IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බැටරි හොරකම කැමරාවෙන් අල්ලයි

ගාල්ල වක්වැල්ලේ වාහන සේවා ස්ථානයකින් රාත්‍රී කාලයේ රුපියල් 60,000ක් වටිනා බැටරි නමයක් හොරකම් කළ කණ්ඩායමක් ආරක්ෂිත කැමරා දර්ශනවලින් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පෝද්දල පොලීසිය කියයි. ඉරිදා රාත්‍රී 12.00ට පමණ වාහන සේවා ස්ථානය අසළට ත්‍රී රෝද රථයකින් ඔවුහු පැමිණෙති. ඉදිරියට ධාවනය වන ත්‍රී රෝද රිය යළි හරවාගෙන එන්නේ තල්ලුකරගෙන බව දර්ශනවල පැහැදිලිව දක්නට ඇත. දෙදෙනකු සේවා ස්ථානයට ගොස් බැටරි රැගෙන එයි. ඔවුන් අල්ලාගැනීමෙන් පසු සොරකම සිදුකළ ආකාරය සඳුදා රාත්‍රී යළි පුනරූපනය කරවා අවස්ථා දෙක සංසන්දනය කළ බව ද සැකකරුවන්ට අදාල දර්ශන පෙන්වූ බව ද දැනගන්නට ඇත.

cctv 01 cctv 02 dv

 



අදහස් (0)

බැටරි හොරකම කැමරාවෙන් අල්ලයි

අනුර Wednesday, 20 August 2014 03:33 AM

මගේ මතය මෙම සිද්ධි මාධ්‍ය මගින් ප්‍රචාරය නොකර සිටින්නේ නම් වඩා උචිත බවය. එයට හේතුව අනාගතයේදී මෙවැනි අපරාද කරන්නන් සීසීටී කැමරා ගැන වඩා අවධානය යොමු කර ඒවා මග හැර අපරාද කිරීමට පෙළඹීමට ඉඩ ඇති නිසාය. එවිට මෙවැනි ස්ථාන වල සවි කර ඇති සීසීටී කැමැරා වලින් පලක් නොවේ.(නදී)

:       0       0

රිකාද් Wednesday, 20 August 2014 04:09 AM

හොරු අල්ලලා විතරක් වැඩක් නෑ. දැඩි දඩුවම් දිය යුතුයි. මීට වඩා තරුණ පරපුර නිසි මගට යොමු කරවිය යුතුයි. නැත්නම් රටට අනාගතයක් නෑ. (නදී)

:       0       0

සත්‍යපාල Wednesday, 20 August 2014 05:03 AM

සි සි ටි වී කැමරා පද්ධති හැම ආයාතනයකම සවිකිරීම කල යුතුයි. එතකොට රටේ සිදුවෙන හොරකම් අඩුකිරීමටත් තමන්ගේ ආරක්ෂාවටත් ඒක ඉතා හොද වැඩපිළිවෙලක් වේවි. (නදී)

:       0       0

ආරි Wednesday, 20 August 2014 06:05 AM

"යළි පුනරූපනය කරවා අවස්ථා දෙක සංසන්දනය කළ බව ද" මොකක්ද එ්කේ තේරුම. මේක වෙනම කේස් එකක් වගේ (නධී)

:       0       0

චමින්ද Wednesday, 20 August 2014 07:49 AM

බැට්රි පැන්නුවාට,බැස්ටිය හම්බවෙන්න ඇති හොදට.(අ)

:       0       0

තබුක් සිල්වා Wednesday, 20 August 2014 08:52 AM

ජනතාව බෙල්ලට හිරිකරලා අදික නය අරගෙන රට සංවර්ධනය කළාට මිනිහෙකුට ජීවත් වෙන්න නිසි ආදායම් මාර්ගයක් නැහැ (නදී)

:       0       0

නලින් යහම්පත් Wednesday, 20 August 2014 08:54 AM

ලබන පාර මේ ගොල්ලෝ ( හොරු ) එන්නේ බැටරි හොරකමට නෙමේ , මෙම සී සි ටි වී කැමරා ටික ගලවන් යන්න , කුඩු ගහන්න මොකක් හරි හොරකම් කරන්න (නදී)

:       0       0

දේශාන් Thursday, 21 August 2014 05:18 PM

ආශ්චර්ය තමා ඉතින් මේ..... (නි)

:       0       0

චමින්ද Wednesday, 20 August 2014 08:33 PM

අනුර,ලංකාවේ සවිකර තිබෙන සීසීටිවී කැමරා ලොකු වැඩියි.ඒකයි ඔබ ඔහොම කියන්නේ. අලුත්ම කැමරා ඇහැට පෙනෙන නොපෙනන ගානයි.ලෙහෙසියකට කියන්න බැහැ ඒක කැමරාවක්ද කියලා.අනිත් කාරණය තමයි,කැමරා සවිකර ඇති සෑම ස්ථානයකම දැන්වීමක් ප්‍රදර්ශනය කළයුතුයි,ආරක්‍ෂිත කැමරා සවිකර ඇති බව කියා.එවිට හොරුන් එම ස්ථානය කැඩීමට පෙර දෙවරක් හිතනවා.මගේ අදහස නම්, හොරු කැඩුවාට පසු පොලිසි ගානේ තමන්ගේ කාලය,ශ්‍රමය වැය කරනවාට වඩා කැමරා සවිකර ඇති බවට, දැන්වීමක් ප්‍රදර්ශනය කර තමන්ගේ දේපල ආරක්ෂා කරගන්න එක ඇඟට ගුණයි.පිටරට වලත් මෙවැනි දැන්වීම් සෑම තැනකම ප්‍රදර්ශනය කර තිබෙනවා. (නි)

:       0       0

සුනිල් මාපලගම Tuesday, 19 August 2014 05:49 PM

සීසීටීවී කැමරා වලට පින්සිදු වන්නට මෙවැනි හොරකම් සහ මැරකම් බොහොමයක් මෑතකදී එළිදරව් වුණා. අසු වුණා. මම සිතන්නේ කුඩු ගසන්නට මුදල් සොයනා තරුණයන් වාගෙයි (නි)

:       0       0

පැතුම් Wednesday, 20 August 2014 09:40 PM

කට්ටියම ලස්සනට ඉඳගෙන චිත්‍රපටියක් වගේ සිද්ධිය බලනකොට, හොරකම නිසා ලජ්ජා බිය නැතිවීම ගැන මෙනෙහි වෙන්න ඇති.අත පය හොඳට තියන වැඩි දෙනෙක් බලන්නේ හොරකමෙන් ජීවත්වෙන්නයි . (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 19 August 2014 07:44 PM

මීළඟට කැමරාවට වැඩක් දෙයිද දන්නේ නැහැ. බැටරි මේ විදියට තිබුණොත් ඕනෑ කෙනෙකුට ගෙනියන්න පුළුවන්නේ (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 19 August 2014 07:47 PM

රුහුණු, පිහිටි, මායා රටේ වටේම හොරුනේ (නි)

:       0       0

බුද්ධි Tuesday, 19 August 2014 10:56 PM

මෙතනින් බඩු හොරකම් කර අහුවුණ මුල්ම වතාව මේකද? (නි)

:       0       0

සුපුන් Wednesday, 20 August 2014 11:18 AM

ජය වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 81 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 274 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 141 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4001 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 534 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2116 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site