IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බෝතලෙන් අමාරුවේ වැටේ

රාජකාරියේ යෙදී සිටියදී මත් පැන් බිවු බව කියන පොලිස් සැරයන් හා කොස්තාපල්වරු තිදෙනෙක් දඹුල්ල පොලීසිය විසින් අද (24) සවස අත්අඩංගුවට ගනු ලැබුහ.

මුලස්ථාන පරීක්ෂක සාරානාත් ගුණසේකර මහතාට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වේ.

 

 



අදහස් (0)

බෝතලෙන් අමාරුවේ වැටේ

පිටිගල Monday, 25 August 2014 02:24 AM

මම ගියා ලංකාවේ විදුලි බල මණ්ඩලේ ගබඩාවකට මගේ යාලුවෙක් එක්ක එයාගේ පොඩි බිස්නස් වැඩකට. එතන ස්ටෝකීපර් මේසේ යට බෝතලේ තියාගෙන ගජරාමෙට වැඩ. මගේ බඩු ටික බාන්න පස් දෙනෙකුට "සපෝට්" කරන්න උනා. අරයට මෙච්චර දෙන්න මෙයාට මෙච්චර දෙන්න කියලා කටින්ම ඉල්ලනවා. නුදුන්නොත් වැඩේ පරක්කු වෙන්නේ විස්වාස කල නොහැකි අන්දමින්.. ඕනෙනම් තැනත් නමත් කියන්නම්. රාජකාරී වෙලාවේ බොන්නේ නැතුව වැඩ කරන්න බැරි අත පය වෙව්ලන මහත්වරු කොච්චර රාජ්‍ය සේවයේ ඉන්නවද? ඕවා සුළු දේවල් (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 24 August 2014 02:56 PM

නිල ඇඳුමක් ඇන්දත් කව්රුත් කන බොන මිනිස්සු .රාජකාරී වෙලාව තමයි වැරැද්ද.සේවා කාලයත්,පවුල් වල තත්වයත් ගැන සානුකම්පිතව සලකා, අවාදාත්මක සුළු දඬුවමක් දීම ගුණාත්මකයි ! (අ)

:       0       0

සුගුනවති Sunday, 24 August 2014 04:18 PM

ගාමිණිත් නිල ඇඳුම ඇඳන් කන බොන කෙනෙක් වගේ.. ලංකාවේ දඬුවම් නැති කම තමයි මේ සේරටම හේතුව....බෝතලේ ගහගෙන කොහොමද හරියට රාජකාරියක් කරන්නේ? බොහෝ නිලදරුවන්ට වෙරි නැතුවත් හරියට රාජකාරිය කරන්න දන්නේ නැහැ (අ)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 24 August 2014 05:09 PM

කාකි ඇඳුම විතරක් නෙමෙයි, රාජකාරියක් කරන කව්රුත් සේවා කාලය තුල ඉන්නේ නිල ඇඳුමකින් බව සිතාගත යුතුයි. සුදු නිල ඇඳුමින් සැරසී සිටින්නන්ගේ වැඩ ගැන බලනකොට මේකත් එක අතකට මොකක්ද? (නි)

:       0       0

අමල් Monday, 25 August 2014 02:34 PM

අයියෝ! මොනවද මේ කරගත්තේ? (නි)

:       0       0

නලින් Monday, 25 August 2014 02:54 PM

බීලා රාජකාරි කරන පොලිසියේ කට්ටිය අල්ලන්න ගියොත් රටේ පොලිසි ටික ඔක්කොම වහල දාන්න වෙනවා. හවසට පොලිසියට ගියොත් බලාගන්න පුළුවන් කට්ටිය ඉන්න ලස්සන. (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 24 August 2014 10:32 PM

පොලිස් කොස්තාපල් කෙනෙක් සිවිල් ඇඳුමෙන් වුණත් ගමකට ආවම ගමේ බොහෝ දෙනෙක් ' රාළහාමි, සිගරට් එකක් ' කිය කියා දුම්වැටි දිග්කරගෙන යන හැටි ගම් වල නිතර දක්නට ලැබෙන දර්ශනයක්.ඒ අය බලාපොරොත්තු වන්නේ හදිසියේ පොලිසියට යන්න වුණොත් රාළහාමිගෙන් උදව්වක් ලැබේවි කියලා. ඇත්තටම වෙන්නේ එහෙම උදව් බලාගෙන ආවත් රාළහාමිලා හිමින් සීරුවෙ මාරුවෙන එකයි. (නි)

:       0       0

උපාලි Monday, 25 August 2014 12:24 AM

මේ විදිහට බීමත්ව ඉන්න අනෙක් කට්ටියත් අත්අඩංගුවට ගන්න ගියොත් රජයේ සේවයේ බොහොම ටික දෙනයි ඉතුරුවෙන්නේ. (නි)

:       0       0

පද්මිණි Monday, 25 August 2014 04:46 PM

අද රටේ නොබී බැහැ කියලයි මම නම් හිතන්නේ. (නි)

:       0       0

සමන්ති Monday, 25 August 2014 12:51 AM

බොන්නේ නැතිව කළ නොහැකි රාජකාරියක් තිබෙනවා. ඒ රාජකාරිය කරන කවුරුවත් බීලා හිටියට දඬුවම් කරන්නේ නැහැ. මලාපවාහන අංශයේ අලුත්වැඩියා වැඩකරන්නන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 377 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 433 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 710 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 553 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 393 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 726 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site