IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බටහිර කොදෙව්වන්ට සහාය පළකළ ස්ටෙෆනි

2016-04-23-ent-16

2011 වසරේදී ශ්‍රී ලංකා රූ රැජිණ සහ 2013 දී ඒෂියා පැසිෆික් රූ රැජිණ ලෙස කිරුළ පැළැඳි මේ ස්ටෙෆනි සිරිවර්ධන ශ්‍රී ලාංකීය බොහෝ දෙනාට අමුත්තියක නොවෙයි. ඒ වගේම විශේෂයෙන්ම, ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ලැදි ලක්ෂ සංඛ්‍යාත නරඹන්නන් අතරත් ඇය වඩා ජනප‍්‍රියව සිටින්නේ අන්තර්ජාතික ක‍්‍රිකට් තරගමාලාවලදී, නිවේදිකාවක ලෙස දායක වන නිසයි. මේ දිනවල නම් ඇය ගැන බොහෝ දෙනා කතා කරන්නේ, පසුගියදා නිමා වූ විස්සයි විස්ස තරග මාලාවේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට සහයෝගය දැක්වූ නිසයි. එදා බටහිර ඉන්දීය කොදෙව්වන් දිරි ගැන්වීම වෙනුවෙන් ඔවුනගේ ටී-ෂර්ටයකින් පවා හැඩ වී ස්ටෙෆනි පිටියේ සිටිනු දක්නට ලැබුණා. ස්ටෙෆනි ඒ ගැන අපට කියන්නෙ මොනවද බලමු.

 

2016-04-23-ent-14ස්ටෙෆනි, ඔබ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ මිත‍්‍රත්වය ඇතිවුණේ කොහොමද?

පසුගිය පෙබරවාරි මාසයේදී පකිස්තානු සුපර් ලීග් තරගාවලිය නිවේදනය සඳහා එක්වූයේ මමයි. ඩුබායිවලදී එම තරගාවලිය පැවැත්වුණා. සියලූම ක‍්‍රිකට් තරු සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීමට එහිදී මට පැවරී තිබුණු රාජකාරිය වුණා. එදා මම පළමුවෙන්ම සාකච්ඡා කළේ ‘‘ඩැරන් සැමී’’ සමගයි. ඉන්පසු අපේ කුමාර් සංගක්කාරගේ සිට ජාත්‍යන්තර ක‍්‍රීඩකයින් රැසක් සමගම සාකච්ඡා කරන්න අවස්ථා ලැබුණා. එහිදී බොහෝ ක‍්‍රිකට් තරු මගේ හොඳ යාළුවෝ බවට පත්වුණා. ඒ වගේම 2013 දී ඒෂියා පැසිපික් ලෝක රූ රැජිණ තරගය පැවැත්වුණේ ටි‍්‍රනිඩැඩ් සහ ට‍්‍රබෑගෝහිදීයි. එදා මගේ හොඳම යෙහෙළියන් වුණෙත් ටි‍්‍රනිඩෑවේ සහ ට‍්‍රබෑගෝ, ශාන්ත ලූසියාහි රූ රැජිණයි. ඒ හඳුනා ගැනීම සහ මිත‍්‍රත්වයත් දිගටම තිබුණා. මේ මිතුදම තමයි වර්ධනය වුණේ.

 

මෙම කොදෙව් කණ්ඩායමේ ක‍්‍රීඩකයින් අතරින් හොඳම යාළුවා වුණේ කවුද?

ඔක්කෝමලා හරිම හොඳයි. ඒ අතරින් ඩ්වේන් බ‍්‍රාවෝ වඩා මිත‍්‍රශීලි වුණා.

 

මෙවර ශ්‍රී ලංකාව අවසන් තරගයට ආවා නම්? ඒත් ඔබ සහාය දක්වන්නෙ කොදෙව්වන්ටද?

අපෝ නැහැ. මගේ රට මගේ ක‍්‍රිකට්. එහෙම නම් මගේ පූර්ණ සහයෝගය අපේ කණ්ඩායමටයි. ඒක හෙටත් එහෙමයි. මගේ රට අවසන් තරගයට ඒම තමයි මගේ එකම ප‍්‍රාර්ථනය වුණෙත්.

 

ඇයි මේ විදියට කොදෙව්වන්ට සහාය පළකරන්න ගියේ?

මේ අවසන් තරගය පැවැත්වෙද්දී මම බාරගත් වැඩ තිබුණෙත් නැහැ. ඒ අතරවාරයේදී මගේ කොදෙව් යාළුවෝ එයාලට සහයෝගය දක්වන්න කියලා කතා කළා. ඒ නිසයි එදා මම ඉන්දියාවට ගියේ. ඩැරන් සමී ඇතුළු ඒ පිරිස මාව ඉතා ගෞරවයෙන් පිළිගත්තෙ. මම හිටියෙ කොදෙව් කණ්ඩායමේ පුහුණුකරුගෙ බිරිඳ ජේස් සහ අන්තිමට හයේ පහර හතර ගැහුව කාලෝස් බ‍්‍රාස්වල්ත්ගෙ පෙම්වතිය ජෙසිකා සමගයි. අපි තුන්දෙනා තමයි එකට හිටියෙ.

 

හයේ හතර ගහලා ආව කාලොස්ට එයාගෙ පෙම්වතිය මොනවද කිව්වේ?

එයා දුවගෙන ඇවිත් පෙම්වතිය සිපවැළඳ ගත්තා. ඒක හරිම ආදරණීය අවස්ථාවක් වුණා.

 

බටහිර ඉන්දීය කොදෙව්වන් එදා ජයග‍්‍රහණයෙන් පසුව හැසිරුණේ මොන විදියටද?

බාහිරව බැලූවාම බොහෝ දෙනෙක් එයාලා ගැන එක එක විදියට හිතන්න පුළුවනි. නමුත් ඔවුන් ඉතා නිහතමානී, බොහොම සරල, පොළවේ පය ගහලා සිටින චරිත. හරිම විනෝදකාමීයි. එහෙම වුණාට සීමාවන් ඉක්මවා කටයුතු කරන චරිත නෙවෙයි.

 

මේ විදියට ලෝක තරු සමග මිත‍්‍රශීලී වගේම, බහරේන් රාජ්‍යයේ රජ පවුල සමගත් ඔබ බෙහෙවින් මිත‍්‍රශීලියි නේද?

පසුගිය වර්ල්ඞ් ඉකොනොමික් ෆෝරම් එකේදී තමයි රාජ්‍ය නායකයින් හඳුනා ගත්තෙ. එදා බහරේන් රාජ්‍යයේ රජු සල්මාන්ගේ ඔටුන්න හිමි පුතු කුමරා සමග මිත‍්‍රශීලීව කතා කිරීමේ අවස්ථාව ලැබුණා. ඒ දැන හඳුනා ගැනීම මත ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නට එතුමා කැමැත්ත ප‍්‍රකාශ කළා. ඒ අනුව මෙරට බලධාරීන් ලෝක ආර්ථික ෆෝරමයට යද්දී මම යම් යම් සම්බන්ධීකරණ කටයුතු කර දුන්නා. මගේ රට වෙනුවෙන් පසුගියදා එතුමා මෙරටට පැමිණි සංචාරයේදීත් බොහෝ කටයුතු සම්බන්ධීකරණය සඳහා මට දායකවීමේ අවස්ථා ලැබුණා.

 

මේ සියලූ දේ කිරීම වෙනුවෙන් ඔබගෙ පෙම්වතා දුෂ්්‍යන්ත් වීරමන්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

දුෂ්්‍යන්ත් කියන්නෙ හොඳම මිනිසෙක්. එතකොට මම හරිම වාසනාවන්තයි. මොකද ඒ වගේ විශිෂ්ඨ ගණයේ මානව චරිතයක් මුණ ගැසීම ගැන. මගේ ජීවිතයේ පිටුපස සිට එයා බොහෝ උදව් කරනවා. මේ සෑම දෙයකටම වගේම මම බොහෝම ආසාවෙන් කරන සමාජ සත්කාරක කටයුතු වෙනුවෙන් පවා දුෂ්්‍යන්ත් මට හරියට උදව් කරනවා.

 

මොනවගේ සමාජ සේවා කටයුතු ද ඔබ කරන්නෙ?

ලිංගික හිංසනයට මෙන්ම පුරුෂ හිංසනයට පත් වු තරුණියන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා දායක වෙනවා. එයාලට වෘත්තීය අධ්‍යාපනය - දැනුම ලබා දී, එයාලගෙ පෞරුෂ වර්ධනය සමග සමාජයේ දීප්තිමත් කාන්තාවක් බවට පත් කිරීම අරමුණයි. නුවර පළාතේ දැන් අක්කර පහක විතර ප‍්‍රදේශයක් අරගෙන ඒ සඳහා පරිශ‍්‍රයක් සෑදීමට කටයුතු යොදා අවසන්.

 

කොදෙව්වන්ගේ සුපිරි තරුව ක‍්‍රිස්ගේල් මොන වගේ චරිතයක්ද?

ගේල් එදා තරගයෙන් පසුව විවේකය සඳහා යන්න ගියා. අනෙක් අය නටමින් විනෝද වුණා. හැබැයි මත්පැන් පානය කළේ නැහැ. එයාලගේ නර්තන හැකියාව හරි ඉහළයි. ඒ සියල්ල මාව විස්මයට පත් කළා. ඔවුන් ඔවුන්ගේ දෙවැනි ගෙදර ලෙස සැලකෙන භූමිය වන්නේ ශ්‍රී ලංකාවයි.

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ 

 

sandalla

 

2016-04-23-ent-08
2016-04-23-ent-09
2016-04-23-ent-10
2016-04-23-ent-11
2016-04-23-ent-12
2016-04-23-ent-13
2016-04-23-ent-15

 

 

 

 

 

 

 

 



අදහස් (0)

බටහිර කොදෙව්වන්ට සහාය පළකළ ස්ටෙෆනි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1509 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 262 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4401 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 474 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 626 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2170 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38255 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site