ඇෆ්ගනිස්ථානයේ කෞතුකාගාරයක තැන්පත් කර ඇති ගෞතම බුද්ධ පාත්‍රය (භික්ෂා පාත්‍රය) යළි ඉන්දියාවට ලබා ගන්නැයි ඉන්දියා පාර්ලිමේන්තු මන්ත්‍රී හා රාස්ත්‍රීය ජනතාදාල් පක්ෂයේ නායක ආර් ප්‍රසාද් සිං ඉන්දියා රජයට බල කරයි.
බුදුන් වහන්සේ දඹදිව වැඩ සිටි සමයේ පිඩු සිඟා වැඩීමටත්, දන් වැළඳීමටත් පාවිච්චි කළ පාත්‍රය වෛශාලී නුවර (බිහාරයේ) ජනතාවගේ උරුමයක් බව කියන ඔහු බුදුන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 500දී පමණ පිරිනිවන් පෑම සඳහා කුසිනාරා නුවරට යෑමට පෙර එම පාත්‍රය වෛශාලී නුවර ජනතාවට දුන් බවත් වසර 500ක් පුරාම වෛශාලී නුවර වැසියන් එම පාත්‍රයට පුද පූජා කළ බවත් ඔහු කියයි.
පළමුවැනි සියවසේ ඉන්දියාව ආක්‍රමණය කළ කණිෂ්ක රජුගේ සේනාව මෙම පාත්‍රය එදා පුරිස්පුත්‍ර (අද පාකිස්තානයේ පෙෂාවෝර්) නුවරටත්, එතැනින් ගන්ධාරයටත් (කන්දහාර්) රැගෙන ගොස් ඇති බවත් සිං කියයි.
ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති මොහොමඩ් නජිබුල්ලා (1987-1992) එම පාත්‍රය් කාබුල් කටුගෙයි තැන්පත් කළ බවත් තම ඉල්ලීමට අන්තර් ජාතික බෞද්ධ සංවිධන හැටක් පමණ සහාය දක්වන බවත් ඔහු පවසයි.
මෙම පාත්‍රා ධාතුව ඉන්දියාවට ලබා ගැනීම සඳහා ක්‍රියා කරන බව හිටපු විදේශ ඇමැති එස් එම් ක්‍රිෂ්නා පැවසූ බව ඔහු කියයි.
චීන දේශ ගවේෂකයන් වන ෆාහින් හා හුඇං ට්සෑන් ද ඉන්දියාවේ ප්‍රථම පුරා විද්‍යා කොමසාරිස් ඇලෙක්සැන්ඩර් කනින්හැම් ද ආචාර්ය ස්වීදර් වාසුදේව්, සොහානි හා රොමිලා තපාර් යන ඉතිහාසඥයන් ද එම පාත්‍රය කණිෂ්ක අධිරාජයා විසින් රැගෙන යන බව තහවුරු කරන්නේයැයි ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ගනිස්ථානයට මොකටද අපේ බුදු පාත්‍රය. වහාම ඉන්දියාවට ගතයුතුයි. නැත්නම් ඕකටත් වෙන්නෙ ඇ බුදු පිළිම වලට වුණ දේම තමයි. (ස)
අපෙනුත් මොකුත් බලාපොරොත්තු වේවිද? (නි)
එහි නියම අයිතිය ලාංකිකයන් සතුවිය යුතුයි නේද? (නි)
ඒ කියන්නේ බුදුන් වහන්සේ මුළු ආසියාවේම වැඩ සිටි බවත් ආසියාවේ බුදුදහම පැතිරී තිබුනා කියන එකනේ. නැත්තන් කොයින්ද ඇෆ්ගනිස්තානේ බාමියන් බුද්ධ ප්‍රතිමා ඉදිවුනේ? (නි)
ඇෆ්ගනිස්ථානයේ බාමියාන් බුදුපිළිමත් බෞද්ධ අපිට රැකගන්න තිබුනා නම්... (නි)
සමහරු මොනතරම් විනාශයක් බුදු දහමට සිද්ධ කළාද? (නි)
මම හිතන්නේ ලාංකික බෞද්ධයනුත් මේ සඳහා යම් කිසි මෙහෙවරක් කළ යුතුව තිබෙනවා. සියලු බෞද්ධ සංවිධාන එක්ව මේ සඳහා මුලිකත්වය ගත යුතුයි. (නි)
ඉන්දියාවේ කෞතුගාර වලට වලට වඩා ශ්‍රී ලංකාව හොදයි නේද? මොකද හොද අරක්ෂාවක් තිබෙන නිසා (නි)
ඔන්න සේනාවලට කරනවා නම් වැඩක්. (නි)
මොනවා කියනවද දසුනි? අර කට්ටියට ලැබුණොත් නම් විනාශයි (නි)
මේ අරාබි අකුරුද බුද්ධ පාත්‍රයේ කෙටිලා තියෙන්නේ? (නි)
ඇෆ්ගනිස්තානය කියනේ බෞද්ධ රටවල්. අද හොයාගෙන තියනවා රහතන් වහන්සේලා වැඩ සිටි ලොකුම ආවාසය ඇෆ්ගන් වල තියෙන්නේ කියලා. බුදුරජානන් වහන්සේ මේ ලෝකේ හුගක් තැන් වල ගමන් කළා. ඇෆ්ඝන් වල , උතුරු ඉන්දියාවේ , දකුණු ඉන්දියාවේ ,මක්කම, ලංකාවේ ලෙස ලෝකේ පස් තැනක තියනවා ශ්‍රී පතුල... ඊජිප්තුවේ පිරමිඩ් හැදුවේ බෞද්ධ රජවරු. ලෝක ඉතිහාසේ මේ හැමදෙයක්ම තියනවා. ඉදිරි අනාගතයේදී හැමදෙයක්ම වෙස්වනවා විද්‍යාවේ දියුණුවත් එක්ක. (නි)
සාධු සාධු සාධු ! පින්තුරයකින් හරි දකින්නට ලැබීම මහත් පිනකි. ලංකාදීපයට ස්තුතියි (නි)
පිරමිඩ හැදුවේ බෞද්ධ රජවරු නම් ඒ පිරමීඩ ඔවුන්ගේ දෙවිවරුන්ට කැපකරපු සෙල්ලිපි තියෙන්නේ ඇයි? (නි)
මෙහි සම්පූර්ණයෙන් කෙටිලා තිබෙන්නේ අරාබි අකුරු නේද? කුමක් හෝ වැරැදීමක් වෙලාවද්ද? (නි)
මොකද මේ අරාබි අකුරු කොටලා? (නි)
හොරබඩු ළඟ තබාගැනීමත් වරදක්. (නි)
ඕසන් සලාම්, තව දේවල් එලියට එන්න තියෙනවා. පොඩ්ඩක් ඉඳලා බලන්න. සියල්ල හෙළිවන විට සියලු දේ සිදුවී හමාරයි කියා කියමනක් තියෙනවා නේ ? (නි)
මොකක්ද දැන් අරාබි අකුරු තිබීමේ ප්‍රශ්නේ? අරාබි අකුරු බොහොමයක් මැද පෙරෙදිග සහ මධ්‍යම ආසියානු රටවල අකුරු හා සමානයි. ඉතින් ඒ රටවල තිබෙන පුරාවස්තුවල එරටේ අකුරු හැර ලංකාවේ අකුරු තියෙනවද? (නි)
අරාබි අකුරු වගේ මටත් යමක් පෙනෙනවා (නි)
ඉන්දියාවට නම් දෙන්න එපා මේක,ලංකාවේ අපිට දෙන්නකෝ (නි)
චූල, අරාබි අකුරු පවා ආවේ සංස්කෘත භාෂාවෙන් (නි)
නිපුණ, දැන් ඕක ගිහින් ඕකේ කොටන්න අවශ්‍යතාවයක් නැහැනේ.?මටත් සැකයක් ආවා මධ්‍යම ආසියානු රටවල්වල මිනිස්සුන්ගේ මුහුණු වල හැටි දැක්කම. (නි).
මේක බුදු හාමුදුරුවන්ට හදලා දීපු ගල් වඩුවා කොහේ කෙනෙක් වෙන්නට ඇද්ද? (නි)
අකුරු මොනවා වුණත් අපි මෙම පූජනීය වස්තුවට ගරු කරමු (නි)
ඒ කාලෙත් ගල් වඩුවෝ ඉදලා තියෙනවද ඒ කියන්නේ? (නි)
බැරිද මේක ලංකාවට ගේන්න? ඉන්දියාවට වඩා ලංකාවටයි මේක වටින්නේ. (නි)
බුදුන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනේ නැහැ කියලා ඉන්දියාවේ විරුද්ධ පක්ෂයේ කට්ටියේ නායකයෝ නේද කිවුවේ? මේ වතාවේ මොකද මේක ඉල්ලන්නේ? (නි)
මේකේ කොටලා තියෙන්නේ අරාබි අකුරු නේද? (නි)
ශානුක ප්‍රියන්ත කෝ සාක්ෂි තියෙනවද ?පිළිගන්න (ස)
තව ගල්, මැටි හා ලෝහ ගොඩවල් හොයා ගන්න.ඒක හොඳයි පෙරලි පෙරලි වඳින්න. (ස)
බුද්ධ පත්‍රය නිර්මාණය වී ඇත්තේ යම් කිසි රූප සමුහකින් බව මට පෙනෙනවා. (ස)
මේකේ ලියා තිබෙන්නේ පුරාණ අරාබි අකුරු, එයින්ම තේරෙනවා මේක කිසිම සම්බන්ධයක් නෑ කියලා බුදුන්ට. (ස)
වහාම කොටපු දේවල් පරිවර්තනය කරන්න ඕනි. නැත්තම් ඕක ප්‍රශ්නයක් වෙනවා. (ස)
ශානුක ප්‍රියන්ත, "අරාබි අකුරු පවා ආවේ සංස්කෘත භාෂාවෙන්" නොව සංස්කෘත භාෂාව, හින්දි, උර්දු,පාර්සි මේ භාෂාවන් බිහිවුනේ අරබි භාෂාව පදනම් කරගෙනයි. ලෝකයේ අද භාවිතා වෙන භාෂාවන් අතරින් අරාබි භාෂාවට දීර්ඝ ඉහිහාසයක් ඇත. (නි)
අපේ බුදුන්ගේ දේවල් විනාස වෙන්ධ දෙනත් බැහැ (අ)
ඉදියාවට වඩා හොඳ ශ්‍රී ලංකාවටයි .මොකද ඉන්දියාව බෞද්ධ රටක් නොවෙයි. තායිලන්තයත් හොඳ ඒත් එහෙ භික්ෂුන් ප්‍රබල නැහැ අපේ රටේ වගේ (අ)
මේ බ්‍රාහ්මීය අක්ෂර නේද? (නි)
ඇත්තෙන්ම මෙය කිලෝග්‍රෑම් 250 ක් විතර බර ශිලා නිර්මාණයක්. එබැවින් බුදුන් වහන්සේ හෝ වෙන යමෙක් මෙය පාත්‍රයක් ලෙසට පාවිච්චි කළා කියලා කියලා හිතන්න අමාරුයි නේද? මෙය "බුද්ධ පාත්‍රය" කියලා නම් කරලා තියන්නේ සංකේතාත්මකව පමණක් විය යුතුයි. අරාබි අකුරු වලින් කොටලා තියෙන්නේ කුරානයේ සඳහන් වාක්‍යයයි. එබැවින් මෙය "බුද්ධ පාත්‍රය" ලෙස හිතන්නේ ඇයි කියලා මට නොතේරේ. (නි)
ලෝකවාසී සියළු බෞද්ධයන් මේ සදහා පෙළගැසිය යුතුයි (නි)
මේ පූජනීය වස්තුව ඉන්දියාවට ගන්න (නි)
සිල්වා, බයිලා ගහන්න එපා. පිරමිඩ් හැදුවේ වසර 4000 කට කලින් බුදුරජානන් වහන්සේ ඉපදිලා දැනට වසර 2600 යි. (ස)
ඇෆ්ගනිතානය අතීත බෞද්ද රටක් මදයම අසිඅනු බෞද්ධ රටක් ඇෆ්ගනිස්ථාන්,තජිකිෂ්ටන්, කසකස්ථානය,තුර්කිමෙනිෂ්ඨානය,උස්බෙකිතනය,කිරිගිස්ථානය.ක්‍රි.ව. පළමුවන සියවශේ කුෂාන අධිරාජ්‍යාගේ කලේ තම බුදුදහම මධ්‍යම ආසියානු රටවල ව්‍යාප්ත වුනේ. (අ)
දැන් ඉතින් ඕකට කියයි මහමත් තුමාගේ මොකක් හරි කියලා.මක්කම තියෙන්නෙත් මොකක්ද කියලා අපි දන්නවනේ. (ස)
සිල්වා..අයිති නැති ගෞරව බොදු අපිට එපා.පිරමිඩ කිසිසේත්ම බෞද්ධ නිර්මාණ නොවේ.නමුත් අශෝක රජ සමයේ අරාබි කාරයට බුදුසමය ළඟා වුණු බව ඇත්ත.නමුත් මුස්ලිම් සහ එයට පෙර සංස්කෘතීන් අතරේ එය ව්‍යාප්ත වෙලා නැහැ. (ස)
සාදු.සාදු....සාදු.... පින්තුරය දැකීමටත් අප පින් කර ඇති බව සිතමි.... ලංකාදීපයට අපගේ ප්‍රණාමය...(අ)
අසිත ඔබ හරි මන් කියන්නේ ඔහේ ඉන්න මිනිස්සුන්ට තව දෙයකට යන්න හේතුව කුමක්ද ?අනික යුද්දයන් කරලා අද කට්ටිය කියනවිදිහට මෙවනිදෙවල් සාර්ථක කරගන්න පුලුවන්ද? මොකද බලකිරීම තාවකාලික විසඳුමක් නේද ?මේ මිනිස්සු අදටත් දැඩි මතයෙ නේද ඉන්නේ ? (අ)
බුද්ධ පත්‍රය ලංකාවට ලැබුන නම් ගොඩාක් පින්.....සාදු...සාදු...(අ)
දැනට උද්ගෝෂණ මෙහෙය වන රාවනා බලේ කට්ටියට කීවා නම් ඉබේම ඕක ලංකාවේ.(නදී)
නිපුන, අරාබි අකුරු තිබුනොත් ඉතින් මොකද කියල ඔහේ නිකමට හරි අහන්න ඕනේ? එමගින් ප්‍රශ්නය යට ගහන්න එපා. (නදී)
මේක පාත්තරයක් වෙන්න බැහැ. අනිත් එක පැරණිම අරාබි අකුරැ තමයි කොටල තියෙන්නෙත්..!(නදී)
අතීතයේ ඇෆ්ගනිස්ථානය බෞද්ධ රටක්, පසුව මුස්ලිම් රටක් බවට පත්වුණා. කාලයක් යනවිට අපේ රටෙත් බුදුපිළිම ටික පමණක් ඉතුරුවේවි. (නි)
කොහොම හරි වෙන ඉතිහාසයක් කෙටුවා නම් නරකද? මේ තියෙන්නේ තනිකර අරාබි අකුරු නේ (නි)
ලංකාදීප, ඔයාලට අප්‍රමාණ පින්! ඡායාරූපයක් හරි දකින්න ලැබුනා (නි)
හොද වෙලාවට ඒක අපේ කටු ගෙදර නොතිබුනේ (නි)
බුදුන්වහන්සේට අයිතිවාසිකම් කීමට ඉන්දියාවට සාධාරණ අයිතියක් තිබෙනවා. (නි)
බොහොම අගෙයි. අපි කව්රුත් එකතු වෙලා ඉන්දියාවට මේක හොයාගත්තට පළමුව ස්තූති කළයුතුයි. (නි).
රිෂාර්ඩ් ,තම රටේ වදින පුදන දේවල් වල විවිධ අක්ෂර සහ රුප කොටන එක බොහෝ ශිෂ්ටාචර වල ලක්ෂණයක්. අරාබි මධ්‍යම ආසියානු වෝ තමන්ගේ ආගමික වස්තු වල මෙය කරනවා. (නි)
ඒ කාලේ අකුරු තිබුනේ නැහැ. මේ මෝස්තරයක් විතරයි. (නි)
මා දන්නා තරමින් ඇප්ගනිස්ථානය ලෝකයේ හොද බෞද්ධ රටක්. කෙසේ හෝ මේ වන විට එම රට මුස්ලිම් වෙලා.තවද බංගලාදේශයත් මේ වගේම බෞද්ධ රටක්. මේකටත් සිද්ද වුනේ මේකම තමා.එම නිසා අපේ අනාගතය සහ අපේ රට ගැන ඉදිරි පරපුර විශේෂයෙන්ම සිංහල රට බේරා ගන්න නම් ළමයි 5 දෙනෙක්වත් සැදිය යුතුමයි (නි)
හොද ඉල්ලීමක්. ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)
මේවා දකිනකොට හරිම කණගාටුයි. මේ හැමදෙයකින්ම කියන්නේ අපේ පිරිසිදු බුද්ධාගම නැතිවෙන බවයි (නි)
මුළු ලෝකයම දන්නවා. එළිවෙන්න දෙයක් තව ඉතුරු වෙලා නැහැ (නි)
සාදු! සාදු! සාදු! හිත පදවාගෙන වන්දනා කරගන්න (නි)
මෙම පාත්‍රයේ බර සහ ප්‍රමාණය සදහන් කරන්න (නි)
අපේ මුතුන් මිත්තෝ ගොඩක් ඉන්නේ බිහාර් වල. ඒ හන්ද අනිවාර්යෙන්ම මෙය බිහාර් වලට ගෙන යා යුතුයි. ඇෆ්ගනිස්ථාන් වල තිබුනොත් භාමියන් බුද්ධ ප්‍රතිමාවට කරපු දෙයම මෙයාල කරයි. (අ)
ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් බව සලකන්න (අ)
පින්සිද්ධ වෙන්න ඕන මෙතරම් කල් මේ පුරා වස්තුව ආරක්ෂා කලාට. නිකමට හිතන්න ඕක අපේ රටේ අඩි 8 ක් පොලොව යට නිධානයක තිබේ කියලා, අපේ කස්ටියට ආරංචි උනානම්.(නදී)
"අකුරු මොනවා වුණත් අපි මෙම පූජනීය වස්තුවට ගරු කරමු" පූජනීය වස්තුවක් කියල කොහොමද දන්නේ? කව්රුත් කියන නිසාද? (නදී)
සිල්වා ,දැනටමත් ඔය කියන ස්ථානය අතුරුදන් වෙලා ඇති. ඔය කියන ස්ථානය පිරිසිදු තඹ තියෙනවා කියල චීනයට කොන්ත්‍රාත් දීල.හැම දෙයක්ම තම්බවලින් නිමකරලා තියෙනවලු. (අ)
අරාබි අකුරුවලින් ලියලා තියෙන්නේ 'බුද්ධ පාත්‍රය' කියලා. අරාබි අකුරු වගේ පෙනෙන සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි. සියලු දෙනාට බුදුසරණයි...!! (නි)
මෙච්චර කාලයකට අවශ්‍ය නොවුන එකේ මොකද දැන් හොයන්නේ? (නි)
වාසනාවකට වගේ කෞතුකාගාරය තලේබාන් අය අතට පත් නොවුනෙ (නි)
මම පරිගණක නිර්මාණ ශිල්පියෙක්. මම මෙම පින්තුරය හොඳින් විශාල කර පරික්ෂා කළා. මේ අරාබි අකුරු නෙමෙයි (නි)
බුදුදහමේ සැබෑ නිර්මාතෘවරු කවුදැයි හඳුනාගන්න හොඳ අවස්ථාවක් වගේම පිටරටින් එන ඕනෑම කුණුගොඩක් දෝතින් බදාගෙන හිස මත තියාගන්නා මේ රටේ සිටිනවුන්ට හොඳ පාඩමක්. (නි)
මේවා අරාබි අකුරු නෙවයි. බ්‍රාහ්මීය අක්ෂර. (ස)
ලංකාවට මේ පුජනීය වස්තුව ලැබෙනවා නම් හොඳයි... ඒත් කන්ගැට්ටන් ගෙන් කොහොම ද බේරා ගන්නේ ......... (ස)
අනේ වැඳලා කියන්නම් අපේ කෞතුකාගාරේට නම් ගේන්න එපා. තියෙන තැනම හරි ඉන්දියාවේ හරි තියන්න. මොකද මතකනේ පහුගිය කාලේ අපේ කෞතුකාගාරේ තිබුණ දේවල් වලට වෙච්චදේ. අපිට පත්තරයකින් පින්තූරයක් වත් දකින්න බැරි වේවි මෙහෙ ගෙනාවොත්. (ස)
මම හිතන්නේ මේ දාලා තියෙන ඡායාරුපය වැරදියි. අරාබි අක්ෂර බුද්ධ පත්‍රයේ තියෙන්න විදිහක් නැහැ. මේවා සමහරවිට පස්සේ කොටන්න ඇති. (ස)
ලංකාවට නම් ලැබුනොත් හොඳයි.ප්‍රශ්නයකට තිබෙන්නේ ,ඕක ලන්ඩන් වෙන්දෙසියකට යයිද කියලා දන්නේ කවුද, (ස)
සියලු සංස්කාරයෝ නැසෙන සුලුයි කියලා, දේශනා කරපු අපේ බුදුහමුදුරුවෝ, මේ වගේ ගල් පාත්තරයක් භාවිතා කරා කියලා මම හිතන්නේ නෑ, අනික මේකේ විෂ්කම්භය 2 කියලයි මම දන්නා විධියට, ඉතින් ඒක කොච්චර බර ඇත්ද ?, සැහැල්ලු සරල ජිවිතයක් ගෙවපු උත්තමයෙක් මේ වගේ දෙයක් භාවිතා කාරයි ද ? මම හිතන්නේ වෛශාලී නුවර වැසියන් බුදුහමුදුරුවොන්ගෙන් ලැබුණ පාත්‍රයේ අනුරුවක් හදන්න ඇති ගලෙන් , (ස)
මෙයාලා කියන විදිහට අපේ සෙල් ලිපි වල තියෙන අකුරුත් සිංහල නෙමෙයි කියයි. (ස)
පාත්‍රයේ තියෙන්නේ මොන භාෂාවද? (නි)
මම දන්නා තරමින් "බුද්ධ පාත්‍රය" තියෙන්නේ ලංකාවේ. දන්නා කෙනෙක් ඉන්නවා නම් මාව නිවැරදි කරන්න. (ස)
බුදු දහමේ සැබෑ නිර්මාතෘවරු කවුදැයි හඳුනා ගන්න හොඳ අවස්ථාවක් වගේම පිටරටින් එන ඕනෑම කුණු ගොඩක් දෝතින් බදාගෙන හිස මත තියා ගන්නා මේ රටේ හිඟන්නන්ට හොඳ පාඩමක්. (ස)
පින්තූරයෙන් පෙනෙන විදියට නම් මෙම පාත්‍රය බුදු රදුන් පිඬු සිඟාවැඩීමට භාවිතා කල වග පිළිගැනීමට අපහසුය. මන්ද, මෙම පාත්‍රය තනි පුද්ගලයකුට ඔසවා ගෙන යාමට හැකිදැයි සැක සහිත නිසා. උන් වහන්සේ ප්‍රාතිහාර්ය බලයෙන් පාත්‍රය ඔසවාගෙන ගිය බවක් මා අසා නැත. මෙය උන්වහන්සේ වැඩ සිටි ආරාමයේ තැන්පත් කර තිබු විශාල පාත්‍රයක් විය යුතුය. (ස)
මේක අරාබි අකුරු වගේ. හැබැයි උර්දු සහ ඇෆ්ගන් අකුරුත් මීට සමානයි. (ස)
සෙල්ලිපි වල සිංහල අකුරු නම් ඒක කවුද ලිව්වේ ? (ස)
ලියවිලි සම්පුර්ණයෙන් අරාබි. බුදුන් අරබිද? (ස)
මුගලන් රජතුමා එක්තරා ආගමක පළවෙනි රජතුමා කියලා කට්ටියක් කියනවා.අනුරපුර පොළොන්නරු යුගවල ඒ ආගමේ කට්ටිය හිටියලු.මේ කථාවෙයි විජයට කලින් අරාබිවරු හිටියයි කියන කථාවෙයි වෙනසක් නැහැ (නි)
තියෙන්නේ අරාබි අකුරු නම් අරාබි කාරයෙකුට කියලා කියව ගන්නවලකෝ .නිකන් මෙතන තප්පුලන්නේ නැතුව. (ස)
මෙහෙට ගෙනාවොත් කන්ගට්ට දාලා උස්සයි .ඉන්දියාවට ගෙනිච්චොත් බුද්ධ ගයාවට, නාලන්දාවට ගැහුවා වගේ මුසල්මානු ප්‍රහාර එල්ල කරලා විනාශ කරාවි. (ස)
කන්න ඕන වුනාම කබර ගොයාවත් තලගොයා කරන කට්ටිය තමා වැඩි හරියක් අදහස් දාලා තිබෙන්නේ. (ස)
මෙහි ලියා ඇත්තේ අරාබි බසින් මිස බ්‍රාහ්මිය අක්ෂර වලින් නොවේ. බ්‍රාහ්මිය අක්ෂර බොහෝ සේ සමාන වන්නේ ලතින් හා ග්‍රීක අක්ෂර වලටයි. (නි)
මෙහි ලියා ඇත්තේ අරාබි බසින් මිස බ්‍රාහ්මිය අක්ෂර වලින් නොවේ. බ්‍රාහ්මිය අක්ෂර බොහෝ සේ සමාන වන්නේ ලතින් හා ග්‍රීක අක්ෂර වලටයි. (නි)
සෑහෙන කාලයක් ඇෆ්ගනිස්ථානයේ තිබුණු මෙම පාත්‍රයේ අරාබි අකුරු නැතුව සිංහල අකුරු කොටන්නද? (ස)
මෙම බුදුන් පරිහරණය කළ පාත්‍රය හිමිවිය යුත්තෙ ලංකාවටයි.එයට හේතුව වන්නෙ අවසානයට බුදු දහම පවතින ලෝකයේ එකම රට වන්නෙ ලංකාව නිසා. එසේම ලෝකය අවසන් වන දිනක ලෝකයේ සෑම රටකම පුද සත්කාර ලබන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා අපේ රටේ රුවන්වැලිසෑයට එක් වෙනවා. (ස)
මෙහි ලියා ඇත්තේ අරාබි බසින් මිස බ්‍රාහ්මි අක්ෂර වලින් නොවේ. බ්‍රාහ්මි අක්ෂර බොහෝ සේ සමාන වන්නේ ලතින් හා ග්‍රීක අක්ෂර වලටයි. (ස)
ඕක අපට දෙන්න. (ස)
රකිත, නිකං බහුභූත ලියන්න එපා. බුදුන්ගේ කාලයේ වෛශාලියේ අරාබි භාෂාව භාවිතා වූ බවට මේ හොඳ සාක්ෂියක් වගේම ලන්ඩන් කෞතුකාගාරයේ තිබෙන කනිෂ්ක රජු ගේ රන්මුවා කාසිය තහවුරු කරනවා. පාත්‍රය පුරුෂපුත්‍ර නගරයට හා ගාන්ධාරයට ගෙනගිය කාලේ පකිස්තානයේ හා ඇෆ්ගනිස්තානයේ භාවිතා වුණේ බ්‍රාහ්මි අක්ෂර බව. (ස)
අපිට මොන භාෂාවෙන් තිබුනත් කමක් නැහැ, මේක බුදුහාමුදුරුවන්නේ පත්‍රය නම් ඇති (නි)
රකිත, නිකන් බහුබූත ලියන්න එපා. බුදුන්ගේ කාලයේ වයිශාලියේ අරාබි භාෂාව භාවිතාවූ බවට මේ හොඳ සාක්ෂියක් වගේම ලන්ඩන් කෞතුකාගාරයේ තිබෙන කනිෂ්ක රජු ගේ රන්මුවා කාසිය තහවුරු කරනවා පාත්‍රය පුරුෂපුත්‍ර නගරයට හා ගාන්ධාරයට ගෙනගිය කාලේ පකිස්තානයේ හා ඇෆ්ඝනිස්තානයේ භාවිතා වුණේ බ්‍රාහ්මිය අක්ෂර බව. (නි)
අපේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ සිංහල කියලා (නි)
රකිත, ඇෆ්ගන් වල වැඩිපුර කතා කරන්නේ පශ්ටූන බාෂාවනේ (නි)
අපිට වඩා මේ පාත්‍රය ඉල්ලීමේ අයිතිය තියනේනෙ ඉන්දියාවට කියලයි මට හිතෙන්නෙ.ඒක නිසා අපිත් ඉන්දියාවට සහය දීම හොඳයි. අපිට ඉන්දියාවෙදි හරි දැක ගන්න පුළුවන් වෙයි. (ස)
මමත් දන්නා විදිහට බුදු හාමුදුරුවන්ගේ පාත්‍ර ධාතුව තියෙනනේ ලංකාවේ. (ස)
මේ පාත්‍රය ලංකාව මැදිහත්වෙලා ඇෆ්ගන් රජයෙන් ඉල්ලා ගන්න. ඔවුන් අපිට දේවි අපිට වටිනා නිසාත්, අපේ ආගමේ දෙයක් නිසාත්. ගොඩක් වටින්නේ ලාංකිකයන්ට වඳින්න සහ පුදසත්කාර කරන්න. (ස)
සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා දේශනා කළ උන්වහන්සේ මනුස්සයන්ට වදාළේ මා කීවට මේ ධර්මය පිළිගන්න එපා.මා මාර්ගය පෙන්වා ඇත.ඔබ එහි ගමන් කර එහි ප්‍රතිඵල ඔබම අත්විඳින්න කියායි.දැන් ලෝකෙ පුරා මිත්‍යාවන් රජ කරන කාලේ.බෞද්ධයෝ වශයෙන් කවුරු කවුරුත් ඒ මාර්ගය අවබෝධ කර ගනිත්වා. (ස)
මෙහි පෙන්නුම් කරන ගෞතම බුද්ධ පාත්‍රයේ අරාබි අකුරුවලින් කොට තියෙන නිසා මම හිතන්නේ ගෞතම බුද්ධ පාත්‍රය වෙනුවට වැරදිලා වෙන පින්තූරයක් දැම්මද දන්නේ නැහැ.අනික බුද්ධාගම ආසියාවෙන් පිට ගිය ආගමක් නොවයි. බුදුන් ඉපදුනු දේශයේම බුද්ධාගම තියෙන්නේ 4% යි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් පිලි පදින්න 10% වත් බෞද්ධයන් ලංකාවේ නැහැ. එපා කියන සෑම දෙයක්ම කරන්නේ ලාංකික බෞද්ධයන්. මගුල් ගෙදර (ජීවිතේ ආරම්භය) අවමගුල් ගෙදර දක්වාම මත් පැන් වලින් සංග්‍රහ වෙන එකම ජාතිය හා ආගමිකයන් ඉන්නේ ලංකාවේ. වෛරය, ක්‍රෝධය, ඊර්ශාව හැම එකක්ම තියාගෙන ආගම ගැන කතා කරලා වැඩක් නැහැ. තමුන් හරියට ඉඳලා අනුන්ට දේශනා කලොත් නේද හොඳ? (ස)
බුද්ද පාත්තරේ නොවෙයි, බුද්‍රහාමුදුරුවෝ ලංකාවට වැඩියත් අපේ මිනිස්සු හදන්න නම් බැහැ ! ඒක සහතිකයි! (නි)
බුද්ධ පාත්‍රයට අරාබි අකුරු ආවේ කොහොමද එතකොට? (නි)
(1) මේ පාත්‍රය බුදුරජානන් වහන්සේ භාවිතා කරපු එකක් නොවෙයි. මෙය බුදුන් භාවිතා කරපු පාත්‍රයේ අනුරුවක්. මේ පත්‍රය කිලෝ 50 කට වඩා බරයි.සරල ජීවිතයක් ගත කරපු බුදුරජාණන් වහන්න්සේ ඕක ප්‍රාතිහාරයෙන් ඔසවාගෙන ගියා කියන්න අමාරුයි. (2) නියම පාත්‍රය ශ්‍රී ලංකාවේ ශ්‍රී දළදා මාලිගාව තුල ඇති කුඩා ස්ථූපය තුල තැන්පත්ව තියෙනවා. (3) මේ දක්වා ඇති පාත්‍රය ඉන්දියාවේ ඇති ආනන්ද බෝධිය වගේ වටිනා පූජනීය වස්තුවක් (4) මෙහි සටහන් කොට ඇත්තේ අරාබි අකුරුම නම් ඒ ගැන කලබල වෙන්න කිසිම හේතුවක් නැහැ. අතීතයේ සෞදි අරාබිය ඇතුළු බොහෝ රටවල් බෞද්ධ රටවල්. ඒ ගැන ඕනෑවටත් වඩා සාක්ෂි තියෙනවා. මේකත් ඒ සම්බන්ධය පැහැදිලි කරන එක සාක්ෂියක් විතරයි. (5) සමහර විට මේ යන විදිහට ශ්‍රී ලංකාවත් තව අවුරුදු 500-600 ඉස්ලාමික රටක් වුනොත් ඒ කාලේට ලැබෙන පුරාවස්තු ගැනත් මේ විදිහට මෝඩ තර්ක කරයි. මොකද එහෙම වුනොත් ආගම ඉස්ලාම් සංස්කෘතිය බෞද්ධ වෙනවනේ. (ස)
බුදුහාමුදුරුවෝ කියලා නැහැ එයාගේ පාත්‍රය අරගෙන වඳින්න කියලා. මෝඩ සිහලුනේ දැන්වත් හරි බුද්දාගම තේරුම් ගන්න. (ස)
මේ ලෝකේ වෙනස් වෙන තැන වැඩි ඈතක නැහැ. ලෝක හරිම ඉතිහාසය මිනිසුන්ගෙන් වසන්කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මේ මිහි තලයේ පමණක් නොව අභ්‍යවකාශේ පවා අධ්‍යනය කලා මනසින් සහ සෘද්ධි බලයෙන් විශ්ව ගණිතය සහ බුද්ධාගම විද්‍යාව සහ බුද්ධගම බැදීම හරිම සමානයි. අද බටහිර ලෝකය මවිතයට පත්වෙනවා. බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ සිදුවූ දේවල්වලට. අද ලෝකය දියුණු වෙන්නේ මිනිසාගෙන් පිටතට එහි අවසානයක් නොමැත. බුදුපියාණෝ සිත දියුණු කලේ අප තුලට. එතනයි වෙනස පරිසරයට සහ ලෝක සොබාව ධර්මයට හානියක් නොමැත. අප යා යුත්තේ එතැනටයි. හරිම දියුණුව එතුලින් ලබා ගත හැකි. මෙයයි විශ්ව තර්කය අද මිනිසා විසින් මිනිසා නසන දියුණුව කරා ගමන් කරනවා. මෙලොව මනස 100%ක් දියුණු කලේ බුදුපියාණෝ පමණයි! ඒකයි ගෞතම බුදුපියාණෝ කියා අමතන්නේ ! අපගේ සිත 80%ක් දියුණු කළ හැකිනම් අපට සෘද්ධි බලයෙන් යා හැක. එනම් රහත් බව ලැබිමයි. සංසාරය නමැති මහා මුහුදේ අපි අතර මංවෙලා. හරි පැත්ත කවදා සොයා ගනිවිද ?? (ස)
බුදුහාමුදුරුවො ගල් පාත්‍රයක් භාවිතා කළ බවක් සදහන් වෙන්නේ නැහැ නේද ඉතිහාසයේ. විනයේ සදහන් වන්නේ මැටි හා ලෝහ පාත්‍ර භාවිතා කරන ලෙස. එසේ විනය නීති පනවා බුදු හාමුදුරුවො තමන්ම ගල්වලින් පාත්‍රයක් භාවිතා කරාවිද. අනෙක ලංකාවේ පාත්‍ර ධාතුව තැන්පත් කරපු චෛත්‍යයක් තියෙනවා නේද. පාත්‍ර නම් දෙක තුනක් තියෙන්නත් පුලුවන්. ඒත් මේක ගල් පාත්‍රයක් නම් බුදුහාමුදුරුවන්ගේ වෙන්න බැහැ. (ස)
බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුවට වදින්න පුද සත්කාර කරන්න මෙතරම් උනන්දු අපි ඇයි උන්වහන්සේගේ ධර්මයේ පිහිටලා සිටින්න ඒ වගේ උනන්දු නොවෙන්නේ ? බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ ප්‍රතිපත්ති පුජාවයි ආමිස පුජාවට වඩා උතුම් කියලා! (ස)
පහන් 2013-08-29 10:29:31, මෝඩ කතා කියන්න එපා. ත්‍රස්තවාදයේ නොම්මර 1 කියපු ඇෆ්ගනිස්ථානය මෙය විනාශ නොවී මෙතෙක් කල් ආරක්ෂා කලේ නම්, මුසල්මානුවන්ට ස්තුති කරනවා හැර ද්වේශ සහගතව ප්‍රකාශ කිරීමෙන් වලකින්න.ඔය කෙටිල තියෙන අරාබි අක්ෂර කියවීමෙන් කාට කාටත් සත්‍ය නුදුරු අනාගතේදී හෙළිවේවි. (ස)
අම්මෝ! මේ පාත්‍රයට මේ ගොල්ලන්ගේ දාලා තියෙන අදහස්? කව්ද දන්නේ මේකේ හරි උරුමක්කාරයා කව්ද කියලා (නි)
අරාබියේ මුලින්ම තිබුනේ බුද්ධාගම සෞදියේ විසාල පන්සල් හතරක් තිබුණා මුල්ම රහතන් වහ්සේගේ නම "පුණ්‍ය " බුදුපිළිම 4000 සක් තිබුණා මේ පන්සල් වල විතරක් එදා සිටි අරාබි සිටුවරු තමයි ඒවා නිර්මාණය කලේ. ඒ දේවල් හැමදෙයක්ම කුරාණයේ සදහන් වෙනවා ඉජිප්තුවේ "ලොස්සෝ" පන්සල් තවම තියනවා සිරියාවේ තියනවා ග්‍රීසියේ බුදු පිලිම තවම තියනවා ඕක තමයි ලෝක ඉතිහාසය.(නදී)
සිංහලයා හොදට බයවෙලා වගෙයි අප්පා......කෝ අර වීරත්වයෙන් අදහස් දාන නිවටයා අද පේන්න නැ..(නදී)
බුද්ධගයාවට බෝම්බ ගහපු ඉන්දියාවට, මේ පාත්‍රය රැක ගන්න පුලුවන්ද ?දෙන්න මේක ලංකාවට. (ස)
මේ බුද්ධ පාත්‍රය හරි බර ඇති ගල් වලින් හදපු නිසා. මේක අරගෙන බුදු රජාණන්වහන්සේ පිණ්ඩපාතේ ගියේ කොහොමද කියලා මට තේරුම් ගන්ට අමාරුයි. (ස)
මේකේ ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ.. ඇත්ත වුනත් අපිට ඒක ඉල්ලන බැහැ. මොකද ඒක ඉන්දියාව බේරාගනිවි.. අපේ මුස්ලිම් අය හරියට කලබල වෙලා බෞද්ධයෝ ආගම පිළිපදින හැටි ගැන.. ඒ අපි ගැන කරුණාවෙන් වෙන්න බැහැ.. මුලින්ම බුද්ධාගම ආගමක් නොවෙයි. එකේ කාටවත් නීති පනවලා නැහැ , මිත්‍යා දෘෂ්ටිය පිළිගන්න කියලා බලකරලා නැහැ.. කැමති අයට පිළිපදින්න පුළුවන්.. නැති අයට ඒ විදිහට ඉන්න පුළුවන්... නමුත් ඒකේ ආනිසංශ දැනගෙන.. මේක ලංකාවේ සංස්කෘතිය , මේක ලංකාවේ නිදහස.. මත්පැන් බොන්න ඕනේ අයට ඒකට නිදහස.. මස් කන්න ඕනේ අයට ඒකට අයිතිය.. මත් පැන් පාකිස්තානේ වගේ මුස්ලිම් රටවල් වලත් කරනවා.. ඩුබායි , ක්වේට් , දෝහා , වගේ රටවලත් ... සෞදි අරාබි කට්ටිය ලන්ඩන් වලදී මත්පැන් පානය කරනවා. කාන්තාවෝ සිරුර නිරාවරණය කරගෙන යනවා.. ඉම්රාන් මේ ඔක්කොම දුප්පත් අයට තමා.. සල්ලි තියේ නම් ඔක්කොම හලාල්. (ස)
කණිෂ්ක රජ සමයේ නිර්මාණයක් ප්‍රංශයේ සොබෝන් සරසවියේ මධ්‍යම ආසියාවේ කලාව හා පුරා විද්‍යාව පිලිබඳ මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි මහතා පවසන්නේ මෙය කණිෂ්ක රජ සමයේ නිර්මාණය කරන ලද කෞතුක වස්තුවක් බවයි. "මේ පාත්‍රය හදලා තියෙන්නේ කළු ගලෙන්. පැරණි කන්දහාර් නගරයේ තිබිල තමයි, මේක කාබුල් නුවරට අරගෙන ආවේ" කාබුල් කෞතුකාගාරයේ අධ්‍යක්ෂ, ඕමාර් ඛාන් මහතා පාත්‍රය ඉල්ලා ඉන්දියාව ගෙන යන ව්‍යාපාරය තුල මෙය බුදුන් පරිහරණය කල ධාතුවක් ලෙස සැලකුවත්, බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් කිහිපයකට පසුව මෙම කළුගල් පාත්‍රය නිම වෙන්නට ඇති බවයි මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි ප්‍රකාශ කරන්නේ. "බුදුන් වහන්සේ ඇත්තටම භාවිතා කරපු පාත්‍රය කියලා අපිට කියන්න බෑ. නමුත් මේ වගේ විශාල පාත්‍ර කිහිපයක්ම හම්බ වෙලා තියෙනවා" බව මහාචාර්යවරයාගේ මතයයි. කෙසේ නමුත් මෙම පාත්‍රවල විශාල කෞතුක වටිනාකමක් තිබෙන බව ඔහු අවධාරණය කරයි. කෞතුක වටිනාකමක් ඇති මෙම පාත්‍රය මහා අධිරාජ්‍යයක් පුරා බුදු දහම පැතිර ගිය යුගයක නිර්මාණය වන්නට ඇති බව පුරා විද්‍යාඥ මතයයි. සියවස් ගණනාවකට පසු ලොව පුරා විහිදුනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට වඩා විශාලව විහිදුනු මෙම බෞද්ධ අධිරාජ්‍යය පසුව ක්‍රමයෙන් මුස්ලිම් ආධිපත්‍යයට යටපත් විය. ඉන්දීය බලපෑම් කෙසේ වුවත් පාත්‍රය යලි ලබාගැනීම පහසු වන්නේ නැති බවයි, මේ අතර ඇෆ්ගනිස්තානය ප්‍රකාශ කරන්නනේ. (ස)
ලෝකයේ සිටින සියළු දෙනාට සම්මා සම්බුදු සරණයි! (නි)
සුමිත් කියන එකත් සමහරවිට ඇත්ත වෙන්න පුළුවන්. (නි)
ඉම්රාන් ඔබ කීවා හරියට හරි, (ස)
කුමාර,දළදා මාලිගාවට ,ශ්‍රී මහා බෝධියට වුණ ප්‍රහාර නවත්වන්න නොහැකිව ,කටුගෙදර බඩු හොරු ගත්ත රටක අපි ඉන්නේ කියලා මතක තියා ගන්න (නි)
කල්ප හරි ලංකාදීපයට මාගේ ස්තූතිය (ස)
අපිට තමා හරි නම් දෙන්න ඕනේ ! අපිටත් බලන්න වාසනාවක් තිබුනොත් හොඳයි නේද? (ස)
සුමිත් මේකේ ප්‍රශ්නේ ඔය දේවල් අනුන්ට කිය කියා තමන් කරන එක .ඉස්සර වත්ත පිරිසිදු කරමු .මොකද ලන්ඩන් ඩුබායි කරනවා කියලා අපිත් කරන එක හරි කියන එකද ? අද බලන්න අන්‍යාගමිකයන්ට කරන වින්නැහිය ලජ්ජයි නේ. (ස)
මම මැද පෙරදිග ඉන්නේ ගොඩක් කල් ඉඳලා. ඉම්රාන්ට කියන්න . මම කුරානය පවා මඳක් දුර ඉගෙන ගෙන තියෙනවා . මෙහි ඉන්න මුස්ලිම් අය. කරන දෙවල් දැක්කහම. 01% වත් හරියට පිලිපදින්නේ නැහැ . හැම ආගමකම අද හැටි ඔහොම තමා. හරියට දන්නේ නැතිව අදහස් දාන්න එපා .. (ස)
අර්ෂා, එහෙනම් ඇයි බාමියන් බුදු පිළිම විනාශ කලේ.ඇයි තඹ ආකරය සඳහා නැවත ප්‍රදේශයක් විනශ කරන්න හදන්නේ ,හොඳ වෙලාවට ඇමරිකන් කාරයා ආපු නිසා පාත්‍රය බේරුනා. නැති නම් ඒක ඇතුලටත් බෝම්බයක් දාලා බුධාගයාව ළඟින් ගිහිල්ලා තියාවි .අනේ මගේ කට . (ස)
ඇෆ්ඝනිස්ථානයට මොකටද මේක? පුළුවන් තරම් ඉක්මනට මේ වටිනා පුරා වස්තුව ඉන්දියාවට ගන්න (නි)
මුස්ලිම් ආගමටත් කලින් අරබි අක්ෂර තිබුනේ. ඉතින් ඒක මුස්ලිම් ආගමේ උරුමයක් නෙමේ .ඉන් පැහැදිලි වන්නේ අරාබි භාෂාවෙන් බුදුදහම ඉගෙනගෙන හා උගන්වා ඇති බවයි . (ස)
සිල්වා ලියා ඇති පරිදි ලංකාවේ මහාචාර්යවරයෙක් හේතු සාධක නැතුව ඔය කියන විදිහේ ප්‍රකාශයක් ඇත්තටම කළත් පුදුමයක් නෙමෙයි. ලංකාවේ විද්‍යාත්මක ඉතිහාසකරණය වෙනුවට මනඃකල්පිත වංශකතා අදටත් මේ රටේ ඉතිහාසය ලෙස උගන්වන්නේ හරිහමන් උගතුන් ලංකාවට නැති නිසයි. නමුත් බෝපේආරච්චි කියන පරිදි කනිශ්ක යුගයේදී මේ පාත්‍රය හැදුවා නම් එහි තිබිය යුත්තේ අරාබි අකුරු නොව ග්‍රීක අක්ෂරයි. (නි)
පහන් අපි කියන්නේ ශාස්තෘවරු 125000 මෙලොවට වැඩියා කියලා. ඒකේ අන්තිම කෙනා නබිතුමා. අනික අපි කියන්නේ එකපැත්තකින් මෙලොවට ආපු ආගම් වල පණිවිඩය එකයි කියා. (නි)
මෙම පාත්තරයේ තිබෙන්නේ වෙනම අක්ෂර විශේෂයක්.මම හොඳට අරාබි අක්ෂර දන්නවා. (නි)
එතකොට පහන්, බුද්ධාගමට පෙර තිබුණු ආගම කුමක්ද? ඒ මිනිස්සුන්ට මොනවද වෙන්නේ? ඒ මිනිස්සු පව්නේ (නි)
විවිධ අය විවිධ කතා කිව්වත්, මෙයින් පැමිණිය හැකි පැහැදිලි එකම නිගමනය නම් එකල පටන්ම මැද පෙරදිග ගල් වඩුවන් සිටි බවත්, පෙරදිග ප්‍රාදේශීය සභා කේන්ද්‍ර කොටගෙන මෑත කාලීනව ගල් වඩුවන් බිහිවූ බවත් පමණි. (නි)
ඉම්රාන් දන්නා දෙයක් කතා කරන්න. එතකොට ඉරානෙත් ආසියාවේද? බුදුදහම ආරම්භ වුණ කාලයේ බුදුදහම අරාබිය දක්වා පැතිර තිබුණා. බුදුදහම බුද්ධියෙන් අදුනාගන්න ඕනෑ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ආගමේ නොවේ. වැරදි කරන කෙනා මොන ආගමේ වුනත් වැරදි කරනවා. අනික බුදුදහම කියන්නේ විනාශ වෙන ආගමක් නොවේ. ඒක තේරුම් ගන්නත් හොද බුද්ධියක් තියෙන්න ඕනෑ. මෙහෙම ප්‍රතිචාරයක් දැක්වීමට ලැබීම ගැන කණගාටු වෙනවා. (නි)
ඔක්කොම හරියයි ඕක පරිවර්තනය කළොත් (නි)
ඉම්රාන් ට වැරදුනා, මගුල් ගෙදර ජිවිතේ ආරම්භය නෙවෙයි. මගුල් ගෙදර කියන්නේ කෙනෙකුගේ "ජිවිතේ අවසානයේ" ආරම්භය, මං හිතන්නේ ඒකයි ගොඩක් අය මත් පැන් බොන්නේ එදාට (අ)
රංජනී අක්කේ, සුද්ධෝදන රජතුමා හින්දු චාරිත්‍ර අනුගමනය කළා.ජේසුස් වහන්සේගේ මවත් පියාත් යුදෙව්වන් .අපි ආගම් කතෘන්ට ගරුකරනවා. අපි කියන්නේ කෙනෙකු මත බලෙන් පටවන්න එපා .ඉතිහාසය විකෘති කරන්න එපා (නි).
නැහැ.මෙතන තර්ක වල හැටියට මට නම් පෙනෙන්නේ සත්‍ය එක දෙයක් වෙන්න ඕනෑ. එහෙම නම් මේවා සමජයට විනිවිදව තියෙන්න ඕනෑ, (නි)
ලංකාවට ගෙනාවා නම් හොදයි (නි)
සුමිත්, ඔබ හරි. සමහර අය සිංහල බෞද්ධයින්ට කරන අපහාස හිතා ගන්නත් අමාරුයි (නි)
නීල් රණා, මා විසින් ලියපු බහුබූතයත් ඔබ විසින් බුද්ධ කාලයේ අරාබි භාෂාව කතා කළ බවට ඉදිරිපත් කරපු මසුරන් වටිනා මතයත් පිළිබඳව තව දුරටත් අදහස් දැක්වීමට සහ විමසීමට කැමතියි. බුද්ධ කාලයේ වෛශාලියේ අරාබි භාෂාව කතා කළේ කවුද? ලිච්ඡවි රජ දරුවන්ද? එවකට මගධ රාජ්‍යයේ අරාබි භාෂාව කතා කළ බවට මොනම ඉන්දියානු ඉතිහාස ග්‍රන්ථකයකවත් ලියවී තිබේද? තිබේනම් ඒ කොතනද? එවකට, වෛශාලියේ ඉදි කෙරුණු කිසිම ස්ථූපයක හෝ මොනම පුරා විද්‍යා වස්තුවක අරාබි භාෂාව ලියවී තිබේද? අපේ මහාචාර්යවරුන් නොව ඉන්දියාවේ කිසිම ඉතිහාසඥයෙක් ඒ පිළිබඳව සඳහන් කර තිබේද? තිබේනම් ඒ කවුද? මොන කෘතියේද? (නි)
රකිත්, ඉන්දියානුවෝ ඔවුන්ගේ ශ්‍රේෂ්ඨතම අශෝක රජු පිළිබඳව දැන ගත්තෙත් මෑතකදී, ලංකාවේ මහා වංශයට පිංසිද්ධ වෙන්න. එහෙව් ඉන්දියානුවන්ගේ ඉතිහාස දැනුම ගැන මෝඩ ප්‍රශ්න අහන්න එපා. (නි)
රකිත්, ඉන්දියානුවෝ ඔවුන්ගේ ශ්‍රේෂ්ඨතම අශෝක රජු පිලිබඳව දැන ගත්තෙත් මෑතකදී ලංකාවේ මහා වංශයට පිං සිද්ධ වෙන්න. එහෙව් ඉන්දියානුවන්ගේ ඉතිහාස දැනුම ගැන මෝඩ ප්‍රශ්න අහන්න එපා. (ස)
අපි පිළිගත යුත්තේ අතීතයද ,වර්තමානයද නැත්නම් අනාගතයද ??? (දී)
කොහේ හරි ඉතා පරිස්සමෙන් තියෙන්නයි ඕන (දී)
නිල් රනා අපහස කරන්න එපා ආගම් වලට (දී)
නීල් රනා, ඔබ අබෞද්ධයෙක් බව ඇත්ත. ඒත් ඔබ සිංහල බෞද්ධයා සිඟන්නන් යැයි වෛරයෙන් අපහාස කරන්නේ ,ඔබ සිංහළෙයක් නොවෙන නිසයි. (නි)
මෙහි තිබෙන අරාබි අක්ෂර 'කූෆී' අක්ෂර ක්‍රමයට රචනා වී ඇති බැවින්, අවම වශයෙන් ක්‍රි.ව. 6 (හිජ්රා 1) වැනි සියවසට පසු කාලයට අයත් විය යුතුයි. වත්මන් අරාබි අක්ෂර භාවිතය ඇරඹෙන්නේ ක්‍රි.ව. 4 වැනි සියවසෙහිදීය. දැනට හමුවි ඇති මුල් කාලීන (ක්‍රි.ව. 4 සියවසට පෙර) අරාබි ලේඛන රචනා වී ඇත්තේ ග්‍රීක අක්ෂර වලිනි. දැනට සොයාගෙන තිබෙන පැරැණිතම කූෆි අක්ෂර ක්‍රමයට රචිත අරාබි අකුරු මෙම 'භික්ෂු පාත්‍රයේ' චිත්‍රණය වී තිබෙනා අක්ෂර කලාව තරම් දියුණු තත්වයක පැවැතුනේ නැත. මුස්ලිම් අධිරාජ්‍යය වත්මන් ඇප්ගනිස්ථානය හරහා ඉන්දියාව තුලට ව්‍යාප්ත වීමත් සමග හින්දු, ජෛන, බෞද්ධ තාපස දිවි පැවැත්මේ බලපෑමට මුස්ලිම් තාපසයින්ද ලක් වූහ. ශ්‍රී ලංකාවේ, කුරගල වැනි හුදෙකලා පර්වත ගුහා මුස්ලිම් තාපසයින්ගේ ආකර්ශණයට ලක්වන්නේ මෙවැනි පසුබිමෙකය. එනයින් බලන කල, අදාල භික්ෂු පාත්‍රයේ අක්ෂර කලාව පූර්ව ඉස්ලාමීය යුගයට අයත් නොවන බව පෙනේ (නි)
බුද්ධ පත්‍ර ධාතුන් වහන්සේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ කියලි මන් අහල තියෙන්නේ. (අ)
හොද සංවාදයක්. කවුරු කවුරුත් තම තමන්ගේ මඩිස්සලේ පුරවාගන්න හදන්නේ නැතුව තමන්ගේ දැනුම කාට කාටත් බෙදනවා නම් මොනතරම් වටිනවාද නේද? (නි)
මේ පාත්‍රය කොහොමත් ලැබිය යුත්තේ ඉන්දියාවටයි. (ස)
කව්ද එහෙම කියල තියෙන්නෙ ?
දැන් ඔය අමුතු නම් තියෙන අය කියන්නේ මේක මුසල්මානුවන්ගේ කියලාද? බෞද්ධයන්ව සමුල ඝාතනය කරලා රටවල් ඇල්ලුවා නේද? ඉතිහාසය දන්නේම නැද්ද? (ස)
මුස්ලිම් තාපසයින් ලෝකෙ කොහෙද හිටියේ ? (ස)
හෝව්..හෝව්... පොඩ්ඩක් ඉන්න. දැන් මේකේ ඉතාමත්ම පැහැදිලිව තිබෙන්නේ අරාබි අකුරු. බුදු හාමුදුරුවෝ අරාබිය ඉඳලා ඇති අපේ ආගම අනුව අපිත් එක පිලිගන්නවා. බුදුන්වහන්සේ දේශනය කළා උන්වහන්සේගේ පිළිම සාදා ඒවාට වන්දනා මාන නොකරන්න කියලා ඒ වගේම මත්පැන් , සුරාව, කාමය, මුසාව. සහ සියලු පව් වලින් වැළකී සිටින්න කියලා. උන්වහන්සේට වන්දනාමාන කරන්න එපා කියලා කියන්න හේතුවක් තිබෙන්න ඇති. කකුසද, කෝනාගම කාශ්‍යප කියන බුදුන්වහන්සේලා මොන රටේද ධර්ම දේශනා කලේ? යහ මඟ දේශනා කරපු බුදුන් ඒ බුදුන්වහසේලා උන්වහන්සේලාට වන්දනා මාන නොකරන්න කීවේ උන්වහන්සේලාටත් වැඩිය බලගතු ශක්තියක් තිබෙන නිසා වත්ද? කරුණාකර දන්නා අය සිටී නම් පැහැදිලි කර දෙන්න? (ස)
බෞද්ධයන්ව සමුල ඝාතනය කරලා මුස්ලිම් අය රටවල් ඇල්ලුවා කියලා මොන ඉතිහාසයද කියන්නේ? (නි)
ක්‍රිස් , ඉරානය කියන්නේ ආසියාතික රටක් තමා. (නි)
6 වන සියවසට පෙර ඉන්දියාවේ අරාබි භාෂාව භාවිතා වූ බවට කිසිදු සාක්ෂියක් නැත. මෙම පාත්‍රය කනිෂ්ක රජුගේ සේනාව විසින් රැගෙන යනු ලැබුවේ ප්‍රථම සහ දෙවන සියවස් අතර කාලයේ යැයි විශ්වාස කෙරේ. එමනිසා, මෙම පාත්‍රයේ අරාබි අකුරු ලියවුනේ පසුකාලිනවයි. කවුරුන් විසින් එය කරන ලද්දැයි නිශ්චිත නැත. නමුත් කවුරු කලත් එම ක්‍රියාව මෙම පාත්‍රයේ පැවැත්මට උපකාරී වී ඇති බව මට හැඟේ. නැත්නම්, තලෙයිබාන් බලය පැවැති කාලයේ ඇෆ්ගනිස්ථානයේ තිබුණු පැරණි බුදු පිළිම වලට අත්වූ ඉරණම මේ පාත්‍රයටත් අත්වෙනවා නොඅනුමානයි. (ස)
ෆස්රුල්, බුදු දහමේ උත්තරීතර වන්නේ බුදුරදුන් දේශනා කල ධර්මයයි. ඒ නිසයි උන්වහන්සේ දේශනා කලේ ආමිස පුජාවට වඩා උතුම් වන්නේ ප්‍රතිපත්ති පුජාවයි කියලා. සරල උදාහරණයක් දෙනවානම්, උදේ සවස බුදුන් වන්දනා මාන කළාට බුදුරදුන් අවබෝධ කරගත් නිර්වාණය අවබෝධ කර ගත නොහැක. හුදෙක්ම, එය අවබෝධ කරගත හැක්කේ උන්වහන්සේ දේශනා කල ධර්මය පිළිපැදීමෙනි. මා අසා ඇති පරිදි කකුසද, කෝනාගම කාශ්‍යප යන බුදුවරුන්ද ඉපදුනේ ඉන්දියාවේ හෝ ඒ ආසන්නයේ. (නේපාලය, බුරුමය) (ස)
දැන් ඉතිහාසයත් වෙනස් කලාද? හා හා අල්ලාහ් ට ගිය රටනේ මේක...... (ස)
නීල් රණා, මහා වංශයේ හෝ දීප වංශයේ හෝ මේ දක්වා අප රටේ බුද්ධ චරිතය ගැන පළවී ඇති කිසිම පොතක සඳහන් වී තිබේද, බුද්ධ කාලයේ වෛශාලියේ අරාබි භාෂාව කතා කළ බව? තිබේ නම් ඒ කොතැනද? පැරණි කියමනකට අනුව මේ ලොවේ වසන මිනිසුන් වර්ග 4ක් ඇත. සමහරු තමන් දන්නා බව දනිති. සමහරු තමන් දන්නා බව නොදනිති. සමහරු තමන් නොදන්නා බව දනිති. තවත් සමහරෙක් තමන් නොදන්නා බව නොදනිති. මේ අවසාන වර්ගයට අයත්වන අයට බොහෝ දෑ පෙනෙන්නේ බහුබූත ලෙසය. එමනිසා, ඔවුන් සමග සංවාද කිරීම නිෂ්ඵල ක්‍රියාවකි. (නි)
අනුන්ගේ රටවල් කපටි කමින් හොරෙන් අල්ල ගන්න එවුන් අපෙ රටෙත් ඉන්නවා. ඒකනේ ශ්‍රී ලංකාවේ විකුණන භාණ්ඩ වලට හොරෙන් විවිධ ලකුණු, ලාංඡන ගහලා පෙන්නන්න හදන්නේ. ලංකාවත් අර උන් කපටි කමින් අල්ලා ගත්තෙ අනිත් රටවල් වගේ උන්ගේ රටක් කියලා. (ස)
හොද වැඩක්.අනිවාර්යෙන්ම එක ඉල්ලගන්න ඕනෑ.එහෙට මොකටද ඒවා? සාදු......සාදු....... සාදු......! (නි)