බටහිර ඉන්දීය ක‍්‍රීඩකයෝ සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) රාත‍්‍රි පැවැති අවසන් මහා තරගයේදී කොදෙව් පිල ලකුණු 36 කින් සත්කාර ශ‍්‍රී ලංකා පිල පරාජය කළේය.
මෙම ජයග‍්‍රහණයත් සමග කොදෙව් පිලට රුපියල් කෝටි 15 කට ආසන්න මුදල් ත්‍යාගයක් හිමිවිය.
බටහිර ඉන්දීය කොදෙව් පිල විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක ශූරයන් වූ පළමු අවස්ථාව මෙය වන අතර 1979 වසරේ දෙවැනි ලෝක කුසලානය ජය ලැබීමෙන් පසු කොදෙව් පිල ලෝක කුසලාන තරගාවලියකදී වසර 33 කට පසුව ශූරයන්වීම කැපී පෙනේ.
බටහිර ඉන්දීය කොදෙවෝ 2004 වසරේ එංගලන්තයේ පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමෙන් පසු වසර අටකට පසු අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සංවිධානය කළ තරගාවලික ශූරතාව දිනාගත්හ.
ශ‍්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අනු ශූරයන් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර 2009 වසරේ එංගලන්තයේදී පැවැති දෙවැනි ලෝක කුසලාන තරගාවලියේදී ද අනු ශූරයන් බවට පත්විය.
කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 137 (මාලන් සැමුවෙල්ස් 78, ඞ්වේන් බ‍්‍රා්වෝ 19, ඩැරන් සමී නොදැවී 26, සුනිල් නරේන් 9/3)
ශ‍්‍රී ලංකාව ඕවර 18.4 කදී සියලූ දෙනා දැවී 101 (මහේල ජයවර්ධන 33, කුමාර් සංගක්කාර 22, නුවන් කුලසේකර 26, අජන්ත මෙන්ඩිස් 12/4 )
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉතින් සදා දුකේ! (නි)
ලංකාවට යලි අවසාන තරඟයක් කරා ඒමට නොහැකි වේවායි පතමි...මොකද ඉන් එහාට වෙන දේ අපි දන්නවානේ (ස)
සංගා දැවි ගියාට පස්සේ වේගයෙන් ගහන කෙනෙක් එවන්න තිබුණා (ස)
සුද්දට කප් එක ගියේ නැති එක හොඳයි, බටහිර ඉන්දීය කොදෙව්වන්ට සුබ පැතුම් (ස)
කණ්ඩායමේ අයත් කළේ කොටස් වෙළද පොළේ අය කළ දේම තමයි. (නි)
අයියෝ මහේල ඔයානම්.............................(ස)
හරිම දුකයි. නමුත් කණ්ඩායම් දෙකටම සුභ පතනවා. දුක් වෙන්න එපා මාලිංග. (නි)
ලංකා කණ්ඩායමේ පරාජය මමත් ප්‍රාර්ථනා කරපුම දෙයක්. මම මගේ යහලුවන් අවසන් තරගය ගැන උනන්දු වෙද්දි කිවුවේ, ක්‍රිකට් යනු මේ රටේ මම අකමැතිම විෂය බවයි. ක්‍රිකට් නිසා සියලු ප්‍රශ්න යට ගසන බවත් එය ව්‍යාජ දේශප්‍රේමයක් බවත් ය. මම මේ රටට ආදරෙයි ඒත් ක්‍රිකට් වලට හැර.මේ පරාජය එළිපිටම මමත් ප්‍රාර්ථනා කරපු දෙයක්. කොදෙවුවන්ට උණුසුම් සුභ පැතුම්! ක්‍රිකට් කණ්ඩායම වටා රොක්වී සිටින ව්‍යාජ දේශප්‍රේමින්ට හොද හූවක් ඔන්න. හූ!! (නි)
ධර්මපාල හිමියනි, එසේ නොකියන්න (නි)
අපේ අයට කම්පනය. මාලිංග කියයිද දන්නේ නැහැ පන්දු යැවුවද කියලවත් මතක නැහැ කියලා. (නි)
ඇත්තටම හොඳ තීරණයක් . මාලිංග සැලෙන්න එපා (ස)
අවසන් තරගය ගැන හරිම දුකයි. කොදෙව්වන්ගේ එකමුතුකම අපිට ආදර්ශයක්. (නි)
සුබ පැතුම් බටහිර කොදෙව්වනි ,(ස)
කොදෙවුවන්ට මගේ සුබ පැතුම්! (නි) kodewwanta unusum subapathum pandara 3.30 wenakam match aka balla ude 7 ta ayeth rakiyawata giya nidiwarapu tikatath nayai jayagrahanaye gowrawayen 25% kodewwanta ithiriya LASITH MALINGATA
අපගේ ලැබීම ,(ස)
කවුරු දිනුවත් කමක් නැහැ, ඉන්දියාව දිනන්නේ නැතුව. (නි)
අපි පරාධ වුණාට දුක නෑ . බටහිර කොදෙව්වෝ කියන්නේ නියම ටීම් එකක් .ඉන්දියාව දින්නානම් තමයි දුක (ස)
ලංකාවට දිනන්න තිබ්බා (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. බටහිර ඉන්දීය කොදෙව් පිළට ලැබුණු කෝටි ගාණට ලංකාවේ අයියලාගේ සම්බන්ධයක් එහෙම නැහැ නේද? නිකන් මගේ ඇගට හරි නැහැ වගෙයි දැන ගන්න කල්. (නි)
මේ පරාජයට මුළුමනින්ම වගකිවයුත්තේ ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුව. එයාලගේ කාලගුණ වාර්තාව නිසා අපේ අය අන්දමන්ද වෙලා පිස්සු නැටුව නිසා තමයි මේ සුළු ගණනවත් ගහගන්න බැරුව ඇන ගත්තේ. (නි)
සල්ලි වෙනුවෙන් ක්‍රීඩා කරන අය ගැන අපේ බලාපොරොත්තුවක් නැහැ (නි)
ප්‍රේක්ෂකයන් පැමිණෙද්දී කල්පනා කරලා බලලා ආවා නම් අපි දිනන්න තිබුණා. (නි)
කොදෙව්වනුත් අපි වගේම අසරණ කණ්ඩායමක් නිසා දිනුවට කමක් නැහැ. (නි)
අපි පැරදුණේ කොදෙව්වන්ටනේ. ඉන්දියන් අයට හෝ පාකිස්ථානුවන්ට නෙමෙයිනේ. (නි)
අනේ, මට නම් දැන් ක්‍රිකට් ගැන ඇහෙද්දිත් ඇගේ ලේ කෝපවෙනවා. (නි)
අසන්ක කියපු දේ හරි. (නි)
හැමදාම ෆයිනල් එකේදි කැපෙනවා , (ස)
අපේ කණ්ඩායම මෙතරම් දුරක් පැමිණි එකට මගේ සුභ පැතුම්! හැබැයි අපි ඉන්න ඕනෑ තැන මෙතැන නෙමෙයි. (නි)
බය වෙච්ච මුහුණු ටික දකිනකොටම මට හිතුණා තරගය පරදිනවා කියලා. (නි)
කොදෙව් පිළට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
සුබපැතුම්
කොදෙව්වන්ට සුභ පැතුම්! මොනවා වුණත් අපේ සිංහලයන් අපිට වටිනවා. හිතට දුක තමයි. ඒත් මේ තමයි නියම ක්‍රිකට්. (නි)
මම නම් හිතන්නේ අපේ පරාජයට මුල 6ක්, 4ක් ගහගන්න බැරි පණ නැති කට්ටියක් ඉන්න එකයි. (නි)
මොනවා වුනත් අපි අවසන් තරගයට ආවා. අපේ අය ගෙල් ගැන ව්තරයි හිතුවෙ බොල් හරියට කරේ නෑ අනිත් අයට.බැටි කො ලංකාවෙ 3,4,5 ආපු අය ගහුවද? වහිනවට බය උනා. අපෙ අයගෙ අවාසනාව. මාලි වැරදි නැ... මයියා වැරදි. (අ)
හොඳ අනාගතයක්
අපි අපේ ක්‍රිකට් කණ්ඩායමට ආදරෙයි (අ)
ලංකාව පරාද වීම ගැන ගොඩක් දුකයි, ඒත් බටහිර කොදෙව්වන් කප් එක ගත්ත එකට සතුටුයි . ඒ මොකද ඔවුන් අව්‍යාජ, නිහතමානී, ආඩම්බරකම් නැති ටීම් එකක් නිසා , මම ආසම ටීම් එකක් (ස)
මැච් එක පරාදයි කියලා නායකයා අස් විය යුතු නෑ . මෙචර ළමයින්ගේ අනාගතේ විනාසකරලත් ඒ ඇමතිවරු අස් උනේ නෑනේ . කණ්ඩායමේ නායකයා අනිවාර්‍යයෙන්ම සිටිය යුතුයි (ස)
ලංකාවේ බැටින් තමයි අවුල.......අනුශූරයෝ උනත් කමක් නෑ ......මෙච්චර දුර ආපු එකත් ලොකු දෙයක් .......(ස)
අනුශූරතාවයෙන් සෑහීමකට පත් වී වැරදි හදා හදාගෙන ඉදිරියටම යමු . පරාජය ජයග්‍රහණයේ මාවතයි (ස)
ලංකාවේ ප්‍රේක්ෂකයෝ ගොඩක් පිරිහිලා. එංගලන්තය එක්ක තිබුණු මැච් එකේදී මාලිංග විකට් 5ක් ගන්නකොට මාලිංග තමා ලෝකේ ඉන්න විශිෂ්ටම පන්දුයවන්නා. අද මැච් එකේදී මාලිංගට වදිනකොට මාලිංගට පලුයන්න බනිනවා (ස)
අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙන රටක් නිසා ඒ ජයග්‍රහණයට හදවතින්ම සුබ පතනවා (ස)
මාලිංග මැච් එක කෑවා . කොදෙව්වන්ට සුබ පැතුම් (ස)
ශ්රී ලංකාවෙත් එක බැට්මන් කෙනෙක් හිටියනම් කප් එක අපේ අතේ (ස)
මාලිංග මැච් එක විකුන්නද ? (ස)
කොදෙව් නායකතුමාගේ බුද්ධිමත් බව හා නායකත්වය කණ්ඩායමට ලෝක කුසලානය දිනා ගැනීමට බෙහෙවින් ඉවහල් උනා මගේ සුබ පැතුම් (ස)
අර කාමර වලට ගිය නංගිලත් මෙයාලත් එක්ක එහේ යාවිද ? (ස)
හුගක් දුකයි .කොදෙව් කණ්ඩායම හොඳ එකහමතු කණ්ඩායමක් බව හොඳට පෙනුනා , සුබ පැතුම් (ස)
ජය පරාජය ක්‍රීඩාවට පොදුයි . අවසාන තරඟය තෙක් පැමිණීම අගය කල යුතුයි , තමන්ගේ රට පරාජය වීම ගැන දුකයි .. අනේ මාලිංග දිල්ෂාන් වැඩේ කෑවනේ.....(ස)
හිතට දුකයි. එහෙත් මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
අපේ කණ්ඩායමේ පරජයට දිල්ෂාන් හා ඇන්ජලෝ මැතිව්ස් වගකිව යුතුයි .ඔවුන් දෙන්නාට ක්‍රිකට් තහණම් කල යුතුයි (ස)
අපිට ආයිත් ක්‍රිකට් තරග එපා. ලංකා කණ්ඩායම ගැන හරිම දුකයි. (නි)
බටහිර ඉන්දියානු කණ්ඩායම වටු කුරුල්ලන්ගේ කතාව අධ්‍යයනය කර ගයිල් තම කණ්ඩායමට එකතු කරගන එකමුතුකමේ බලය ලොවටම පෙන්වා ඇත. අපටද මෙයින් පාඩමක් ඉගනගත හැකිනම් තව බොහෝ දුර යා හැක. අප පරාජය කළද, කොදෙව්වනි ඔබ විශිෂ්ටය. අපි ඔබලාට සුභ පතමු! මොකද මේ ජයග්‍රහණය අපට වඩා වටින්නේ ඔබලාටයි. ඊට සම්මාදන් වීමට ලැබීම ගැන ලංකාවේ අපි සතුටු වෙමු. (නි)
අපේ අයට අවසන් තරග අරහං. (නි)
ශ්රී ලංකාව අවසන් මහා තරගය දක්වා පැමිණියාට අපේ සුභ පැතුම්! (නි)
ෂික් විතරක්! මේ ක්‍රිකට්ද? මාලිංග වැරදි නැහැ. මහේල වෙන්න ඕනෑ වැරදි. ඕවර් 4ට ළකුණු 54යි. අනේ අපි දන්න ක්‍රිකට්... (නි)
ලංකාවේ කොල්ලන්ට සුභපතනවා
ජයග්‍රහණෙ අප අත ලඟටම ආවා ඉරිදා අපට නොසිතූ දෙය සිදුවූවා කාසියෙ වාසියත් අපහට නැතිවූවා සැමුඑල් කොදෙව් පිත්තේ බල පෙන්වූවා (ස)
මාලිංගට හැකියාව තිබුනට මොලේ නෑ... දිල්හාර වගේමයි. (ස)
ලද දෙයින් සතුටුවීම මහත්මා ගුණයකි (ස)
මොනවා වුණත් අපේ කොල්ලෝ අපිට වීරයෝ (නි)
අපි අපේ ලංකාවට සුභ පතමු (නි)
ලංකාවට මොකද මේ වුනේ
අවාසනාව...!,,(ස)
අපේ කණ්ඩායමට මානසික වෛදය සහය අවශයි‚ මොකද අපේ අය හැමදාම අවසන් තරඟෙදි මානසිකව වැටිලා බය වෙනවා (ස)
එදා සුපර් ඕවරයේදී මාලිංග නිසා නොවේ නම් අපිට සෙමි ෆයිනල්වත් එන්න බැරි වෙනවා. පකිස්ථාන සෙමි ෆිනල් එකේදිත් 139 ගත්තේ අමරුවෙන් නේද? එහෙමනම් අපේ දුර්වලකම් නිසා අපිට වැටුන වෙලාවක ගොඩගන්න පුළුවන් මැද පෙළක් නොසිටීම මිස මෙය මාලිංගගේ හෝ මහේලගේ වරදක් නොවේ.ඇයි අපි චන්දිමාල් බැංකුවේ තියාගන හිටියේ? (ස)
මාලිංග ගේම කෑවා. (නි)
මාලිංග මැච් එක විකුන්නා (ස)
ඇත්තටම මාලිංගට මොකද වෙලා තියෙන්නේ අනේ? ඇයි එයා සැරින් සැරේම කොණ්ඩය හදන්නේ? (නි)
අපේ පරාජය ගැනනන් කණගාටුයි. ඒත් බටහිර කොදෙව්වන්ට කප්එක ගියාට සතුටුයි. නිහතමානී කණ්ඩායමක්.(ස)
ශ්රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගය දක්වා කොහොම හරි ආවා. දිගු ගමනක්.ඒ ගැන සතුටුයි.අපි අනුශූරයෝ.පැරදුනා.හිතට දුකකුත් තියනවා.කොදෙවුවනුත් දක්ෂයි අපිත් දක්ෂයි.නමුත් වෙන්න තියන දේ වුණා.එච්චරයි. අනුශුරයන්ට අපේ උණුසුම් සුබ පැතුම්!!! අපේ සිංහ සොයුරනි, ඔබ ආ ගමන අපිට අගෙයි, ආඩම්බරයි. දිනුවත් අපි සැමදා ඔබ ළඟ. පැරදුනත් අපි සැමදා ඔබ ළඟ. දිනුවත් පැරදුනත් අපි ඔබට සදා ආදරෙයි... ඔබට ජය!!! (ස)
හැමදාම අනු ශූරයේ .එක පාරක්නම් කමක් නෑ හතරපාරක් ලැජ්ජයි (ස)
නුවන් බැට්ස්මල්ලා 1 නෙක් නෙමෙයි 8 ක් හිටියා (ස)
බලන්න ගියාටත් නයයි
සමහර වෙබ් අඩවි වල කට්ටිය නම් මැච් එක පැරදුන එකට ප්‍රේක්ෂකාගාරේ හිටපු කාටදෝ පලුයන්න බනිනවා. අනේ අපිනම් ඕව පිළිගන්නේ නැහැ.. (ස)