බඩල් කුඹුරේ හය හැවිරිදි දැරියක තුවාල ලබා බඩල් කුඹුර රෝහලේ දී මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
ඇය පිහි ඇනුමකට ලක්වූයේ ද, එසේත් නැත්නම් දෙළුම් ගසකින් වැටී තුවාල ලැබුවේද යන්න පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පවුලේ සියලු දෙනාගේම ආදරයට ලක්ව සිටි මෙම දැරියගේ මරණයෙන් මුළු ප්‍රදේශයම කම්පාවට පත් වී ඇත.
සිද්ධිය ගැන ප්‍රකාශයක් සටහන් කර ගැනීමට දැරියගේ වැඩිමල් සහෝදරිය (14) පොලිසියට කැඳවා ඇත.
දැරියගේ මව විදේශ ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණ යළි ලබන සතියේ එතෙර යෑමට සිටි බව ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි වයසේ ගැහැණු දරුවන් ගෙදර දමා, අම්මලා රට යන එක නම් අද ලංකාවේ එතරම් හොඳ දෙයක් නොවෙයි. (නි)
දෙළුම් ගහක් කියන්නේ හත්දෙවියනේ වැඩිම වුණොත් අඩි තුනක් උස ඇති. ඕකෙන් වැටිලා කොහොමද අනේ මැරෙන්නේ? (නි)
ළමයි හැදුවට පස්සෙයි මහා ජෝඩුවට තේරෙන්නේ ළමයින්ව ජිවත්කරවන්න නම් ළමයින්ව දාල පිට රටක රස්සවක් කරන්න ඕන කියලා. ළමයි හදනවා නම් ඒ ළමයි ලොකු මහත් වෙනකන් ලඟින් ඉදන් රැකබලාගන්න පුළුවන් පුළුවන් අයයි ළමයි හදන්න ඕනා. මේ වගේ අය ළමයි හදන්නේ නෑ පැදුර පෑගිලා ළමයි හැදෙනවා (නදී)
වරද දෙමාපියන්ගේ දරුවන් ගැන ඇති අනවබෝධයේ නොවේද? (නි)
අවාසනාවන්ත මරණය ගැන කණගාටුයි. කුඩා ළමයි දාලා මැද පෙරදිග යන්න එපා කියලා කොපමණ ලිව්වත් වැඩක් නැහැ (නි)
වැඩක් වෙන්නේ නැහැ කියල පත්තරේට ලිව්වත් එ්කෙන් වැඩක් වෙන්නෙත් නැහැ. නියම අර්ථය දෙන සිංහල වදන් වලට බහිරවයා මේ තරම් කෑදරද ?(නදී)
ජීවිත වලට කාටත් ගැටළු එනවා. අනවබෝදය තමයි ගැටළු වැඩි කරන්නේ ජීවිතේ (නදී)
මේ සිද්දියේ ලොකු පාඩමක් තියනවා. ගොඩාක් මව්වරු දරුවෝ හතර පස් දෙනා හදල එක්කෙනෙකුට වැඩියෙන් ආදරේ කරනවා. එහෙම පවුල්වල මේ වගේ ප්‍රසිද්ද නොවුන මිනි මැරුම් තියනවා. මම මෙහෙම ලිවේ හරියටම දන්නා නිසයි. හතර පස් දෙනෙක් හදල එක්කෙනෙකුට වැඩියෙන් ආදරේ කරනවට වඩා හොඳයි එක්කෙනෙක් හදා ගන්න එක. (නදී)
දරුවෝ හැමෝටම එක විදිහට ආදරය කරන එක නේද හොද. නැත්නම් අහිංසක දරුවෝ පව් (නදී)