‘අපි අරණායක නාය ගිය ස්ථානය බලන්න ගියා. . 1000ක් පමණ පිරිසකුත් අවට හිටියා. ඒ වෙලාවේ මහ වැස්ස. නාය ගිය පෙදෙසේ ඉතිරිව තිබූ එකම ස්ථානය වූ බුදු කුටිය අසල සෙවණට සිටියදී එක්වරම ලොකු ශබ්දයක් ඇසුණා. එය මහා විශාල ශබ්දයක්. අපි කලබල වුණා. වටපිට බැලුවා. එක්වරම ජල පහරක් සමග මඩ මහ කුට්ටි ගසාගෙන පහළට ආවා. නැවතත් ඊටත් වඩා විශාල ශබ්දයක් ආවා. අපට උතුර දකුණ බලාගන්න බැරිවුණා. දිව්වා. දුවද්දී බුදු පිළිමවහන්සේ සිටි තැනින් වම් පැත්තේ කන්දක් දැක්කා. ඒ කන්දට නැග්ගා. ඒ කන්දේ ගෙවල් තිබුණා. හැබැයි ගෙවල්වල කවුරුත් නෑ. අප දුටු පුදුමයනම් දෙවැනි වරටත් සාමසර කන්ද නායයාමෙන් බුදු පිළිමයට හෝ කුටියට හානියක් නොවීමයි.‘ යනුවෙන් ලංකාදීප මාධ්‍යවේදීහු සිය අත්දැකීම විස්තර කළහ.
අසල කන්දට නැග සිටියදී වැසි නතරවූ නමුත් තද වැහි කළුවක් දක්නට ලැබිණි. එවිට වේලාව පස්වරු 6ට පමණ විය. හෙම්බත්වී සිටි හමුදා සෙබළුද සෙසු සහන සේවකයෝද දවසේ මෙහෙයුම් අවසන් කළහ.
ගෙවල් 66 ක සිටි මිනිසුන්ගෙන් වැඩි පිරිසක් ඔවුන් උපන්දා සිටම හැදී වැඩුණු ගමේ අඩි ගණනක් යට වැළලී සිටිති.
මෙම නාය යෑම් බැලීමට පැමිණීම තදබල අනතුරුදායක බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ඡායාරූප - කෞශල්‍ය සමින්ද
ඡායාරූපය - රතු කුරුස සංවිධානයේ අනුග්‍රහයෙනි







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නම් ලංකාවට වැදුනු ශාපයක්. (නි)
මෙවන් විපත් ආයෙත් නම් කවදාවත් අපිට අහන්න දකින්න ලැබෙන්න එපා දෙවියනේ. මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රෝගීවූ සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා (නි)
වෛරය පළිගැනීම් ඉවතලා දැහැමි වෙන්න. රට යහපත් වෙනවා සිකුරුයි (නි)
පාලකයෝ පක්ෂ පාට ඉවතලා දැහැමි වෙන්න. රට යහපත් වෙනවා (නි)
රට වගේම රටවැසියන්ද ධාර්මික නම් විපත් අඩුයි (නි)
ඝාතන, බොරුව, වංචාව, සොරකම් , නැතිවුණ දාක මේවාද නැති වී යනු ඇත (නි)
බුදු දහමේ සත්‍යය මෙයින් පේනවා. ඒත් ජනතාව ප්‍රවේශමෙන්. තමන් මෙවන් විපත් නොවේවා කියලා ගෙවල් වල ඉඳලා සෙත් පතන්න. (නි)
ධම්ම, ඒ බතලේගල කන්ද නොවෙයි. (නි)
අපි රටක් විදිහට පව් කරනවා වැඩියි. පින් දහම් කරන්න හිතට ගන්න. මරණයට බිය නොවන්න. තෙරුවන් සරණයි! (නි)
මේක නම් හාස්කමක් (නි)
මියගිය සැමටම සංසර ගමනේදී මෙවන් අනතුරක් සිදු නොවේවා! පෙර කළ පවක් තමයි මේ පළදෙන්නේ කියලා හිතාගෙන සියලුම දෙනා වැඩි වැඩියෙන් පින්කරන්න. මියගිය සැමට නිවන් සුවය පතමු. හැමෝම පහනක් දල්වා පින් අනුමෝදන් කරන්න (නි)
මේ දේවල් වලින් රජයට ලොකු ලාබයක් එනවා. ජනතාව තමන්ගේ මිල මුදල් වලින් සහනාධාර දෙනවා. රජය වැට් සහ අනෙක් බදු එකතු කරගන්නවා. රජයට කොතරම් මිල මුදල් ලැබුනත් මෙවැනි අවස්ථාවක සාමාන්‍ය ජනතාවගේ කර පිටින් තමයි උදවු ලැබෙන්නේ. (නි)
මේ වෙලාවේ මාධ්‍යවේදීන් කරන මෙහෙවර අගය කළයුතුයි (නි)
බුදු දහමේ සත්‍යය මෙයින් පේනවා. ඒත් ජනතාව ප්‍රවේශමෙන්. තමන් මෙවන් විපත් නොවේවා කියල ගෙවල් වල ඉඳල සෙත් පතන්න. (බ)
මෙවැනි විශාල ස්වභාවික ආපදා තත්වයක් මතක විදියට මෑත ඉතිහාසයේ සිදුවෙලා නැහැ. රටේ පාලකයෝ ධර්මිෂ්ට නම් ජනතාවාදී නම් මෙවැනි විපත් අවම වන බව බුදු දහමේ ඉගැන්වීම් වල දක්වා තිබේ. (නි)
කමල්, කැඩුනේ නැති බුදුපිළිම වලින් බුදුදහමේ සත්‍යය පෙනෙන්නේ නැහැ. බුද්ධ වචනය නම් පිළිම පන්සල් විතරක් නොවෙයි, සියලු දේ අනිත්‍යයි කියන එක. බුදුදහම තියෙන්නේ ලෝක ස්වභාවය තේරුම් ගැනීමටයි (නි)
කරදර මයී ජීවිතයක හැමදාම, දහම තමා අප කාටත් සැනසීම, මරණයටයි ටික ටිකවත් ළංවීම, නිවන තමා අප කාටත් සැනසීම... (නි)
ආගම ධර්මයට ලැදිව ජීවත්වෙන එක හොඳයි. නමුත් ජනතාව හා පාලකයින් සාමුහිකව එක්ව මෙවැනි විපත් වළකා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවේ යොදවනවා නම් බුදුපිළිම පමණක් නොව ආගම ධර්මයත් රැකේවි. (නි)
අප වෙනුවෙන් ඔබ කරන මෙහෙය අගය කළයුතුයි (නි)
ඔබට කරදරයක් නොවී බේරුනේ බුදුසරණේ පිහිට ලැබුන නිසයි (නි)
මෙවන් විපත් ආයෙත් නම් කවදාවත් අපිට අහන්න දකින්න ලැබෙන්න එපා දෙවියනේ. මීයගිය සියලුම දෙනාට නිවන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රෝගීවූ සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා. (නි)
දෙවියන්ගේ පිහිටෙන් බේරුන එක ලොකු දෙයක්. (ර)
නායයෑමෙන් (වැස්සෙන්) අනතුරට පත්වූ දිස්ත්‍රීක්ක, ලංකාවේ සිතියමක් සමඟ පළකරන මෙන් කරුණාවන් ඉල්ලමි. (ර)
අර ඈත පෙනෙන්නේ කඩුගන්නාවේ වැලමිට වංගුවට සීගිරිය වගේ පෙනෙන බතලේගල කන්දයි. මේ සලකුණෙන් ඔබට හිතාගත හැකියි මේ විනාශය සිදුවූ ස්ථානය.(බ)
අනේ ඉක්මනටම මෙය අසරණ මිනිස්සුන්ට පිහිටක් වෙමු.(අ)