IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බුද්ධගයා ඔත්තුවට ඉන්දියා රුපියල් දසලක්ෂයක තෑග්ගක්

බුද්ධගයාවේ බෝම්බ ප්‍රහාරයට වග කිව යුතු බෝම්බකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙන ඔත්තුවට ඉන්දියා රුපියල් ලක්ෂ 10ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 21.80) පිරිනමන බව පරීක්ෂණ භාරව සිටින ජාතික පරීක්ෂණ ඒජන්සිය නිවේදනය කරයි.

බුද්ධගයාවට ගිය ස්වේෂ ඇමැති ෂින්ඩි පවසනුයේ මේ ප්‍රහාරයට සම්බන්ධ තුන් හතර දෙනකු ගැන පරීක්ෂණ පවත්වන බවයි.

‘ඔවුන් බෝම්බ රාත්‍රියේම තබන්නට ඇති. ඒ සඳහා මෝටර් රථයක් ද භාවිත කරන්නට ඇති.‘

 පුදබිමේ ආරක්ෂාව බිඳ දැමුවේ කෙසේදැයි සොයා බලන බව ද ඔහු කියයි. බුද්ධගයාවට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වන බවට අන්තිම අනතුරු ඇගවීම කැරුණේ ජූලි තුන් වැනිදා ය. ප්‍රහාරය එල්ල වූයේ ජූලි හත් වැනිදා ය. මේ සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීමට පැට්නා නුවරදී අත්අඩංගුවට ගෙන සිටි කාන්තාවක ඇතුළු සිව් දෙනකු නිදහස් කළ බව පොලිසිය කියයි.

 



අදහස් (0)

බුද්ධගයා ඔත්තුවට ඉන්දියා රුපියල් දසලක්ෂයක තෑග්ගක්

ලලිත් Thursday, 11 July 2013 01:32 AM

අයියෝ මේ අපේ බලසේනාව ඉන්නේ දෙන්නකෝ ඕන වැඩක්. එයාල පුර්ණ ආරක්ෂාව සපයයි. (අ)

:       0       0

යසර් Wednesday, 10 July 2013 04:57 PM

එතකොට මුජහිදීන් කියල කිව්වේ?ඉන්දියාව සහ ඇමෙරිකාව හැදම මුස්ලිම් අයව ත්‍රස්තවාදීන් කලේ මෙහෙම තමයි (අ)

:       0       0

දිසානායක. Wednesday, 10 July 2013 05:25 PM

අපේ රටේ නම් වැරදි කළ අයට මහා ඇමතිකමක් ,ඔත්තු දෙන අයට සිර දඩුවම්.... විදියට වෙනස් වෙන වෙලාවලුත් තියෙනවා. (සමහර කොටි ප්‍රහාර ගැන සිතන්න) (දී)

:       0       0

සදුනි Wednesday, 10 July 2013 05:33 PM

යසර් මහත්තයෝ, මුජෙහිදීන් කියන්නෙත් මම දන්න විදියට නම් ත්‍රස්තවාදී සංවිධානයක් තමා (දී)

:       0       0

අමිල Wednesday, 10 July 2013 05:42 PM

මේ කළ දේවල් මෙහෙ ඉන්න මුජහිදීන් අන්තවාදීන් ටික අනුමත කරනවා.යසර්ලා වගේ අයත් මේවා සාදාරණීකරනය කරන්න හදනවා.මේ ආගමික අන්තවාදීන් මේ රටෙන් පන්නා දැමිය යුතු වෙනවා.මොවුන් අන්ධ වෙලා ඉන්නේ.ආගම වෙනුවෙන් මිනී මරන්න වුනත් ලැහැස්තියි. මොන ආකාරයෙන් ආවත් මේ අන්තවාදීන් අතුගා දැමිය යුතු වෙනවා.මොකද ඔවුන් ත්‍රස්තවාදයේ ආරම්භය වන නිසා. (දී)

:       0       0

නසාර් Wednesday, 10 July 2013 05:49 PM

අධි ආරක්ෂිත කලාපයක් කලා නම් ඉවරයිනේ, තමනුත් රටත් රැකෙයි, මහජනයාත් රැකෙයි ...... (දී)

:       0       0

ඉන්දික Thursday, 11 July 2013 07:21 AM

මොහමඩ්ලා, රිෂාර්ඩ්ලා,රිස්වාන්ලා, ශේරිෆ්ලා පෙනෙන්න නැහැනේ.ලලිත්,ඔබ දන්නවද කටත් සමගම මොලයකුත් ස්වාභාව ධර්මයෙන් මිනිසාට දීලා තිබෙන බව.එය භාවිතා කරන්න සුදුසුම තැන තමා පොදු තැන.බොදු බල සේනාවට අනුන්ගේ රටේ මුරකිරීමක් අවශ්‍ය නැත.එය අවශ්‍ය ඔබලා වගේ අයගෙන් බොදු දහම මෙරට තුල බේරා ගැනීමටයි. (නි)

:       0       0

ජීවක Wednesday, 10 July 2013 06:24 PM

අමිල, පින්වත, දළදා මාලිගාවට බෝම්බ ගහලා මිනිස්සු මරපු අය‍ට අපි සලකන විදිහ ඉන්දියාව ආදර්ශයට ගන්නෙ නැතිවෙයි නේද ?? (දී)

:       0       0

ජීවක Wednesday, 10 July 2013 06:26 PM

මංජු පින්වත, දළදා මාලිගාවට බෝම්බ ගැහීමේ වරදේ තස්ක්සේරුව ඔබ දන්නෙහිද? (දී)

:       0       0

පිටබෙද්දර ජයා Wednesday, 10 July 2013 06:37 PM

හැමෝටම තෙරුවන් සරණයි. (දී)

:       0       0

ෆාරුක් Wednesday, 10 July 2013 07:04 PM

මේකෙ අදහස් දාන්නෙ මොනවගේ කට්ටියක්ද කියලා තේරෙන්නෙ නැහැ (දී)

:       0       0

සාගර Wednesday, 10 July 2013 07:06 PM

හැමදේම වැරදි ඇසෙන් බලන්න එපා (දී)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 10 July 2013 09:09 PM

මුජහිදීන් ත්‍රස්ත වාදී ප්‍රහාරය හා මර්දනය ලෝක පොලිස් කාරයාට බාර දුන්නොත් ත්‍රස්ත වාදයත් රටත් දෙකම ගැන හොඳින් බලාගනී... අපරාදේ කියන්න බැහැ...(අ)

:       0       0

ගයාන් Wednesday, 10 July 2013 09:55 PM

අය්යෝ සල්ලි (අ)

:       0       0

අමිල කටුනායක Wednesday, 10 July 2013 10:01 PM

අන්තිමාට කියයිද දන්නෙ නැහැ පන්සලෙන්ම බෝම්බ ගහගත්තා කියලා (නි)

:       0       0

අමිල Wednesday, 10 July 2013 10:52 PM

මොනවා වුනත් ඇමෙරිකාව ලෝක උරුමයන් විනාශ වෙන්න දෙන්නේ නැති බව අපට සහතික කරන්න පුළුවන්.මුජහිදීන්ලා කරන්න හදන්නේ හැම දෙයක්ම විනාශ කරලා ලෝකය මවපු දෙයක් කියලා ඔප්පු කරන්නනේ.මොන මෝඩයද මැවීම් ගැන විශ්වාස කරන්නේ.බුද්ධගයාවට ගහපු අයට අපි අනුකම්පා කරනවා.මේ උදවිය දැනටම උමතු වෙලා.බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්නුවේ වෛරය නෙවේ. (නි)

:       0       0

පිටබෙද්දර ජයා Wednesday, 10 July 2013 04:19 PM

රිෂද්ලට , මොහොමඩ්ලාට , ඔන්න හොඳ චාන්ස් එකක් තියෙනවා හරියට ඔත්තුව දුන්නොත්.ලක්ෂ 21 කියන්නේ පොඩි වැඩක්ද අප්පා (දී)

:       0       0

මොහමඩ් Thursday, 11 July 2013 12:51 AM

පිටබැද්දර ජයා වගේ මිනිස්සු දුවන්නේ සල්ලි පස්සෙ විතරයි (නි)

:       0       0

පීරිස් Wednesday, 10 July 2013 04:41 PM

වැඩිය ප්‍රතිචාර නැත්තේ බයටමද දන්නෙ නැහැ (දී)

:       0       0

මංජු Wednesday, 10 July 2013 04:47 PM

බුද්ධගයාවේ බෝම්බ ගැසීමේ තක්සේරුව ලක්ෂ 21 කද? නියම තක්සේඇව.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 68 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 116 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 214 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 750 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 535 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 361 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24833 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site