බුද්ධගයාවේ බෝම්බ ප්‍රහාරයට වග කිව යුතු බෝම්බකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙන ඔත්තුවට ඉන්දියා රුපියල් ලක්ෂ 10ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 21.80) පිරිනමන බව පරීක්ෂණ භාරව සිටින ජාතික පරීක්ෂණ ඒජන්සිය නිවේදනය කරයි.
බුද්ධගයාවට ගිය ස්වේෂ ඇමැති ෂින්ඩි පවසනුයේ මේ ප්‍රහාරයට සම්බන්ධ තුන් හතර දෙනකු ගැන පරීක්ෂණ පවත්වන බවයි.
‘ඔවුන් බෝම්බ රාත්‍රියේම තබන්නට ඇති. ඒ සඳහා මෝටර් රථයක් ද භාවිත කරන්නට ඇති.‘
පුදබිමේ ආරක්ෂාව බිඳ දැමුවේ කෙසේදැයි සොයා බලන බව ද ඔහු කියයි. බුද්ධගයාවට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වන බවට අන්තිම අනතුරු ඇගවීම කැරුණේ ජූලි තුන් වැනිදා ය. ප්‍රහාරය එල්ල වූයේ ජූලි හත් වැනිදා ය. මේ සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීමට පැට්නා නුවරදී අත්අඩංගුවට ගෙන සිටි කාන්තාවක ඇතුළු සිව් දෙනකු නිදහස් කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝටම තෙරුවන් සරණයි. (දී)
මොහමඩ්ලා, රිෂාර්ඩ්ලා,රිස්වාන්ලා, ශේරිෆ්ලා පෙනෙන්න නැහැනේ.ලලිත්,ඔබ දන්නවද කටත් සමගම මොලයකුත් ස්වාභාව ධර්මයෙන් මිනිසාට දීලා තිබෙන බව.එය භාවිතා කරන්න සුදුසුම තැන තමා පොදු තැන.බොදු බල සේනාවට අනුන්ගේ රටේ මුරකිරීමක් අවශ්‍ය නැත.එය අවශ්‍ය ඔබලා වගේ අයගෙන් බොදු දහම මෙරට තුල බේරා ගැනීමටයි. (නි)
අයියෝ මේ අපේ බලසේනාව ඉන්නේ දෙන්නකෝ ඕන වැඩක්. එයාල පුර්ණ ආරක්ෂාව සපයයි. (අ)
පිටබැද්දර ජයා වගේ මිනිස්සු දුවන්නේ සල්ලි පස්සෙ විතරයි (නි)
මොනවා වුනත් ඇමෙරිකාව ලෝක උරුමයන් විනාශ වෙන්න දෙන්නේ නැති බව අපට සහතික කරන්න පුළුවන්.මුජහිදීන්ලා කරන්න හදන්නේ හැම දෙයක්ම විනාශ කරලා ලෝකය මවපු දෙයක් කියලා ඔප්පු කරන්නනේ.මොන මෝඩයද මැවීම් ගැන විශ්වාස කරන්නේ.බුද්ධගයාවට ගහපු අයට අපි අනුකම්පා කරනවා.මේ උදවිය දැනටම උමතු වෙලා.බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්නුවේ වෛරය නෙවේ. (නි)
අන්තිමාට කියයිද දන්නෙ නැහැ පන්සලෙන්ම බෝම්බ ගහගත්තා කියලා (නි)
අය්යෝ සල්ලි (අ)
මුජහිදීන් ත්‍රස්ත වාදී ප්‍රහාරය හා මර්දනය ලෝක පොලිස් කාරයාට බාර දුන්නොත් ත්‍රස්ත වාදයත් රටත් දෙකම ගැන හොඳින් බලාගනී... අපරාදේ කියන්න බැහැ...(අ)
හැමදේම වැරදි ඇසෙන් බලන්න එපා (දී)
මේකෙ අදහස් දාන්නෙ මොනවගේ කට්ටියක්ද කියලා තේරෙන්නෙ නැහැ (දී)
රිෂද්ලට , මොහොමඩ්ලාට , ඔන්න හොඳ චාන්ස් එකක් තියෙනවා හරියට ඔත්තුව දුන්නොත්.ලක්ෂ 21 කියන්නේ පොඩි වැඩක්ද අප්පා (දී)
මංජු පින්වත, දළදා මාලිගාවට බෝම්බ ගැහීමේ වරදේ තස්ක්සේරුව ඔබ දන්නෙහිද? (දී)
අමිල, පින්වත, දළදා මාලිගාවට බෝම්බ ගහලා මිනිස්සු මරපු අයට අපි සලකන විදිහ ඉන්දියාව ආදර්ශයට ගන්නෙ නැතිවෙයි නේද ?? (දී)
අධි ආරක්ෂිත කලාපයක් කලා නම් ඉවරයිනේ, තමනුත් රටත් රැකෙයි, මහජනයාත් රැකෙයි ...... (දී)
මේ කළ දේවල් මෙහෙ ඉන්න මුජහිදීන් අන්තවාදීන් ටික අනුමත කරනවා.යසර්ලා වගේ අයත් මේවා සාදාරණීකරනය කරන්න හදනවා.මේ ආගමික අන්තවාදීන් මේ රටෙන් පන්නා දැමිය යුතු වෙනවා.මොවුන් අන්ධ වෙලා ඉන්නේ.ආගම වෙනුවෙන් මිනී මරන්න වුනත් ලැහැස්තියි. මොන ආකාරයෙන් ආවත් මේ අන්තවාදීන් අතුගා දැමිය යුතු වෙනවා.මොකද ඔවුන් ත්‍රස්තවාදයේ ආරම්භය වන නිසා. (දී)
යසර් මහත්තයෝ, මුජෙහිදීන් කියන්නෙත් මම දන්න විදියට නම් ත්‍රස්තවාදී සංවිධානයක් තමා (දී)
අපේ රටේ නම් වැරදි කළ අයට මහා ඇමතිකමක් ,ඔත්තු දෙන අයට සිර දඩුවම්.... විදියට වෙනස් වෙන වෙලාවලුත් තියෙනවා. (සමහර කොටි ප්‍රහාර ගැන සිතන්න) (දී)
එතකොට මුජහිදීන් කියල කිව්වේ?ඉන්දියාව සහ ඇමෙරිකාව හැදම මුස්ලිම් අයව ත්‍රස්තවාදීන් කලේ මෙහෙම තමයි (අ)
බුද්ධගයාවේ බෝම්බ ගැසීමේ තක්සේරුව ලක්ෂ 21 කද? නියම තක්සේඇව.(අ)
වැඩිය ප්‍රතිචාර නැත්තේ බයටමද දන්නෙ නැහැ (දී)