වූ මෙම බීච් ක්‍රාෆ්ට් නිරික්ෂණ ගුවන් යානය නිල වශයෙන් භාර දීම සහ භාර ගැනීම ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ පැසිෆික් බල ඇණියේ ආඥාපති අද්මිරාල් ස්ටීවන් කෝලර් මහතා සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් අත්සන් තබන ලදී.
අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස
අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග
අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප
හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්
වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය
පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER නිල වශයෙන් පිළි ගනී