ලොව පුරා බෞද්ධයන්ගේ මුදුන්මල්කඩක් වූ දඹදිව බුද්ධගයාවේ ආගමික වතාවත් සිරිත් පරිදි සිදු කරන බව බුද්ධගයාවේ මහාබෝධි මධ්‍යස්ථානාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ පවසති.
සිදුහත් කුමාරා බුද්ධත්වය ලබා ගත් බුද්ධගයාව ලෝක උරුමයකි.
මහාබෝධිය අවට බෞද්ධ විහාරාරාම මහා සංඝරත්නය එහි පුද පූජාවලට සහභාගීවන බව සද්ධාතිස්ස හිමියෝ කියති.
මහාබෝධි සමාගමේ ලේකම් ආචාර්ය දොඩංගොඩ රේවත හිමියන්ගේ මගපෙන්වීම යටතේ විශේෂ පහන් පූජාවක් පැවත්වනු ලැබීය.
ඉරිදා බෝමබ ප්‍රහාරයෙන් පසු සියලු ආරක්ෂාව තර කර ඇති බවත්, මේ මස අග සිට ශ්‍රී ලංකාවේ සිට වන්දනාකරුවන් එතියි බලාපොරොත්තු වන බවත් ඒ හිමියෝ පවසති.
(ප්‍රහාරය වූ දින ගත් ඡායාරූපයක්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිස්ටර් ඉතිහාස විකුර්ති වෙතටයි රට ජාතිය පාවාදෙන උන්ට බොදුබල සේනා මඩුවලිගෙන් තලමින් යනවා .එතකොට රිදෙන්නේ මිත්‍යාදුෂ්ටිකයන්ට .ඔය කියන නිවටයන්ට බාමියන් පිළිමවලට කලින් උතුරු නැගෙනහිර අපේ උරුමය රැකගන්න ඉදිරිපත් වෙන්නේ නැත්තේ මුසල්මනුවන්ට බයේද .නොකෙරෙන වෙදකමට කොදුරුතෙල් හත්පට්ටයක් ඉල්ලන්නේ ඇයි ?කපන්ට බැරි ඇත ඉබින න්‍යාය ඇතිකර වලිගය දෙපරංශය තුල ගසාගෙන සිටින්නේ කවුද වග පැහැදිලිය (අ)
පහන් මඩුගල්ලයි , අනුරාධයි කියන්නේ සත්‍ය කතාවක්. මට කියන්න දෙයක් ඉතුරු කළේ නැහැ. ඉතින් කුමක් කරන්නද? (නි)
ලංකාවෙන් යන මිනිස්සුන් ගැන සැලකිලිමත් වෙන්න
නුවන් ආගම්වදියෙක් (අ)
මේ එක එක අය කියන කරන දේවල් වලින් අපේ හිත දුෂණය කරගන්නේ මොකටද? අපේ වටිනා කාලය නාස්ති කරන්නේ මොකටද? බුදුරජුන්ට ධර්මයට හෝ සගුන්ට නිගා වන අන්දමින් අදහස් කරයි නම් ඒ ඔහුගේ අනවබෝධය නිසාමයි. ඒ ගැන අනුකම්පාවෙන් ඔවුන් සමග වාදයට නොයන්න. කිසිම ප්‍රතිචාරයක් නොදක්වන්න. එවිට ඔවුන්ට අවශ්‍ය දේ නොලැබීම නිසා නිහඩ වනු ඇත. මෙතරම් අනන්ත ගුණ සිහිකළ හැකි උතුම් ශාස්තෘ වහන්සේ කෙනෙක් හිමි බෞද්ධ අපට පමණක් බව අනෙක් අයත් දන්නා නිසාම තමයි මේ ඔක්කොම කරන්නේ. (නි)
සැදැහැවත් සිංහල බෞද්ධයෙනි , අපේ ශාස්තෘන් වහන්සේගේ උතුම් සම්බුද්ධත්වයට මහෝපකාරී ඌ මේ උතුම් ස්ථානයට මේ වගේ අධම නීච බියගුළු ප්‍රහාරයක් එල්ල කල මේ අවස්ථාවේ අපි සිතින් ශක්තිමත් විය යුතුයි. හැමෝම බුදුගුණ සිහිකර ගන්න, තථාගතයන් වහන්සේගේ අනන්ත වූ ගුණ කදට අබමල් රේණුවක හානියක් කරන්න බැහැ කිසිම මිනිසෙකුට හෝ දෙවියෙකුට , උන් වහන්සේ අසමසමයි, සියලු කෙලෙසුන් නැසූ සේක, රාග ද්වේශ මෝහ දුරුකළ සේක, කිසිදු ගුරු උපදේශයකින් තොරවම ස්වශක්තියෙන් පාරමිත පුරා කෙලෙස් ප්‍රහාණය කර නිවන් මග දෙව් මිනිස් ලොවට විවර කර දුන් සේක, සියලු විද්‍යාවන්ගෙන් චරණ ධර්මයන්ගෙන් යුක්තවන සේක, මනාකොට පිහිටි මහාපුරුෂ ලක්ෂණ ඇතිසේක සුන්දර ගමන් ඉරියව් ඇති සේක , දෙවියන් පරදන රුවින් යුතු වූ සේක, අනේකවිධ සුන්දර රශ්මිධාරාවන් විහිදෙන ආනුභාව සම්පන්න සිරුරක් දැරූ සේක. ලෝකවිදූ වන සේක, දෙව් මිනිස් ලොව සියලු තතු ඒ සැටියෙන් දුටු සේක, අන් අයටද පෙන්වා අදුර දුරුකළ සේක. අවිගත් රුදුරු අංගුලිමාල, දබදිව සෙලවූ රුදුරු ආලවක යකුන්, ධරුනු මත් වූ නාලාගිරි අත් රජුන්, වේදයහි කෙල පැමිණි සච්චකයන්, උඩගු වූ දෙවි බබුන් කිසිම දඩු මුගුරක් නොගෙන, දැඩි වචනයෙන් තොරව කරණාබල සොදුරු වදනින්ම මනාව දමනය කල සේක, සිත් නිවාලූ සේක, නිවන් මග ලබාදී සනසවලු සේක, තථාගතයන් වහන්සේ සත්‍යම කතාකළ සේක ,සොදුරු මිහිරි වචනයෙන් යුතු වූ සේක, දිව්‍යමය කටහඩකින් යුතු වූ සේකදෙව් මිනිසුන්ට ශාස්තෘ වූ සේක, මේ සියලු ගුණ දැරූ හෙයින් බුද්ධ නම් එන සේක. වහන්සේව ඔබේ මවාගන්න ,දකින්න. වැඩවලින් උන් වහන්සේට කිසිම හානියක් කරන්න නේද , ඉතින් උන්වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් වන අපි මේ එක එකා කියන කරන දේවල් වලින් අපේ හිත දුෂණය කරගන්නේ මොකටද , බුදුරජුන්ට ධර්මයට හෝ සගුන්ට නිගා වන අන්දමින් කොමෙන්ට් කරයි නම් ඒ ඔහුගේ අනවබෝධය නිසාමයි. ඒ ගැන අනුකම්පාවෙන් ඔවුන් සමග වාදයට නොයන්න , ප්‍රතිචාර නොදක්වන්න එවිට ඔව්න්ට අවශ්‍ය දේ නොලැබීම නිසා නිහඩ වනු ඇත. මෙතරම් අනන්ත ගුණ සිහිකළ හැකි උතුම් ශාස්තෘ වහන්සේ කෙනෙක් හිමි බෝඋද්ධ අපට පමණක් බව අනෙක් අයත් දන්නා නිසාම තමයි මේ ඔක්කොම කරන්නේ.
ලෝක දහම අනුව නිගන්ටයන්ට දඩුවම් ලැබේවී. (නි)
සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අති උතුම්ම මුදුන්මල්කඩ වූ මේ අති පූජනීය ස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවනබවට අනතුරු අඟවා තිබියදී ඉන්දීය පාලකයෝ එය නොසලකා හැරීමෙන් මේ අති ශෝචනීය තත්වය ඇතිවී තිබේ.තම රටේ උපත ලද විශ්වයේ පහල වන අති උතුම්ම මනුෂ්‍යයා වූ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේත් උන්වහන්සේගේ පරම සත්‍ය වූ ශ්‍රී සද්ධර්මයත් පිළිගැනීමට හා අවබෝධ කරගැනීමට තරම් පුණ්‍යවන්ත භාවයක් නැති මෝඩ ඉන්දියානුවෝ මිත්‍යා දෘෂ්ටියේ එල්බ සිටීම මේ විනාසයට මුලයි. අශ්වයා පැනගියපසු ස්තාලය වසනවාමෙන් ලෝක අපවාදයෙන් බේරීමට දැන් මොනදේ කලත් ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබෙනවා සිකුරුයි. (අ)
නිවන් මාර්ගය ලොවට පෙන්වා දී අවිද්‍යා අන්ධකාරයෙන් ලෝකයා මුදවා ගැනීම නිසා බුදුඋපත හැර අනෙකක් ලෝකයාගේ පරම සැපත සඳහා හේතු නොවේ. බුදුඋපත නිසාම සිදුවන සදහම් දෙසීම ද ඒ අනුව පරම සැපතක්ම වේ. බුදුන් වදාළ ධර්මය ලෝකයා වෙත ගෙන යන භික්ෂූන් වහන්සේගේ සමඟි භාවයද, එසේ සමඟිව සිදු කරන ප්‍රතිපත්ති පිරීම ද ලෝකයාගේ මෙලොව, පරලොව සැපත සඳහාම හේතු වේ.(අ)
සාධු....සාධු....සාධු....
ලෝකේ ඉන්න බෞද්ධ ජනගහනය මිලියන 350 ක් පමණි. එයින් සිංහල බෞද්ධ ජනගහනය මිලියන 17 ටත් අඩුය. නමුත් දෙමල අපිට රටක් නැතිවුනාට අපේ ජනගහනය මිලියන 70ය්. මුස්ලිම් හා කතෝලිකයන්ගේ ජනගහනය මිලියන 1600 හා 1750 විතර වෙනවා. කතෝලික රටවල් තමා ලෝකේ වැඩිම. ඒකට පසුව මුස්ලිම් රටවල්. අපේ තමිල්නාඩුව විතරක් ලංකාවට වැඩිය තුන් ගුණයක් විශාලයි. දෙමල ජනගහනය මිලියන 6 කටත් වැඩි. සිංහලයාගේ වීරකම් ඔක්කොම ශ්‍රී ලංකාවේ විතරයි. පකිස්තානු හා ඊශ්‍රායලය ලංකාවට උපදෙස් ලබා දීපු නිසයි යුද්දේ ඉවර කර ගත්තේ. දැන් මුස්ලිම් අයට තේරෙනවා ඇති සිංහලයාගේ නියම මුහුණ. අපිව දාලා සිංහලයා හොඳයි කියලා බදා ගත්තු මුස්ලිම් අයට දැන් සිතෙනවා ඇති එයාලගේ වැරදි. (නි)
පීර්ටර් නෝනිස් කැනඩා ගේ ඉතිහාස දැනුම විශ්ෂ්ටයි .එකල ජම්බු ද්වීපය හෙවත් ඉන්දියාව නොබෙදුණු රාජ්‍යක් .නේපාලය ,නේපාලය නමින් පිහිටුවනේ ක්‍රි .ව 1768 .(අ)
මේකේ ඉන්නේ පොලිසිය නේද? ආමි එකේ අය ඉන්නේ සපත්තු දාගෙන (අ)
නුවන් ඔයාගේ ආගම පිලිපදින්නත්, අනිත් අයගේ ආගම් වලට ගරු කරන්නත් ඉගෙන ගන්න. ඔයාලට බුදු පිළිමය ගාව ලැබෙන සැනසීම අනිත් අයට එහෙම ලැබෙනවා ඇති. (නි)
රට, ජාතිය හා ආගම වෙබ් අඩවි හරහා සංවිධානාත්මක ලෙස පාවාදෙන කපටි පුද්ගලයින්ට මේ රටේ ජනතාව "මඩුවලිගෙන්" තලන දිනය වැඩි ඈතක නැහැ. සිංහලයෝ යුද්ධයට උපන් ජාතියක් විනා වලිගය ගාත්‍රා යුගලය තුල සඟවාගෙන බයේ දුවන ජාතියක් නොවෙයි. ඒ නිසා ඝාන්ධාරයත් මුදාගෙන බාර්මියන් බුදුපිළිම යලි ස්ථාපිත කරන්න ඉදිරිපත්වෙමු යැයි යෝජනා කරපු මට මුසල්මානුවෙක් යැයි චෝදනා කරන්නේ සිංහල නම් වලින් පෙනීසිටින සැබෑ පහත් මුස්ලිම්වරු බව බුද්ධිමත් ජනතාව දන්නවා. ඔවුන්ගෙන් පරෙස්සම් වන්න. (දී)
බුදුන් ඉපදුනු දේශය ඉන්දියාව කිව්වට මම මේ ළඟදී දැක්කා එතුමා ඉපදිලා ඉන්නේ නේපාලයේ කියලා. 21 වැනි සියවසේ ඉන්න මේ අයට තේරුම් ගන්න ශක්තියක් නැහෙනෙ. අනේ අනේ !! (දී)
මේකට අදහස් පලකරන සමහර අයගේ අදහස් බැලුවාම තරහා යනවා. ඒත් ඉතින් එහම වුනේ එයාලගේ වරදින් නෙමේ කියලා මට තේරෙනවා. ඔයාලා කන බත් පතට හාල් මැස්සෙක් ,පලා මැල්ලුමක් ,ගොටුකොල සම්බෝලයක් ,ඉදලා හිටලා තණකොළ ටිකක් පයට පෑගෙන්න ඇවිද්දොත් හොදයි කියා මට සිතෙනවා. මොනවා කරන්නද ලබා උපන් හැටිනේ? (දී)
ජාතික ගැටළුවට ඉක්මන් විසඳුමක් සොයා ගැනීම ඉන්දියාවටත්, ජාත්‍යන්තර ප්‍රජාවටත් පොරොන්දු වූ පරිදි දහ තුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන පරිද්දෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව බලය විමධ්‍ය කරනු ඇතැයි සාකච්ඡා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය කියා සිටී.(නදී)
මම දැක්කේ දැනුයි මගේ නමින් කවුරුහරි ලියනවා. ඔහු මුස්ලිම් කෙනෙක් නෙමෙයි නම් නියම මිත්‍යා දුෂ්ටිකයෙක් .මෙහි අදහස් දක්වන බොහෝ දෙනෙක් මගේ අදහස් කියවා ඇත. මිතුරනි, මොහුට අනුකම්පා කරන්න.තවත් වෙබ් අඩවි කීපයක මා මගේ ආගම ජාතිය වෙනුවෙන් පෙනීසිටිනවා (ඉංග්‍රීසි සහ සිංහල )මෙය දරාගත නොහැකි නිවට මුස්ලිම් එකකු මේ දේ කරනවා (දී)
ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි ලෝක වාසි සැමටම
පහන් ,එතකොට බුදුරජාණන් වහන්සේගේ යුදකාමී දර්ශනය නිසාද දහස් ගණන් රහතුන් බිහි වුනේ? අශෝක රජතුමා යුදකාමිත්වය අතහැර ධම්මකාමී වීම පහන්ට අමතක වෙලා. දහම පැතිරුනේ ඊට පස්සේ . අනෙක කොතරම් පැතිරුවත් ඉතුරු වුනේ ලංකාවේ විතරයි , දේශපාලන බලෙන් පැතිරුවා නම් අනෙක් කිසිම තැනක ඉතුරු නොවුනේ මන්ද? මෝඩ අදහස් , දුකයි ඔබ ගැන (නි)
මගේ මෝඩ තර්ක වලට සමාවෙන්න. මම පොඩි කාලේ බිව්ව කිරි නිතරම හිස්මොල්ලේ යන නිසා තමයි මේ වගේ ඒවා කියැවෙන්නේ (නි)
පහන් නමින් අදහස් දක්වන කෙනාගේ නියම නම නීල් රණවකයි. නීල් රණා ලෙස මින් පෙර යම් යම් අනුවන කතා කියා බැනුම් ඇහුවේ මොහුම තමා. දැන් පහන් යන නමින් අදහස් දක්වනවා. නමුත් මෝඩ කුහක අදහස් තාම එහෙමමයි. (නි)
අනික ජෙරුසෙලමට මා ගොස් තිබෙනවා. බෙත්ලෙහෙමත් ජෙරුසලමෙත් මුස්ලිම් ආධිපත්‍යයට නතුවී හමාරයි . ලිදේ ගෙම්බෝ ඕවා දන්නේ නැහැ.ඕවා මෙතන ලියන්න මට වෙලාව නැහැ .ඒ වෙනුවෙන් කතෝලිකයන් කලදෙයකුත් නැහැ (නි)
මෙන්න බොලේ පන්ති දාලා උගන්නන්න ඕනෑ සංකල්පයක්. කරාටේ ජුඩෝ හින්දලු බුදුදහම පැතිරුනේ.ඇෆ්ගනිස්ථාන් වල යනවා නම් ඉරාන බංග්ලාදේශය වැනි රටවල තිබුණු බෞද්ධ උරුමයත් නැවත ඇතිකරන මෙන් මේ වීරයාගෙන් මම ඉල්ලා සිටිමි (නි)
ශක්ති කියනවා " අපේ තමිල්නාඩුවේ " කියලා. ඔන්න පෙනෙනවා නේද මේ ගොල්ලන්ගේ සැබෑ නිජබිම මොකක්ද කියලා. ඉතින් මොකද මේ සිංහල දේශයේ ඉන්නේ? (නි)
බුදුන් උපන් බිම කියන්නේ මක්කම වගේ තැනක් නොවිය යුතුයි. ඕනෑම ආගමිකයකු හට නිදහසේ ඇතුලුවිය හැකි තැනක් වියයුතුය. (නි)
චින්තක ඔබ හරි. මේ පිපිරීම මක්කම හරි ජෙරුසලමේ උනානම් දැනටමත් ඔවුන් ප්‍රයෝගිකව වැඩ පටන් අරන්. අපේ පණ්ඩිතයෝ කටින් බතලකොල හිටවනවා බුදුන්ගේ රැස්මාලා ගැන කියමින්. බුදුන්ගේ රැස්මාලා නිසා නොවෙයි බුදුදහම පැතිරුනේ අශෝකගේ යුධකාමී දේශපාලනය නිසා. මහායාන රටවලදී නම් ඒ නිර්භීත හාමුදුරුවරු ප්‍රගුණකළ වුෂු, ජුඩෝ, කරාටේ වැනි සටන්ක්‍රම නිසා. දැන් ලංකාවේ ඉන්න සංඝයා මුදලාලිලා. ඒ නිසා ඇෆ්ඝනිස්ථානයේ සිදුවුණු නස්පත්තියම වැඩිකල් නොගොස් මෙහෙත් වෙනවා. ඊට සංවිධානාත්මකව දායකවන අය බුදු, සඟ නැති ගුණ වයමින් බයිලා ගහනවා. බාර්මියන් පිළිම යලි ගොඩනැගීමට ඉක්මනටම අපේ බෞද්ධයන්ට බැරි වුනොත් ඊළඟට බිම වැටෙන්නේ අවුකන බුදුපිළිමය බව නිසැකයි. මගේ නමින් සම "හරක්" බොරු කමෙන්ට්ස් දැම්මත් මගේ අදහස් අනුව මාව නිවැරදිව හඳුනාගන්න තරම් පාටකයින් බුද්ධිමත්.
බාමියන් ප්‍රතිමාවට බෝම්බ දාපු වෙලාවේ , කෝ මේ වීරයෝ? නිදන් හොරු ලංකාවේ ප්‍රතිමා කියක් විනාශ කෙරුවද? කෝ මේ වීරයෝ? (දී)
ලෝකෙටම බුදු සරණයි
සුරනිමල මහත්මයට පිං. නියම ඇත්ත කියල දෙනවට. සිවුවනක් පිරිස අතරම ධර්මය අවබෝධ කරගත් පිරිස ඉතාම අල්පයි. මේක තමයි ඇත්ත සහ සත්‍ය. හැමටම නිර්මල බුද්ධ වචනය අවබෝධ වේවා!(අ)
මේ පිපිරීම ජෙරුසෙලමෙ හරි මක්කමේ හරි උනානම් කොහොම වේවිද ?(ස)
ඔව් නේද සුරනිමල .. ලංකාවේ බෞධයෝ කරුණාවෙන් මෛත්‍රියෙන් ඉතිරිල ගිහිල්ල නේද .. අනේ කට දෙපෙත්තෙන් බේරෙනවා මෙයා .. පිහදගන්න (දී)
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සංසාර සැරිසැරීම කොතරම් දුකක්ද දේශනා කර එයින් මිදෙන ක්‍රමයද දේශනා කල සේක.පිරිණිවන් පෑ පසු දේශනා කළ ධර්මය ගුරු තනතුරේ තබා සළකන ලෙස වදාළ සේක.අඩුම වශයෙන් පන්සිල් පද පහවත් නිසියාකාරව පිලිපැදීමෙන් පෘතග්ජනයන් වු අප හට අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පිදිය හැක.එවිට ලෝකයේ තිබෙන සියලු බුදුපිළිම විනාශ කලත් බුදු දහම විනාශ නොවනු ඇත.බුදු දහම අවබෝද කල හැක්කේ ප්‍රඥාවන්තයන්ට මිස බාලයන්ට (අනුවනයන්ට )නොවේ. බුදුදහම නිසියාකාරව අවබෝධ කරගත් ප්‍රඥාවන්තයින් සිටියත් නැතත් අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ටම කරුණාවෙන් දේශනා කරන ලද නිර්මල ධර්මය අඛණ්ඩව සියලු දෙනාගේ හිත සුව පිණිස ඉදිරියටම යනවා නොඅනුමානය.සංසාර ගමන කෙලවර කිරීමට නම් ඔය කිසිම දෙයක් ගැන ඇල්මක් ඇති කර ගැනීමම පලිබෝධයක් වනවා ඇත.ආමිස පුජාවන්ට වඩා ප්‍රතිපත්ති පුජාවෙන් බුදුන් වහන්සේ පුදමු.බුද්ධගයාව ඉන්දියාවේ තිබුනා කියා බුදුන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනා කියලා බුද්ධ ධර්මය පිළිගන්න ඉන්දියානුවෝ ඉන්නේ කොපමණ අතලොස්සක්ද ? සියලු සත්වයන්ට චතුරාර්ය සත්‍යය වටහා ගැනීමට නුවන පහල වේවා! (නි)
වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැත.දැන්වත් සාමකාමී ලෝකයක් ඇතිකර ගනිමු. සැමදෙනා තුලම මෛත්‍රී සිතිවිලි ඇතිවේවා! සියලු දෙනාටම තෙරුවන් සරණයි (නි)
ශක්ති හාහ් හා ! අපේ තමිල්නාඩුව පැය 20 ලයිට් කපන ,වැසිකිලි නැති, රස්සා නැති තමිල්නාඩුව.හොද මුස්ලිම් මිනිසුන් ඊශ්‍රායලය ,යූ.එස්.ඒ.,සිංගප්පුරුව වැනි රට වලදී මාහට හමු වී ඇති නමුත් ,හොද දෙමලෙකු (ඊලම ගැන නොසිතන ) මට කිසිදු රටකදී හමු වී නැහැ. පකිස්ථානය විතරක් නෙමෙයි අපිට යුද්ධයේදී චෙක් ජනරජය සහ රුසියාවත් උදව් කලා. (නි)
ශක්ති,අපිට තමිල්නාඩුව ලොකුද පොඩිද කියන එක වැඩක් නැහැ.ඔවුන් භූමි ප්‍රමාණයෙන් විශාල වුවත් මොලය කුඩා යයි සිතමි.ඉතින් ඔබ ලංකාවේ ඉදන් තමිල්නාඩුවේ ප්‍රමාණය ගැන කතා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? අපිව බය කරන්නද? විජයබාහු රජු ලංකාවෙන් අරන් ගියපු 16000 ක් හේවායන් සමග සොලී හේවායන් 16000 ක් ගෙනාවේ තමිල්නාඩුවෙන්.ශ්‍රේෂ්ට දුටුගැමුණු රජතුමා පරාද කලේ තමිල්නාඩුවෙන් ආපු එළාර.කාලිංග මාඝ නමැති කුරිරු තමිල්නාඩු ආක්‍රමණිකයා පැරදුවේ සිංහල නරපතියන්. ඒ වගේම ප්‍රභාකරන් නම් කුරිරු ඝාතකයා පරදුවෙත් සිංහල නරපතියෙක්.අපි එදත් බය නැහැ.අදත් බය නැහැ.ඔන්න සාක්ෂි එක්කම දුන්නා.තමිල්නාඩුවට ආවඩමින් ඔබ ලංකාවේ කුමක් කරන්නේද? එය ඔබගේ නිජ භූමිය ලෙස සලකන බව ඔබගේ කතාවෙන් තේරේ.ඉතින් ඔබලා මෙහි අයිතිය ඉල්ලනේ කුමන සදාචාරාත්මක පදනමකින්ද? (නි)
එක එහෙමම වෙන්නම ඕනා. ඒක තමා සත්‍යය.(නදී)
යස්මිං නිසජ්ජ භගවා වජිරාසනේන ජෙත්වා සවසන කිලෙස සමුල ජලාං සම්බෝධි ඥාන මධිගම්ම විහාසි සම්මා තං බෝධි චේතියමහං සිරසා නමාමි උතුම් ජය ශ්‍රී මහා බෝධියේ අනුහසින් ලොව සැමට මෛත්‍රී සිතුවිලි පහල වේවා! සත්පුරුෂයෝ ජනිත වේවා ! (අ)
පහන්, ඔච්චර ලස්සන බෞද්ධ නමකුත් තියාගෙන මෝඩ කතා කියන්න එපා. ඔයාට නම දාපු අම්මටත් ලැජ්ජා හිතෙයි (දී)
සාදු...සාදු....සාදු.....මෙවන් විපතක් කිසි දිනක සිදු නොවේවා ....සියලු දෙවියන් මෙම ස්ථාන රැක දෙත්වා.(නදී)
පහන්, ඔයාගේ පහන බුදුන්ට පත්තු කරන පහනක් නම් වෙන්න බෑ. සමහර විට රෑට බුරු හගන තැන් වල පත්තු කරන එකක් වෙන්න ඇති.(නදී)
අපේ බෞද්ධ සියලු දෙනා අපේ උතුම් බුද්ධ දර්ශනය රැක ගමු. ලොව් වැසි සැමටම තෙරුවන් සරණයි.(නදී)
පහන්, අනුන්ට එහෙම කරන්න, මෙහෙම කරන්න කියා කියා ඉන්නවට වඩා පැත්තකට වෙලා තමන් මොනවද කරලා තියෙන්නේ කියල කල්පනා කරන්න. නිකන් පහත් විදියට අදහස් දන්නා එපා.(නදී)
ඔය වගේ සුරංගනා කතා කියන්න තරම් පහන් මෝඩයෙක්ද?(නදී)
රිෂාර්ඩ් ට ඕන කාව හරි බේර ගන්නද?(අ)
සමහර අයගෙ මෝඩ අදහස් දැක්කම හිනා යනවා. ඔය අමිල ගේ අදහස දැක්කම හිනායනවා. සසුසට පිළිම තැනුවට වැඩක් නැහැ. ඒකට යන වියදමට තව අහිංසක ජීවිත වලට උදව්කරන්න පුළුවන්. මොකෝ බුදුන් දේශනා කරලා තියනවද ලෝකයේ උසම පිළිමය හදලා වදින්න කියලා? (දී)
මේ පහන් කියන කෙනා හරිම මෝඩයෙක්. පහන් නෙමෙයි පහත්.(නදී)
විජේසිංහ ඔබ හරි මට හිතුනා සුලු තුවාලත් සමගින් කව්රුවත් මැරුනේ නැති එක මේක කොන්ත්‍රාත්තුවක් කියලා. මෙච්චර සෙනග එන තැනක, අනික හැඳුනුම්පතත් දාල ගිහින්නේ.(නදී)
ත්‍රස්තවාදීන්ට ජාති භේද, ආගම භේද නැත. ලෝක ත්‍රස්තවාදයට පණ දෙන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල්ය. (නි)
තාම අපිට යන්න බැරිවුනත් දැක්කම හරි සතුටක් දැනෙනවා. (අ)
සාදු...සාදු... සාදු..සා.......සියලු සත්වයෝ නිදුක් වෙත්වා....නීරෝගී වෙත්වා..සුවපත් වෙත්වා!!!(අ)
ලොව කුමන තැනැත්තා වෙනුවෙන්ද අහස උසට පිළිම නෙළුවේ? එම තැනැත්තා බුදුරජාණන් වහන්සේ නොවේද? විශ්වයේ උපන් උතුන්ම තැනැත්තා උන් වහන්සේ මිස වෙන කවුරුත් නොවේ.ඒ හා සමාන වන්නේ තවත් බුදුන් වහන්සේ කෙනෙකු පමණි.උන් වහන්සේ වදාල ධර්මය සත්‍යවේ.බෝම්බ ගැසීමෙන් සත්‍ය තව තවත් ලොවටම ඔප්පු වේවි. සත්‍ය වැළඳ ගන්න.ඔබ සැමට බුදු සරණ වේවා! (අ)
බුදුන් උපන් දේශයේ රටේ ජනතාවට පවා වටිනාකමක් නොවූ බෞද්ධ සිද්ධ්ස්ඨාන ,අධි රාජ්‍ය වාදී යුගයක අනගාරික ධර්මපාල මැති තුමාගේ උත්සාහයෙන් නගා සිටුවීම නිසයි බෝම්බ අස්සේ උනත් විදේශ සංචාරකයෝ මෙතරම් පැමිණෙන්නේ. ඉන්දියානු රජය එතුමාට සදා ණය ගැතියි, දැන් නිකම් බොරු පාට් දැම්මාට. කොටි බෝම්බ නොවීම ටිකක් සෑහීමකට කරුණක්. (නදී)
හාමුදුරුවෝ සැබෑ සාසන හිතකාමියක් නම් ගයාවට එන ඔය සෙනග කන්දරාව සමග ඝාන්ධාර දේශයට ගොස් ඇෆ්ඝනිස්ථානයේ විනාශකර ඇති බාර්මියන් බුදුපිළිම යලි ස්ථාපිත කරන්න. මෙහි අදහස් දාන අන්තර්ජාල වීරයොත් එක පයින් එයි.(නදී)
මාර්ක්,බුදු පිළිම හදන්නේ ඒවා දැකල මිනිස්සු සිත පහදවාගෙන පාපයෙන් ගැලවෙන්න.මම කියන්නේ මෙතරම් බුදු පිළිම හදල මිනිස්සු වන්දනා කරන්නේ එතුමාගේ ගුණ කන්දරාවේ බලය නිසා නොවේද?ඔබ බුදු පිළිමයක් ලඟට ගිහිල්ල බලන්න ඔබගේ සිතට ඇතිවෙන වෙනස.මේ බුදු පිළිම වලට සමාන රුවක් ඇති බුදු කෙනෙක් අපිට හිටිය.(අ)
ලොව්තුරා බුදු පියාණන්ටත් දෙව්දත්තර නමින් වෛරක්කාරයෙක් හිටියා. කවදත් බෞද්ධයන් සහ බෞද්ධ ආගම විනාශ කරන්න නීච අධමයන් කට ඇරන් බලාගෙන ඉන්නවා. බංගලිදේශය, ඇෆ්ගන්ස්ථානය වැනි තව කෙතරම් බුද්ධ රටවල් වල අන්‍ය ආගම හිස ඔසවා ඇති සැටි බලන්න. අප රට තුළවත් බුද්ධාගම ආරක්ෂා කර ගැනීමට අපි සියලු දෙනා වගබලා ගත යුතුයි. එක වරක් හෝ බුදුන් බිහි වූ බුද්ධගයාව වැඳ නමස්කාර කර ගත් අයෙක් වේ නම් ඒ මහගු පින් කියා නිමකල නොහැක. (දී)
මේ අන්තවාදීන්ගේ මනස පුනරුත්ථාපනය කරන්න වෙනවා. මේ අයගේ මනස හරිම හිස්.මොලය හෝදලා තියෙන්නේ.අන්ධ බවේ උපරිමයටම ඇවිල්ලා. (දී)
අමිල එකට ලෝකේ තියන ලොකුම පිළිමය හදන්න උවමනා නැහැ (අ)
විජේ, සිංහ වංශයේ කෙනෙක් රස්තියාදුකාර මිත්‍රයෝ කැළත් එක්ක ලංකාවට ආවෙත් අපේ බුදුසාදු ඉන්න කාලෙමයි. ඒ කාලෙත් බුදු හාමුදුරුවෝ දහම ප්‍රචාරය කරන්න රජවරුන්ගේ උපකාර ලබාගත්ත. දේශපාලන බලයක් නැතිව රටරටවල්වල අලුතෙන් ආගම් පැලපදියම් කරන්න බැහැ. දේශපාලන බලය සමහර රටවලට යුධ බලයක් ලෙස හෝ ආර්ථික බලයක් ලෙස හෝ තවත් තවත්තැනකට ඒ දෙකම ලෙස හෝ මෙහෙයවා නව ආගම් බින්න බස්සනවා. ලංකාවට බුදුදහම දුන්නෙත් මිහින්තලේ ගිරි ශිඛරයක සිදුවූ දේශපාලන කුමන්ත්‍රණයක් ලෙසයි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. මගේ අම්මා දුන් නම මා හැමවිටම අගයනවා. (අ)
විජේ, සිංහ වංශයේ කෙනෙක් මිත්‍රයෝ කැළත් එක්ක ලංකාවට ආවෙත් අපේ බුදුසාදු ඉන්න කාලෙමයි. ඒ කාලෙත් බුදු හාමුදුරුවෝ දහම ප්‍රචාරය කරන්න රජවරුන්ගේ උපකාර ලබාගත්තා. දේශපාලන බලයක් නැතුව රට රටවල් වල අලුතෙන් ආගම් පැලපදියම් කරන්න බැහැ. දේශපාලන බලය සමහර රටවලට යුධ බලයක් ලෙස හෝ ආර්ථික බලයක් ලෙස හෝ තවත් තැනකට ඒ දෙකම ලෙස හෝ මෙහෙයවා නව ආගම් බින්න බස්සනවා. ලංකාවට බුදුදහම දුන්නෙත් මිහින්තලේ ගිරි ශිඛරයක සිදුවූ දේශපාලන කුමන්ත්‍රණයක් ලෙසයි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. මගේ අම්මා දුන් නම මා හැමවිටම අගයනවා. (දී)
අස්වයා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නැ (අ)
මෙම මිලෙජ්ජ බෝම්බ ප්‍රහාරයෙන් පසු අපේ බෞද්ධයෝ ඉතා ඉවසීමෙන් කටයුතු කිරීම ගැන සතුටුයි .ඇප්ගනිස්ථානයේ බාමියන් බුදු පිළිමය විනාශ කල දිනයේත් ලොව බෞද්ධයෝ ප්‍රතිචාර දැක් වූ ආකාරය අනන්‍ය අගමිකයන්ටත් ආදර්ශයක්. ඉස්ලාම් බක්තිකයන්ගේ සුද්දවූ මක්කම දේවස්ථානයට මෙවැනි දෙයක් සිදු වුනා නම් ලොව නන් දෙසින් අසන්නට දකින්නට ලැබෙන දේ අපට සිතාගත හැක.නාලාගිරි හස්තියා බුදුන් විසින් දමනය කලේ හෙණ්ඩුවෙන් හෝ අලි බාසාවෙන් නොව නිර්මල බුදු වදනෙනි . (දී)
පහන්, වගේ මෝඩයෝ ලංකාවේ සිටීම ගැන දුක් වෙනවා. අශෝක රජු යහපත් කෙනෙක් වුනේ බුදුදහම නිසා. පහන් වැනි අධමයන් අරාබියට යවන්න.එවැනි මත දරන අධමයන් සිටින්නේ අරාබියේ පමණි ,ධනාත්මක අසහස් පලකල සැමට බුදුසරණයි (දී)
සාදු සාදු සාදු නැවත මෙවන් දෙයක් නොවේවා.(නදී)
මාර්ක් සල්ලි දීල ආගමට බන්දගන්නවට වැඩිය නරකද ඒවා දුප්පත් මිසිස්සුන්ට දුන්න නම්.(නදී)
පටු අදහස් ඇති පුජනිය උත්තමාවන්ට ගෞරව කිරීමට නොදැන නුගත් ලෙස අදහස් දමන පුද්ගලයාට පහන් සිත් පහල වේවා.(නදී)
පහන් ඔයා කියන්නේ බුද්දාගමත් සටන් කරලා බලෙන් පතුරපු ආගමක් කියලද ? (නදී)
නුවන් ඔය කියන විදියට තියන පිළිම ගතහොත් වැදලා පන යාවි වදින්න පිළිමයක් ඕනද ඇයි ටිකක් ලන්කව්ය් ඇවිදිල බලන්න සමහර තැනවල තියෙන බුදුගේවල් කැලෑවට ගිහිල්ල (අ)
පහන් , ඔය සිංහල නමකින් පෙනී හිටියට ඔයා සිංහල බෞද්දයෙක් වෙන්න නම් බැහැ , මොකද ඔයා වගේම මේ පිටුවෙන් පහුගිය දවස් වල සමහර අන්‍යාගමික අය අපිට උපදෙස් දුන්න දඹදිව යන්නත් එපා කියල නේද ? ඔයාල මොනවා කීවත් බෞද්ද උරුමය රකින්නේ අපිම තමා, (අ)
ඔබගේ නම පහන් ලෙස උප්පැන්න සහතිකයේ වැරදීමකින් ලියවී ඇති බව සිතමි.ඔබට සුදුසුම නම පහත් හෝ පහත්ම පහත්ය.ඔබ එතරම්ම පහත්ය. (දී)
බුදු සාදු ඒ කාලේ දහම් දෙසුවට වැඩක් නැහැ, පසුකාලෙක මිනීමරු අශෝක රජු ලක්ෂ ගානක් මරා අධිරාජ්‍යයක් බිහිකර බුදුදහම පතුරවන්න කටයුතු කලේ නැත්නම්. අශෝක නිසා තමයි ලංකාවට වගේම ඝාන්ධාරයටත් බුදුදහම ලැබුනේ. ඇෆ්ඝනිස්ථානයේ දහමත් නැහැ පිළිමත් නැහැ දැන්. බියගුළු බොදුනුවන් නිසා ලංකාවටත් ඒකම වෙයි. මෙහෙම සැප පහසුවට ගයාවේ දැන් ඉන්නෙත් හේවාවිතාරණ තනිවම සිදුකල සේවය නිසයි. (දී)
මාක්, සසුනට පිළිම වැඩක් නැති උනාට වදින්න පිළිමයක් ඕන නේද? තථාගතයන් වහන්සේගේ මුණ දැක්කමත් බෞද්ධ අපට හිත සැනසෙනවා. නිකන් හිතලා බලන්න කළු පෙට්ටියකට වගේ වදින්න තිබ්බොත් ලොවෙත් නෑ නේද?(නදී)