IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


බදු දැලෙන් පනින අය කොටු කරන රැකවලෙක් දෙසැම්බරයේ එයි

(අංජුල මහික වීරරත්න)

බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් මෙන්ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත්  ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ උපදෙස් මත මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

මෙම තොරතුරු පද්ධතිය රැම්ස් ( random access management information system) ලෙස නම් කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ මෙම පද්ධතිය ක්‍රියාත්මක වෙයි. බැංකු, රේගුව, සුරාබදු ආදී මුදල් ගනුදෙනු සිදු වෙන ආයතන ගණනාවක් මෙම රැම්ස් පද්ධතිය මගින් නිරීක්ෂණයට ලක් වෙයි.

මෙම නව පද්ධතිය මගින් නිලධාරීන්ට ආදායම් බදු එකතු කර ගැනීමට පහසු වන අතර ආදායම් බදු නොගෙවා පැහැර හරින අය අනාවරණය කර ගැනීමටත් හැකියාව ලැබෙයි.

ආදායම් ලිපි ගොනු විවෘත කර නැති පිරිස සොයා ගැනීම මෙන්ම නිලධාරීන් ආදායම් බදු එකතු කිරීම පැහැර හැර තිබේ නම් ඔවුන් පිළිබඳව මෙම නව ක්‍රමවේදය යටතේ හෙළිදරව් කර ගැනීමට අවස්ථාව සැලසෙයි.

මීට වසර ගණනාවකට පෙර මෙම තොරතුරු පද්ධතිය ලංකාවට හඳුන්වා දී තිබිණි.

නිලධාරීන් විදෙස් රටවලට ද යවා එම පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන පුහුණුව දී තිබුණත් නොයෙක් තාක්ෂණික ගැටලු මතු කරමින් එය ක්‍රියාත්මක වීම ප්‍රමාද කර ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වීමෙන් පසුව සාගල රත්නායක මහතාට උපදෙස් දී ඇත්තේ මෙම රැම්ස් පද්ධතිය ක්‍රියාත්මක කොට පවත්වාගෙන යන ලෙසයි.

ඒ අනුව මුදල් අමාත්‍යංශය සමඟද සාකච්ඡා කොට මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කරන අතර දත්ත එකතු කිරීමේ ජාලයක් ද මේ යටතේ නිර්මාණය වෙයි.

මෙම පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි රජයේ බලය ලත් ප්‍රධානීන් ඔවුන්ගේ ජංගම දුරකථනය හෝ පරිගණකයෙන් පරීක්ෂා  කරන්නට ද අවස්ථාව ලැබෙයි.



අදහස් (10)

බදු දැලෙන් පනින අය කොටු කරන රැකවලෙක් දෙසැම්බරයේ එයි

Muthu Saturday, 28 October 2023 08:15 AM

අවු 30 - 35 ඉඳන් ඔය වචන ටිකම කියකියා බිලියන ගණන් නාස්ති කරා. ලොකු ලොකු රටවල් ඕන නෑ.. පිලිපීනේ වුණත් ඉඳිකටුවක්වත් ගේන්න බෑ බදු මුදලට අහු නොවී... අපේ දේශපාලුවෝ හදලා තියෙන සිස්ටම් එක තමයි, අපි වගේ මුදුනේ ඉඳන්ම හොරා කාපල්ලා කියන එක. මිනිස්සුත් අවු 76ක් තිස්සේ ඒක දිහා බලාගෙන හූල්ලනවා විතරයි...

:       0       2

Nimal Saturday, 28 October 2023 09:51 AM

කප්පම් ගහන, කොමිස් ගහන ඇමැතිලා අල්ලන්න විදිහකුත් හදමු නේද? ඔය බදුවලට වඩා දහස් ගුණයක් ඉතිරි වෙයි.

:       0       2

පුරවැසියෙක්... Saturday, 28 October 2023 10:19 AM

දැනට බදු නොගෙවා සිටින මහා පරිමාණයේ ව්‍යාපාරිකයින් / ජාවාරම්කරුවන් ගැනත් මේ හරහා සොයා බැලීමක් වේද ? ජනතාව විමසිලිමත්ව බලා සිටී.

:       0       2

Pradeep Kumara Saturday, 28 October 2023 10:22 AM

කොහොමත් ඔය දැලෙන් තෝරු මෝරු පැනලා යයි. හාල් මැස්සෝ, සාලයෝ වගේ පොඩි අය අහුවෙයි. ලොකු එකෙක් අල්ලා ගත්තොත් පොඩි අය 1000ක් ඇල්ලුවා වගේ තමයි.

:       0       3

Rata Perata Saturday, 28 October 2023 01:07 PM

තනිකරම බොරු, අපේ සල්ලි නාස්තිකරන තව එක සංදර්ශනයක් විතරයි... දැන් තියන සිස්ටම්වලින් බදුගෙවන්නේ නැති, ණය ගෙවන්නේ නැති, බිල් ගෙවන්නේ නැති, දේශපාලුවන්ම කී දෙනෙක් නම් එක්කම දීලා තියෙනවද? කෝ නීතියක් ක්‍රියාත්මක වෙනවද? මේ කාටවත්ම බෑ රට හදන්න...

:       3       24

ravin Saturday, 28 October 2023 05:09 PM

ලයිට් බිල් ගෙවන්න කියන්න ඇමැතිලාට...

:       0       18

විපරමා Saturday, 28 October 2023 05:38 PM

මොකා ආවත් හොරු අල්ලනවා බොරු. ඔවුන් දන්නවා ඒවායින් රින්ගන හැටි...

:       1       17

Bamunuarachchi hu Saturday, 28 October 2023 08:25 PM

අනේ ලොක්කා කයිවාරුව පැත්තකින් තියලා වැඩේ කරලා ප්‍රතිඵල අපිට කියන්න. අපිට ඕනේ ප්‍රතිඵල මිසක් කරන්න යනවා කියන මගුල් නොවෙයි. ඔය බදු නොගෙවා ඉන්නවා කියන ලොකු බිස්නස් කාරයින්ගේ tax return හදන්නේ අදායම් බදු නිලධාරීන්. කැනඩාව, අයර්ලන්තේ වගේ රටවල කෙරෙන ආකාරයට බදූ නීති හදනවා නම් එහෙම බේරිලා යන්න බැහැ. ඔහෙලා එහෙම බදූ ක්‍රම හදන්නේ නැත්තේ ඉස්සෙල්ලාම ඔහෙලාට කෙළවෙන බව දන්න නිසා...!

:       0       3

de silva Sunday, 29 October 2023 03:36 AM

ඔය සිස්ටම්වලට දත්ත ඇතුල් කරන්නේ හොරු නම් ඵලක් තිබෙනවද?

:       0       3

Nuwan Sunday, 29 October 2023 12:25 PM

හපොයි එතකොට බදු නිලධාරින් තමන්ගේ ළමෝ දීග දෙන්නේ කොහොමද? රට යවන්නේ කොහොමද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 982 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2019 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1062 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 353 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1580 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1109 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site