(නිමන්ති රණසිංහ)
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගේ බිරිඳ සහ මාමණ්ඩිය එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (17) නියෝග කළාය.
විමර්ශන නිලධාරීන්ට කිසිදු අයුරකින් බලපෑමක් එල්ල කළහොත් ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට දැඩි ඇප කොන්දේසි පනවමින් සැකකරුවන්ට ඇප නියම කළ අධිකරණය ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කළේය.
මෙලෙස ඇප මත මුදා හැරුණේ අංක 410/16, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයෙහි පදිංචි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ කිදර් මොහොමඩ් සියාබ්දීන් අයීෂා, ඇගේ පියා අලි ඉබ්‍රාහීම් සායිබු කිදර් මොහොමඩ් සිහාබ්දීන්, යන අයවලුන්ය.
මෙම සිද්ධියේ පස්වැනි සැකකරු වන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනගාර ගත කරන ලෙස ද මෙහිදී අධිකරණය නියෝග කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදියුදීන්ගේ බිරිදට -මාමණ්ඩියට ඇප
Nuwan Friday, 17 September 2021 04:00 PM
දිනූ නිදහස සාමකාමීව සමරන්න..!
යෝගා Friday, 17 September 2021 05:56 PM
හැමෝටම නිදහස ලැබෙයි මෙහෙම යද්දී
ජනයා Friday, 17 September 2021 11:02 PM
අපි ඕක වෙයි කියල දැනගන හිටියා.
Bamunuarachchi Saturday, 18 September 2021 06:06 AM
මේ මොන මැට්ටෝද? ඇප දෙනවා කියන්නේ නිදහස් කරනවා නොවෙයි.