(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)
බිත්තර සඳහා නියම කර තිබෙන පාලන මිලට වඩා අඩුවෙන් සුදු හා දුඹුරු බිත්තර මිලදී ගත හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර් .එම්. සරත් රත්නායක මහතා පවසයි.
ඒ අනුව බිත්තර වැඩි මිලට මිලදී නොගන්නා ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසයි.
සුදු බිත්තරයක් රුපියල් 40ක සහ දුඹුරු බිත්තරයක් රුපියල් 41ක තොග මිලට ගොවිපළෙන් වෙළඳුන්ට ලබාදෙන බවත් බේකරිවලින් පැමිණ බිත්තර රුපියල් 44 45 මිල ගනන් වලට ගොවිපළෙන් ලබා ගන්නා බව පවසන ඔහු ආර්ථික මධ්‍යස්ථානවල සහ ඇතැම් වෙළඳසැල්වල මේ වන විට බිත්තරයක් රුපියල් 44 කට අලෙවි කරන බවද කීය.
පාරිභෝගික අධිකාරිය මගින් සුදු බිත්තරයක් රුපියල් 44කටත්දුඹුරු බිත්තරයක් රුපියල් 46කටත් පාලන මිලක් නිකුත් කර තිබුණ ද මේ මස අවසාන වන විට බිත්තර මිල තවත් අඩු වී බිත්තර පාලන මිලට කුමක් සිදුවේද යන්න සිතාගත නොහැකි බවද ඒ මහතා පැවසීය.
මේ වන විට රට පුරා කිසිදු බිත්තර හිඟයක් නොමැති බව පෙන්වාදෙන ඔහු බේකරි, හෝටල් සහ කොත්තු කඩ සඳහා අවශ්‍ය තරම් දේශීය බිත්තර මිලදී ගත හැකි බව ද වැඩිදුරටත් පැවසීය.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බිත්තර තවත් අඩුවට දිය හැකියි
swene Tuesday, 09 May 2023 08:49 PM
සුපිරි වෙළඳ පොලෙහි බිත්තර 10ක් රුපියල් 540ට වැඩියි. අනෙක් කඩ වලත් රුපියල් 44ට වත් බිත්තර නැහැ.