බුත්තල කතරගම මාර්ගයේ කෑම ඉල්ලා පාර අවහිර කල වන අලියකුගේ කලබලය නිසා වේගය පාලනය කරගත නොහැකි වූ කන්ටේනර් රථය අනතුරට ලක්ව එහි ගමන් ගත් තිදෙනෙකු සුළු තුවාල ලබා දිවි බේරාගත් බව පොලිසිය කියයි .
කෑම ඉල්ලා මාර්ගයේ යන එන රථ වාහන අසලට එන වන අලි කෑම නොදුන්නොත් පහරදීමට පෙළඹෙන අතර මෙසේ සැරි සරන වනඅලි හත්දෙනෙකු සිටින බව කියති





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලින්ට කෑම දී පුරුදුකළේ වාහනවල යන අයම නේද? (නි)
හොඳ නරක දෙකටම අලි... අලි... අලි... (නි)
මෙහි වැරද්ද අලි පිට පටවන්න එපා මොකද මෙහි පාරේ අවවාද පුවරු සවි නර තිබෙනවා සෙමින් පදවන්න වන සතුන් පාර මාරු වන බව. ඒ නිසා මෙහි වඩාත් අවධානයෙන් රිය පැදිය යුතුයි (බ)
අලි දෙන්නෙක් ඉන්නවා කෑම මොනව හරි දෙනතුරු වාහනවලට යන්න දෙන්නෙන නැහැ,මේ අවුරුද්දේ මාර්තු මාසයේ අපි කතරගම ගිහින් බොහොම අමාරුවෙන් බේරිලා අාවේ .එදා පැය 2ක් විතර පාරේ හිටියා ,මේ අලි ප්රශ්නේ නිසා ,ඊට පස්සේ වනජීවී එකෙන් ඇවිත් අලි එළෙව්වා,එදා බයවුණ තරම නිසාම මම තාම කතරගම ගියේ නැහැ බුත්තල මාර්ගයෙන් ,දැන් අපි කතරගම යන්නේ තිස්සමහාරාමයට ගිහින්. (බ)
අපි කතරගම යන්නෙත් මේ පාරෙන්. බුත්තල හන්දියෙන් මොනවා හරි පළතුරක් අරන් තමයි අපි යන්නේ. ඉතින් පලතුරු මොනවා හරි දුන්නම අලියා පාරෙන් අයින් වෙලා යන්න ඉඩ දෙනවා. කලබල කරන්නත් හොඳ නැහැ. මම දන්නා විදියට මේ අලින්ගෙන් කරදයක් නැහැ. (බ)
දිගට හරහට වනාන්තර විනාශකරන එක තමයි මේවට හේතුව (නි)