ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 95 වැනි ජන්ම දිනය නිමිති කොටගෙන පවත්වන ‘එක්ස් - බෑන් 2013‘ අධ්‍යාපනික, විද්‍යා තාක්ෂණ හා වෙළඳ ප්‍රදර්ශනය අද(09) විවෘත විය.
වසර පහකට වරක් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි.
පැසැල් සිසු නව නිර්මාණ, රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරමින් පවත්වනු ලබන ප්‍රදර්ශන කුටි, වෙළඳ කුටි හා දරුවන්ට විනෝදාස්වාදය ලැබිය හැකි නවීනතම ක්‍රීඩා අංග ඇතුලත් මෙම ප්‍රදර්ශනය 2013 ඔක්තෝම්බර 13 තෙක් පෙරවරු 9.00 සිට පස්වරු 5.00 විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වෙයි.
විදුහල්පති පී.ජී.ඩී.ටී ඇක්වයිනාස් මහතාගේ සංකල්පයක් මත 1988 වර්ෂයේදී එක්ස් බෑන් ප්‍රදර්ශනය ආරම්භ කැරිණි.
1918 සැප්තැම්බර් 18 වැනි දින විද්‍යාලයාධිපති චාල්ස් සමරසුරිය මහතාගේ මුලිකත්වයෙන් හෙනරත්ගොඩ සීවලී බෞද්ධ පාඨශාලාව නමින් ඇරඹි මෙම පාසල පසුව හෙනරත්ගොඩ රජයේ ජ්‍යෙෂ්ඨ ද්වීතීයක ඉංග්‍රීසි පාසැල් ලෙස ප්‍රසිද්ධ විය.
සිසු දරුවන් 10 කට වඩා අඩු සංඛ්‍යාවකින් මෙය ආරම්භ කෙරිණි. අද මෙහි සිසුහු 4500ක් පමණ සිටිති. 1949 වර්ෂයේ වර්තමාන පාසැල පිහිටි භූමිය වෙත ගෙන ඒමෙන් අනතුරුව කසගහවත්ත රජයේ පාඨශාලාව නමින්දල පසුව ගම්පහ බණ්ඩාරනායක විදුහල නමින් හැදින්විණි.
විදුහල්පති ලාල් දිසානායක මහතාගේ මඟපෙන්වීමෙන් මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙයි.
පියෝ ටීවී හා අන්තර් ජාලය ඔස්සේ එක්ස්බෑන් ප්‍රදර්ශනය සජීවීව නැරඹිය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ඉස්කෝලෙට ජයෙන් ජයම පතමි (දිල්)
@කැළුම්....ඒක සම්පූර්ණ ඇත්ත. ගමේ චණ්ඩි ළඟ කොළඹ කාඩ්බෝඩ් පොෂ් චණ්ඩි වගේ බොරු බයිල නෑනෙ (දී)
මම 1997 ( උ/පෙළ) බණ්ඩාරනායක සිසුවෙක්. හරිම ආඩම්බරයි. ජයවේවා! බලන්න එන්න වෙලාවක් තමා නැත්තේ. (නි)
බණ්ඩාරනායක විදුහලේ මම ඉගෙන ගත්තේ නැති වුණාට මේ දේවල් අගය කරනවා. සුභ පැතුම් (දිල්)
මාත් උපන් දා ඉදල ගම්පහ පදිංචිය. ගම්පහ සමහර මිනිස්සු මේ ඉස්කෝලෙට බනිනවා. ඒ හුගක් අයගේ ළමයි යන්නේ කොළඹ ඉස්කෝල වලට. (ත)
මාත් උපන් දා සිටගම්පහ පදිංචිය ගම්පහ. සමහර මිනිස්සු මේ පාසලට බනිනවා. ඒ හුගක් අයගේ ළමයි යන්නේ කොළඹ පාසල් වලට. කොළඹ පාසල් වල ළමයි මොනවාහරි වරදක් කළ විට ඒක හරි ලොකු වැඩක් හැටියට ඒ අය සළකන්නේ. ගම්පහ පාසලක ළමයි ඒ වැරැද්දම කළ විට ඇති වෙන්න බනිනවා. ඔයාට වඩා මම උසයි කියන්න විදි දෙකක් තිබෙනවා. එකක් මම උසයි මම උසයි කියලා කියන එක. අනික් විදිය කොටා කොටා කියලා අනික් අයට ඇගිල්ල දික් කරන එක. තමන්ගේ ළමයි උසස් කියලා හිතෙනවා නම් ආඩම්බරෙන් එහෙම කියන්න. ඒකේ කිසි වරදක් නැහැ. අනික් පාසල් වලට බනින්න ඕනෑ නැහැනේ. (නි)
කොළඹ පාසල් වල විනය ගැන මං හොදට දන්නවා. කවුරු හරි හිතනවා නං ගමේ ඉස්කෝල වල ළමයින්ගේ විනය හොද නැහැ කියල රටේ සුපිරිම පාසලක ගුරු පත්වීමක් අරන් ගිහින් බලන්න. (දිල්)
ඔබේ නාමය නිති රැඳේවා. (ත)
මගෙ විදුහල් මෑණියන්ට ජය වේවා. (ත)
ගොඩක් හොදයි. (ත)
මා ඇතුළු දස දහස් ගණනක් වූ දරුවන්ගේ, ජීවිතය හැඩ ගැස්වූ ඔබගේ ගුණ සුවඳ සැමදා ඔප් නැංවෙත්වා! (2013 උසස් පෙළ සිසුවෙක්) (දිල්)
කලින් සැරේ මමත් මේ ප්‍රදර්ශනය නැරඹුවා . ගොඩක් හොදයි මේ පර ඊටත් වැඩ හොදට ඇති . මගේ ,දරුවත් ඉගෙන ගන්නේ මේ පාසලේ. ඔබ සෙමට සුබ පතමි.
ආඩම්බරයි බණ්ඩාරනායක මවුනි. කොළඹ ලොකු ලොකු කතා අපිට වැඩක් නැහැ. අපිට ඒවා අහන්න වෙලාවක් නැහැ. විනය, අධ්‍යාපනය, බාහිර ක්‍රියාකාරකම් අතින් දිවයිනේ ප්‍රමුඛත්වය ගෙන සිටින පාසලක නායකවරයෙක් හැටියට මං ආරාධනා කරනවා.. ඔය හැමෝටම එන්න බලන්න එක්ස් බෑන් 2013. පාසල් ඉතිහාසයේ මෙතෙක් නොදුටු දේවල් බලාගන්න එන්න.වෙලාවක් නොමැති නම් බලන්න පියෝ ටීවී නාලිකා අංක 120 සජීවී විකාශය (නි)
ආඩම්බරයි අම්මේ.. (දිල්)
සැමදා දිනේවා මගේ පාසල(දිල්)
මගේ පාසලට ජයවේවා! ලංකාවේ හිටියේ නැතත් රටයි, මගේ අම්මයි, මගේ පාසලයි කවදාවත් අමතක වෙන්නේ නැහැ. (නි)
විශිෂ්ඨයි (අ)
ජයවේවා! (නි)
මරු! (ස)
අපේ රටේ කොච්චර දස්කම් කරන්න පුළුවන් ළමුන් ඉන්නවද රජය මෙවැනි ළමුන්ගේ දස්කම් ලොවට අරන් පෙන්නන්න ඕනේ අපිටත් පුළුවන් තාක්ෂනය , ජයවේවා (අ)
නියමයි (නි)
ගම්පහ බණ්ඩාරනායක මගේ හදවතයි. ඔබේ උණුසුමේ සෙනෙහස ලබන අප හැමදෙනාමත් හොඳ මඟක යනවා නියතයි. නියතයි ජය!(ම)
මෙතන අදහස් දමන අයටයි මම මේ කියන්නේ. පාසල් අතර ගැටුම් ඇතිවීම ඔයාලා ඔපමණ ලොකුවට දකින්නේ ඇයි? ඕවා පාසල් කාලයේ වන සාමාන්‍ය සිදුවීම් (නි)
හැමදාමත් වගේ මේ පාරත් ලස්සනට නිර්මාණශීලීව ලස්සනට කරල තියෙනවා. බණ්ඩාරනායකයට ජයෙන් ජය!! (දී)
මමත් ගම්පහ ආඩම්බරයි .බණ්ඩාරනායක අම්මා දිනේවා!!!(දිල්)
ජයවේවා! (නි)
ගම්පහ බණ්ඩාරනායකයට ජයෙන් ජය. (නි)
මගේ ලක් මෑණියන්ගේ පාසලක් වූ බණ්ඩාරනායක දිනේවා! තව වැඩ පෙන්නමු දු දරුවනේ (නි)
පෙරටම යමු රත්තරන් පුතේ. ජයවේවා! අපිත් බණ්ඩාරනායකගේ දරුවෝ (නි)
ආඩම්බරයි. මා හට සිප්සතර ලබාදුන් මෙම විදුපියස සැමදා දිනේවා! (නි)
මම නම් ඔය පාසලට කැමති නැහැ. වැඩිහරියක් ඉන්නෙ ගමේ චණ්ඩි උණ තිබෙන අය කියලයි මම නම් හිතන්නේ (නි)
ගම්පහට තිබෙන එකම පිරිම පාසැල විදිහටත්, වෙනොට වඩා හොඳ විනයක් තිබෙන නිසාත්, අධ්‍යාපන කටයුතු වලින් ජයකෙහෙළි නැංවූ බැවිනුත්,ජයෙන් ජය වේවායි පතමි. ජාතික පාසලක තිබිය යුතු සියලු සම්මතයන් අත් විඳින්න මෙය පිටුවහලක්. (නි)
වැඩේ නම් හොදයි. හැමදේටම වඩා විනය තමයි ඉදිරියෙන්ම තිබිය යුත්තේ (නි)
මගේ ඉස්කොලේට ජයෙන් ජය(දිල්)
කැලුම්, මං හිතන්නේ ඔය කොළඹ 7 සුපිරි පාසල්වල කාඩ්බෝඩ් චණ්ඩියන්ට වඩා ගමේ චණ්ඩි අපි හැමදාම සටන් කළේ හේතුවක් ඇතුව. ඒකයි සියනෑ කෝරළයේ මිනිස්සු බණ්ඩාරනායකයට හැමදාමත් ආදරය කළේ.සමහර සුළු පිරිසකගේ වැරදි නිසා පාසලකට ගරහන එක වැරදියි (නි)
මමත් 1999 ( උ/පෙළ) බණ්ඩාරනායක සිසුවෙක්. හරිම ආඩම්බරයි. ජයවේවා! (නි)
එදා අපි ආනන්දයෙන් ගිහිල්ලා මෙයාලගේ හැම වැඩේටම ගොඩක් උදව් කළා,අත දුන්නා. අද හරිම ආඩම්බරයි ඔයාලගේ විදුහල ගැන. (නි)
විදුහල් මව්නි ඔබට ජයවේවා.(දිල්)
වසර හතක් පුරාවට ඔයබිමේ මගෙත් දෙපා ගැටුණා අක්වයිනස් විදුහල්පති තුමා යටතේ අපි තමයි මෙය ආරම්භ කළේ.(දිල්)
මෙම ප්‍රදර්ශනය බලන්න මුදල් ගන්නවා නේද? අපේ දරුවන් නිදිමරාගෙන මාසයකට ආසන්න කාලයක් මේ සදහා මහන්සි වුණා. අඩුම ගණනේ මෙම පාසලේ ළමයින්ට එක දිනක්වත් නොමිලයේ වෙන් කරන්න. (නි)
මාත් මීට කලින් සැරේ මේ ප්‍රධර්ශනය නැරඹුවා,, හොඳයි හොඳට කරලා තිබුනා,,,,
ඔබය මගේ මාතා, සැමදා ජයවේ (දී)
ආඩම්බරයි (දී)
මමත් බණ්ඩාරනායක විද්‍යාලයට සිරස නම ආචාර කරනවා අපේ ඇස්පදපු විදුහල් මාතාවට චිරන් ජයතු (දී)