IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


බිත්තර- කුකුළු මස් අඩු නොකලොත් රජයෙන් පියවර දෙකක්

(අංජුල මහික වීරරත්න)

බිත්තර හා කුකුළු මස් මිල සතියක් ඇතුලත පාලනය කිරීමට පියවර නොගතහොත් රජය ඊට  මුහුණදීම සඳහා පියවර දෙකක් ගන්නා බව කෘෂිකර්ම සහ වැවිදි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 

ඒ අනුව වහා ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුනකට අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට රජයේ අවධානය  යොමු වී ඇති අතර බිත්තර සඳහා  පාලන මිලක් පැනවීමට ද පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය යටතේ පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වනවිට දේශීය වෙළෙදපොලේ කුකුළු මස් හා බිත්තර මිල ඉහල යාම සාධාරණීකරණය කළ හැකි කිසිදු හේතුවක් කුකුළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ඉදිරිපත් කිරීමට නොහැකිව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

බිත්තරයක් සදහා වැය වන නිෂ්පාදන වියදම රුපියල් 20ක් පමණ වන බව බිත්තර නිෂ්පාදන කර්මාන්තකරුවන් පවසා ඇතැයි කී අමාත්‍යවරයා එහෙත් මේ වනවිට වෙළෙඳපළේ බිත්තරයක මිල  රුපියල් 65 දක්වා ඉහළ දමා ඇතැයි කීය.

කුකුළු මස් හා බිත්තර මිල ඉහළ දැමීම කෘත්‍රිමව සිදු කළ එකක් බව සඳහන් කළ අමාත්‍යවරයා එම නිෂ්පාදනවලින් යුතු ලෙස පාරිභෝගිකයා  ගසා කෑමට මෙම ව්‍යාපාරිකයින්ට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් අවධාරණය කළේය.



අදහස් (6)

බිත්තර- කුකුළු මස් අඩු නොකලොත් රජයෙන් පියවර දෙකක්

බද්රානි Wednesday, 13 December 2023 10:05 PM

මෙහෙමයි, රුපියල් විස්සට බිත්තර කාපු කාලේ තමයි කාලා වැඩිවෙලා ඇඟවල් වල තෙල දාලා මේ රටේ ජනතාව උඩපැන ගෙන ඕනෑවටත් වඩා දැඟලුවේ..."රට රකින අපේ විරුවා" එන්න කලින් සැමන් ටින් එකක් එහෙම රුපියල් එකසිය විස්සට අරගෙන අඩුවට බයිසිකලේට තෙලුත් ගහගෙන, වැඩ ඇරිලා ගෙදර එද්දී වඳ කොත්තුවකුත් අරගෙන ගෙදර ආවේ..."මොළ හතේ මුදල් ඇමතියා" ඇවිදින් බිත්තර දාන කිකිලිට පවා දැනෙන විදිහට මේ රටේ ආර්ථිකය විනාශ කළා...එක එකා කියන ගණන් වලට බිත්තර දාන්න දැන් ශ්‍රී ලංකාවේ කිකිළියන්ට පුළුවන් කමක් නැහැ. ආර්ථිකය රටාව වෙනුවට, ආහාර දාම රටාව තමයි ලංකාවේ දැන් ක්‍රියාත්මක වෙන්නේ,,, පුළුවන් එකා නැති එකාව (දුබලයාව) මරාගෙන කෑම තමයි සිදුවෙන්නේ... එලෙස, තමන්ට හැකි ලෙස ආනෙකාව කමින් අපි එකිනෙකා පෝෂණය වෙමු!!! මොනා උනත් දැන් තමයි "සිංහ ලේ" නියමෙටම හදවතේ පොපියන්නේ...

:       0       4

chandima Thursday, 14 December 2023 05:21 AM

අන්න හරි මහත්තයා ,ගෙන්නන්න ඉන්දියාවෙන් .බය වෙන්න දෙයක් නැහැ අයි එම් එෆ් එකෙන් ණය හම්බවෙලා තියෙන්නේ

:       0       2

Perera Thursday, 14 December 2023 06:34 AM

ව්‍යාපාරිකයෝ මාෆියාවක් නම් කුකුළු ෆාම් ටික රජයට පවරාගෙන ජනතාවට කුකුල් මස් බිත්තර දෙන්නකෝ අඩු මිලට

:       0       1

susith sanjaya Thursday, 14 December 2023 08:37 AM

ඒවට කලින් බී ලූනු මිල අඩු කරලා හිටපන්

:       0       2

jayasekara Thursday, 14 December 2023 09:31 AM

සීනි වලටත් ඔය ටික තමා මුලින්ම කිව්වෙ... නිකං සුරංගනා කතා කියන්නෙ නැතිව යන්න හලෝ.....

:       0       2

Senarath Thursday, 14 December 2023 10:14 AM

අමතිතුමනි, බිත්‍රයක නිශ්පදන වියදම රුපියල් 20 වෙන්න කුකුල්ලු නිදහසෙ අත්හැරල හදන්න ඔනෙ. එහෙම නතිව කිලො 50 ක කෑම කොට්ටයක් රුපියල් 9,000 ට ගෙනල්ල මාස හයක් කිසිම ආදායමක් නොමැතිව පැටවු ලොකු කරල උන්ට වෙනත් බෙහෙත්, විටමින් දීල හදල රුපියල් 40 ට අඩුවෙන් කොහෙත්ම දෙන්න බැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 1139 0

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 692 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2120 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1318 6

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2362 2

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 771 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39321 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25639 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1118 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site