ධීවර මේලාවකින් උපයාගත් ලාභයෙන් රුපියල් විසිහත් ලක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සේවකයින්ට නොදී වංචා කළැයි කියන හිටපු මුල්‍ය කළමණාකරු ධම්මික සමන් කුමාරට එරෙහි පරීක්ෂණ දිගටම පැවැත්වෙන බව කොළඹ වංචා විමර්ශන අංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය හමුවේ කියා සිටියේය.
ධීවර සංස්ථාවෙන් මුදාහළ මෙම මුදල මුල්‍ය කළමනාකරු ඔවුනට නොදී වංචා කිරීම පොදු දේපළ පනත උල්ලංඝණය කිරීමක් බවත් සැකකරු සම්බන්ධයෙන් නීතීපති උපදෙස් පතන බවත් පොලීසිය අධිකරණයට කියා සිටියේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එක තැනක. මේ වගේ තව කොච්චර ඇත්ද අප්පා. අහු උනොත් එහෙමයි. අහු නුනත් එහෙමයි.වටත් නියරත් ගොයම් කයි නම් කාට කියනෙම් ඒ අමාරුව (දී).
සුනාමි ආධාරද??(දී)
රටක් හදන්න පුළුවන් ඉතින් මෙහෙම වැඩ වෙනකොට (දී)
රජයේ මුදල් හොරකම් කරන්න මේ තරම් පහසුද? (දිල්)
චණ්ඩි කම් කළා නම් ආයේ මොන නීති උපදෙස්ද? (දිල්)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලවත්ව සිට රට පාලනය කළ අවධියේ තමන්ගේම පක්ෂයට අයත් වෘත්තීය සංගම් සේවකයින්ට මේ අන්දමට සැලකුවේ නැහැ. අද ශ්‍රී .ල.නි.පයේ බලය තියෙන්නේ ඒ.ජා. පෙන් පැනල ආපු අය අත. 2005 නොවැම්බර් සිට අද දක්වා කිසිම ඒ.ජා.පාක්ෂිකයෙකුට කරදරයක් වී නැහැ.(නදී)