IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


බඩ ගින්න නිවුනාම ජනතාව ඡන්දපොළට යවනවා

(අංජුල මහික වීරරත්න)

බඩගින්න නිවුණු පසු ජනතාවට ඡන්දපොළට යවමු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

බුදුන් වහන්සේද බණ කිව්වේ බඩගින්න නිවුණු මිනිසුන්ට බව කී අබෙිවර්ධන මහතා ආර්ථික අර්බුදය නිසා දහසකුත් එකක් ප්‍රශ්න මැද මිරිකී ජීවත්වන ජනතාවට මුලින්ම අවශ්‍ය කරන්නේ ඡන්ද නොව කුසට අහරක් බව කීය.

සියලු ශ්‍රී ලාංකිකයන්ගේ කුසට අහරක් දී ආර්ථිකය ශක්තිමත් කරන වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අරඹා තිබෙන්නේ යැයිද  බඩපිරුන, හිතේ කේන්තිය,වෛරය,ක්‍රෝධය,පළිගැනීම නැති ඡන්ද දායකයන් ඡන්ද පොලට යවමු යැයි වජිර අබේවර්ධන මහතා කීය.

ශ්‍රී ලංකාවෙි  දේශපාලන සංස්කෘතිය විය යුත්තේ පොහොසතුන්ගේ බුද්ධිමතුන්ගේ දේපොළ  උදුරාගැනීම නොව ජනතාවට වැරදුන තැන් හඳුනාගෙන වැරදි හදා ගැනීම බව ද එජාප  සභාපතිසභාපතිවරයා සඳහන් කළේය. 

නිදහසින් පසු මෙරට ජනතාව පොහොසතුන්ගෙන් කොල්ල කන ආර්ථික රටාවක සිටි බවත් ඒ නිසා මෙරට බස් සමාගම්, වතු ආර්ථිකය නැතිව ගිය බවත් අබෙිවර්ධන මහතා කීය.

එකිනෙකාට වෛර කරගැනීමෙන් සහ  පළිගැනීමෙන් වන්නේ රට තවත් ප්‍රශ්නවල පැටලීම බවත් යම්කිසි දේශපාලන කණ්ඩායමකට රට ගොඩගැනීම සඳහා වැඩපිළිවෙලක් ඇත්නම් ඒ ගැන පාර්ලිමේන්තුව සහ මහජනතාව දැනුවත් කර ව්‍යවස්ථානුකූලව බලය ලබාගත යුතු බවත් අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.



අදහස් (6)

බඩ ගින්න නිවුනාම ජනතාව ඡන්දපොළට යවනවා

FAHIM Friday, 11 August 2023 05:28 PM

අනේ මේ අය කරපු දේකුත් නැහැ... මේ පාර යූ එන් පී නෝ ඒ එන්පී...

:       0       0

සිල්වා Friday, 11 August 2023 06:05 PM

එහෙම නම් 2048 වෙනකම් ඉන්න වේවි...!

:       0       0

wajira Friday, 11 August 2023 07:34 PM

එහෙනම් මේ අය මිනිස්සුන්ගේ බඩගින්න නිවන්නේ නැහැ.

:       0       0

de silva Friday, 11 August 2023 08:29 PM

මේ පාර බත්පැකට් එකට අරක්කු කාලට රැවටිලා මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ.

:       0       0

Rata Perata Friday, 11 August 2023 10:55 PM

අනේ ජූතකයෝ... පින් ලොක්කගේ පින් ඇමැති. ඊට ඉස්සරවෙලා අපි ඔය ජෝක් කාරයෝ ගෙදර යවනවා.

:       0       0

Dilshan Saturday, 12 August 2023 09:19 AM

පළමු දේ තමයි ඔබලාව ගෙදර යවන එක...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 47 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 88 0

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන
2024 ඔක්තෝබර් මස 14 67 0

රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 1480 1

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 7812 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 14 2012 0

රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 404 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 454 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1414 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site