බුද්ධගයාවට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයේ පාඩුව ඉන්දියාවට බව බුද්ධගයාව අවට හෝටල හිමියෝ දුරකථනයෙන් පැවසුහ.
පදික වේදිකාවේ සුළු වෙළෙන්දාගේ සිට හෝටල් හිමියා දක්වා විවිධ අංශවල පිරිස්වලට සෘජු හා වක්‍ර රැකියා රැසක් දැනටම අහිමි ඇතැයි ඔවුහු කියති. බුද්ධගයා අසල ජීවක් ඉන්ටර් නැෂනල් හෝටලයේ හිමිකරු පැවසුයේ අගොස්තු සිට නොවැම්බර් දක්වා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් වෙනුවෙන් තම හෝටලයේ සියලුම කාමර වෙන් කැර තිබු බවයි.
එහෙත් බෝම්බ ප්‍රහාරයෙන් පසු එම කාමර වලින් සියයට පනහක් අවලංගු වු බවද ඔහු කියයි. බුද්ධගයාව අසල හෝටල හිමියන් කියනුයේ වෙනදාටත්වඩා ආරක්ෂාව තර ඇති හෙයින් බිය සැක නැතිව බුද්ධගයා වන්දනාවට එන ලෙසයි.
ශ්‍රී ලාංකිකයින්ට උපරිම සැළැකිල්ල දක්වන බවද ඔවුහු කියති. ජම්බුද්වීප ශ්‍රී ලංකා බෞද්ධ විහාරාධිපති ආචාර්ය කේ සිරිසුමේධ හිමි කියනුයේ කිසිදු බයකින් තොරව දඹදිව පැමිණෙන ලෙසයි.
නවදිල්ලියේ ශ්‍රී ලංකා බෞද්ධ වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලාවේ පාලක ලේකම් පල්ලේගම විජිත නාහිමියන් පවසනුයේද සියලු ආරක්ෂාව තර කර ඇති හෙයින් කිසිදු බියකින් හෝ සැකයකින් තොරව වන්දනාවට එන ලෙස ලාංකිකයිනට ආරාධනා කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශානිකා ඔයානම් නියම අනන්‍ය ආගමික ගැහැනියක් ඔයාට හොදයි තයිලන්තයම.අපි නම් පතන්නේ දවසකට හරි බුද්ධගයාවට යන්න තිබුනානම් කියල එහෙ ගියාට පස්සේ අපිට මොනවා උනත් කමක් නෑ.බුද්ධගයාව වැද පුදා ගත්තට පස්සේ ...(අ)
මම කියන්නේ යන්න එපා තව කාලෙකට (දී)
කට්ටියක් කියනවා අවොත් ගහනවා එන්න එපා කියලා කට්ටියක් කියනවා අනේ එන්න කියලා. එන්න කිව්වාම යන්නයි එපා කිව්වාම නොයන්නයි අපි කවුරු කියලාද දන්නේ නැහැ හිතන් ඉන්නේ. අපේ හාමුදුරුවරුන්ට වන්දනා නඩ වලට ගහනකොට ඒවාට වීරුද්ධ වෙන්න ඔය හොටල්කාරයෝ එකෙක්වත් අවේ නැහැනේ. යන්න එපා තව කාලෙකට (දී)
ප්‍රසන්න මුස්ලිම් රටවල්වලට නොයා හිටියොත් ඉතින් ලංකාවෙන් බාගෙකට රස්සාවල් නැතිව මහා පාරේ තමයි ඉන්න වෙන්නේ. (ස)
ඉන්දියාව කියන්නේ ඉතාම විශාල රටක්. අපි සහ ඉන්දියාව අතර ආර්ථික වාසි සඳහා සටන්කිරීමට තරම් හැකියාවක් අපට නෑ. අපි ඉන්දියාවෙන් වාහන ගෙන්වන එක නතර කරන්න පුලුවන්ද? ඉන්දියාවෙන් බෙහේත් ගෙන්වන එක නවත්වන්න පුලුවන්ද? සද්ධා සම්පන්න බොදුනුවන් වන්දනාවේ යන එකද නවත්වන්න කියන්නේ ඇයි. ඉන්දියාවට යන අපි සංචාරය කරන්නේ ඉන්දියාවෙන් ඉතාම සුළු ප්‍රදේශයකයි. ත්‍රස්තවාදය ගැන අපට ඇති අත්දැකීම් කාටත් අමතක වෙලා වගේ. ඉන්දියාව සතුරු රටක් ලෙස අනාගත පරපුරට හඳුන්වා නොදීමට හා ඉන්දියාව නොසලකා කටයුතු කිරීමට යෑම ඉතාම අනුවන ක්‍රියාවකි. (දී)
මම නැවතත් කියන්නේ ඔය ගුනමුකු රටට යන්න එපා. ලාංකිකයන්ගේ අගේ තේරෙන්න ඉන්දියාවට යන්න එපා. මේ සිද්දියෙන් පස්සේ බොහොමයක් රටවල් ඉන්දියාවේ සංචාරය කරන්න එපා කියල තියෙන්නේ.ත්‍රස්තවාදීන් බෝම්බ ගහන්නේ කියල නෙමේ. ඒ නිසා ඉන්දියාවට යන්න එපා. ඔය මුස්ලිම් අන්තවාදයට උදව් දෙන කිසිම රටකට යන්න එපා. මුස්ලිම් අන්තවාදයට විරුද්දවෙන්න දැන් කාලය ඇවිත් තියෙන්නේ.(අ)
මංගල ඔයාගේ කතාව 100% 300% ක් හරි. මටත් කියන්න තියන්න තියෙන්නේ ඔය ටික තමයි.(අ)
ඉන්දියාවේ නිෂ්පාදිත සියලුම වාහන සදහා බදු වැඩි කරනු ජපානයෙන් ගෙනෙන වාහන සදහා වන කාලසීම ඉවත්කර බදු අඩු කරනු (අ)
මංගල, ඔයා මොකටද ඉන්දියන් ඔයිල් ෂෙඩ් වලට යන්නෙ? ඒකෙ පුෂ් බයික් වලට තෙල් ගහන්නෙ නැහැනෙ (නි)
ඉන්දියාවේ යන්න එපා. එහෙ කිසිම ආරක්ෂාවක් නැහැ. ඉන්දියාවට රට අරක්ෂා කරන්න බැහැ. අනෙක් රටවල් වලින් ඉන්දියාවට යන්න එපා කියලා තියෙන්නේ. (නි)
අපේ මිනිස්සු මාසයක් දබදිව වන්දනාවේ නොගිහින් හිටියොත් ඔය ඉන්දියාවේ පිරිසට වැලේ වැල් නැහැ. රික්ෂෝකාරයාගේ ඉදන් සාරී කඩ , හෝටල්, හිගන මිනිස්සු, පොලිසියේ පිරිස, ඔය සේරම යැපෙන්නේ අපේ මිනිස්සු ඉන්දියාවේ වන්දනාවට අරගෙන යන සල්ලි වලිනුයි බඩු වලිනුයි. ඒක නිසා මේ වෙලාවේ රජය කල යුත්තේ අඩු ගානේ එක මාස 3ක්වත් ඉන්දියාවට වන්දනාවේ යන එක නවත්වන එකයි. ඔය මිනිස්සුම ඉන්දියාවේ රජයට විරුද්ධව පාරට බහිනවා. ඉන්දියාව කියන්නේ පුදුම දුෂ්ට රටක්. වටේම ඉන්න රටවල් එක්ක තරහයි. (නි)
මංගල ඔබ 100% හරි (නි)
ඉන්දියාවට යන්න ඉස්සර ලංකාවේ සිද්දස්ථාන සේරම වදින්න. මේ වෙලාවේ ඉන්දියාවට පාඩමක් උගන්වන්න හොඳම වෙලාව. එකට තව මාස හයක්වත් එහෙ යන්නේ නැතිව ඉන්න පුළුවන් නම් එක තමා නියම විසඳුම. ඔය එන්න කියන අයත් ගුටි කාල ඉන්නේ. (අ)
පැනගෙන යෑම අවශ්‍ය නොවේ. අපේ ආරක්‍ෂාව නොමැති නිසා අප නොඑන බව දන්වමු. මෙය රටට හොදක්, වැදගෙන යන්න අවශ්‍ය නැහැ. ත්‍රස්තවාදය හා ජීවිත සමග සෙල්ලම හොද නැහැ. ව්‍යාපාර, කොමිස් මේ වචන උඩ නොයවනු ඉන්දියාවට (දී)
ඇත්තම කියනවානම් අපි නොගිහින් ඉන්න ඕනෙ මාස 6ක් විතර. ඉන්දියන් ආණ්ඩුවම තත්වෙ තේරැම් අරන් කියනකල්. ත්‍රස්තවාදීන්ගෙ අදහස නෙවෙයි කාගෙ අදහස වුණත් ලංකාවට කෙණෙහිලිකම් කරන එකෙත් ඉවරයක් තියෙන්න එපායැ. ඉන්දියාවෙ බඩුත් වර්ජනය කරමු පුලුවන් තරම්. අඩුගානෙ ඉන්දියන් ඔයිල් ෂෙඩ් වලටවත් නොගිහින් ඉමු. කොටින්ම කියනවනම් මම ඉන්දියන් ඔයිල් ෂෙඩ් එකකට ජීවිතේට ගිහින් නැහැ යන්නෙත් නැහැ. අපි එකා වගේ හිතල ක්‍රියා කලොත් මාස දෙකෙන් ඉන්දියාවට තේරෙයි ලංකාව තරහ කරන් බැහැ කියලා.(අ)
එහෙම කියලා එහි නොගිහින් වර්ජනය කලොත් අනගාරික ධර්මපාලතුමා ඉතා මහන්සියෙන් අපට දායාද කර දුන් එම ඓතිහාසික ස්ථාන අපට අහිමි වෙන්න පුළුවන්. (නි)
ඕවට අහුවෙන්න එපා ,කිසිම කෙනෙක් යන්න එපා ඔය රටට.රටේ තියන අපිරිසිදුකම නිසා වන්දනාවේ ගිය අයත් එන්නේ බාගෙට මැරිලා. ලෙඩවෙලා එහෙමත් නැත්නම් කොල්ලකාරයන්ට අහුවෙලා සල්ලි නැතිකරගෙන. ඉන්දියාවේ යන්නේ නැතුව ඉන්නම බැරුව සල්ලි කහනවා නම් තායිලන්තේ වගේ රටකට යන්න. (දී)
චරිත්, ඔබ හරියටම හරි (දී)
මේ ඔක්කොම කියනවා බය නැතුව එන්න කියලා. ටික කාලයක් ඉන්න තියෙන්නේ යන්නේ නැතුව. අපේ අගේ තේරෙන්නත් එක්ක (දී)
අපෝ බය නොවී ඉන්න. අපේ මිනිස්සුන්ට ඕක මතක තියෙන්නේ සති දෙකයි. (දී)
ඔයාලා හිතන විදිහ වැරදියිනේ. ත්‍රස්තවාදීන් බෝම්බ තියලා බලාපොරොතු වුනෙත් ඔයාලා මේ හිතන දේමනේ. එහෙම බැලුවම ඔයාලත් ත්‍රස්තවාදීන් වගේමනේ (දී)
චරිත පින්වත, ඔබතුමාගේ අදහසට 100% ට 200% එකගයි! (දී)
ඉන්දියාවේ යාම 6 මාසයක් විතරවත් නවත්වමු. මීට වැඩිය ලොකු දෙයක් වෙන්නත් ඉඩ තියෙන්න පුළුවන්. අපේ ආරක්ෂාව අපිම සලකා ගත යුතුයි.(දී)
බෞද්ධයිනි, ප්‍රතිපත්ති පූජාව ප්‍රමාණවත්. ඕනෑ නම් ලංකාවේ වෙහෙර විහාර වැදගන්න. හත වැදිලා ඉන්න බිස්නස්කාරයන්ගේ ලනු කන්න එපා. අපට කරදරයක් වුනොත් එයාලත් අපේ කන කර අතගාගන්නවා. එක් කෙනෙක්වත් හොයාගන්නවත් බැහැ. ළඟ තිබෙන සල්ලි ටික ඉන්දියාවට දෙන්නේ නැතුව මෙහෙ තිබෙන දෙයක් බලාගන්න. (දී)
අපෝ! ඉන්දියාවේ තියෙන මහලොකු ආරක්ෂාව..?අපේ හාමුදුරුවරුන්ට, වන්දනා නඩ වලට කී සැරයක් නම් ගැහුවද?මහලොකු දකුණු ආසියානු බලවතා...! (දී)