IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


’බජට් පාටිය තියන්න එපා’

( බන්ධුල ඉලේපෙරුම)

අයවැය විවාදය මාසයකට ආසන්න කාලයක් පැවැත්වීමෙන් පසු සාම්ප්‍රදායිකව සෑම වසරකදීම කථානායක නිල නිවසේදී සියලු මන්ත්‍රීවරුන් හා හිතවතුන් වෙනුවෙන් පැවැත්වූ භෝජන සංග්‍රහය කොවිඩ් 19 වසංගත තත්ත්වයක් පවතින මෙවැනි වකවානුවක නොපවත්වන්නේ නම් සුදුසු යැයි සමගි ජනබලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද(10) පාර්ලිමේන්තුවේදී යෝජනා කළේය.

එසේම මේ සඳහා වැයවන අධික වියදම කොවිඩ් 19 හේතුවෙන් අසරණ ව සිටින ජනයා වෙනුවෙන් සහන ලබාදීමට යොමු කරන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
මේ පිළිබඳ සලකා බලන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී සභාවට දන්වා සිටියේය.

අද සවස මෙම භෝජන සංග්‍රහය කථානායක නිල නිවසේදී පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර ඇති අතර 700කට අධික අමුත්තන් පිරිසකට මේ සඳහා ආරාධනා කර ඇත. අධික වියදමක් දරා සැරසිලි කටයුතු ආහාර පාන ආදිය සූදානම් කර ඇති අතර සෞඛ්‍ය අංශ මහජනයාට දන්වා ඇත්තේ මෙවැනි විශාල පිරිස් ඒකරාශීවල උත්සව සංවිධානය නොකරන ලෙසයි.
 



අදහස් (24)

’බජට් පාටිය තියන්න එපා’

ගෙම්බා Thursday, 10 December 2020 06:11 AM

පාටියට 700 එනවා නම් වෙඩිමකට 300කට කිවම මොකද වෙන්නෙ..? සම හරක්ට විතරක් වෙනම නීති මොකටද?

:       7       77

wicky Thursday, 10 December 2020 06:42 AM

අයවැයෙන් කන ප්‍රමාණය මදිද තවත් කන්න හදන්නේ? අපේ රටෙ කවුද මෙ විකාර සම්ප්‍රදායයන් හදන්නේ? ඔවුන්ගේ වාසියට හැමෝම හොදට කන අය තමයි ඔය පාටියෙත් කරන්නේ..... රට වැසියන් වැඩි ප්‍රමාණයක් එදාවෙල කන්න විදිහක් නැතිව කල්පනා කරනවා. මෙක තමයි ඇත්ත.

:       6       81

anaThursday, 10 December 2020 07:37 AM

තිත්ත ඇත්ත. දැන් ඕක නැවත්වුවත් වියදම දරලා ඉවරයි.

:       2       40

RaveendraThursday, 10 December 2020 12:23 PM

පිනටම ගිලින්න ලැබෙනවා නම් අප සැමට.... කොවිඩ් නොවේ මොනවා තිබුනත් මොකට.... බජට් පටියද මළගෙදර පාටියද දුටුවිට කෑම ගොඩ... හත්දෙයියනේ අපි 225 එනවාමයි පාටියට...

:       0       3

fairoos Thursday, 10 December 2020 07:49 AM

බමුණා වගේ බයියන්ට මෙවා පේන්නේ නැහැ.

:       3       40

SankaThursday, 10 December 2020 09:30 AM

ඇත්තම තමයි... මගුල් ගෙවල්වලට 50 සීමාව කියන්නේ දෙපැතිතට 25ගානෙනේ... කොහොම මගුල් උත්සවයක් කරන්නද? බලධාරීන්ට මෙවා නොතේරෙන්නේ මොකද? වහාම මගුල් ගෙවල්වල සිමාව 150කටවත් වෙනස් කරන්න.

:       3       21

Ashan Thursday, 10 December 2020 08:10 AM

මෙච්චර දවස් ඉදලා පාටිය තියෙන දවසෙ තමයි එපා කියන්නෙ. බොරු ශෝ තමයි....

:       19       31

a.b.Srila Thursday, 10 December 2020 08:18 AM

කොවිඩ් වලින් මැරුණු මිනිහට පෙට්ටියට සල්ලි දෙන්න ආණ්ඩුවට සල්ල නෑ. කොටි ගණන් වියදන් කරලා පාටි දාන අයට අපේ බදු සල්ලි...

:       1       59

සමන් - ඕමානය Thursday, 10 December 2020 08:42 AM

ඔය වගේ උත්සව පවත්වන්න මේක සුදුසු කාලයක් නොවෙයි. පළමුවෙන්, එය කොවිඩ් සෞඛ්‍ය රෙගුලාසි වලට විරුද්ධයි. දෙවෙනුවෙන්, රටේ පවතින ආර්ථික අහේනිය නිසා, මේ වගේ විශාල වියදම් රජය විසින් දැරීම වැරදියි. තුන්වෙනුව, මේ මුදල සංචරණ තහංචි ඇති ප්‍රදේශවල ජනයා කන්න නැතිව දුක් විඳින පසුබිමක, දේශපාලකයින් සාජ්ජ දැමීම සදාචාරාත්මක නෑ. රටේ පාලකයෝ ආදර්ශමත් විය යුතුයි. සංවේදී විය යුතුයි. ජනපතිතුමා මැදිහත්වී මෙය වහාම අවලංගු කල යුතුයි. කෑම බීම දැනටම හදා ඇතිනම්, ඒවා ඔය ලොක් ඩවුන් කල ප්‍රදේශවල ජනතාවට බෙදා දෙන්න...

:       0       29

Puppa Thursday, 10 December 2020 09:01 AM

කටවසාගෙන ඉන්න 69 ලක්ෂය අපිට බලය දුන්නේ මෙ විදිහට වැඩ කරන්න.

:       1       30

පණ්ඩු Thursday, 10 December 2020 09:10 AM

ලංකාවෙ මිනිස්සුන්ට කෑම හිඟයක් නෑ. කොස් ගෙඩියක් තම්බගෙන කන්න හරි පුළුවන්. මේවා ලෝක පාර්ලිමේන්තු සම්ප්‍රදායන්.... මේවා කඩකළොත් අපි කොන් වෙනවා. අපි නිදහස් දිනේට යුද ශක්තිය පෙන්වනව වගේ දෙයක් තමයි මේකත්....

:       29       7

Rohana Thursday, 10 December 2020 09:20 AM

බජට් පාටි වැනි සම්ප්‍රදායික මනස්ගාතවලින් මේ කොරෝනා කාලෙවත් වැලකී ඉන්න බැරිද ? පාටි දාපු හැම තැනකම කොරෝනා බෝවුනා.

:       0       20

siri Thursday, 10 December 2020 09:23 AM

මොනවා කරන්නද." අපේ කාර් අපේ පැට්‍රල් " කියන කොට එහෙමයි කරනකොට මෙහෙමයි. මරණිය දණ්ඩනය ලබා හිරගෙදර ඉන්න කට්ටියත් නත්තලට කලින් එලියට දැම්මට පස්සේ 69 ලක්ෂයට හරී සනීපයක් දැනෙයි ඉතින්.

:       2       22

Dr. Sirilal Thursday, 10 December 2020 09:33 AM

ජනපතිතුමනි, ඔබතුමා මොකද කරන්නේ? කවුද මෙ අදහස දුන්නේ?

:       0       23

සමන්Thursday, 10 December 2020 11:46 AM

බලාපොරොත්තු තියලා චන්දෙ දුන්න අපි හිතපු ජනාධිපති දැන් නෑ. පත්වුනු අලුත නම් බල්ටි ගොඩක් ගහලා ලොකු සංදර්ශන තිබ්බා විසිල් නැතුව. දැන් නිකන් විසිල් විතරයි බල්ටි නෑ. ඇමතිලා ඇඹුල් කෑවම අන්තිමට දත් හිරි වැටෙන්නෙ ජනාධිපතිගේ ... ඔහොම ගියොත් කොරෝනා පාලනයට රජය දාන නීති මිනිස්සු ගනන් ගන්න එකක් නෑ.

:       0       4

Prabha Thursday, 10 December 2020 09:38 AM

ඔයා දිනුවෙ අය වැය විවාදය නොවෙ. ලෝකෙට තවත් ණය වෙන විදිහ පැහැදිලි කළා විවාදය... ඒක සමහර උත්සව පවත්වන එකම රට වීම ආඩම්බරයක්...

:       1       20

chandana Thursday, 10 December 2020 09:57 AM

අපේ රටෙ මිනිස්සුන්ට තියන ප්‍රශ්නේ දේශපාලකයෝ සල්ලි නාස්තිකරන එක නොවෙයි. තමන් ඡන්දෙ දුන්නු කට්ටිය සල්ලි ගසාකෑවට කමක් නැහැ. අනික පක්ෂයේ අය සල්ලි ගසා කෑවොත් හරි අනික් අය ඒකට විරුද්ධව කතාකළොත් හරි තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. මෙ වගේ දීන ජාතියක් කවදාවත්ම හදන්න බැහැ.

:       2       28

kapila Thursday, 10 December 2020 12:29 PM

මොකක්ද අප්පා මේ පාටිය?

:       0       5

Prasad Thursday, 10 December 2020 12:40 PM

ධනපාලගේ පැණියට අනුමැතිය දීපු සර්ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.

:       0       8

pradeepa Thursday, 10 December 2020 02:59 PM

කොළඹ මිනිස්සු දරුවන් බදාගන්නේ පාරට බැහැලා... මෙයාලා 500 පාටි දානවා. අපේ මහ සංඝ රත්නයත් මයාලාට පිරිත් නූල් බැදලා ආශීර්වාද කරනවා.

:       0       2

69lakshaya Thursday, 10 December 2020 05:45 PM

අපේ සර්ලා පාටිවලට හරස් වෙන්න එපා. අපි පාන් නැතිනම් කේක් කනවා.

:       0       4

මෝ Thursday, 10 December 2020 10:47 PM

ඉතාම අශෝබන ක්‍රියාවක්. ජනතාව සා ගින්නෙන් පෙලෙද්දී සියලු සෞඛ්‍ය නීති කඩමින් මේ කරන නීති විරෝදී ක්‍රියාවට සියලු දෙනාම අප්‍රසාදය පලකල යුතුයි. මේ රජයත්, ජනාදිපතිත් ඉතා දරුනු ලෙස ජනතාවගෙන් ඈත්වෙමින් සිටිනවා.

:       0       7

ranjith Friday, 11 December 2020 12:47 AM

තමන්ගේ මුදල්වලින් පාටි දාගන්න... රටෙ ජනතාවගේ මුදල් නාස්ති කරන්න එපා. කොවිඩ් අරමුදල නිසා මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරනවා. ආණ්ඩුවෙ සල්ලි කාබාසිනියා කරනවා. ලැජජයි නේද?

:       0       6

ශෝකී අල්පොන්සෝ Friday, 11 December 2020 12:41 PM

ෆොන්සේකාත් ඔය පාටිය අනුමත කරලා තිබුණා. ලැජ්ජයි.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 223 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 821 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 554 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 228 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 845 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 199 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site