IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


බදියුදීන්ගේ මස්සිනාට ඇප

(නිමන්ති රණසිංහ)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ 2016 වසරේදී සේවය කළ තරුණියක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත් නැමැත්තා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (16) නියෝග කළේය .

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත එම සිද්ධියෙන් මුදාහැරීමට නියෝග කළ අධිකරණය , සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණ භාර දෙන ලෙසට සැකකරුට නියෝග කළේය.

හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය ශාලිනී ජූඩ් කුමාර් නමැති දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව ඇත.

මෙම සිද්ධියට අදාළව කුරුඳුවත්ත පොලීසිය අද සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන් කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිනයක් වේලාවක් නිශ්චිතව ඉදිරිපත්ව නොමැති වුවත් කාලාවරෝදය මත සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව කුරුඳු පොලීසිය අධිකරණයට සදහන් කර ඇත .

මහජන කැලඹීමක් ඇති වීමට ප්‍රධාන සාධක ඇති බැවින් මෙම සිද්ධියෙන් සැකකරු ඇප මත මුදා නොහරින ලෙසට කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

සැකකරුට ඇප ලබා දීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පොලිසිය ඉදිරිපත් කර නොතිබීම සහ මහජන කැලඹීමක් ඇතිවේයැයි කියමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බවට සඳහන් කළ එම සිද්ධියෙන් පොලීසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ඇප මත මුදා හැරියේය.

 



අදහස් (3)

බදියුදීන්ගේ මස්සිනාට ඇප

de silva Monday, 16 August 2021 03:11 PM

අනිවාර්යයෙන්ම පොලිස් ලොක්කෝ පගාවක් ගහලා... එහෙම නැතිනම් රිෂාඩ් ඩීල් එකක් දමලා...

:       2       2

කිරි පුතා Monday, 16 August 2021 04:19 PM

එකා එකා එළියට දාලා අර මැරිිච්ච දැරියව හිරේ දායිද දන්නෙ නෑ. අපේ අරක ඒවගේ තමයි

:       4       3

jagath Monday, 16 August 2021 05:42 PM

එකඑකා එළියට දාලා අර මැරිිච්ච දැරියගේ දෙමව්පියන් එළියට දායි වගේ.. අහෝ නන්දසේන..!!! 

:       16       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 197 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 226 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 07 180 0

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.


ලොහාන් යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 07 917 0

කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ


උපයනවිට බද්ද සුබවාදී ලෙස සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 1445 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 726 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 52 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 441 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1383 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site