සිසු කලබල නිසා දින නියමයක් නැතිව වසා දැමුණු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ශ්‍රේණි කිහිපයක් ලබන සඳුදා (10) විවෘත කිරීමට අද ජාතික පාසල් අධ්‍යක්ෂ රංජිත් චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාසලේ දී පැවැති රැස්වීමක දී තීරණය විය.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එසේ කේ මල්ලවආරච්චි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක බණ්ඩාර මහත්වරු ද, අදි ශිෂ්‍ය සංගමයේ හා පාසල් සංවර්ධන සමිතියේ නිලධාරීහු ද, විදුහල්පති ලාල් දිසානායක මහතා ඇතුළු ගුරු මණ්ඩලයේ ද සහභාගීත්වයෙන් මේ රැස්වීම පැවැත්විණි.
පාසලේ 6, 7 සහ 8 ශ්‍රේණි ලබන සඳුදා (10) විවෘත කරන බවත්, ඉතිරි පන්ති පසුව ආරම්භ කරන බවත් ජාතික පාසල් අධ්‍යක්ෂ ලංකාදීපයට කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ විදුහල්වල විෂය බාහිර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස ආදී ශිෂ්‍යයන් සහ දෙමව්පියන්ගේ බලපෑම නිසා විශාල ගැටළු ඇතිවී තිබේ. ඇතැම් ක්‍රීඩා සම්බන්ධයෙන් කණ්ඩායම තේරීම සිට නායකයා තේරීම දක්වා මේ බලපෑම් තිබේ. සමහර ක්‍රීඩාවලදී පුහුණුකරුගේ පෞද්ගලික පුහුණුවීම් වලට සහභාගී වන්නන්ට වැඩි ප්‍රමුඛතාවයක් ලැබේ. (නදී)
මම දැක්කා ප්‍රවෘත්තියක් ශිෂ්‍යන්ව අත්අඩංගුවට ගන්න යනවා කියලා. එහෙම කරනවා නම් තනිකරම වැරදියි. පොලිසියට පුළුවන් ඔය වගේ මෝඩ වැඩ විතරයි.(නදී)
කොහිමහරි දැන් පාසැල ඉක්මනින් පටන් ගත්තා නම් හොදයි නේද? (නදී)
ලංකාවේ බොහොමයක් පාසැල් වල ශිෂ්‍ය බට කණ්ඩායම් හැසිරෙන්නේ විදුහලේ ආරක්ෂක හමුදාව යන මානසිකත්වයකින්. බොහෝවිට පාසැලේ විදුහල්පති සහ ශිෂ්‍ය භට ඛන්ඩ භාර ආචාර්යවරයා සිසුන් පාලනය කිරීමට ඔවුන්ව යොදා ගනී. පාසල් ශිෂ්‍යයන්ට මෙම භට ඛන්ඩ විසින් ප්‍රහාරයන් එල්ල කරන ලද වාර එමටය. එවන් අවස්ථාවලදී එම පාසල් වල විදුහල්පතිවරු ගන්නේ. භටයන්ගේ පැත්තයි. ශිෂ්‍ය භට කණ්ඩායම් පිහිටුවීමේ මුලික පරමාර්ථය නිසි විනයක් සහිත ශිෂ්‍යයන් බිහිකිරීමය. බොහෝවිට අද පාසල් තුල දකින්න ලැබෙන භට කණ්ඩායම් හැසිරෙන්නේ මෙම පරමාර්ථ වලට බොහෝ ලෙසින් විරුද්ධ ලෙසය. පාසලේ අනෙකුත් ශිෂ්‍යන්ට පහරදීම, පාසලේ දේපල විනාශ කිරීම සහ මාධ්‍යවේදීන්ට පහරදීම දක්වා ප්‍රශ්නය සංකිර්ණවී ඇත. පාසල් තුල මෙම ශිෂ්‍ය භට කණ්ඩායම් තවදුරටත් පවත්වාගෙන න යනවද කියා කල්පනා කිරීමට කාලය පැමිණ ඇති බව මගේ අදහසයි. සිසුන් පෝතක බාලදක්ෂයන් වැනි අනුන්ට උදව් කරන දෙයකට යොමු කිරීම මගින් සිසුන්ට සහ සමාජයට යහපතක් සිදුවේ. මෙය ගම්පහ බන්ඩාරණයක විදුහලට පමණක් පොදු දෙයක් නොව ලංකාවේ අනෙකුත් ප්‍රධාන පෙලේ විදුහල් තුල වසර ගණනාවක පටන් තිබෙන ප්‍රශ්නයකි. වෙනසකට තිබෙන්නේ බණ්ඩාරනායක විදුහලේ ප්‍රශ්නය ඔඩු දුවා පුපුරා යාමය.(නදී)